IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තිස්දාහක් පරදවා ලාංකිකයා කිරුළ දිනයි

මලයාසියාවේ  ක්වාලාලාම්පුර් නුවර පැවති හැත්තෑ පස්වෙනි  ටෝස්ට් මාස්ටර්  ජාත්‍යන්තර ලෝක ශූරතා කථීක තරගාවලියේදී  දක්ෂතම ඉංග්‍රීසි කථීකයාට හිමි ලෝක ශූර කිරුළ හිමි කරගත් ධනංජය හෙට්ටි ආරච්චි   අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන්  දිවයිනට පැමිණියේය.

ආසියා ජාතිකයකු මෙම ජගත් ශූරතාවය හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි.

ධනංජය හෙට්ටි ආරච්චි මහතා ටෝස්ට් මාස්ටර් සමාජ සංගම්හි නිලධාරීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින්  ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය.

ටෝස්ට් මාස්ටර් ඉන්ටර්නැෂනල් සංවිධානය වසරක් පාසා පවත්වන මෙම  තරගාවලියට ලොව පුරා රටවල් 126 ක  14500 ට අධික ටෝස්ට් මාස්ටර් සමාජ සංගම්වලින් කථීකයෝ 30000 ට අධික පිරිසක් සහභාගී වෙති.

සිව් දිනක් පුරා  තරග පැවැත්විණි. පසුගිය අගෝස්තු 21  අවසන් පුර්ව තරගාවලියේදී ලොව හොඳම කථීකයින් 9 දෙනා තුන්දහසකට අධික නරඹන්නන් ඉදිරියේ තම කුසලතා දැක්වුහ.

ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වෙන තරගාවලියේ  ‘අයි සී සම්තින්‘  යන මාතෘකාව යටතේ විනාඩි 7 ක කතාවක් පැවැත්වු ධනංජය ප්‍රේක්ෂකාගාරයේ සිටි සියළු දෙනා තම ග්‍රහණයට නතු කර ගත්තේය.

විටෙක හාස්‍ය මතුකළ ඔහුගේ කතාවේ ගැබ්ව තිබු පණ්විඩය සියළු දෙනාගේ අවධානය යොමු වීම මත ඔහු මෙම ජයග්‍රහණය හිමිකරගත්තේය.

මේ වන විට මානව සම්පත් කළමනාකරුවෙකු ලෙස සේවය කරන ධනංජය  ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි.


ධනංජය ඔහු ලැබු ජයග්‍රහණය පිළිබඳ මෙසේ පැවසුවේය

 ‘‘අවුරුදු 75 ක තරගාවලි ඉතිහාසයේ ආසියා ජාතිකයෙක් ලෝක ශූරතාව හිිමිකරගත් පළමු අවස්ථාවයි මේ.ඉතින් මේ ජයග්‍රහණය සමස්ත ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් පමණක් නෙමෙයි සමස්ථ ආසියාවේම ජයග්‍රහණයක්. ඒ නිසා මේ මොහොත ලංකාවට ආඩම්බර වෙන්න පුලූවන් අවස්ථාවක්.

ලෝකයේ සියළු රටවල් වලින් දක්ෂ කථීකයෝ මෙහි තරග කළා. මිනිත්තු හතක කතාවක් මට කරන්න තිබුනේ.  එහිදී මගේ කතාවේ තේමාව උනේ මගේ පියා මා අධ්‍යාපනය අවසන් කර ගෙදර සිටින විට ඔහුගේ යහළුවෙක් වෙත අරන් ගියා. ඒ යහළුවා එදා මා දිහා බලා කිව්වා  ‘‘අයි සී සම්තින්‘‘  කියලා. ඒ කියන්නේ ඔහුට මගේ මොනවා හරි පෙනුනා. ඒත් ඒක එකපාරටම කියන්න බැහැ ටික දවසක් යනවා කිව්වා. ඒ එදා පෙනුන දේට ඔහු මාව යොමු කළා. එහි ප්‍රථීපලය තමයි මා අද මේ ලබා ගත් ජයග්‍රහණය. මගේ කතාවේ තේමාව එයයි.
ඒ වගේම ඉංග්‍රීසි භාෂාව මව් භාෂාව නොවු රටක කෙනෙකු මේ ජයග්‍රහණය හිමිකරගත්තා කිව්වම එතන හිටිය හැමෝම පුදුම වුණා.

