රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකගේ සුවදුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) වැලිකඩ බන්ධනාගාරයට ගියේය.
අත්තනායක මහතා හමුවීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ හිටපු ජනාධිපති පැවසුවේ ඉස්සර යුද්දේ කාලේ මිනිස්සු හරියට නිදා ගත්තේ නැහැ. කොයි වෙලාවේ කොටි ගහයිද දන්නේ නැහැ කියලා. දැන් මිනිස්සු හරියට නිදාගන්නේ නැහැ කොයි වෙලාවේ එෆ්සීඅයිඩියට, සීඅයිඩීය ගෙදරට පනීද කියලා. මේ ආණ්ඩුව කරන එකම වැඩේ පළිගැනීම විතරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිස්ස මහත්තයෝ, දැන්වත් මරඋගුල් කාරයින්ගෙන් ගැළවෙන්න (නි)
ඉහත ප්‍රතිචාර දැක්කම මහත් කණගාටුවක් දැනෙන්නේ. ජීවිත දානය දුන් මනුස්සයෙකුට ඔය විදියට කතා කරන්න එපා. මේ හැමෝම 2009 පසුව මෙලොව එළිය දුටුවා වගේ කතාව. (නි)
තමන් දුන් ලණු වමාරයි කියලා බයට මිසක් වෙන මොන ආදරේකටද ඔහොම දුවන්නේ. තිස්සට නම් ඔහොම වෙලා මදි. (නි)
හරි හෝ වැරදි හෝ, තමා වෙනුවෙන් සිටි අයට කරදරයක් සිදුවූ අවස්ථාවේ හිටපු ජනාධිපතිතුමා ඔවුන් ගැන සොයාබලන එක ලොකු දෙයක්. එ්ක තමා මනුස්සකම. ඔය මනුස්සකම හැම දේශපාලකයකන් ළඟ නැහැ (නි)
මේ ප්‍රතිචාර දක්වා තියෙන සමහර අය ලංකාවේද? (නි)
තව ඉස්සරහට තව ගෝලයෝ බලන්න එන්න වෙයි (නි)
වැලිකඩ හරියෙන්ම ගෙයක් කුළියට ගත්තා නම් ලේසියි නේද? (නි)
යහපාලකයනි, දැන්වත් පළිගැනීම් නවත්වන්න (නි)
මෙතන අදහස් දමන අය දැක්කම හිතෙනවා මේ රටේ පය ගහලා ඉන්න මිනිස්සු නොවන බව. තිස්ස අත්තනායක කියපු හැම දෙයක්ම යථාර්ථයක් වෙලා ඉවර බව දැන්වත් මේ මිනිසුන්ට තේරෙන්නේ නැද්ද. කූට ලේඛන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නවා නම් අර ලෙස්ටර් මහත්තයගේ මුහුණ වෙනස් කරලා කේපීගේ මුහුණ දාපු අයවත් ගන්න එපාද (නි)
මහින්ද කියන එක හරි (නි)
මෙයා මෙහෙම කියන්න ඇති ගිහින්. " මම එනකන් ඉන්න, ඔයාව මම නඩුත් නැතුව එළියට ගන්නම්" කියලා. එහෙම වුණොත් මේ මනුස්සයට ජීවිතේට එළියට එන්න ලැබෙන්නේ නැහැ. (නි)
වැරදි කළ අයට තමයි නින්ද නොයන්නේ. අනිත් අය කරදර නැතුව නිදියනවා. (නි)
තිස්ස හොර අත්සන් ගැහුවා කියලා අධිකරණයෙන් තවම තීන්දුවක් දීලා නැහැ නේද? දැන් වෙන දේවල් දිහා බැලුවම ඔහු කියූ දේවල් ඇත්ත බව පැහැදිලියි (නි)
අනේ අපේ ගෙවල් වලට එන්නේ නැහැනේ. ඒ අපි හොරාකාලා නැති නිසා වෙන්න ඇති (නි)
හොරු සමඟ හෙළුවෙන්! (නි)
