ශ්‍රී ලාංකික සිංහල සිනමාවේ හැත්තෑව හා අසුව දශකයේ ජනප‍්‍රියව සිටි නළු නිලි යුවලකි ස්ටැන්ලි පෙරේරා හා ගර්ලි ගුණවර්ධන. ඔවුන්ගේ දෙටු දියණිය 90 දශකයේ ලාංකික සිනමාවේ කාගෙත් ආදරය දිනාගත් ප‍්‍රසිද්ධ දක්ෂ නිළියක් වුවාය.
ඇය සබීතා පෙරේරාය. එදවස තිරගත වු පොඩි විජේ චිත‍්‍රපටයේ රඟපෑමෙන් හොදම නිළිය ලෙස සම්මාන ලත් ඇය ජනප‍්‍රිය චිත‍්‍රපටියක් වූ තිස්ස අබේසේකරයන්ගේ සිසිල ගිනිගනී හී ප‍්‍රතිභාපූර්ණ චරිතයකට පණ දුන්නාය.
‘පිටගම් කාරයෝ’ ටෙලි නාට්‍යයේ හොඳම සහාය නිළිය ලෙස සම්මාන ලැබු ඇය සිංහල චිත‍්‍රපට ගනනාවක් ඇතුලූව පකිස්ථානු චිත‍්‍රපට 17ක් ද දෙමළ චිත්‍රපට දෙකක්ද හා ඉංග‍්‍රීසි චිත්‍රපටයක්ද රඟපෑවාය.
ඇය පසුගියදා යුරෝපයේ සංචාරයක නිරත වූ අතරතුර ප‍්‍රංශයේ පැරිස් නුවරදී එසැණ සමග මෙසේ සාකච්ඡෘවකට එක්වුවාය.
ප‍්‍රශ්නය
90 දශකයේදි ඔබ ශ්‍රී ලංකාවේ සිනමා ක්‍ෂේත‍්‍රයේ ජනප‍්‍රිය කාගෙත් ආදරය දිනාගත් නිළියක් . ඒත් අද ඔබ සිනමාවේ නැති කරම්?
පිලිතුර:
ඒක ඇත්ත. මම විවාහා වුවාට පසු පවුල් ජීවිතයට ප‍්‍රමුඛ ස්ථානය දුන්නා. ඒ වගේම දරුවගේ අධ්‍යාපන කටයුතු මගේ කාලයෙන් වැඩි කොටසක් වෙන් කළා. එම නිසා සිනමා ක්‍ෂේත‍්‍රයේ රැඳී සිටීමේ කාලය සීමාවුණා.
එනමුදු කලාවටත්, සිනමාටත් මම දැඩි ලෙස ආදරය කරන කෙනකු ලෙස රඟපෑම තවමත් අත හැර නැහැ. මගේ සිනමා ජීවිතයේදි පකිස්තාන, දෙමළ, ඉංග‍්‍රීසි චිත‍්‍රපට රාශියකට දායක වුණා. හොඳම හා ජනප‍්‍රිය නිළිය ලෙස සම්මාන ලැබුණා. මෙම සියලූදේ මගේ සිනමා දිවියේ සිහිවටන. ඉදිරියේදිත් මගේ රැඟපෑම් දැක ගැනීමට ලැබේවී.
ප‍්‍රශ්නය
ප‍්‍රංශයේ පැරිස් අගනුවර ලෝකයේ කලාගාරය ලෙස හදුන්වනවා. ලොව සුප‍්‍රසිද්ධ අන්තර් ජාතික සිනමා උළෙල අතරට ප‍්‍රංශයේ කෑන්ස් හා ඩෝවිල් සිනමා උළෙල අයත් වෙනවා. එබැවින් ලෝක ප‍්‍රකට නළු නිළියන් නිතරම සැරි සරන නගරයක් පැරීසිය. ඔබද ඒ අතරට පැමිණ සිටිනවා.