මම වසර 10 යක් තිස්සේ විවිධ තරගවලට සහභාගී වෙමින් මේ සඳහා පුහුණුව ලබා ගත්තා. පැරදුනු හැම වෙලාවෙම මම එයින් යම් පාඩමක් ඉගෙන ගත්තා. මම අපේ දරුවන්ට කියන්නේ ඕනෙම කෙනෙකුට උත්සාහය සහ උනන්දුව තියෙනවා නම් ලෝක ජයගන්න එක සුළු දෙයක්.‘‘

 

  1 3 5 6 7 8 9 10 DSC07618 DSC07620 DSC07624 DSC07625 DSC07626 DSC07635 DSC07654 DSC07662 DSC07665 DSC07668 DSC07680 DSC07681

    

 



අදහස් (0)

තිස්දාහක් පරදවා ලාංකිකයා කිරුළ දිනයි

සමන් Monday, 25 August 2014 05:37 PM

අපිට ගොඩක් ආඩම්බරයි! (නි)

:       0       0

සලීත් Monday, 25 August 2014 02:29 AM

ලංකාවේ නම දික් විජය කරන්න ඔබ වගේ ලක් පුතුන් තව තවත් ඉපදේවා කියා ප්‍රාර්ථනා කරනවා (නදී)

:       0       0

සේරම් Monday, 25 August 2014 02:27 AM

මම ඔබගේ පුහණු සැසියකට සහභාගී උනා. ඔබගේ දක්ෂතාවය මම අත්වින්දා. ඔබ සැබෑ දක්ෂයෙක් ,සුභ පැතුම් !. (නදී)

:       0       0

ප්‍රසාද් Tuesday, 26 August 2014 08:43 AM

ඔබට සුබ පැතුම් පතනවා. (දී)

:       0       0

ආනන්ද Monday, 25 August 2014 02:34 AM

රටටම ආඩම්බර විය හැකි දක්ෂ පුතෙක් ඔබ. ඔබේ පොඩි පුතාටත් ඔබට වගේම හැකියාවන් ලැබෙයි. ධනංජය ඔබ වැඩ කරන ආයතනය අපට කියන්නකෝ. අපිටත් ආඩම්බරයි. ඔබට සුබ පැතුම් (නදී)

:       0       0

ග්‍රාම්‍යා Monday, 25 August 2014 02:52 AM

සැබෑ ජයග්‍රහණයක්. උපතින් ඉංග්‍රීසි කාරයෙක් නොවී ලංකාවේ සිටීමයි වැදගත්කම. සුභපැතුම් (නදී)

:       0       0

මහේෂ්‍ Monday, 25 August 2014 09:40 AM

බොහොම සතුටුයි! (නි)

:       0       0

පතිරණ Friday, 29 August 2014 04:49 PM

අපිට හරිම ආඩම්බරයක් (නි)

:       0       0

එරංග Monday, 25 August 2014 07:23 PM

ඔබ විශිෂ්ටයි (නි)

:       0       0

රනිල් Monday, 25 August 2014 03:23 AM

විශිෂ්ට දක්ෂතාවයක්! (නි)

:       0       0

කාවින්ද Monday, 25 August 2014 10:05 AM

ඔබ රටට ආඩම්බරයකි. ඔබට උණුසුම් සුබ පැතුම්. (දිල්)

:       0       0

නිමල් ලලිත Monday, 25 August 2014 03:34 AM

ඔබට ජය, සතුට, සැප! (නි)

:       0       0

ෆෛරූස් Monday, 25 August 2014 10:08 AM

ලංකාවට ගෞරවයක් ගෙනදුන් ඔබට උණුසුම් සුබපැතුම්! (නදී)

:       0       0

සෙනරත් Monday, 25 August 2014 03:44 AM

ඉතාමත් විශිෂ්ට ජයග්‍රහණයක්. ටෝස්ට් මාස්ටර්ස් ක්ලුබ් තිබුනට ලංකාවේ ගොඩක් අය මේ ගැන දැනුවත් නැහැ. මේ ජයග්‍රහණය සමඟ හොද ප්‍රසිද්ධියක් දෙන්න පුළුවන්. ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

