IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


තවම යන්නෙ එක එක වාහනවල තමයි

රංගන යනු පුංචි බලාපොරොත්තු ටිකක් එක්ක සාමාන්‍ය විදියට ජීවත්වන තරුණයෙකි. අතපත ගෑ සමාජයක ජීවත්වන මේ තරුණයා ලස්සන ආදර කතාවත් එක්ක තමයි ජීවිතය ගෙවන්නෙ. අන්තිමට මේ තරුණයාගෙන් එයාගේ පෙම්වතිය අහන්නෙ ‘අපි මේක නවත්තමුද’ කියලයි.

නවත්තමු.

මේ රංගනට අන්තිමට ඇයගෙන් අහන්න වෙන්නෙ එච්චරමද?

ඒ ගැන වැඩිදුර දැන ගන්න නම්? සමීර රංගන නාඔටුන්න නිර්මානය කළ ‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටය නරඹන්නට  ඕනෑ.

මේ දිනවල තිරගත වන මෝටර් බයිසිකල් මේ වනවිටත් අන්තර්ජාතික සම්මාන කීපයකින්ම සම්මානයට පාත‍්‍ර වූ චිත‍්‍රපටයකි. එහි ‘රංගන’ නමැති තරුණයාගේ භූමිකාව නොහොත් මෙහි ප‍්‍රධාන චරිතයක් වන ඊට දායක වන ඔහු දසුන් පතිරණය. මෝටර් බයිසිකලයේ නැගී දිගු රංගන චාරිකාවක්  යන අතරේ දසුන් සඳැල්ලේ මොහොතකට නතර වූ විදියයි මේ.

 

20160902Dasun-1දසුන් ඔබ ගැන කිව්වොත්?

මම ඉතින් ඉතාම සරල මනුස්සයෙක්. ජීවිතේ විඳවන්නෙ නැතුව විඳින්නෙ කොහොමද කියලා ට‍්‍රයි කරනවා. පොඩි කාලයේ ඉඳලාම නළුවෙක් වෙන්න තමයි උත්සාහ කළේ. වෙන දේකට දක්ෂ වුණෙත් නැහැ. ඒ හන්දා වෙන කිසි දේකට සහතිකයක්වත් නැහැ. දන්න කාලයේ ඉඳලාම ඩ‍්‍රාමා සහ නැටුම් තමයි කළේ.

 

කලාවටම උරුම වූ ඒ ජීවිතය පටන් ගැනීමට මුල් වූ හේතුව?

කේරි විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ සිටම තමයි ඒ පරිසරය නිර්මාණය වුණේ. මුලින්ම මම මොනවා හරි දෙයක් කරලා පෙන්නුවා නම් කේරි විද්‍යාලය තමයි ඒ අත්තිවාරම දාලා දුන්නෙ. එතැනින් ලැබුණු මුල එක්ක පසු කාලයක මම ‘මිල්ලෙ සොයා’ චිත‍්‍රපටය නැරඹුවාම මහේන්ද්‍ර පෙරේරා රංග ශිල්පියාගේ රංගනය දැකලා පිස්සු වැටෙනවා. ඔන්න ඒ පාර ඔහුගේ රංග භූමියට ගියේ රංගනය සඳහා වූ වැඩමුළුවට සහභාගි වෙන්නයි. ඒ විදියට ගිය ගමන තමයි මේ දක්වා ආවේ.

 

ගෙදරින් මොනවත් කිව්වෙ නැද්ද?

ප‍්‍රශ්න ගොඩාක් තිබුණා. නෑදෑයින් යාළු හිත මිත‍්‍රාදීන්ගෙන් පවා ඈත්වෙලා රඟපෑම ගැන උනන්දු වුණා.  ඕනෑම අම්මා තාත්තා කෙනෙක් වගේ මගේ අම්මා තාත්තත් මගෙන් බලාපොරොත්තු වුණේ ටයි එකක් දාගෙන යන රස්සාවකටයි. හැබැයි මගෙන් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒ හන්දා කෝ ඉතින් රඟපාන්න යනවා කියලා ගියාට ටී.වී. එකේ පෙන්නන් නෑනේ කියලා තමයි වටපිටාවේ අය කියන්න පටන් ගත්තෙ. හැබැයි ඉතින් අම්මා තාත්තා උඹට කැමති දෙයක් කර ගනින් කියලා සහයෝගයත් ලබා දුන්නා. බැරිම තැන සමහර විට එහෙම කරන්න ඇත්තෙ.

 

ගෙදර ඔබ හැර වෙන කවුද තව ඉන්නේ.

අම්මා තාත්තා මම සහ නංගි විතරයි.

 

පවුලේ වැඩිමලා ජොබ් එකක් කරන්න  ඕනෑ නේද?