පිලිතුර
ප‍්‍රංශයත් විශේෂයෙන් පැරීසිය ලෝක සාහිත්‍ය, සිනමාව, නාට්‍ය ආදි ලෙස කලාවෙන් පෝෂණය වූ රටක් . එම රටට පැමිනීමත් හා දැක ගැනීමට ලැබීමත් නිළියක් ලෙස එක්තරා වාසනාවක් මින් පෙර වර්ෂයක මම ප‍්‍රංශයට පැමිනි අවස්ථාවක ලෝක ප‍්‍රසිද්ධ කෑන්ස් සිනමා උළෙල පැවැත්වෙන රංඟ ශාලාව බලන්න ගියා. එහි ඉදිරියේ අතුරා ඇති රතු පලස මත සිට මම ඡායාරූපත් ගත්තා. ඇත්තටම එවිට දැණුන සතුට නිළියක් ලෙස කියා නිම කරන්න බැහැ. එය මගේ සිනමා ජීවිතයේ එක්තරා සිහිවටනයක් වුණා. මෙවරත් මම ප‍්‍රංශයේ බොහෝ දේ නැරඹුවා. ඒ සදහා අපට උදව් කළ නීල්, රමාලි හෙට්ටිආරච්චි මිතුරන්ට මගේ ස්තුතිය පිරිනමනවා.
ප‍්‍රශ්නය
ප‍්‍රංශය යනු කතෝලික භක්තිකයන් වැඩි ප‍්‍රතිශතයකට හිමිකම් ඇති ලෝකයේ සියලූම ආගම් අදහන ජාතීන් ජීවත් වෙන රටක්. එමෙන්ම බහු ආගමික වුවද බහුතර කතෝලික බලපෑමක් වෙනත් ජාතීන්ට ඇති නොකරන සමාජීය ලෙස බොහෝ සාමකාමි රටක්. එනමුදු මුළු ලෝකයම පිලිගන්නා නිර්මල දර්ශනයක් වු බුදු දහම අදහන වැඩි ජනතාවක් ජීවත් වෙන ශ්‍රී ලංකාවේ මෙවැනි ආගමික හා සමාජ සාමකාමි පරිසරයක් තිබේද?
පිලිතුර
අවුරුදු තිහක යුද්ධයක් පැවැති රටක් එක් වරම තිබු තත්වයට ගොඩ ගන්න හරි අමාරුයි. මිනිසුන්ගේ සිතුම් පැතුම්, ජීවන රටාව, පරිසරය ආදි ලෙස ගොඩක් දේවල් ඉහත කාලය තුල උඩු යටිකුරු වුනා. එවැනි රටක් එක රැයකින් ගොඩ ගැනීම හිතන තරම් පහසු නොවේ.
නමුත් ඉදිරියේදි අපේ රට යහපත් සිතුම් පැතුම් වලින් පිරි රටක් බවට පත්වේවි. මගේ බලාපොරොත්තුව එයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහළ සිනමා නලු නිලියන්, ඉන්දියන් නලු නිලියන්ව, අනුකරණය කරන ප්‍රධාන හේතුවක් වුයේ, සිංහල චිත්‍රපට වල අධ්‍යක්‍ෂවරු දමිළ අය වීම නිසා , සිංහල සිනමා කලාවෙන් යමක් මීට වඩා සාරවත් අර්ථවත් දෙයක් කළා නම් ! උසස් නිර්මාණ සහ කලාකරුවන් බිහිවිමට ඉඩ තිබුනා. (ස)
පුණ්‍යා, ගම්පෙරලිය, අනුලා, පරසතුමල්,ජානකි ,අක්කර පහ.(නදී)
පිටිගල මහත්මයා හරි. සුනිල් ආනන්ද අහලා තියෙන්නේ අනවශ්‍ය ප්‍රශනයක් .ප්‍රංශය ඇතුළු කතෝලික රටවල් කතෝලික ආගමට අපහාස වන බව පවසා චිත්‍රපට විශාල ප්‍රමාණයක් තහනම් කර තිබෙනවා .මෑතදී උදහරණ ලෙස ඩාවින්චි කෝඩ් චිත්‍රපටය හැදින්විය හැක. (ස)
