විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අවසරයකින් තොරව ඩුබායි සිට මෙරටට ගෙන්වන ලද ජංගම දුරකතන සහ උපාංග තොගයක් සමග ශ‍්‍රී ලාංකිකයෝ හතර දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරුවෝ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෝ වෙති.
අත්අඩංගුවට ගනු ලැබූ භාන්ඩ අතර නොකියා, ඇපල්, සැම්සුන් ආදී වර්ගවලට අයත් ජංගම දුරකතන 783ක්, ජංගම දුරකතන බැටරි 560ක්, ජංගම දුරකතන උපාංග ඇසුරුම් පෙට්ටි 700 ක් සහ බැටරි චාජර 1100 ක් තිබූ බව රේගුව කියයි.
මෙහි වටිනාකම රුපියල් තිස් ලක්ෂ හැත්තෑ දහසකි.
සැකකරුවෝ එම්රේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 652 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමිණ රේගුවට භාන්ඩ කිසිවක් ප‍්‍රකාශ නොකර ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ දරද්දී රේගු නිලධාරීන් විසින් ඔවුන්ගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී මෙම ජංගම දුරකතන සහ උපාංග තොගය සොයාගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන එස්.එස් පේ‍්‍රමරත්න, ඒ.කේ.එන් වික‍්‍රමසිංහ යන නිලධාරීන්ගේ මෙහෙයවීමේන් රේගු අධිකාරීවරුන් වන රෝහණ සේනාධීර සහ මහේන්ද්‍ර අර්තනායක යන නිලධාරීන් විසින් සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලේසියෙන් රේගුවෙන් පනින්න බැහැ. (නි)
මෙම රේගු නිලදාරීන්ගේ සේවය ඉතා අගයමි. රටට සේවයක් කරන මෙවැනි අයට රජයෙන් දිරි දීමනා දිය යුතුය (නි)
පොඩි හාල්මැස්සෙක්ද අල්ලලා තියෙන්නේ? (නි)
මොහොමඩ්, දිරි දීමන දෙන්නොනේ නැහැ. ඒගොල්ලන්ට 40%ක් අල්ලපු භාණ්ඩ වල වටිනාකමින් හම්බවෙනවා. වෙන මොනවද දෙන්න ඔනෙය්? (අ)
මොහොමඩ් මහත්තයට හිතා ගන්න බැරිද මේ කොළඹ ව්‍යාපාරිකයෝ කව්ද කියලා.එහෙම හිතුනා නම් ඔහොම කියන්නේ නැහැ. (නි)
ඔහොම ගෙනාවොත් අල්ලනවනෙ. කන්ටේනර් පෙට්ටියක දමලා ගෙනාවා නම් හරි (නි)