කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සහ ස්නායු ශල්‍ය ඒකකයේ වෛද්‍ය කණ්ඩායමක් එක්ව පැය 16ක් පුදා කළ කුඩා දරුවන් හතර දෙනකුගේ හිස් කබල්හි කපාල සැකසීමේ සැත්කම් සාර්ථක වූ බව ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහතා පවසයි.
තුවාල සුව වීමත් සමග ක්‍රම ක්‍රමයෙන් දියවෙන ප්ලේට් යොදා ගනිමින් ලංකාවේ සිදුකළ පළමු සාර්ථක සැත්කම මෙය බව ද ඒකනායක මහතා කියයි.
‘මේ සැත්කමට භාජනය කළ දරුවන් රත්මලාන, අවිස්සාවේල්, ජාඇල සහ හලාවත පදිංචිකරුවන්. හිස් කබල් දරුණු ගිලා බැස්මක් සහිත විකෘතිතාව නිසා සැත්කමට භාජනය කළා.
මෙවැනි සැත්කම්සාර්ථකව සිදු කරන හොදම රෝහල ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝයල් විල්රන් රෝහලයි. අපේ රදුවන් එම රෝහලට යොමු කළා නම් දෙමාපියන්ට විශාල මුදලක් දරන්න සිද්ධ වෙනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දෙවිවරුන් තව තවත් බිහි වේවා!(නදී)
හොද වැඩක් ජය ශ්‍රී (දිල්)
සබැ ලොවේ සැබෑම දෙවිවරු ඔබ වෛද්‍යවරුනි (දී)...
දොස්තර වරු දෙවි වරු ඔබට දෙවි පිහිටයි දිගු ගමනකට සුභ පැතුම් දායකවූ සැමට (දී)
ලංකාවේ වෛද්‍යවරු ගොඩක් දක්ෂයි. මිට වඩා හොඳ තාකෂණයක් ඔවුන්ට ලබා දුන්නොත් මීට වඩා විශ්මිත දේවල් ඔවුන් කරයි. සැත්කමට සහභාගි වූ සැමට දීර්ගායූ වේවා! (නදී)
ලෝකයේ සිටින හොදම දොස්තර මහත්වරු ඉන්නේ අපේ ලංකාවේ. මම ඒක දන්නේ අද ඊයේ නොවේ.(නදී)
ආඩම්බරයි අපිට ඔබලා ගැන. අපේ දොස්තර මහත්ත්වරු ගැන අපිට ආඩම්බරයි.(නදී)
විශිෂ්ටයි, අති විශිෂ්ටයි.(නදී)
ඔක්කොම හොඳයි. හැබැයි දිනයක් ගන්න ගියහම තමා පිස්සු හැදෙන්නේ.(නදී)
අපේ වෛද්‍යවරු ඉතා විශිස්ටයි. නමුත් රෝහල් වල පුළුන් ටික, සර්ජිකල් ටික හෝ වෙළුම් පටි ටික වත් හරියට නැතිව, අනේ කොහොමද මේ දොස්තර මහත්ත්වරු මෙවැනි ආශ්චර්ය කරන්නේ. (නදී)
දායක වු සැමට පින්. (නදී)
ඔයිට වැඩිය හොද දේවල් කරා නම් හොද නැද්ද? (නදී)
අපේ සුබ පැතුම්.(නදී)
මේවගේ දොස්තරලා තව තව අපට ලැබෙන්න ඕනා.(නදී)
