කාල්ටන් සුපර් සෙවන් රග්බි කරගාවලියේ සමාරම්භක උත්සවය වර්ණවත් කිරීම සඳහා ලෝක ප‍්‍රකට හිප් හොප් ගායන ශිල්පියෙකු ටායෝ කාෂ් මහතා අද සවස දිවයිනට පැමිණියේය. .
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී කාල්ටන් සුපර් සෙවන් උත්සව සංවිධායක මන්ඩලයේ නිලධාරීන් විසින් ඔහුව ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නිකන් යන්න සාලිය, මට ඔය මිනිස්සු ගෙනැල්ලා ඔලුවෙන් හිටෙව්වුවත් කමක් නැහැ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදලා .අරහෙ අලි ගහලා මිනිස්සු මැරෙනවා, දුම්රිය වල වාහන හැපෙනවා රේල් ගේට්ටු නැතුව, රෝහල් වල බේත් නැතුව ලෙඩ්ඩු මැරෙනවා, ... ඒවා කරන්න සල්ලි නැහැ. ඕවට විසදුම් දීලා සාලියත් ඒගොල්ලෝ එක්කම ඕනෑ ජවුසමක් නටා ගන්න. මම හිතන්නේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ පැත්තෙන්. සාලියලට ඒවා කුණු (දී)
මේ හැමදේටම වියදම් කරන්නෙ මේකට අදහස් දාන මන්ද මානසික පිරිස් වල මුදල් වගේ මෙයාලගෙ කතාව.ශුභවාදිව හිතපල්ලා අන්ධ මිනිසුනේ...!! (නි)
පාල දකුණු පැත්තේ ඉන්න ගැහැණු ළමයා ජනප්‍රිය ෆොන්සේකා පවුලක ඥාති දියණියක්, ටෙලිනාට්‍ය අධයක්ෂක වරයෙකුගේ දුවක්, සි.එස්.එන් නාලිකාවේ නාමික ලොකු නෝනා වගේම අනාගතේ කුමාරිකාවක් වෙන්න ඉන්න කෙනා.(නදී)
ජගත් සංගීත ශිල්පින් ගෙන්වන එක හොදයි. අපි නම් කැමතියි. අපිට ආනමඩුවෙත් මේ ජගත් අය ගෙනැල්ලා සංගීතයක් පවත්වන්නකෝ. අපිට මේ වගේ ඒවා බලන්න කොළඹ එන්න අමාරුයි. (නි)
අනේ වරුණ ,නිකන් මෝඩ කතා කියන්නේ නැතුව ඉන්න. හැමදාම කගේ හරි කුණු හොයනවා. (නි)
අනේ යකුනේ, මේවා ආණ්ඩුවේ සල්ලි වලින් කරන ඒවා නෙවෙයි. දැක්කද රුපියල් 1000 , 5000, 10000 ටිකට්ස් විකුණලා තියෙන ගොඩ? ඕවා ගන්න සල්ලි තියෙන , බඩගින්නේ ඉන්නේ නැති මිනිස්සු කොටසකුත් ලංකාවේ ඉන්නවා. ඔහේලට හැම වෙලේම කන බොන එකමනේ...එහෙම නොවෙන සල්ලි තියෙන , තමුන්ගේ උත්සාහයෙන් දියුණු වුන මිනිස්සු ඉන්නවා. මේවා තියන්නේ එහෙම මිනිස්සු වෙනුවෙන්. කන්න බොන්න නැති කට්ටියට තමයි සහනාදාර දෙන්නේ ..ඒවා ගන්න මෙතන කුහකකම් වමාරන්නේ නැතුව (නි)