නුවන්,ජාත්‍යන්තර නිලියන් සමග තිරය පිටුපස 50ක් විතර ඉන්නවා එයාව රඟපාවන්න. ඔවුන්ට ඕනෑ පාට ගාපු හමක් විතරයි. අනිත් ඔක්කොම රොබෝලයි තාක්ෂණයයි විතරයි. (නි)
සබිතා ඔයාගේ කොණ්ඩය හරි ලස්සනයි. කපන්න එපා. පකිස්තාන් චිත්‍රපටි වල රගපාන්න යන්න. (ස)
ඇත්තටම ඔය තාමත් ලස්සනයි අක්කියෝ (අ)
සබීතා පෙරේරා රඟපෑම් ලංකාවේ යම් කිසි කොටසකට රසවත් උනාට බුද්ධිමත් පෙක්ෂකයන්ට මෙය පුම්බා තැබීමට තරම් දෙයක් නොවේ . අද බොහෝ නළු නිලියන් සුපිරිය කියා ගන්නා ඔක්කොම කරන්නේ ඉන්දීය සිනමා අනුකරණය . අපේම සිංහල රංගනය කරන ඉතා සුළු කොටසක් ඉන්නවා.(නදී)
ඇයි ඔය වගේ ප්‍රශ්ණයක් ඇහුවේ? (නදී)
සෙන්තිල්; දෙමළ නළුවන්ට උයාගෙන කන්න වෙලාවක් නැහැ. ගහගන්න කොට (ස)
කොහොම වුනත් සබීතා හොඳ නිළියක්... (ස)
පිටිගල, මමත් එකඟයි ඔබ සමග. ඔය රටවල ආගමික නිදහස අපි නොදන්නවැයි. (නි)
දම්මික පෙරේරා, ඔබේ අදහස මමත් අනුමත කරමි.(නදී)
සබිතාගේ හොඳම රංගනය අප දැක්කේ දෙවෙනි ගමන සිනමා පටයෙන් සනත් ගුණතිලක සමග. වෙනත් සිනමා පටවල සබීතා රංගනය දැක්වුයේ ඉන්දියානු සහ පකිස්තානු රංගන රාගය අවුස්සන නැටුම් කාමදික රංගන. මන් හිතන්නේ සබිතාට හොඳ අධ්‍යක්ෂන හෝ නිෂ්පාදන ලැබුනේ නැහැ වැඩක් කිරීමට. මුදල් සොයා යන ලෝකයේ සබිතාටත් ඕනෙම රංගනයක් කරන්න සිදු වුනා මන් හිතන්නේ.(නදී)
මේ වගේ සිනමා නිලියන් අද ලංකාවේ පොල් කටු වලට එකතු කරන්න පුළුවන් ; එහෙත් දක්ෂ අපේම කියා රංග පන නිලියන් කිහිපදෙනෙක් සිටියා , තවත් කීප දෙනෙක් දෙනාටත් ඉන්නවා ; ඔවුන්ට සිනමාවේ තැනක් නැහැ මුදල් නැහැ ; තවමත් ලංකාවේ බහුතරය ගැලරිය පිනවන සිනමාවට නිසා (දී)
මොනවා උනත් මෙයාගේ රුව දුටුවම කාට උනත් ආදරයක් ආසාවක් ඇතිවෙනවා . ඒ රුපය නිසාම රන්ගපේම වරදක් තිබුනත් එය අවලංගු වෙනවා . මමත් මෙයාව බැලිමට ගියා . නිහතමානිව හෙසුරුනා (අ)
සුනිල් ආනනන්ද පැරීසියේ සිට රත්තරන් කුරුසයක් ගිල නසී.(අ)