මෙවෙනි දොස්තරවරුන් ජාතියට වාසනාවන් ... කුඩා දරුවන් වෙනුවෙන් මෙවැනි සැත්කම් කරනවා කියන්නේ ඔවුන්ගේ ජිවිත කාලයටම ලොකු සතුටක් ලබා දීමක්. ඉදිරියටත් මෙවැනි විසිමිත සැත්කම් කිරීමට ශක්තිය ලැබේවා..!!! (නදී)
රුවන් වැඩ කටයතු ඉදිරියටත් කරගන යාමට වෛද්‍යවරුන් වන ඔබ සැමට ශක්තිය දිරිය ලැබේවා.(නදී)
මේ සැත්කම් වලට දායක වු සැමදෙනාටම දීර්ඝායුෂ ලැබේවා!(දිල්)
ඔබලාට මෙවැනි උතුම් ක්‍රියා කිරීමට තව තවත් ශක්තිය ලැබේවා. තෙරුවන් සරණ වේවා (දිල්)
විශිෂ්ටයි, අති විශිෂ්ටයි, මගේ ප්‍රණාමය ඔබ සියලු දෙනාටම (දිල්)
අති විශිෂ්ටයි.(නදී)
නුඹලා දෙවිවරුය.(නදී)
තව තවත් මෙවැනි දෙවි වෙරු අපේ රටට බිහිවේව.ඔබ සැමට මගේ ප්‍රණාමය. (අ)
මනුෂ්‍යත්වයේ නාමයෙන් වෛද්‍යවරු කරන මෙහෙය හුඟක් වටිනවා. මිනිස්සු අපි ජීවත් වෙන්නේ ටික කාලයයි.පින් සිද්ද වෙයි හැමෝම හොදින් ඉන්න එකා වගේ මේ ලෝකේ.ලස්සනයි ආඩම්බරයි (දී)
මෙම කර්තව්‍යට සහබාගි උන සෑම කෙනෙකුටම පින් ! (දී)
අපේ ජාතියේ වටිනාම සම්පත්..! මේවගේ දෙවිවරු වැනි වෛද්‍ය වරුන් ජාතියේ නාමයෙන් ආරක්ෂා කරගතයුතුයි ..? මෙවැනි බුද්දිමතුන් ගැන සොයා නොබැලීමෙන් ඔව්න් කලකිරී රට අතහැරයාමත්..? දුප්පත් අපේ රටවැසියන්ට ඔව්න්ගේ සේවය අහිමි වීමත් හැර ..? වගකිව යුත්තන්ට ඒ ගැන ගානක්වත් නොවන්නේ ජනතා මුදලින් ඕනෑම රටකට ගිහින් ඔවුන්ගේ අසනීපවලට ප්‍රතිකාර ලබාගෙන පඩිසමග නිවාඩුවක් ගතකරලා එනවහා සමාන පහසුකම් ..දුප්පත් ජනතාව ඔඋන්ට උදාකරල දී ඇති නිසාවෙන් , මෙවැනි වෛද්‍ය වරුන්ගේ වටිනාකම පෙනෙන්නේ තවත් බුද්දිමත් රටේ හෙටදවස ගැන කම්පාවෙන දුප්පතෙක්ම පමණයි ...? ඔබ කල සේවයට ඔබවැනි දරුවන් මේ දෙරණට දායාදකළ දෙමාපියනට මුළු ශ්‍රීලාංකික යින්ම වෙනුවෙන් උත්තමාචාර මල්මිටක්...!!!! (දී)
පසු ගිය මාස කිහිපය තුල අපට අසන්නට ලැබුන ඉතාමත් ප්‍රීතිදායක ප්‍රවෘත්ති ලෙස අපගේ ශල්‍යය වෛද්‍ය වරුන්ගේ විශ්මිත සැත්කම් හඳුන් වන්න පුළුවන්. මේ සම්පත් රැක ගන්න මුළු ජාතියම කැප වෙන්න ඕනේ. (දී)
මෙවෙනි දොස්තරවරුන් ජාතියට වාසනාවන් කුඩා දරුවන් වෙනුවෙන් මෙවැනි සැත්කම් කරනවා කියන්නේ ඔවුන්ගේ ජිවිත කාලයටම ලොකු සතුටක් ලබා දීමක්. ඉදිරියටත් මෙවැනි විසිමිත සැත්කම් කිරීමට ශක්තිය ලැබේවා..!!! (නදී)