මෙයා සින්දු කියන්න ඉස්සෙල්ලා , අපි එයාගේ සින්දු ටේප් කරලා ඩීවීඩී එකක් ගහමු (දී)
ඔය තරමට නපුරුවෙන්න එපා. මේ කට්ටිය ගොඩක් ප්‍රසිද්ධයික ඔය කට්ටිය සතුටුවෙන්න අපේ වගේ රටකට මේ වගේ දෙන්නෙක් එනවා කියන්නේ ගොඩක් හොදයි (දී)
මේ අය ජගත් නායකයෝද?(නදී)
මෙහෙම ගියොත් අපිට කවදාවත් ඔලුව උස්සන්න ලැබෙන්නේ නැහැ.මම අවුරුදු ගානක් මැද පෙරදිග දුක් විඳිනවා. ඒ නැති බැරිකමට.මම මගේ මුළු තරුණ කාලයේම ඔබලාගේ මේ මනස්ගාත සදහා සල්ලි හම්බකර එවන්නම්.මගේ විවාහය සිදු නොවුනට කමක් නැහැ. මා කතිරය ගැසූ වන්දිය ගෙවන්නම් (දී)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු. ගොවියෝ වහ බොනවා ණය ටික ගෙවාගන්න බැරුව,එහෙන් වකුගඩු රෝග,ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ,අධ්‍යාපනයට වෙන් කරන්න සල්ලි නැහැල්ලු.... මේවට ගෙවන්නෙත් අසරණ මහජනයා මිසක් වෙන කාගෙවත් බුදලෙන් නෙවේනේ. ගිය පාරත් ගෙනාපු හින්දි නිලියන්ගේ හෝටල් වලට පොලු තියලා තාම ගෙවලා නැල්ලු නේද? එහෙන් තව ගේනවා,ආශ්චර්ය ආශ්චර්ය !! (දී)
දැන් ඉන්න පරම්පරාව නම් කොහොමහරි කාගෙන යයි. ඊලග පරම්පරාවට හිපොප්ම තමා... (දී)
මම මේ ලඟදි දැක්කා මේ වෙබ් සයිට් එකේම අහිංසක දරුවෙක් කෘතිම කකුලක් ඉල්ලල තියෙනවා ඉස්කෝලෙ යන්න. ඒවට සල්ලි නෑ. මේ කොහේවත් ඉන්න අපතයො ගෙනල්ල කෝටි ගනන් නාස්ති කරනවා. (නදී)
කෘතහස්ත දේශමාමක ජනතාවගේ ඒකායන අරමුණ දැන් රගර් ගහන එක තමයි. (දී)
මේකේ අදහස් දාලා තියෙන අය දැක්කම ඇඩෙනවා.ලිං මැඩියො වගේ ජාතියක්.දැන් මීට කලින් ඉන්දියානු ගායකයො ,නලු නිලියො ,බටහිර ගායකයෝ අපේ රටට ගෙන්නුවේ නැද්ද?මේ ගායකයො,නලු නිලියො අපේ රටට විතරක් නෙවෙයි වෙන රටවලටත් යනවා.සල්ලි තියෙන අය ඒවා බලන්න යනවා.අවුල ඒක නෙමෙයි එජාපය කාලේ මේවා කරන්න හදන කොට මැරෙන්න හදපු අය දැන් නිහඩව ඉන්න එක (දී)
මේ සල්ලි කාගේද දන්නේ නැහැ. (දී)
අනේ පවු, දිල්ෂානි, මම කැමතියි ඔයාව විවාහ කරගන්න... (දී)
අනේ මෙහෙමත් ජාතියක්.අපෙන් රබර් කිරි ගෙනිහින් අපිට බ්‍රෂ් විකුනනවා වගේ අපේ සංගීතේ අහු කොන් කාටත් හොරෙන් කොපි කරලා අපේ රටේ තියෙන තුට්ටු දෙක එයාලා අදිනවා ඒ රටට. පේනවනේ අපේ නංගිලා තුරුල් වෙලා ඉන්න හැටි ගොඩ බැස්ස ගමන් (දී)