නන්ද Monday, 25 August 2014 03:53 AM

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලෝකයේ සෑම අංශයකම මෙම ටෝස්ට් මාස්ටර් වැඩමුළු පවත්වනවා. මා අවුරුදු 12 ක් මෙම වැඩමුළු තරඟ දැකබලා ගත්තා. ඒ කාලය තුළදීවත් මට ඔබ වැනි දක්ෂයෙකු දකින්නට ලැබුනේ නැහැ. සත්තකින්ම ඔබ ශ්‍රී ලංකාව සතු වස්තුවක්. (නි)

:       0       0

ලතා පළිහේන Monday, 25 August 2014 10:47 PM

ගොඩක් සතුටුයි. සුබ පතනවා! (නි)

:       0       0

ලලිත් Monday, 25 August 2014 03:54 AM

ජයවේවා, ලක් මෑණියන්ගේ පුතුනි! (නි)

:       0       0

සමීර Monday, 25 August 2014 03:58 AM

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී ඔබගේ දේශන කිහිපයකට සවන්දීමට වාසනාව හිමි වූ අයෙකු ලෙස සතුටු කඳුළු පිරි දෙනෙතින් ඔබට සුබ පතමි. (නි)

:       0       0

සිලරතන කුඩගම්මන Saturday, 30 August 2014 02:00 PM

ඔබේ පහනින් දල්වාලනු මැන තවත් සුවහසක් පහන්! (නි)

:       0       0

සුරංග Monday, 25 August 2014 04:14 AM

සුබ පැතුම්!! (නි)

:       0       0

ඉසුරන්දි Monday, 25 August 2014 04:14 AM

අපිට ආඩම්බරයි ඔබ ගැන (නි)

:       0       0

සිසිර Monday, 25 August 2014 04:29 AM

භාෂාව දැනගත්තට වැඩක් නැහැ. හැමෝටම ඒක බුද්ධිමත්ව හසුරවන්න බැහැ. ඔහු සැබෑ දක්ෂයෙක්.ආඩම්බරයි ඔබ ගැන (නි)

:       0       0

ශාෆික් Monday, 25 August 2014 04:28 AM

සුබ පැතුම්! (නි)

:       0       0

සංජීව Monday, 25 August 2014 04:35 AM

අපි දන්න ඉංග්‍රීසි මොනවාද කියලා හිතෙනවා ඔහු කතාකරනකොට. පුදුම හැකියාවක් තියෙන්නේ. ඔබට ජය! (නි)

:       0       0

මෝහමඩ් Monday, 25 August 2014 05:17 AM

අපේ ලංකාවේ අය හරිම දක්ෂයි. (නි)

:       0       0

කරුපෙරුම Monday, 25 August 2014 05:21 AM

ඔබ ලංකා මාතාවගේ නියම පුතෙක්. ඔබගේ ජයග්‍රහණයට සුභ පැතුම්! (නි)

:       0       0

පියල් Monday, 25 August 2014 05:27 AM

මෙය සුළු පටු ජයග්‍රහණයක් නොවේ (නි)

:       0       0

උමාලි Monday, 25 August 2014 10:48 AM

https://www.youtube.com/watch?v=bk8xNZQ3ZwE(දිල්)

:       0       0

ඉන්දික Monday, 25 August 2014 05:42 AM

ඔබ විශිෂ්ටයි සහෝදරයා. ඔබ අතිවිශිෂ්ටයෙක්... (නි)

:       0       0

නිලුප ගයානි Monday, 25 August 2014 10:58 AM

ලක් දෙරණේ " දිදුලන තරුවක් වේවා"(දිල්)

:       0       0

මහේෂ් Tuesday, 26 August 2014 02:42 AM

සුබ පැතුම්! (නි)

:       0       0

යමුනා විමලජීව / ජාතා Monday, 25 August 2014 11:18 AM

අපේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

මාධව Monday, 25 August 2014 11:17 AM

වෙනස් විදිහට හිතූ මිනිසෙක්. (නි)