හිරේ ඉන්න අනිත් සිරකරුවන් එළියට දමා දේශපාලන සිරකරුවන් විතරක් එහි තියමු. ඊළඟට පාර්ලිමේන්තුව ඒකෙ තියමු. එවිට රටට යහපතක් වේවි. නඩු අහනකොට ඇත්ත එළියට ඒවි. මොනවද ඔය කුට ලේඛන කියන්නේ. විදේශගත ලාංකිකයන්ගේ ඉඩම් කොච්චර නම් හොර ලියවිලි හදාගෙන ඉන්නවද. ඒ ගැන හොයන්නේ නැද්ද? (නි)
මේකත් වරදක්ද අද කරන දේවල් එක්ක බලනකොට? කූට ලේඛන තව අය හැදුවා. කෝ නඩු? මේවාට අදහස් දාන සමහරුන්ට තව මේ අණ්ඩුවේ රගේ දැනිලා නැහැ. (නි)
මට දුක ඔහුගේ දරුවන් ගැනයි. මේ දේවල් නිසා අපහසුතාවයට පත්වෙන්නේ ඔවුන් (නි)
දේශපාලකයෝ ජනතාවගේ කරපිටින් බලයට පත්වෙනවා. බලයට පත්වෙලා ඇතිපදං වංචා දූෂණ වල යෙදෙමින් මඩිය තර කරගන්නවා. පැරදිලා ගෙදර ගියාම බලයේ සිටියේ කෙටි කාලයක් වුවත් සියලු වරප්‍රසාද සමඟින් සම්පූර්ණ විශ්‍රාම මුදලත් ඩැහැ ගන්නවා. සාමාන්‍ය කෙනෙක් විශ්‍රාම වැටුප් හිමිකම් ගන්න අවුරුදු ගානක් කඹුරනවා. විශ්‍රාම ගියාට පසු එය අනුමත කරවාගන්නත් පුදුම සටනක් කරන්න වෙනවා. (නි)
සමහරුන්ට අනුව ලංකාවේ මෙතෙක් තිබිලා තියන ලොකුම ප්‍රශ්නය සුදු වෑන් වලින් පැහැරගෙන යාම. හන්දියක් හන්දියක් ගානේ බෝම්බ පුපුරා මිනිසුන් සිය ගණන් මහමඟම ආදාහනය වී යාම පුදුමාකාර සැපක් වෙලා තිබිලා තියෙන්නේ. මුල මතක නැති ගුණමකුවන්ට මෙවැනි කතා හොඳයි. (නි)
තිස්සට කරපු අපරාධයට ඔහොම ගිහින් මදි. බල ලෝබය තමා ඔය. තාමත් ඉවරයක් නැහැ (නි)
ඉන්දික, හිටපු මහ බැංකු අධිපතිට කිසිම බලයක් නැහැ නේද? (නි)
හම්බන්තොට වරාය ඉදිකිරීමට ලබාගෙන ඇති ණය ගෙවා ගැනීමට නොහැකි නිසා හම්බන්තොට වරායේ සියයට 80ක අයිතිය චීන සමාගමකට පැවැරීමට රජය කටයුතු යොදා ඇති බව මුදල් අැමැති කියනවා මේවා ජාතික අපරාධ අපේ රටේ සම්පත් වලට හානිය (ම)
මහින්ද රාජපස්ස කියන්නේ ඇත්ත වශයෙන්ම ... කෙලෙහි ගුණ දන්නා මිනිහෙක් එක නේ එයා තිස්ස බලන්න රට උළු ගෙදරට ගියෙත්. සල්ලි ගෝනි ගණන් වලට කෑදර වෙලා, එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වෙලා, මහින්දට මුක්කු ගහන්න ගිහින් පස්ස බිම ඇනගත් තිස්ස (අ)
මොළය කල්පනාකරලා වැඩ කළා නම් මෙහෙම වෙයිද? (නි)
මේ මිනිහට ලජ්ජා නැතිද මන්ද හොරු කුපාඩියෝ බලන්න ගිහින් පච කෙලිනවා තිස්ස ගිහින් තියෙන්නේ අගමැතිගේ අත්සන හොරට ගහල මේක සුලුදෙයක් වෙන්න ඇති මොකද මුන්ගේ පරම්පරාවම හොරුනේ (අ)
ඇත්ත හිටපු ජනාදි පති තුමා කියන්නේ. දැන් හොරු බයෙන් ඉන්නේ කොයි වෙලාවේ එෆ්සීඅයිඩියට, සීඅයිඩීය ගෙදරට පනීද කියලා. සාමාන්‍ය මිනිස්සුන්ට නම් එහෙම බියක් නැහෙ හිටිය ජනාදිපති තුමනි. (අ)
ඒ කියන්නේ පහුගිය කාලේ හොරකම් වංචා මිනීමැරුම් කරපු අය නීතියට කොටුවෙයි කියලා බයෙන් ඉන්නවා කියන එකයි -(හේ)