ඔය රට කරවන උදවිය දැන් දැන් රග්බිවලට දෙන උනන්දුව, අපේ පුංචි ලංකාව ලෝකෙටම ප්‍රසිද්ධ කරපු ක්‍රිකට්වලටත් දෙනවද ? අපේ ක්‍රිකට් වැටෙන්න මේවගේ දේවලුත් හේතූන් වෙන්න බැරිද ? (අ)
සංජන පිස්සෙක්. මොලේ ඇලේ දාලා හෝදගන්නවා.(නදී)
මගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අච්චාරු කන්න ආස හිතුනා. මගේ බෝඩිමේ හැම දෙනාටම මාස ගණනක් අච්චාරු කෑමට දුන්නා. හුඟ දෙනෙක් බෝඩිම අතහැරලා ගියා. (නදී)
මහත්තයෝ කියනේ තියන්නේ... මුන්ගේ ,.....................(නදී)
ළිං මැඩියෝ කියන්නේ ආයේ දෙකක් නෑ. නියගයෙන් දහදුක් විඳින සෝමාලියාවේ ඉතියෝපියාවේ මිනිස්සුන්ගේ සිතිවිලි මේ අදහස් දාපු අයට වඩා කොච්චර පෙරටුගාමීද? ඕන රටක ඇති නැති දෙකොටසක් ඉන්නවා. මේ කියන විදිහට වැඩ කරන්ඩ ගියොත් සල්ලි බාගේ ඇති අය රට දාලා යනවා. එතකොට වවාගෙන කාලා, කොළ අතු ඇඳගෙන ඉජු තමා තියෙන්නේ.(නදී)
මේ අය ගෙන්වනවට වඩා නරකද ලයිට්බිල අඩුකලානම්.(නදී)
බලාගෙන හිප් කාරයෝ භයානකයි (නි)
අපි පිට රටවල මෙහෙ දුක් විඳිනවා. එහේ අපේ සල්ලි වලින් මොනවද මේ කරන්නේ? (නි)
අපේ රටට ලොකු අඩුවකට තිබුනේ හිප් හොප් ගායන ශිල්පියෙකු ගෙන්වො ගීත ගායනය කරන්න, දැන් ඒකත් හරි. (නි)
එතකොට ෆිල් කොලින්ස්, මයිකල් බෝල්ටන්, රිචර්ඩ් මාර්කස්, බෙනි කින්, ජිම් රීව්ස් වගේ අය මොන වගේ ගායකයෝද? (නි)
අනේ ආපහු යන්ඩ එපා පැටියෝ. මෙහෙට අඩු ඔයා විතරයි.(නදී)
කියන්න වදන් නැහැ. හැගුම් සිතේ ගොනුවෙලා (නි)
මිනිස්සු බඩගින්නේ. මෙයාලා පිස්සු නටනවා. ලංකාවම භීෂණයෙන්, බිය ගැන්වීම් වලින්,මිනීමැරීම් වලින්, කප්පම් ගැනීම් වලින්, ස්ත්‍රී දුෂණ වලින්, දේශපාලුවන්ගේ ඥාති සංග්‍රහ වලින් සහ ඉහවහ ගිය ගසාකෑම් වලින් ගිනි ගනිද්දී මොනවද මේ කරන්නේ? (නි)
මෙයාව ගෙන්නලා තියෙන්නේ කවුද? (නි)
මෙන්න ආසියාවේ ආශ්චර්යය !! (නි)
ඔක්කොම එක ජාතියේ කට්ටියනේ එන්නේ. (නි)
මටත් මෙහෙම මෙයා එක්ක පොටෝ එකක් ගන්න තිබ්බා නම් (නි)
අනේ.. බුද්ධිමත් ජනතාවගේ සිහින ඔක්කොම සැබෑ වේගෙන එනවා ! (නි)
