ව්‍යාජ වීසා භාවිතා කරමින් මලයාසියාව බලා යාමට උත්සහ කළ තවත් බංගලිදේශ ජාතිකයෝ 9 දෛනක් අද අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
පසුගිය 20 වෙනිදාද මේ අයුරින් මලයාසියාව බලා යාමට පැමිණි බංගලිජාතිකයෝ 6 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම පිරිස පසුගිය 14,15,16 යන දිනයන්හි තම නීත්‍යානුකූල ගුවන් ගමන් බලපත් භාවිතාකරමින් බංගලි දේශයේ සිට ශ්‍රී ලාංකාවට පැමිණ මීගමුව ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
මොවුහු ඊයේ අළුයම ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 318 දරණ ගුවනයානයෙන් මලයාසියාව බලා යාමට ගුවන්තොටුපොළට පැමිණ ගුවන් ප්‍රවේශ පත් කවුළු වෙත තම ගුවන්ගමන් බලපත් ඇතුළු ලියකියවිලි ඉදිරිපත් කර ඇත. එම අවස්ථාවේ ඔවුන්ගේ වීසා ව්‍යාජ බව දැනගත් ගුවන් සේවා කාර්්‍ය මන්ඩල නිලධාරීන් විසින් මෙම පිරිස ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරන ලද විමර්ශණවලින් අනතුරුව මෙම කණ්ඩායම මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තව බංගලි 9 යකට මලයාසියා පාර වරදී