ඉන්න හිටින්න තැනක් නොමැතිව ගල් ගුහාවක දිවි ගෙව් දරු පවුල වෙනුවෙන් තැනෙන නව නිවස පෙබරවාරි මස 05 වැනි දා ඔවුනට ලබා දෙන බව තිරප්පනේ ප්‍රාදෙශිය ලේකම් රෙණුකා කුමාරි හෙරත් මහත්මිය කියන්නීය.
නිවසේ මුල් අධියරේ ඉදිකිරිම් කටයුතු වෙනුවෙන් රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මුදල් ආධාර ලබා දුන්නේය. වහලේ වෑඩකටයුතු නිම කිරිම සදහා ඉතාලියේ ශුරයන්ගෙත් ශුරයා එල්ලේ තරග සංවිධායක චින්තක චන්දන කුමාර හා 2011 ඉතාලි ශුරයා බවට පත් වු සංඛ දිනිත් මහත්වරු මුදල් ලබා ආදාර ලබා දුන්හ.
දුරකථනයෙන් එසැණ හා සම්බන්ධ වු ප්‍රාදේශිය ලෙකම්වරිය මෙසේ කිවාය.
‘මා මේ ලෝකෙට ජනිත කළ මගේ මව නැතිවුණේ පෙබරවාරි පස් වැනි දිනක. මෙයට පෙරත් මම ඒ දිනට අසරණ දරු පවුලකට නිවසක් තනා දුන්නා. මේ නිවසත් බාර දුන්නට පස්සේ පියා නැති දරුවන් පස් දෙනෙකුත් මවකුත් ඉන්න අන්ත අසරණ පවුලකට නිවසක් හදන්න මා බලාපොරොත්තු වෙනවා.
ඒ අය දැනට ඉන්නේ තිරප්පනේ කැලෑවකට මායිම්ව. ලොකු හැහැනු දරුවෙක් ඉන්නවා. ඔවුන් අනාරක්ෂිතයි. නගරයෙන් පර්චස් 20ක් වෙන්කර දෙන්න මට පුළුවන්. නිවස ඉදිකරන්න ඉතාලියේ ඉන්න අයගේ උදවු ලැබෙතියි මා බලාපොරොත්තු වෙනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අත්හ පවන් නිවන් දකින්න තරම් පිනක් (දී)
නරනප්පා ඔබ මතු කළේ වැදගත් ප්‍රශ්නයක්. ප්‍රේමදාස "හිසට වහලක්" කියන සෙල්ලම් ගෙවල් හදන කාලේ කඩේ යන අය කිව්වේ වහලයක් නැති හැම පවුලකටම ගෙයක් කියලා. ඒ වැඩ පිළිවෙලින් මිනිහයි මිනිහගේ ගොලයෝයි හැදුණා මිස තවමත් ගල් ගුහා වල ඉන්න අයට ඉන් සෙතක් උනේ නැහැ. (නදී)
තවමත් මේ රට ගල්ගුහාවල මිනිසුන් ජිවත් වෙන රටක්. ඒ පිලිබදව උදම් අනනවා වෙනුවට රාජ්‍ය තාන්ත්‍රිකව කටුතුකල අය පළමුවත් දේවනුව ඔවුන් පත්කළ අප සැවොමත් ලජ්ජා විය යුතුයි.(නදී)
ඔබ තුමියට මෙවන් සමාජ සත්කාර කිරීමට තවදුරටත් ශක්තිය ලැබේවා.(නදී)
මෙවන් සද් ක්‍රියාවන් තවත් කිරීමට එතුමාට දිරිය ශක්තිය ලැබේවා !!! (අ)
සාදු සාදු සාදු අනේක අනන්ත ආත්මයක් පාසා පින්. (නදී)