:       0       0

විමල Friday, 29 August 2014 06:22 AM

ඉංග්‍රීසි භාෂාව මව් භාෂාව නොවන රටක සිට ඔබ මේ පුංචි ලංකාවේ සිට ලෝකයටම දුන් පණිවිඩය සහ ලංකාවේ හැමදේකටම දක්ෂයින් ඉන්න බව ඔප්පු කිරීම අපටද මහත් සතුටකි. අභිමානයකි. ආඩම්බරයකි. ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

සනෝජ් Monday, 25 August 2014 11:33 AM

හරිම ආඩම්බරයි! (නි)

:       0       0

රොෂාන් Friday, 29 August 2014 06:32 AM

ඔබ සැබෑ දක්ෂයෙක් (නි)

:       0       0

සුරංග Monday, 25 August 2014 06:24 AM

කෙනෙක් කියලා තිබුනා ඉංග්‍රීසි අධ්‍යාපනයට තිබෙන පහසුකම් මදි කියලා.ඇත්ත. හැබැයි මිත්‍රයා, ඊටපස්සේ සමහරු කියයිද දන්නේ නැහැ පරදේශක්ක‍ාර භාෂාව අකුලාගනිව් කියලා (නි)

:       0       0

ජීවන් Monday, 25 August 2014 06:34 AM

එයාගේ ගම කොහේද? අපේ සුභ පැතුම්! (නි)

:       0       0

තාරක Monday, 25 August 2014 06:37 AM

ඔබට සුබ පැතුම්. ඒ වගේම මානව සම්පත් කළමනාකරුවෙකු වීම ඔබටම ගැළපෙනවා. (නි)

:       0       0

නිමල් Monday, 25 August 2014 06:41 AM

සුබ පැතුම් ධනංජය! (නි)

:       0       0

හුසේන් Monday, 25 August 2014 06:44 AM

සුබ පැතුම් ඔබට! (නි)

:       0       0

චරිත් Monday, 25 August 2014 06:47 AM

අපිට ගොඩක් ආඩම්බරයි! (නි)

:       0       0

පාලිත කුමාර Monday, 25 August 2014 06:51 AM

ඔබට ජය! (නි)

:       0       0

නිමාලි Monday, 25 August 2014 07:04 AM

චුල,ටෝස්ට් මාස්ටර් කියන්නේ ඉංග්‍රීසි කතාව සහ ඉංග්‍රීසි සන්නිවේදන හැකියාව වැඩිදියුණු කරගැනීමට ලෝක මට්ටමින් ක්‍රියාත්මක වන සමාජයක්. ලංකාවේ බොහෝ පුද්ගලික ආයතන මෙය සමඟ ඒකබද්ධ වී තම සේවකයන්ගේ ඉංග්‍රීසි කතා හැකියාව වර්ධනය කිරීමට උත්සාහ කරනවා. එහි ප්‍රතිඵල හරිම පුදුමයි. වචන කීපයක් ගැටගහගන්න බැරුව එන අය පුදුම දියුණුවක් ලබනවා. ඉංග්‍රීසි කතා හැකියාව විතරක් නෙමෙයි. ඉදිරිපත්වීම, පෞරුෂ වර්ධනය සහ නායකත්ව හැකියාව පවා මේ නිසා වර්ධනය වෙනවා. මානව සම්පත් කළමණාකරුවෙකු ලෙස මගේ ජීවිතයේ මා දුටු වටිනාම දේ එයයි. මෙය ලංකාවේ සමහර පාසල් වලත් තිබෙනවා. නමුත් සියලු පාසල් මේ සමඟ සම්බන්ධ වනවා නම් ඉන් වන යහපත අමිලයි (නි)

:       0       0

තිළිණ Tuesday, 26 August 2014 04:20 AM

නියමයි. තෙරුවන් සරණයි! (නි)

:       0       0

හේවගේ Monday, 25 August 2014 07:09 AM

මේක නම් සුළුවෙන් තැකිය හැකි ජයග්‍රහණයක් නොවේ (නි)

:       0       0

ජය අමරේ Thursday, 28 August 2014 03:56 PM

ජයවේවා

:       0       0

රුවන් Monday, 25 August 2014 07:14 AM

ඔබට අපේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

චුල Monday, 25 August 2014 12:22 PM

නිමාලි ස්තුති ඔබගේ පැහැදිලි කිරීම ගැන (අ)

