IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තහංචි වතුරේ

කෙතරම් සීමා හා තහංචි පැනවුවද ශී‍්‍රලංකාවේ සිට  ඕස්ටේ‍්‍රලියාවට අනවසර සංක‍්‍රමණිකයින් පැමිණීම යළිත් ආරම්භ වී ඇති බවක් පෙනෙන්ට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මාස ගණනකට පසු සරණාගතයින් රැගෙන එතියි සැක කෙරෙන බහුදින ධීවර යාත‍්‍රාවක්  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් අගනුවරට කිලෝමිටර 2750 ක් ගිනිකොන දිගින් පිහිටි කොකොස් හා ක්නීලිනින්ග් දිවයින් ආසන්න මුහුදේදී හඳුනාගැනීමට හැකිවී තිබීම මීට හේතුවයි.

බෝට්ටුවේ සිටින්නන් කවුරුන්දැයි යන්න හදුනාගැනීමට  ඕස්ටේ‍්‍රලියා වෙරළාරක්ෂක බළකාය කටයුතු කරමින් සිටී.

කොකෝ හා ක්නීලින්ග් යනු  ඕස්ටේ‍්‍රලියාවට දුපත් දෙකක් වන අතර මෙම දිවයින් ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන ගොඩබිමට ළගාවෙනවාට වඩා පහසුවෙන් ළගාවිය හැකි වීම නිසා අනවසර සංක‍්‍රමණිකයින් අතර ප‍්‍රසිද්ධය.

මෙම දුපතේ පෙරදී විශාල වශයෙන්  ඕස්ටේ‍්‍රලියා වෙරළාරක්ෂක භටයින් ස්ථාන ගත කර තිබුණද පසුගිය සමයේ අනවසර සංක‍්‍රමණිකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට තිබූ හෙයින් භටයින් ප‍්‍රමාණයත් අඩු කිරීමට බළධාරීන් පියවර ගෙන තිබුණි.දැනට භටයින් වැඩි පිරිස අනුයුක්ත කර ඇත්තේ  ඕස්ටේ‍්‍රලියාවේ උතුරු ප‍්‍රදේශයෙන් ගොඩබසින ඉන්දුනීසියාවේ සිට පැමිණෙන අනවසර සංක‍්‍රමණිකයින් මර්දනය කිරීමටය.

මේ සිදුවීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කර ඇති  ඕස්්ටේ‍්‍රලියාවේ ශී‍්‍රලංකා මහකොමසාරිස් තිසර සමරසිංහ මහතා පවසා ඇත්තේ ශ‍්‍රීලංකා රජය ඇතුළු ආරක්ෂක අංශ මෙවන් අනවසර මාර්ග වලින් වෙනත් රටවලට ශී‍්‍රලාංකිකයින් ඇතුළු වීම මැඩපැවැත්වීමට උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවයි.

මිනිස් ජාවාරමේ යෙදෙන්නන් කුමන හෝ මාර්ගයකින් තම අරමුණු කරා ළගාවීමට උත්සාහ කරන්නේ යැයිද නමුත්  ඕස්ටේ‍්‍රලියාව හා ශී‍්‍රලංකාව සහයෝගයෙන් කටයුතු කිරීම නිසා එවන් කි‍්‍රයාකාරකම් සැළැකිය යුතු මට්ටමකින් මැඩපැවැත්වීමට හැකිව තිබෙන්නේ යැයිද ඔහු පවසා ඇත.

පසුගිය කාලයේ  ඕස්ටේ‍්‍රලියාව බලා පැමිණි අනවසර සංක‍්‍රමණිකයින් 2000 ක් පමණ යළිත් ශී‍්‍රලංකාව බලා පිටත්කර යවා ඇති බව සදහන්ය.

මුහුදේදීම කොටු කර ගැනෙන අනවසර සංක‍්‍රමණීකයින් සිටින යාත‍්‍රා යළි ශී‍්‍රලංකාව වෙතම පිටත් කර එවීමේ  ඕස්ටේ‍්‍රලියාවේ වැඩපිළිවෙළට ශී‍්‍රලංකා රජයද ප‍්‍රසාදය පළ කර ඇත.ශී‍්‍රලංකාවේ දැන් පවතින වාතාවරණය අනුව කිසිවෙකුටත් වෙනත් රටක ආරක්ෂාව පැතීමේ වුවමනාවක් නැති බව ශී‍්‍රලංකා රජයේ අදහසයි.

