පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24) පැවැති පුහුණුවීම් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කෞෂාල් සිල්වා ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙන ආ බව රෝහල් ආරංචි කියයි.
දිනේෂ් චන්දිමාල් එල්ල කළ පහරක් පන්දු රකිමින් සිටි කෞෂාල් සිල්වාගේ හිසේ වැදී තුවාල සිදුවී ඇතැයි ද මේ වන විට කඩිනම් ප්‍රතිකාර ලබාදෙන බව ද ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි පවසයි.
කෞෂාල් සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග රැසකට සහභාගී වූ ක්‍රීඩකයෙකි. කඩුළු රකින්නකු වශයෙන් ද කටයුතු කරන කෞෂාල් සිල්වා ටෙස්ට් ශතක ලාභියකු ද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෞෂාල් ඔබ අපේ කණ්ඩායමට ඉන්න අවශ්‍යම කෙනෙක්. ඔබට ඉක්මන් සුවය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. (ර)
පන්දු රකිනකොට හිස්වැසුමක් දානවා නේද? (නි)
ක්‍රිකට් කියන්නේ ඉතාමත් භයානක ක්‍රීඩාවක්. දැනට කී දෙනෙක් මියගියාද? ඒ නිසා තමයි මේ ක්‍රීඩාවටම අාවේණික වූ ආරක්ෂක ක්‍රම පාවිච්චි කරන්නේ. (නි)
විජේ, කණ්ඩාමේ අනිවාර්යෙන්ම ඉන්න ඕනෑ දක්ෂම කෙනා මිසක් තරඟ 100 කට ලකුණු 100ක් ගහන අය නෙමෙයි. අපිට ඕනෑ ක්‍රිකට් නළුවෝ නෙමෙයි, ක්‍රිකට් ක්‍රීඩකයෝ (නි)
කණගාටුදායක පුවතක්. ඔබට ඉක්මන් සුව! (නි)
ඔබට ඉක්මන් සුව..! (නි)
ඔබට ඉක්මන් සුවය පතමි.(රේ)
හරි දියුණු රටක් නේ රෝගීන් ගේන්නේ ගුවනින් අපේ රටේ ටොප් ක්ලාස් මහාචාර්ය කෙනෙක් පර්යේෂණ වැඩ බිමකදී ඇක්සිඩන්ට් වෙලා කි මි 150 දුර රෝහලට අරන් ගියේ එම්බියුලන්ස් එකක - (රේ)
චන්දන්ලා වගේ උදවිය කඩේ යන අය හැමදේම දකින්නේ රුයිතෙට අහවලාට කඩේයන නිසා .අපේ ජාතික සම්පතක් මේ ක්‍රිඩකයා අපි රෑකගන්න ඕනේ ඔහේ ගොබ්බයෙක් වුනාට (බ)
මෙතන කොමෙන්ට්ස් දමන කුහක අයත්හැ ඉන්නවා (බ)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා කෞෂාල් සහෝදරයට, ගොඩක් අයට අමතක වෙලා මනුස්ස ජීවිතයක් කොච්චර වටිනවද කියල ක්‍රිකට් හෝ වෙන ඕනේ දෙයක් අතරේ, මේ මහත්තුරු, අපි කුහක නොවී ඒ මනුස්ස කමටවත් සලකමු. (ර)
ඔබට ඉක්මන් සුව..!!
ක්‍රීඩා ලෝලියෙක් හැටියට මමත් කැමති වැඩේට.ඒ වුණාට මම ඉන්න රටේ ක්‍රීඩා ලොලි කන්නාඩිය අයින් කරලා. මොකද දන්නවද . එක එක කන්නාඩි දාන කොට සත්‍යය පෙන්නේ නැති නිසා. උදාහරණක් හැටියට රුවන්ට අනුව මහාචාර්ය කෙනෙක් ජාතික සම්පතක් නොවේ (අ)
සහෝදරය ඔබට ඉක්මන් සුවය පතමි (අ)
ඉක්මන් සුව පතමු (අ)