:       0       0

අශෝක Monday, 25 August 2014 07:31 AM

අපේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

සමීර Monday, 25 August 2014 07:33 AM

ගොඩක් සතුටට කඳුලුත් වැටුනා (නි)

:       0       0

චමිල සෙනෙවිරත්න සල්ගාදු Monday, 25 August 2014 12:45 PM

රටට ආඩම්බරයක් සහෝදරයා

:       0       0

ලංකා Monday, 25 August 2014 07:40 AM

ඔබට අපේ උණුසුම් සුබ පැතුම්!(දී)

:       0       0

හේවාවිතාරණ Sunday, 24 August 2014 05:41 PM

ලංකාවේ ඉංග්‍රීසි උගන්වන සමහර ටියුෂන් මාස්ටර්ලා ඇවිල්ලා හිටියේ නැද්ද අපේ ලෝක ශුරයා පිළිගන්න? (නි)

:       0       0

තිලක් Sunday, 24 August 2014 05:46 PM

සතුටට කඳුලුත් වැටුනා පුතා. ඔබ ශ්‍රේෂ්ඨයි. (නි)

:       0       0

සුගත් බණ්ඩාර Sunday, 24 August 2014 05:46 PM

හරිම ආඩම්බරයි සහෝදරයාණෙනි. ඔබට තවත් මෙවැනිම හපන්කමක් කරන්න ශක්තිය ලැබේවා! ඔබට ජය (නි)

:       0       0

සුමනා ගුණතිලක Monday, 25 August 2014 07:55 AM

ඔබ ඉතාම ආඩම්බර විය යුතු පුතෙක්.ලංකාවට හරි වැදගත් අවස්ථාවක් ලැබුනේ (නි)

:       0       0

අමන්දා Tuesday, 26 August 2014 05:18 AM

සුබ පතනවා! (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 24 August 2014 05:48 PM

ඒ කියන්නේ එයාට පුලුවන් ඇති සුද්දන්ටත් වැඩිය හොඳට ඉංග්‍රීසි කතා කරන්න. (නි)

:       0       0

සුගුනවති Sunday, 24 August 2014 05:55 PM

බොහොම හොඳයි, බොහොම හොඳයි. මම කැමතියි ඔහුගේ කතාව අහන්න (නි)

:       0       0

ධනන්ජය Monday, 25 August 2014 01:59 PM

නියමයි කොල්ලෝ නියමයි! (අ)

:       0       0

රිවිෂි Wednesday, 27 August 2014 01:44 AM

මම කැමතියි ඔහුගේ කතාව අහන්න (නි)

:       0       0

අතුල විදානගමගේ Wednesday, 27 August 2014 01:45 AM

උණුසුම් සුබ පැතුම්! කැමතියි ඔහුගේ කතාව බලන්න (නි)

:       0       0

රත්නායක Sunday, 24 August 2014 06:15 PM

ආඩම්බරයි රටටම. ජයවේවා !!!!! (නි)

:       0       0

චුල -කුවේට් Sunday, 24 August 2014 06:16 PM

"ලෝක ටෝස්ට් මාස්ටර්" කියලා තරගයක් තියෙන බව දැනගත්තේ එතුමා ජයග්‍රහණය කළ නිසා. අපේ රටේ පාසල් වල තවමත් ඉංග්‍රීසි අධ්‍යාපනයට දෙන පහසුකම් ඉතාමත් දුර්වලයි. එතුමාට සුබ පැතුම්. (නි)

:       0       0

චුල -කුවේට් Sunday, 24 August 2014 06:25 PM

එතුමාගේ ජයග්‍රාහී කතාව හෝ වෙනත් කතාවක් වීඩියෝ ලෙසින් පළකරන්න පුලුවන් නම් සතුටුයි (නි)

:       0       0

සුනිල් විතා‍නගේ Sunday, 24 August 2014 06:36 PM

මෙන්න නියම ශ්‍රී ලාංකිකයෙක් (නි)

:       0       0

සුගන්ද Monday, 25 August 2014 08:19 AM

සුභ පැතුම්. නියමයි. (නදී)

:       0       0

බන්දු Sunday, 24 August 2014 06:38 PM

ආඩම්බරයි පුතා... (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 24 August 2014 06:39 PM