කල්ලෝ ලෝකෙම ඉන්න ජරාම ජාතිය. ඔවුන්ගේ රටවල් සමග සම්බද කම් ඇතිකර ගන්න රජය පවා උත්සහ කරනවා. හොරු මංකොල්ල කාරයෝ ස්ත්‍රී දුෂකයෝ තක්කඩි ඔක්කොම ඉන්නේ කල්ලෝ ඉන්න රටවල. අපේ රටේ විනාසය තව ඉක්මන් වේවි. දැනටමත් ක්‍රෙඩිට් කාඩ් හොරු අල්ලාගෙන නේද? හොද හොද සෙල්ලම් එදිරියට. (නදී)
කවුද දන්නේ නැහැ මෙයාට ගෙවන්නේ?සමහරවිට නිකන් වෙන්න ඇති එන්නේ. ආසියාවේ ආශ්චර්යට උදව්වෙන්න හිතෙන්න ඇති !!! අපිට අඩු මේවා විතරයි. රට දැන් ස්වයංපොෂිත වෙලා නේ (නි)
රටට හෙන ගැහුවත්, මිනිස්සු අලි ගහල මළත්, රෝහල් වල බෙහෙත් නැතුව ලෙඩ්ඩු මළත් අපි නටමු ගයමු තුටින තුටින ගීත ගයලා .... අර දීපාල් සිල්වාගේ සින්දුව ...මෙරටේ මිනිස්සු මේ කාලයට වඩාත් ගැලපෙනම සින්දුව..... (නි)
කොහොමද ආස්චර්යය. ඔතනට තව රුසියන් නෝනලා ටිකක් ගෙනැල්ල අඩ නිර්වස්ත්‍රරෙන් නටවලා, කොළඹ නංගිලා මල්ලිලා ටිකක් ගෙනල්ලා නටවලා හොද ෆන් එකක් දුන්නම රටේ සියලු දුක් විදින ජනයාගේ දුක් කම්කටොලු ඉවරයි (නි)
කාගේ සල්ලි වලින්ද දන්නේ ගෙවන්නේ... (නි)
අපේ ලංකාවේ සියලුම දේශපාලකයින්ට සිදුවුණ බරපතල වැරැද්ද තමයි පොදු මහ ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් බේරුම් කරගන්න බැරි වුන එක.තමන් වටේ ඉන්න හෙංචයියන්ගේ හෝ තම දරුවාගේ නැත්නම් නෑයාගේ අවශ්‍යතාවය සාමාන්‍ය ජනතාවටත් තියනවා කියලා එයාලා හිතන්නේ.දේශපාලකයින් මහජනතාවගේ මුදලින් එයාලගේ විදුලි බිල් ටික ගෙවාගන්නවා,පාර්ලිමේන්තුවේ නිකම් වගේ කනවා,නොමිලේ ප්‍රවාහනය ගන්නවා,නිකම්ම ඉදලා නැත්නම් රට උලාකාලා විශ්‍රාම වැටුපකුත් ගන්නවා.ඒ මදිවට රටේ දියුණුවට කියා කරන සියලුම ව්‍යාපෘති වලින් කොමිස් ගන්නවා,රටේ අපරාධ රැල්ලක් ක්‍රියාත්මක කරනවා,ස්ත්‍රි සහ බාල අපරාධ කරනවා,තරුණ පරපුර විනාශ කරන්න කුඩු හා මත්ද්‍රව්‍ය ගෙන්වනවා, දූෂණයන් ගැන කථා කරන අය අන්තරස්දාන කරනවා.... (නි)
කව්ද මේ නංගිලා ? (නි)
අපේ රටේ ගායකයොත් මේ වගේ වෙන රටවල් වලට ගෙන්න ගන්නවද දන්නෙ නැහැ නේද (නි)
සදරුවන් ඔයාලගේ සල්ලි වලින් අපිට වැඩක් නෑ, මේ අය හිතන් ඉන්නේ මේ ලංකාවම කන්නේ එයාලගේ සල්ලි වලින් කියලා. අපි වවලයි අපි කන්නේ. ඔහේ දුක් විද විද ඉන්නේ මොකටද හිප් හොප් බලන්න මෙහෙ වරෙල්ලා.(නදී)