කොකොස් දුූපත ආසන්නයේ හදුනාගැනීමට හැකිවූ යාත‍්‍රාව මාස ගණනකට පසු පැමිණිය පළමු යාත‍්‍රාව බව එම දුපතේ වැසියන් පවසයි.

තමන් සිතා සිටියේ අනවසර සංක‍්‍රමණිකයින් ඔවුනගේ කි‍්‍රයාකාරකම් අත්හැර දමා ඇති බව වුවද එය එසේ නොවන බව පෙනෙන්නට ඇතැයි ඔවුන් කියයි.

පෙර පරිදිම වෙරළාරක්ෂක භටයින් දුපත් වල ස්ථාන ගත කිරීමට බළධාරීන් කටයුතු කිරීම මනා යැයි දුපත් වැසියන්ගේ අදහසයි.



අදහස් (0)

තහංචි වතුරේ

චමත් Monday, 14 October 2013 12:33 PM

මේකනේ ප්‍රශ්නේ. ඕස්ට්‍රේලියාව සරණාගතයන්ව රට ඇතුළටවත් ගන්නේ නැත්නම් අපි ලක්ෂ ගණන් වියදම් කරගෙන ගිහිල්ලා හිස් අතින් ආපසු එන එක තේරුමක් ඇති වැඩක්ද. (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Monday, 14 October 2013 10:35 AM

යම් රටක ජීවත්වෙන්න නොහැකි නම් මිනිස්සු යනවා, හොදට ජීවත්වෙන්න හැකි රටවල් සොයාගෙන. ඒක තමා මේ රටට වෙලා තියෙන්නේ (නි)

:       0       0

දොඩන්ගොඩ Sunday, 13 October 2013 11:03 PM

චමින්දගේ කීම හරියට හරි . මේ ජාවාරම කරන කොටස මිනිසුන්ට ඒවා සුරපුරයක් මෙන් මවා පා මුදල් ගෙන සමහරවිට ඔවුන් විසින්ම පොලිසියට අල්ල දීල මුදල් ටික සාක්කුවේ දාගන්නවා . මේක අධි පරිමානයේ වෙළඳ ව්‍යාපාරයක් බවට පත් වෙලා (නදී)

:       0       0

ධම්ම Sunday, 13 October 2013 04:25 PM

කේතුමතී පුරයට කොහොමහරි පැනගත්තොත් ඒ වගේද? (නදී)

:       0       0

චමින්ද Sunday, 13 October 2013 04:28 PM

අපරාදේ මේ මිනිස්සු තමන්ගේ මුළු සේසතම විකුණලා ඒ සල්ලි ටික [එක් අයෙක් රුපියල් ලක්ෂ අටක් පමණ] හොර මිනිස් ජාවාරම් කාරයන්ට දෙනවා. මේ මිනිස්සු දන්නේ නැහැ [මේ මිනිස් ජාවාරම්කරුවෝ ඒ බව මේ අසරණ මිනිස්සුන්ට කිසිදා කියන්නේ නැහැ.] ඔවුන්ට කිසිදාක ඕස්ට්‍රේලියාවේ නවතින්න ලැබෙන්නේ නැති බව. ඒ විතරක් නොවෙයි ඕස්ට්‍රේලියාවේ පොලවේ පය තබන්නවත් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඔස්ට්‍රේලියාවට අයත් ක්‍රිස්මස් දුපතෙන් හෝ කොක්ස් දුපතෙන් මොවුන්ව කෙලින්ම යවනු ලබන්නේ වෙනත් රටවල් දෙකක ඇති සරණාගත කදවුරු වලටයි. එතනින් පසු සමහරවිට ඔවුන්ට ඒ රටවල් දෙකේ ජීවිතයේ ඉදිරි කාලය ගෙවා දැමිය හැකියි. නැතිනම් බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාව කිට්ටුවට ගොස් ආපසු ලංකාවට ගුවන් මගින් පැමිණිය හැකියි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2725 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2353 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2930 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5850 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1970 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6659 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18601 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site