එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මහනුවර කුණ්ඩසාලේ ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යවා ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු ප්‍රකාශ කළේ පසුගියදා පැවැති පළාත් සභා මැතිවරණයෙන් තම ආසනය ලත් පරාජයේ වගකීම භාරගෙන ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි
ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇත. වික්‍රමසිංහ මහතා එය පිළිගෙන නොමැති බව සිරිකොත ආරංචි කියයි.
තිස්ස අත්තනායක මහතා පක්ෂය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බැවින් කුණ්ඩසාලේ ආසනය ජයග්‍රහණය කිරීම ඉදිරියේදී අභියොගයක් නොවන බව ප්‍රකාශ කරන එම නිළධාරියා ඔහුගේ ඉල්ලා අස්වීම අවශ්‍ය නොවන බවද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කුණ්ඩසාලේ.අපි කොහොමද එළියට එන්නේ? (නි)
ඔය කවුරු ගියත් එජාපයේ නායකත්වය වෙනස් වෙන තුරු මගේ ඡන්දය ජෙනරල් ෆොන්සේකාට. (නි)
අස්වෙන්න එපා (නි)
තිස්ස, ඔබට කාලය හරි පක්ෂයේ ලේකම් තනතුරින් ඉවත්වී ආසනය සංවිධානය කර ඔබගේ හැකියාව පෙන්වීමට (නි)
එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වී ඇත්තේ ජනතා නායකයෙක්. සජිත් ප්‍රේමදාස මහතා තුළ එසේ ගුණාංග සියල්ලක්ම තියනවා. රනිල්ට නායකත්වයට අදාල විශේෂ ලක්ෂණ නැති බවයි හැගීම. සජිත්, හරින්, බුද්දික වැනි කඩිසර තරුණ සාමාජිකයන්ට මුල්තැන දීම එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙනයාමට රුකුලක් වනවා ඇත. (නි)
ඔය ගමන්ම නායකතුමාටත් ආදර්ශයක් දෙන්න (නි)
අඩු වශයෙන් තමන්ගේ නායකයට ආදර්ශයක් දුන්න එකම ලොකු දෙයක්. (නි)
පුතේ නුඹලා ඔක්කොම යන්නකෝ වෙන රටකටවත් (නි)
අනිත් දේශපාලන ක්‍රියාකාරීන් සමග බලනකොට තිස්ස අත්තනායක කියන්නේ හොඳ අවංක මහත්මයෙක්. එජාපය කියන්නේ ලංකා දේශපාලනයේ මහගෙදර. දේශපාලන පක්ෂ බලයට එනවා,පිරිහෙනවා ,බලයෙන් පහවෙනවා. නැවත ප්‍රමාද වී හෝ බලයට එනවා. ශ්‍රීලනිප ප්‍රධාන සන්ධානයත් බලයට ආවා පිරිහුණා පැරදුණා. නැවතත් බලයට ඇවිල්ලා ඉන්නේ. ටික ටික පිරිහෙමින් ගිහිල්ලා පරදිනවා. ඒක නවත්වන්න පුළුවන් ජගතෙක් නැහැ. (නි)
දෑත් ශක්තිමත් කරන්න යයිද? (නි)
ලොක්කත් එක්කම පක්ෂයෙනුත් ඉවත්වෙලා , වෙනමම කව්රුත් දන්නා හදුනන සිව්පාවෙකුගේ ලකුණක් වගේ එකක් යොදාගෙන පක්ෂයක් පිහිටෙවුවොත් නරකද? (නි)
විපක්ෂය සුනේ සුන්. ආඩම්බරයි පුතේ! (නි)
රනිල් හරි දේ කියලා දෙන්න හදනකොට මෙයාලා ඒක කරන්න දෙන්නේ නැහැනේ. (නි)
අනේ අම්මෝ! මෙයා නම් යයි විපක්ෂය දාලා...? (නි)
අනේ,පින්සිද්ද වෙයි..(නදී)
අනේ ලොකු දෙයක් යනවනම් .(නදී)
ඕක හිතන්න තිබුනේ බොහොම ඉස්සර. දැන් ප්‍රමාද වැඩියි. දැන් යු . එන්.පි කියන පක්ෂය ගොඩ ගන්න බැරි තරමට හිතුවක්කාරකමින් භූමිදාන කර අවසානයි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මතක වස්ත්‍ර පුජාව තියලා පින් අනුමෝදන් කරන එක පමණි (නි)
