මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයයට ළමයින් ඇතුළත් කිරීමට බලහත්කාරය පෑවැයි රිමාන්ඩ් බාරයේ සිටි නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම සහ මව්වරු නව දෙනා ඇතුළු 13 දෙනා මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කෝසල සේනාධීර මහතා විසින් රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.
සෑම මසකම අවසන් ඉරු දින මතුගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයයේ පෙනී සිටින ලෙස ද නියම කැරිණි.
නඩුව සැප්තැම්බර හත් වැනිදාට කල් තැබිණි.
ජායාරූප - බන්දු තඹවිට
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ

![DSCN7478[1]_765](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSCN74781_765.png)
![DSCN7502[1]_imf](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSCN75021_imf.png)
![DSCN7476[1]_65](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSCN74761_65.png)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය මුල්කරගෙනත්, දේශපාලන බඩ ගොස්තරවාදියෝ බලන්නේ දේශපාලන වාසි ගන්න. (හේ)
ඔහොම යනකොට පාසල් යන්න හැදුව වරදට ළමයිනුත් අත්අඩංගුවට ගන්න දවසක් එයි. යහපාලනේ හැටි එහෙමයි. (නි)
කොන්ද පණ තිබෙන ජනතා නියෝජිතයෙක්. (නි)
තමන් සිය දිවි නසා ගැනීමට තැත් කිරීම කොහොමද වෙන කෙනෙකුට කරන බලහත්කාරමක් වෙන්නේ? (ම)
නිමන්ත හරි. දේශපාලන අදහස් දාන අනිත් අය හරි ඔයාලගේ ළමයා කොළඹ රෝයල් එකට දාලා දුන්නොත් එපා කියයි නේද? මේ මිස්සුන්ට තියෙන එකම ප්‍රාර්ථනාව තමුන්ගේ ළමුන් හෝ මේ අපායෙන් ගොඩකිරීමයි. එ්කට ඔවුන්ගේ පිළිතුර ඔවුන් දන්නා හොඳම පාසලයි. (නි)
ගොඩක් අය දාර්ශනික අදහස් දක්වලා තියෙනවා. නමුත් ඒ ළමයින්ගේ හා දෙමවුපියන්ගේ පැත්තෙන් ටිකක් හිතලා බලන්න. මේ රටේ සිද්ධවෙන දේවල් එක්ක මේ සිද්ධිය ගළපා හිතන්න. මුදලට බලයට පැලැන්තියට බලපුළුවන්කාරකමට ඕනෑදෙයක් කරන්න පුළුවන් රටේ මේ දෙමවුපියන් අසරණ වූ හින්දා තමයි නියෝජ්‍ය ඇමතිතුමාට ඒ අඩුව පුරවන්න වුණේ. මතුපිටින් බලනකොට පේන කතාව නෙවෙයි මෙහි ඇතුළත තියෙන්නේ. සමස්තයක් විදියට පිරිහුණු සමාජයක පිරිහුණු දේශපාලනයක අඥාන ජනතාවක් මුහුණදීපු ඛේදවාචකයක් තමයි පෙනෙන්නේ. (නි)
පාසලට ළමයි දාන්න අනෙක් මහජන නියෝජිතයනුත් මෙවැනි දේවල් කරන්න ගියොත් කුමන කතාද? (නි)
කවුරු මොනවා කිවුවත් දෙමාපියන් විඳි වේදනාව සහ දරුවන්ගේ සිත් වලට දැනුනු පීඩනය නම් අපමණයි (නි)
පවු අසරණ ළමයි දෙමවුපියොත් එක්ක මොනතරම් දුකක් විඳින්න ඇද්ද? (නි)
මෙතුමා පෙනීසිටින්නේ බලපුළුවන්කාර දෙමව්පියන් කොටසක් වෙනුවෙන් නොවේ. අනික ඉල්ලන්නේ ලොකු පාසලකුත් නොවේ. ලංකාවේ නිලධාරීවාදය දේශපාලකයන්ටත් වැඩිය සමහර අවස්ථා වල ඉහළයි. අනේ මන්දා රටේ අහිංසක පුරවැසියාට නිදහසක් ලැබෙන්නේ කවදද? (නි)