මේ අපේ රට දුප්පතුන් ඇති ලෝකයක්. මෙවන් පවුල් හැම තැනකම ඉන්නවා. අපේ රටේ ඉන්න කෝටිපති ධන කුවෙරයන්ට දුප්පතාගේ ඡන්දෙන් පත්වෙච්ච දේශපාලන ධනපතියන්ට මේ වගේ සේවයක් කරන්ට බැරි මොකද.? ඉතාලියට ගිහින් දුක් විඳලා මුදලක් උපයාගන්නා අපේම පිරිසට පමණක් ඇයි මේ උපකාරය කරන්න හිතෙන්නේ.? රේණුකා මැතිනියනි. ඔබතුමියගේ අවංක සේවය මුළු රටේම අනෙක් ලේකම් වරුන්ට කදිම ආදර්ශයක්. ඔබ තුමියගේ මෑණියන්ටත් ඔබතුමියටත් පින් සිදුවේවා.(නදී)
උපදින උපදින හැම ආත්මයකම සත් පුරුශ සේවනය කිරීමට පින් ලැබේවා (දී)
බොහොම සන්තෝසයි . වටින සමාජ සත්කාරයක් වගේම මියගිය දෙමව් පියන්ටත් පින්සිදුවන උතුම් පින්කමක්. ඔබතුමියට හා මෙයට සහභගිවූ හැමදෙනාටම බොහෝ පින්සිදුවෙනවා සේම ඔබ හැමදෙනාගේ සියලු යහපත් පැතුම් හොඳින් සිදුවේව. (දී)
ඇයි ඕගොල්ලෝ පින් දෙනකොට මේ කටයුත්තට ආධාර කළ ඉතාලියේ වසන ශ්‍රී ලාංකිකයින් ගැන සඳහන් නොකළේ?(දිල්)
රේණුකා හේරත් වලපනේට ගොඩාක් සේවය කළා. දැන් මේ කරන මහගු පුණ්‍ය කර්මයෙන් මරණයෙන් මතු දෙව් මිනිස් කෙලවර අමාමහ නිවන් සුව අත් වේවා! (දී)
මෙතුමිය ඉතා උසස් ගුණ යහපත් කමින් යුතු නිලධාරිනියක් (දී)
ලේකම් තුමියනි, ඇයි ඉතාලියෙන් උදවු ඉල්ලන්නේ? සමාජ සේවා අමාත්‍යංශය නිවසකටයුතු පිලිබඳ අමාත්‍යංශය අර අමාත්‍යංශය මේ අමාත්‍යංශය යනාදී වශයෙන් කියක් තියෙනවද උදවු ඉල්ලන්න? එව්වගේ ඇමති වරුන්ට ලේකම් වරුන්ට, නිලධාරීන්ට, පහුගිය අවුරුදු දෙකේ කියක් තීරු බදු සහන දීල තියෙනවද වාහන වලට? ඒ අයගෙන් අහල බැලුවොත් ආදාරයක් ගන්න තිබුන නේද ලැබුණු සහන වලින්? (දී)
මතු භාවයක නිවන් දකින්න තරම් පිනක් (දී)
බස්නාහිර දකුණේ හිටියනම් ගෙවල් හදන්න පෝලිමේ දැන් ඒයි (දී)
වචන වලින් කියා නිම කල නොහැකි මහඟු සමාජ සත් කාරයක් (දී)
ගොඩක් පින් ඔබ තුමියට , තව තවත් මෙවන් පින් වැඩ කිරීමට ශක්තිය දහිරිය ලැබේවා(දිල්)
උතුම් මිනිස් ගුණ මතු වුණ එක් අවස්ථාවක් (දිල්)
හොද වැඩක්!රටේ කොයි තරම් පිරිසක් ඉන්නවද හිසට සෙවනක් නැති මේ අයට උදව් කරන්න (දිල්)
ඉතාලි සුරයා කියන්නේ කවුද (අ)
මේ අර රේණුකා හේරත් කියපු ඇමතිවරියද? (දී)