ඔහුට ලෝක ජයක් අත්කර ගැනීමට හැකි වුයේ උත්සාහය හා උනන්දුව මත බව කළ ප්‍රකාශය ඉංග්‍රීසි අධ්‍යාපනය හදාරන සිසුන්ට වටිනා උපදේශයක්! ජයග්‍රහණය ඉතිහාසයට එක්වේවි (නි)

:       0       0

ඉන්දික Monday, 25 August 2014 08:21 AM

විශාල ජයග්‍රහණයක්. (නි)

:       0       0

කුමාරසිරි Monday, 25 August 2014 08:20 AM

ලක් පුතුන්ට උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

රජින්ද Sunday, 24 August 2014 07:06 PM

මෙන්න මේ වගේ මිනිසුන්වයි වසර කිහිපයක් හරි අධීක්ෂණ මන්ත්‍රී කෙනෙක් කරලා විදේශ අමාත්‍යවරයෙක් කළයුත්තේ. මොහුව ලංකාවේ හැම පාසලකම ජනප්‍රිය කරවන්න. එතකොටයි ළමයින්ට වුණත් කථිකත්වයට ඇති බිය නැතිවන්නේ. මෙවැනි මිනිස්සුන්ට ලංකාවේ තැනක් ලැබෙයිද කියලා සැකයි. ඔබතුමාට උණුසුම් සුභ පැතුම් පිරිනමමි! (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 24 August 2014 07:11 PM

ලංකාවට ගෞරවයක් ගෙනදුන් ඔබට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

සිල්වා Monday, 25 August 2014 08:23 AM

ශ්‍රී ලංකාවට සහ ආසියාවට ගෞරවයක් ගෙනදුන් ඔබට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

රුවන් Sunday, 24 August 2014 07:31 PM

රටටම ආඩම්බරයක්. ඔබට ජය ! (නි)

:       0       0

පහන්දී Sunday, 24 August 2014 07:55 PM

ගොඩක් ආඩම්බරයි, උණුසුම් සුබ පැතුම්...!! (නි)

:       0       0

රූපවතී Sunday, 24 August 2014 08:04 PM

හරිම ආඩම්බරයි.ඒ කතාවේ කොටසක් දමා තිබේදැයි යුහුසුළුව බැලුවේ.ඒ මොහොත දැකගන්න තරම් මා පින් කර නොමැත! ඔබට ජයෙන් ජය! ශ්‍රී ලාංකික ජනතාවගේම සුබාසිරි මේ සමඟින්! අපිට හරිම ආඩම්බරයි. (නි)

:       0       0

භානු Monday, 25 August 2014 08:32 AM

සුභ පැතුම් ! හරිම සන්තෝෂයි. (නි)

:       0       0

ඡානක Wednesday, 27 August 2014 04:47 PM

ශ්‍රී ලාංකිකයෙක් හැටියට ගොඩාක් ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක්. ඇත්තටම හරිම ආඩම්බරයි (නදී)

:       0       0

ගයාන් Sunday, 24 August 2014 08:30 PM

රටක් වටිනා පුතෙක් (නි)

:       0       0

වික්‍රමපාල Monday, 25 August 2014 08:32 AM

සුබ පැතුම්! (නි)

:       0       0

යසිත් Monday, 25 August 2014 08:32 AM

මට නම් හරිම ආඩම්බරයි (නි)

:       0       0

සාලිය ධර්මසේන Sunday, 24 August 2014 09:13 PM

සුබ පැතුම්!අපි මේ වගේ දක්ෂයින් පාවිච්චි කරන්න ඕනෑ රට නියෝජනය කරන උත්සව වලදී. (නි)

:       0       0

චමිලා හෙට්ටිආරච්චි Sunday, 24 August 2014 09:48 PM

ඔබේ ජයග්‍රහණය අපිටත් සතුටක්. රටේ නම ලෝකයට ගෙන ගිය ඔබ ලංකා මාතාවගේ වටිනා පුතෙක්. අපේ සුබ පැතුම්! (නි)

:       0       0

ප්‍රසාද් Monday, 25 August 2014 03:47 PM

විශිෂ්ටයි! (අ)