ළමයින්ගේ අම්මා තාත්තාටනේ ළමයි ඉස්කෝලේ දාන්න උනන්දුව තියෙන්නේ. ඉතින් එයාලට හිරේ ගියත් දුක නැතුව ඇති. (නි)
මොනවා වුණත් මේ දඬුවම් කළේ දරුවන්ටයි. අනික නිමන්ත කියන විදියට ඔයා ඉන්නේ ලංකාවේද කියලා සැකයි. තව ටික දවසක් යනකොට වැසිකිළි යන්නත් දේශපාලුවන්ගෙන් ලියුම් ගන්න වෙයි. මේවට අපේ රටේ සිරිමා මැතිනියගේ කාලේ ඉඳලම වගකියන්න ඕනෑ. (නි)
හොඳින් හෝ නරකින් ළමයින්ට පාසලක් ලැබුනට සතුටුයි. මන්ත්‍රීතුමා තමන්ගේ උපරිම බලය හොඳදේකට යොදවලා තියෙන්නේ. මාස 6ක් තිස්සේ පාසලක් නැතුව ළමයෙක් ඉන්නවා කියන්නේ ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. (නි)
මම අවුරුදු හතළිහකට පෙර ගියේ නුගේගොඩ තිබු එකම පිරිමි ඉස්කෝලෙට.ජනගහනය වැඩි වුවද තාම තියෙන්නේ එපමණයි . ඉතින් ගම් ගැන කවර කතාද? නිදහස් අධ්‍යාපනය කාටද පාසල් නැත්නම්. හතු වගේ ජාත්‍යන්තර පාසල් ඇතිවන්නේ මේ අඩුව පුරවන්න. (බ)
ඩිෆෙන්ඩර් වලින් පාපැදි හප්පා ගෙන ගිය රියදුරන් බලහත් කාරයෙන් රැගෙන ගොස් පහර දී මහමග දමා ගිය උත්තමාවියන්ට වඩා මේ මව්වරුන් දරුණු ඇති (බ)
හරියට දකුණු ඉන්දියානු චිත්‍රපටයක් වගේ (බ)
අපේ නව අධ්‍යාපන ඇමැතිට මේවා බලන්න කාලය මදි ඇති (බ)
වර්තමාන අධ්‍යාපන ඇමතිට වෙන වැඩ තියෙනවනේ..මේවා බලන්න වෙලාවක් නැහැ..(හේ)
දරුවන්ට පාසල් තිබෙත්දීත් දේශපාලන බලය පාවිච්චි කරල තමන්ට අවශ්‍ය ඉස්කෝලෙට ළමයින්ව දාන්න සමස්ත පාසල් පද්ධතියම විහිලුවට කළ මොවුන්ට මේ වගේ දඬුවමක් දුන් එක අගය කරනව. කිසිත් නොදන්නා දරුවන් මේ තත්වයට පත් කළ දෙමාපියන්ට සහ දේශපාලුවට මීට වඩා දඬුවම් ඕනි. (බ)
නිමන්ත, ඔබ සමග 100% ක් එකඟයි. (බ)
මුණ දැක්කම මේ වගේ වැඩ කරන එක අරුමයක්. නොවේ. (බ)
ඉතා කණගාටුයි මේ සිද්ධිය මෙච්චර දුර යනතුරු අධ්‍යාපන ඇමැතිත් රජයත් බලාගෙන සිටි එක ගැන. වර්තමාන අධ්‍යාපන ඇමතිගේ ආසනය වන කුලියාපිටිය දරුවාගේ සිද්ධියේදී පටන් මේ සිද්ධිය වෙනතෙක්, අධ්‍යාපන ඇමතිගේ ක්‍රියාකලාපය කිසිසේත්ම අනුමතකළ නොහැක. බලනකොට වර්තමාන අධ්‍යාපන ඇමැතිත්, හිටපු අධ්‍යාපන ඇමැතිත් එකයි. (නි)
බොරු සංදර්ශන දාන අයට අපි නම් කැමති නැහැ (නි)
නිමන්ත, ඔබට ස්තුතියි. (නි)
"ශ්රී ලංකාවේ පාසලකට දරුවන් ඇතුළත් කරන්න ගිය මව්වරුන් පිරිසක් අත්අඩංගුවට ගනී" කියන මේ පුවත මට නම් හරියට දැනෙන්නේ ජාත්‍යන්තර පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් වගේ (නි)
අනේ ඇති යාන්තම්.. (නි)
මෙතන ඇත්ත සිද්ධිය ගත්තොත් ළමයි පාසලක් නැතුව කාලයක් හිටපු එකටත් දෙමවුපියනුත් වගකියන්න ඕනෑ. ළමයින්ගෙ සුදුසුකම් හා ලිපිනයන් අනුව ඒ ළමයින්ට ලැබෙන්න ඕනෑ තල්පැදිවල, බෝතලාව වගේ පාසල්. තමන්ට කැමති පාසල නොලැබුනාම ළමයි ඉස්කෝලෙ නොදා හරියනවද? අසාධාරණයක් වුණා කියලා හිතෙනවා නම් අභියාචනා දාන්න අවස්ථාවක් තියෙනවා. නැත්නම් මානව හිමිකම් කොමිසමට කියන්න පුලුවන්. ඒවා නොකර දේශපාලනඥයෙකුට කියලා මාධ්‍ය සන්දර්ශනයක් දාලා ඔය කරගත්ත වින්නැහියට කරන්න දෙයක් නැහැ.(නි)