පහන් මඩුගල්ලේ මහත්තයෝ ඔය වගේ පොලව පැලෙන බොරු කියන්න එපා . මම ජිවත් වන්නේ ප්‍රංශයේ. එහෙත් කතෝලික ආගමට විරුද්ධව ගැහුවා කියා චිත්‍රපටි තහනම් කරන්නේ නැහැ . මම ඩාවින්චි කෝඩ් පලවෙනි දෙවෙනි දෙකම නැරඹුවේ පැරිස් වල ප්‍රසිද්ධ සිනමා හල් වල. එමෙන්ම ඉස්සර ආපු ජේසුස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර් වෙනි ජේසු ව විහිලුවට ලක් කරන චිත්‍ර පටිද මෙහි පෙන්වනවා. මෙහි කිසිම දෙයකට ආගම සම්බන්ද කර නොමැත. ඕනෙම ආගමකට ඇදහීමට වෙනස් කිරීමට පුර්ණ අයිතිය තිබෙනවා. හැබැයි ආගම මුවාවෙන් ත්‍රස්තවාදී කටයුතු සහ ආගම ප්‍රසිද්දියේ උලුප්පා පෙන්නීම වැනි දේවල් පාසල් වල මහජනයා ගැවසෙන ස්ථාන වල තහනම්. උදා මුස්ලිම් කාන්තාවන් ඔලුව වසා පාසල් වලට මහජන ආයතනවලට ඇතුල් වීම තහනම් . එමෙන්ම කුරුසය පැළඳ හෝ යුදෙව් ආගමේ සලකුණු එළිපිට පෙන්නා පාසැල වල අතුල්විමද තහනම්. නමුත් තමන්ට කැමති ඕනෙම ආගමක් නිදහසේ අනුනට කරදරයක් නොමැතිව අදහන්නට පුර්ණ නිදහස ඇත .( පහන් මඩුගල්ලේ මහත්තයෝ ) මෙවැනි බොරු නොලියන්න. ලංකාදීප පාඨකයන් නොමග යැවිමෙන් වලකින්න.(නදී)
මගේ ආසම කරපු නිළිය මෙයා ඒ කාලයේ . තවමත් ඒ කලේ වගේ ලස්සනයි.කාලෙකින් මෙයාගේ සිනමාපටයක් දැක්කේ නැහැ (නි)
සබිතා දැක්කම ආසාවක් ඇති වනවා (නි)
ගැමි කියන්නේ රෙද්දේ හැට්ටේ අදින එක ට නෙමේ ..තමාගේ රටේ විදිහට ගැමි චරිත හොළිවුඩ් සහ බොලිවුඩ් නිළියන්ට ඕනි තරම රගපාන්න පුළුවන්.(නද)
අයියෝ,මොනවද මේ? (නි)
ජාත්‍යන්තරයේ බොහෝ නිළියන් සමග බලන විට අපේ නිළියන්ට ඔවුන් සමග රගපානවා තියා හැරෙන්නවත් බැහැ. අපේ රටේ දක්ෂ නිළියන් ඉන්නේ ඉතාම සුළුවෙන්. හොළිවුඩ් සහ බොලිවුඩ් නිළියන්ගේ රගපෑම් නම් අති විශිෂ්ඨයි. අතිශය තාත්විකයි. අපේ ඇතැම් අය වගේ කැමරාව ඉදිරියේ බොරු කරන්නේ නැහැ.මෙහෙම කිව්වාම කාගේ හරි හිත රිදුනානම් සමාවෙන්න. (නි)
නුවන්, ජාත්‍යන්තර නිළියන්ට පුළුවන්ද නටනවා හැරෙන්නට ගැමි චරිත රගපාන්න? (නි)
විල්ලුද පුංචි දෙපා කළු කරගන්න එපා, අව්වට යන්න එපා, ඔහොමම ඉන්න... (නි)
මෙම සංවාදයේ ප්‍රශ්න අහපු කෙනාගෙන් මම මේ අහන්නේ. බුදු දහමෙන් බැහැරව අන්‍ය ආගම් අදහන අයට ලංකාවේ ඔබට දැනෙන ආකාරයට යම් කරදර තිබෙනවාද? පිට රටවල් වල ඉඳගෙන කොටින්ටත් වඩා ජරා ලෙස මේ සිංහල බෞද්ධ රට පාවා දෙන්න එපා කියල මම ප්‍රශ්න අහපු කෙනාගෙන් ඉල්ලා සිටිනවා.