දුක තමයි.(හේ)
එක ජාතියේ කුරුල්ලන් එක අත්තේ ලගින්වායි පෙර කියමනක් අසා ඇත.(හේ)
තිස්ස...තිස්ස...නරක ආශ්‍රය නිසා මිනිස්සු කරදරේ වැටෙනවා කියා ඔබ පොඩි කාලේ අසා තිබුනේ නැද්ද?(හේ)
අපි දන්න තරමට ලංකාවේ විශ්‍රාම ගිය එකම ජනපති කෙනෙක්වත්, අඩුම තරමින් අගමැති ඇමති කෙනෙක්වත් මෙතරම් වාර ගණනක් තම හිතවතුන් බලන්න කරන්න බන්ධනාගාර වලට ගිහින් නෑ. ඉදිරියේදී මේ ලිස්ට් එක තවත් දික්වෙනවා. මෙය ලෝක වාර්තාවක් නොවුනොත් තමයි පුදුමේ. ඇත්තටම කණගාටුයි හිටපු හොඳම රාජ්‍ය නායකයාණෙනි (අ)
ඒ ව්‍යාජ ලිපිය රස කර කර කියවනකොට එයට අනුබල එහෙම දුන්නේ නැහැනේ. (අ)
එතුමාගේ ප්‍රකාශය නිවැරදියි. (අ)
අපේ ගෙවල්වලටනම් පනින්නේ නෑ. (අ)
දැන් ගෙදරට පැන්නොත් යන්නේ බන්ධනාගාරයටය. ඉස්සර සුදුවෑන් පැන්නොත් යන්නේ නැවත නොඑන ගමන්ය. නීතිගරුකව ජීවත් වී ඇති කව්රුත් හොඳින් නිදියති. කොටියාගේ විකිණීමට තවත් යමක් ඉතිරිව පවතීද? (අ)
ඉස්සරනම් අපි සුවදුක් බලන්න යන්නේ අවුරුද්දකට සැරයයි (අ)
මහදැනමුත්තා හා ගොලපිරිස, යති එති සිරගෙවල් වලට. (අ)
අනේ හිටපු ජනධිපතිවරයෙක් කියන කතාවක් .හොර ලේඛන හදල හොර අත්සන් ගහල ජනතාව රවට්ටපුවම යන්න ඕනේ නිතිය හමුවට නොවේද .මෙයාව රජකරවන්න නේ එහෙම කලේ (අ)
කටේම තියෙන්නේ පළිගන්නවා කියන එක. එතකොට මෙයා සුදනද ජෙනරාල් සරත් ෆොන්සේකාව හිරේ දාපු එක? අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට කරපු දේවල් පළිගැනීම් නොවෙයිද (නි)
අනේ දැන් මොකුත් නොදන්නා තොත්ත බබා. (නි)
අායෙත් ළඟදීම මේ පැත්තේ එන්න වෙයි වගේ. (නි)
මෙන්න නියම නායකයෝ. මෙයාලා තමා අපේ රටේ නියම උරුමක්කාරයෝ. (නි)
අනේ මැතිඳුනේ මට වුණ වියෝයා... ලේඛන නිසා විලංගුවේ වැටුනේයා... දැන් ඇවිදින් කුමක් කළේයා... කළ පවු ගෙවා මිස සරණක් නැතේයා... (නි)
බණ්ඩාර කුවේට්, අපිට ලැජ්ජා හිතෙන දේවල් රාජපක්ෂලාට ගෞරවයක් කියලයි එයාලා හිතන්නේ. (නි)
වින්සන්ට්, යහපාලනයෙන් අපි ලබපු එකම සහනය බියෙන් සැකයෙන් තොරව දෙවියනේ කියලා ගෙදරට වෙලා නිදා ගන්න පුළුවන්. ඉස්සර සුදු වෑන් එකක් ගේ ඉස්සරහා නැවැත්තුවත් හිතට පුදුම බියක් දැනෙන්නේ. මේ රජයේ කරන වැරදි වුණත් විවේචනය කරන්නත් පුළුවන්. (නි)
තිස්සගේ හෙනහුරා තවම ගෙවිලා නැහැ වගෙයි (නි)
බොරු කිය කියා රට වටේ යනවා තවත්.. (නි)
හොර ලේඛන හදන එක, කෝටි ගණන් කොමිස් ගහන එක, ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් වලට මුදල් නොගෙවා යන එක සුළු දේවල්. ඕවා එච්චර කලබල වෙන්න ඕනෑ දේවල් නොවේ. (නි)