ගිය රජය කාලයේ හෙජින් ගිවිසුම රජයට ඩොලර් මිලියන 200ක (රුපියල් කෝටි 2640) පාඩුවක් සිදුවුණැයි කියමින් ලද පැමිණිල්ලක් මත තෙල් සංස්ථාවේ හිටපු සභාපති අසන්ත ද මෙල් මහතා මූල්‍ය වංචා අපරාධ විමර්ශන කොට්ඨාසයට ගෙන්වා දීර්ඝ ප්‍රකාශයක් ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
එමෙන්ම ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට යටතේ පැවැති දිවි නැගුම ව්‍යාපෘතියට අදාළව 2014 වර්ෂයේ නොවැම්බර 21 වැනි දා පැවැත්වූ ජාතික සම්මේලනයට රුපියල් මිලියන 63ක් (රුපියල් කෝටි 831.6) වැය කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත එම ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ ආර් කේ රණවක ගෙන්වා ප්‍රකාශයක් සටහන් කර ගත් බව ද ඔහු පවසයි.
කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදි කිරීමේ දී ඩොලර් මිලියන 122ක (රුපියල් කෝටි 1610.4) අක්‍රමිකතාවක් සිදුවූ බවටත්, 2006 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා හතරක් මිලදී ගනිද්දී ලක්ෂ 145ක් වංචාවක් සිදුවූ බවටත් ලද පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි පොලිසිය කියයි.
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව
විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ
බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තව ලොක්කෝ දෙන්නෙක් පොලිසියේ
නයනා Friday, 13 March 2015 05:09 PM
පොඩි චෝදනා නම් නැහැ.හැම එකම මිලියන ගණන් වලින්! (නි)
සෑම් Friday, 13 March 2015 09:01 PM
අසන්ත ඕ ලෙවල් වලින් පස්සේ ක්‍රිකට් ගැහුවා මිසක් ඉන් එහාට ඉගෙන ගත්තේ නැහැ. ඒක කෙනෙක්ව පහත් කර සැලකීමක් නොවේ. තමන්ගේම උනන්දුවෙන්,අත්දැකීමෙන් ඉහලට යන්න කිසිම බාධාවක් නොතිබිය යුතුයි. ඩී එස් කියන්නෙත් ඉස්කෝලේ ගිහින් හරියට උගත් කෙනෙක් නොවේ. පාසැල් නොගිහින් කැලේ පැන්න නිසයි එතුමාට කැලෑ ජෝන් කිව්වේ. නමුත් කාගේ හෝ දේශපාලන බලපුළුවන්කාර කමකට නුසුදුස්සන් වගකිව යුතු තනතුරු වලට පත්කර සිදුකරන පාඩු වලට ඔවුන්ව ඒ තනතුරට පත්කළ අයත් වගකිව යුතුයි.(නදී)
සෑම් Friday, 13 March 2015 09:01 PM
කාගේ හෝ දේශපාලන බලපුළුවන්කාරකමකට නුසුදුස්සන් වගකිවයුතු තනතුරු වලට පත්කර සිදුකරන පාඩු වලට ඔවුන් ඒ තනතුරට පත්කළ අයත් වගකිවයුතුයි. (නි)
පිටිගල Saturday, 14 March 2015 04:01 PM
හැම දෙනා ගෙන්ම පැය හයක්, හතක්, අටක් හෝ දහයක් නැත්නම්, දීර්ඝ ප්‍රකාශයක් ලබා ගත්තා මිසක තවම නම් කිසි කෙනෙක් නීතිය ඉදිරියට ගෙනිච්ච බවක් නම් ආරංචි නැහැ. සමහරු පැනලා ගිහින් (නදී)
නිශා Saturday, 14 March 2015 01:28 AM
වංචා දූෂණ වලට සම්බන්ධ අයට නිසි දඬුවම් දෙනවාට ලංකාවාසී කිසිම පුද්ගලයකු අකැමති නැහැ. එහෙම අකැමති නම්, ඔහුද එම වැරදි වලට සම්බන්ධ හෝ ඒවායින් ප්‍රතිලාභ ලැබූ හෝ අනුබල දුන්, නැත්නම් කෙසේ හෝ ඒවාට සම්බන්ධ අයෙකි. සාධාරණ සමාජයකට කැමති ලක්ෂ 64ක් ඉන්නවා. ඉඩදිය යුත්තේ වැඩිදෙනාගේ කැමැත්තට, අභිලාශයට. (නි)
නුවන් Saturday, 14 March 2015 01:37 AM
වැරදි කර ඇත්නම් කිසිදු ගැළවීමක් දෙන්න නම් එපා (නි)
නිශාර්ඩ් ප්‍රීනා Saturday, 14 March 2015 03:27 AM
අපේ ( මහජනතාවගේ) මුදල් සොරකම් කල, ඔවුන්ගේ සහ පවුලේ අයගේ සුභ සිද්ධියට පමණක් භාවිතා කල දූෂිතයින්ට, සහ වංචනිකයින්ට තරාතිරම නොබලා නිසි දඬුවම් දිය යුතුයි. මේවට සම්මාදම් වෙච්ච සහ අනුබල දුන්නු අයනම් කියයි වෛරී දේශපාලනය කියලා. එහෙම නැතිනම් පලිගැනීම් කියලා. බුද්ධිමතා ඒවාට ඇහුම්කන් දෙන්ට සුදානම් නැහැ. රටේ නීතියට අනුව වැරදි කරුවන් යයි ඔප්පු උවහොත් දැඩි දඬුවම් දිය යුතුයි. (නදී)
රෝෂාන් Saturday, 14 March 2015 04:22 AM
ජනරල් සරත් ෆොන්සේකා අවුරුදු 2ක් හිරේ දැම්මනම් නොකරපු දෙකට මිලියන ගණන් ගසකාපුවට සියලු දේපොළ රාජ සන්තක කරලා ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන.(ම)
සිල්වා Friday, 13 March 2015 02:40 PM
ඉතාම හොද වැඩක් වංචා දුෂණ වලට සම්බන්ද හැමකෙනාම තරා තරා තිරම නොබලා නිතිය ඉදිරියට ගෙන්න. (අ)