පිටිගල මිලානෝ, ස්තුතියි.! මාත් ඔයා සමග එකගයි.ඇතැම් කලාකරුවන් කියන අයගේ දේශද්‍රෝහී ප්‍රකාශ සමග බලනකොට සබීතාගේ අදහස් රන් වලටත් වඩා වටිනවා. (නි)
නුවන්,මොකක්ද කිවුවේ? බොලිවුඩ් නිලියන්ගේ රගපෑම් අතිශයෙන්ම තාත්විකයි?ළගම තිබෙන පුද්ගලික රෝහලට ගිහිල්ලා, මොළය පරීක්ෂා කරගන්න. (නි)
කරුණාකරලා ඔබ තුමාලගේ උඩින් වැටෙන සෙලින්කෝ දැන්වීම අඉන් කරනවද? ඕක දාන්නා ඕනේ නම් වෙන කොහෙහරි වෙන තැනක දාගන්න අවශ්‍ය කට්ටිය කියවාවි.(නදී)
පිටිගල මිලානෝ ඉන්නේ ලංකාවේද නැත්නම් ඉතාලියේද? ඔය අනුන්ට කියන්න කලින් ලංකවට අවිල්ලා ඉන්නකෝ.(නදී)
ආගමික වට පිටාව සම්බන්ධයෙන් මෙතුමිය දරන අදහස සමග මමත් එකග වෙමි.අක්කේ, සැගව නොසිට ඉදිරියට එන්න.ඔබ වැනි කලාකාරියන් රටට අවශ්‍යයි. (නි)
මේ නිලියන් සියල්ල රංගනය කළේ ඉන්දියානු සිනමාව බලලා ඒවා අනුකරණය කරමිනි. නමුත් ඉස්සර හිටි ස්වර්ණ මල්ලවආරච්චි පුන්‍යා හීන්දෙනිය, මාලිනි පොන්සේකා ,අනෝජා වීරසිංහ (සහ තව අතලොස්සක් මට නම් කීමට අමතකව ඇත ) වැනි අපේම රංගනශීලි නිලියන් අද බිහිවන්නේ කලාතුරකිනි. සමාවන්න. මම මගේ හැගිම පලකළාට සමහරුන්ට රිදෙන්න පුළුවන් (නි)
අනේ සිල්වා, ඔයා ජීවිතේට ඉංග්‍රීසි, ප්‍රංශ, ඉරාන, ජපාන සම්භාව්‍ය චිත්‍රපටි බලලා තියෙනවාද? අපේ අයට පුලුවන්ද එහෙම රඟපානවා තියා හිතලාවත් බලන්න.. ?අපේ අය ගැමි චරිතයක් රඟපානකොටත් ඕනෑ නැති මේකප් දාගන්නවා. නුවන් කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. (නි)
අපේ රටෙත් දක්ෂ නිලියන් ඉන්නවා.හැබැයි අතලොස්සක්...දුලීකා මාරපන දක්ෂ නිලියක් මම දැකපු.ඔබතුමියත් දක්ෂ කෙනෙක්. (නි)
පිටිගල මිලානොගේ ප්‍රශ්නයම මමත් අහනවා මගේ මිතුරු සුනිල්ගෙන්. (නි)
නුවන්,බොලිවුඩ් චිත්‍රපටිවල කොහෙද ඔය වගේ රගපෑමක් ඇත්තේ?නිකන් ඔහේ සින්දු කිය කියා පැය 2.5 ගෙවෙනවා. විතරි,සිවාජි,කමල් හසේන් වගේ අයගේ ෆිල්ම්ස් බලලා නැද්ද?එහෙනම් ඔබ සමග කතාකිරීමෙන් පලක් නැත, (නි)
අනේ, මොනවද මේ කතා? (නි)
ලංකාවේ බුදුදහම පවතින තාක්කල්,අන්‍ය ආගමික සියලුම දෙනාට සාමයෙන් සමගියෙන් සිටිය හැකිය. හොද පිළිතුරු සැපයු සබීතා මහත්මියට ස්තුතිය පුදකරමි. (නි)
පිටිගල මිලානෝ කතා කරන්නේ යමක් දැනගෙන. ශ්‍රී ලංකාවේ නම් ප්‍රශ්නය තියෙන්නේ විඳින එක්කෙනාට නොව වේදනාව දෙන අයට බවයි අපට පේන්නේ. (නි)