මේ පක්‍ෂයේ ඉන්න අය මේ රටට ආදරය නොකරන අය. රට බේරාගන්නකොට මේ අය හිටියේ තමිල්නාඩු ,නෝර්වේ දරන මත වල. වෙන රටක නම් දේශපාලන මත වෙනස්වුවත් මව්බිමට ද්‍රෝහි වන්නේ නැහැ (නි)
ඔයා එන්න ආණ්ඩුවට (නි)
එජාපයම වෙනස් විය යුතු කාලයට එළඹ තිබෙනවා. (නි)
අන්තිමේදී කාට කාටත් දාලා යන්න වෙනවා. (නි)
තිස්ස,ඔය දේශපාලනෙන් ඉවත් වෙලා ගමට ගිහින් කුඹුරක් හෙම කොටාගෙන මිනිපේ ඇලෙන් නාල 2 කණුවට වෙලා ටිකක් විවේක ගන්නකො (දී)
බොහොම හොදයි ලේකම් කමත් අතාරින්න , (දී)
ඔය සෙට් එක ඔක්කොම තනතුරු වලින් ඉවත් වෙන්න ඕනේ, ඔය පක්ෂය අයෙත් ගොඩ ගන්න නම්. මහජනයාට ලංවිය නොහැකි නායකයන් යුද්දෙට කොස් කොටන්නද? දැන්වත් තේරුම් ගත යුතුයි. තව ටික කාලයකින් යු එන් පි එකක් නැහැ. මේ ගොල්ලෝ කට්ටිය හිටියො තින් කියන්න කණගාටු අර අවුරුදු 2 දී දුප්පතාට බඩු ටික ගන්න තිබ්බ සතොස නැති කරලා දැම්මා. එහෙන් මෙහෙන් අලියට එකතු වෙච්ච කට්ටිය අලියාගේ නමක් කැත කරල තමයි ආපහු ගියේ. (ස)
ලොක්කට කඩේ යන්නේ නැති නම් තිස්ස අත්තනායක කියන්නේ හොඳ මහත්මයෙක්.එතුමා සංවිධායක ධුරයෙන් අස්විය යුතු නැහැ. ලොක්කව ඔය පුටුවෙන් ගලවල වෙන තැනකින් වාඩි කරවන්න. (ස)
යන්න ඕන රනිල් ලොක්කා නේද?? (ස)
පක්ෂෙන් නොවේ පක්ෂ ලේකම්කමෙන් ඉල්ලා අස්වෙන්නේ (දී)
සංවිධායකකමෙන් අස්වීම ගෙන සතුටුයි (නි)
ලොකු දෙයක් (නි)
තිස්ස අත්තනායක දෑත් ශක්තිමත් කරන්න යයිද දැන්? (නි)
මම යු.එන්.පී. කාරයෙක් නොවේ. නමුත් රටක ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි යන මතයේ සිටින කෙනෙකි. කොටි ත්‍රස්තවාදීන් ගාමිණී දිසානායක මහතාව ඝාතනය කළාට පසුව දේශපාලනය ගැන කිසිම පරිණතභාවයකින් තොර වූ යම් කෙනෙකුත් ඡන්ද සියයට හතලිස් ගණනක් ගත්තා. පසුගිය අවුරුදු විස්ස තුල රනිල් මහතා එය සියයට විස්ස දක්වා බස්සා ඇත. (නි)
මිනිස්සුන්ට බලන්න දේවලුත් තියෙන්න එපායැ (නි)
ඔබතුමා හුගක් ප්‍රමාද වැඩියි ඔය ටික තේරුම් ගන්න. (නි)
ඕක පිළිගන්න එපා නායකතුමනි. ඊටපස්සේ කියයි ඔබතුමාටත් එහෙම කරන්න කියලා. මොකද දැන් 27 පාරක් නේ. (නි)
රනිල් ගියොත් එයාගේ කෘත්යාදී කාර්ය මණ්ඩලයේ අයට රට සවාරි යන්න බැරි වෙනවා. ලොකු හෝටල් වල සම්මන්ත්‍රණ වලට යන්න බැරි වෙනවා. ඉතින් ඒගොල්ලෝ කවදාවත් රනිල්ව එලවන්නේ නෑ. කවදාක හරි ඔය පක්ෂේ ඉතුරු වෙන්නේ රනිලුයි එයාගේ කෘත්යදී සගයෝ ටිකයි විතරයි. ෆොන්සේකාට ජය වේවා.... (දී)
බොහොම හොඳයි. ලේකම් කමත් අතාරින්න. ඔය සෙට් එක ඔක්කොම තනතුරු වලින් ඉවත් වෙන්න ඕනේ. ඔය පක්ෂය අයෙත් ගොඩ ගන්න නම්. (ස)
ඔබතුමාව ආදර්ශයට ගන්න කියලා මම නායකතුමාට කියනවා. (නි)
කවදා හරි අහන්න වෙයි අර මහත්තයත් ආණ්ඩුවට එකතු වුනා කියලා. (නි)
ඔබතුමා වගේ තව කිහිප දෙනෙක් ඉන්නවා යන්න. (නි)
සංවිධායකකමේ ඉදගෙන ලේකම්කමින් ඉවත්වෙලා ඒක වෙන කෙනෙකුට දෙන්න. (නි)
තිස්ස මහත්තයෝ, යන්න ඔබත් සන්ධානයට. තවත් ඔබගේ වටිනා කාලය නිකරුනේ නාස්ති කරන්න එපා (නි)
පිටිගල, හැමදේටම අදහස් දාන්නේ නැතුව දන්නා දෙයකට අදහස් දාන්න (නි)
ඔහොම යමු. (නි)