ඔව් ඉතින්, ඒත් මම ගිහින් බැංකු රස්සාවක් කරන්නයැ? මට ඒකට සහතික නැහැ. ඉතින් දන්න දේ කළා. ගෙදර අය ඒක තේරුම් ගත්තා.

 

ඇයි මේ තරමට නළුකමට පෙම් බැන්දේ?

මුල්ම කාලයේ තිබුණෙ ආසාවක් විතරයි. පසුව මහේන්ද්‍ර අයියගෙ නාට්‍ය වැඩමුළුවට ගියාම මේක හදාරන්නම  ඕනෑ කියලා හිතුණා. නළුකම එක්ක යන ගමනට එතැනදී පාරවල් කීපයක් මට පෙනුණා.

 

ඊට පස්සේ අවස්ථා ලබා ගත්තෙ කොහොමද?

මුල්ම කාලයේදී අවස්ථා ලැබුණෙ නැහැ. හොඳ උස මහතට රතුවට ලස්සනට හිටපු කොල්ලන්ට චරිත ලැබුණා. මම ඒ වගේ පෙනුම තිබුණු කෙනෙක් වුණේ නැහැ. හැබැයි  ඒකම මට මාර චාන්ස් එකක් වුණා. ඒ හන්දා මට මේ රංගනය  ගැන හොඳට ස්ටඩි කරන්න පුළුවන් වුණා. ෆුල්ටයිම් එහෙම කළා. ඒ කාලයේ අපේ ටීම් වර්ක් එකක් තිබුණා. ඒ හරහා වැඩ එන්න පටන් ගත්තා.

20160902Dasun-2

පේ‍්‍රක්ෂකාගාරයක් අතරට  ගියේ?

මියුසික් වීඩියෝවලට අර මම කිව්ව ආකාරයට පෙනී සිටින්න ලැබුණා. ඒ සිංදු වගේම වීඩියෝ හිට් වුණා. ඒ හරහා මටත් පුංචි ඇගයීමක් ලැබුණා. මේ අර අරයා නේද කියලා ෆීල්ඞ් එකේම අයත් කතා කරන්න පටන් ගත්තා.

 

එතකොට බයිසිකලේ ලැබුණෙ?

2007දී විතර අපේ සෙට් එකේ හිටපු තිසර ඉඹුලාන තරුණසේවා නාට්‍ය උළෙලට කෙටි නාට්‍යයක් කළා ‘කෑල්ලක් 250යි’  කියලා. ඒ අතරේදී තමයි සමීර මට කිව්වෙ මම ෆිල්ම් එකක් කරනවා ඒකෙ ඉන්නෙ උඹ කියලා. ‘මෝටර් බයිසිකල්’ රඟපෑවේ ඒ විදියටයි.

 

මෝටර් බයිසිකල් පදින්න පුළුවන්ද?

බොහෝ නිර්මාණවලදී මෝටර් බයිසිකලය ලැබුණ නිසා පුළුවන්.

 

දැන් ඔබටම කියලා මෝටර් බයිසිකලයක් තියෙනවද?

තවම නැහැ. තවම යන්නෙ එක එක වාහනවල තමයි.

 

‘මෝටර් බයිසිකලයේ’ මේ විදියට නගින්නට පෙර ඔබ ටෙලි කැමරාව ඉදිරියේ අපූරුවට රඟපෑවා නේද?

මුලින්ම මහේන්ද්‍ර අයියගෙ ‘ස්ටාර් ශ්‍රී ලංකන් හිස්තැනක්’ රඟපාන්න ලැබුණා. පසුව ආනන්ද අබේනායක මහතාගේ අහසින් වැටුණා, රොෂාන් කුරුප්පුගේ බාලොලිමල්, ලක්මිණි, අමරදේවගේ ්රැුඛ ඉවරයි, රවීන්ද්‍ර විජේනායකගෙ සත් පියවරු වැනි නිර්මාණ එක්ක මා ගැන කතා වුණා.

 

ඉදිරියටත් රංගනයමද ජීවිතය?

වෙන දෙයක් දන්නෙ නැහැනෙ. ඒ නිසා වෙන දේ ගැන හිතන්නෙත් නැහැ.

 

පෙම්වතිය පේ‍්‍රමය නවත්තමුද? කියලා ඇහුවාම මොකද හිතුණේ?

පෙම්වතකු පුදුම වන එක එතකොට අහන්න දෙයක්යැ? ඉබේම නවත්තමු කියලා කියැවුණා එච්චරයි.

 

සටහන - සඳුන් ගමගේ

20160902Dasun-3



අදහස් (0)

තවම යන්නෙ එක එක වාහනවල තමයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 210 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 648 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1140 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 159 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 683 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 790 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site