තහනම් දැලට එරෙහිව කල්පිටි ධීවරයින් පවත්වන උද්ඝෝෂණෙයේ ගැටුම් ඇති වීමත් සමග පිරිස් පාලනයට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවිණි
මහ පාර අවහිර කරමින් දැඩි වාහන තදබදයක් ඇති කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති විය.
බෝට්ටු හතක්, යතුරු පැදි තුනක් හා ලොරියක් ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.
උද්ඝෝෂණය නතර කරන ලෙස පුත්තලම උසාවියෙන් නිකුත් කළ නියෝගයක් කල්පිටිය පොලිස් ස්ථානාධිපති උද්ඝෝෂකයින්ට බාර දුන්නේය.
රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා ධීවර බෝට්ටුවකට ගිනි තබා ඇති අතර උද්ඝෝෂකයන්ගේ ප්‍රහාර වලින් පාරේ ගිය වාහන කිහිපයකට ද හානි සිදුවී ඇතැයි කියති.තුවාල ලැබු හය දෙනෙක් රෝහල් ගත කරනු ලැබුහ.
ජායාරූප - පත්මා කුමාරි කංකානම්ගේ
ජායරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ

![DSCN4919[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSCN49191.png)
![DSCN4921[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSCN49211.png)
![DSCN4936[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSCN49361.png)
![DSCN4939[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSCN49391.png)
![DSCN4916[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSCN49161.png)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මේ නූගත් මිනිසුන්ගේ අනුවණ ක්‍රියාවක්. ලෝකයේ අනෙකුත් රටවල් තමන්ට කැමති විදියට මාළු අල්ලනවා. කොහොම අැල්ලුවත් මුහුදේ මාළු නැතුව යන්නෙ නැහැ. බටහිර රටවල් අපේ මිනිසුන්ව කුලප්පු කරනවා. (නි)
ජනතාවට ප්‍රශ්න තියෙනවා ,ඒවා විසදීමට යහපාලන ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ , හැම දවසේම උද්ඝෝෂණ ,මහපාරේ වාහන තදබද ,මිනිස්සුන්ගේ වටිනා කාලය අයි මේ විදිහට විනාශ කරන්නේ.සීමිත පිරිසක් නිසා ගමන් බිමන් යන මගියෝ කීදෙනෙක් අපහසුතාවට පත් වෙනවද .(බ)
සුරංග හරි. මේ මුහුද පළාතකවත් නැති මිනිසුන් දමන අදහස් බැලුවහම තේරෙනවා අට පාස් කවුද කියලා. අනික මේ මිනිස්සු අර රටේ මහා උගත් සරසවි සිසුන් වගේ හැමදාම පාර අවහිර කරන්නේ නැහැ (නි)
මාළු දැලේ වියමනෙහි සිදුරු වල ප්‍රමාණය අනුව ප්‍රමිතීන් සකස් කරලා තියෙනවා කුඩා පැටවුන්ට මාළු දැලෙන් බේරී යාම පිණිස !! ධීවර අමාත්‍යංශය විසින් අනුමත කරන ලද දැල් පමණක් ලංකාවේ පාවිච්චි කරනවා නම් මෙවැනි දෙයක් සිදු වෙන්නේ නැහැ. (බ)
ගැටුම් ඇතිවෙනවා කියන්නේ යහපාලන භාෂාවෙන් සංහිදියාව කියන එකටද? (ම)
රන්ජිත් ඔයා වැරදි. අපේ රටේ ධීවරයන් තමයි තහනම් දැලුත් භාවිත කරලා මාළු පැටව් යි ලොකු මාළුයි ඔක්කොම අල්ලන්නේ. පිටරට මම දැකල තියනවා මාළුවා පොඩි නම් ආයේ මුහුදටම දානවා ලොකුවෙන්න. අපේ සමහර ධීවරයන් හිතනන්නෙත් ඔයා හිතන පටු විදිහටම තමයි. (අ)
ලංකාවේ සාක්ෂරතාව ඉහළ අගයක් ගන්නවා කිව්වට කවදාවත් මම එක විශ්වාස කළේ නැහැ. මෙහෙම මිනිස්සු ඉන්නකන් පාර්ලිමේන්තුවට 8 පාස් නැති මිනිස්සු යන එක පුදුමයක් නෙමෙයි. (නි)
අනේ මන්දා රටේ හැමතැනම ගැටුම්!
යහපාලනය වුණාට රටේ නීතියක් නැද්ද? මොකද්ද මේ පාරවල් වහගෙන, සාමාන්‍ය ජනතාවට කරන අපහසුතාව? (නි)
පහුගිය ටිකේ මල්වානේ වගේම මාතරත් තෝරු මෝරු දැල් ඉරාගෙන පැන්න එකේ තහනම් දැල් මොන කජ්ජක්ද?
දැන් තියෙන ආණ්ඩුව මිනිසුන්ගේ හිත බිඳින්න කැමැති නැහැනේ (නි)
ලංකාවේ දැන් ආණ්ඩුවක් නැද්ද? (අ)
කාන්තාවගේ හැසිරිම මීට වැඩි හොදවිදියක් නැද්ද (අ)
මේ මිනිසුන් කරන්නේ ජිවන සටනක්. මේ අහිංසකයන් හමුවී ප්‍රශ්නය විසඳීම රජයේ යුතුකමක්. රජයේ අය එහි නොයන්නේ රතු පලස් නැති නිසාද ? (නි)
ඔය පැත්තේ ඉන්න දේශපාලකයන්ට නින්දගිහින්ද? (නි)
ධීවරයෝ එයාලගෙම බෝට්ටු වලට එයාලම ගිනිතියාගෙන ඇති. මොකද දැන් තියෙන්නේ යහපාලනයනෙ... (නි)
දැලක් තහනම් කරලා තියෙනවා නම් කරන්න ඕනෑ ඒවා පාවිච්චි කරන අයව අල්ලාගෙන දැල් ටික රාජසන්තක කරන එකයි (නි)