:       0       0

කසුන් Monday, 25 August 2014 03:56 PM

විශිෂ්ටයි. ඇත්තටම විශාල ජයක්. ජය වේවා(අ)

:       0       0

සුරංග Monday, 25 August 2014 04:02 PM

නියමයි කොල්ලෝ සුපිරි !!!(අ)

:       0       0

තරංග Monday, 25 August 2014 04:05 PM

කෝ මේ සුද්දන්ට ආවඩන සුගුනවති නැන්ද, බලන්න්න අපේ කොල්ලගේ වැඩ සුද්දොත් පරාද කල හැටි ..(අ)

:       0       0

කසුන් Monday, 25 August 2014 04:12 PM

වලදී ගිය අවුරුද්දේ ධනංජය හෙට්ටිආරච්චි කල කතාව https://www.youtube.com/watch?v=bk8xNZQ3ZwE (අ)

:       0       0

බුද්ධික ධනුෂ්ක Thursday, 04 September 2014 01:59 PM

හරිම ආඩමිබරයි මට ඔබගේ කථාව කියවද්දි ඇසට කදුලු ආවා සුභපැතමි එක සිතින් (නදී)

:       0       0

දයා අළහකෝන් Monday, 25 August 2014 12:40 AM

ජය ශ්‍රී! (නි)

:       0       0

නිශාන්ත ධම්මික Monday, 25 August 2014 08:48 AM

අපට ආඩම්බරයි ඔබ ගැන. සුබ පැතුම්! (නි)

:       0       0

චන්ද්‍රදාස Monday, 25 August 2014 04:49 PM

ඔබට සුබ පතනවා! (නි)

:       0       0

අනුර පනාගොඩ Monday, 25 August 2014 01:03 AM

මට ඔබ ගැන ආඩම්බරයි සක්විති ගැන දුකයි (නදී)

:       0       0

ටෙනිසන් Monday, 25 August 2014 01:12 AM

ම දන්නා තරමින් මෙම තරගයේදී අවදානය යොමුවන්නේ මාතෘකාවම නොවෙයි. ඔහුගේ කතා ශෛලය,උච්චාරණය, අන්ගචලනය,අසන්නන් ග්‍රහණයට ගැනීම වගේ සුවිශේස දේවල්. එනිසා මෙය කෙටි වීඩියෝ පටයක් ලෙස සකසා පාසල් දරුවනට දකින්න සැලස්සුවොත් ඉතා අගෙයි. (නදී)

:       0       0

කිත්සිරි Monday, 25 August 2014 09:22 AM

මේ ජයග්‍රාහි කතාව සජීවීව බලන්න මාද වාසනාවන්ත වුණා (නි)

:       0       0

ටෙනිසන් Monday, 25 August 2014 01:44 AM

හරි ආඩම්බරයි. කළු සුද්දෙක්නම් නොවෙයි. මමී ,ඩැඩී / මම්ම,පප්පා නැතිව දෙමාපියන්ව අම්ම තාත්තා ලෙස අපිට හදුන්වා දුන්නා. මෙවන් පුතෙක් ලොවට දායාද කල ඔබදෙපලට දීර්ගායුස ! (නදී)

:       0       0

කුමාරි Monday, 25 August 2014 09:27 AM

ඔබට සුබ පැතුම්!

:       0       0

ප්‍රේමරත්න Monday, 25 August 2014 05:15 PM

ගොඩක් සතුටුයි අපේ මිනිසෙක් ලෝකයට යන එක ගැන සහ අපේ මව්බිමේ නම ලෝකයට අරගෙන යන එක ගැන... බුදු සරණයි! (නි)

:       0       0

මේනක Monday, 25 August 2014 02:00 AM

මෙතනින් බලන්න...... https://www.youtube.com/watch?v=THiwUpoGQIk

:       0       0

තාමර දමයන්ති කුමාරි Monday, 25 August 2014 09:25 AM

ලංකා මෑණියන්ගේ නම ඉදිරියට ගෙනියපු ඔබට සුබ පැතුම්!(දී)

:       0       0

එරංග Monday, 25 August 2014 05:29 PM

මට නම් පුදුමාකාර සතුටුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 454 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 462 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 766 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 577 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 400 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 745 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site