ගල්කිස්ස දුම්රිය නැවතුම්පොළ අසල දුම්රිය මාර්ගයේ ගමන් කළ 13 දෙනකු අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක නිලධරයෝ කියති.
ඔවුහු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
ගල්කිස්ස දුම්රිය නැවතුම්පොළ අසල දුම්රිය මාර්ගයේ ගමන් කළ 13 දෙනකු අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක නිලධරයෝ කියති.
ඔවුහු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය ස්ථාන කිට්ටුව තියෙන නිල නිවාසවල පදිංචි සියලුම තත්වයේ දුම්රිය සේවකයෝත් ඔය කියන මාර්ගයේම තමා සේවා ස්ථානයට පයින් එන්නේ. ( ආරක්ෂක අංශයත් ඇතුළුව ) එයාලව අත්අඩංගුවට ගන්න පොලිසියටවත් කියමුද? (ස)
ඔය ආරක්ෂක නිලධාරින්ට අත්අඩංගුවට ගන්න තිබුනේ රත්මලාන, අගුලාන, ලුනාව යන ප්‍රදේශ වල දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා අයයි. හැබැයි එහෙම කරන්න ගියා නම් එහෙම නිළධාරීන්ගේ ඇගේ වස්ත්‍රවත් ඉතුරු වේවිද මන්දා. (නි)
වෙන රටවල් වල නම් ඔය වගේ දේවල් උසාවි අරගෙන යන්නේ නැහැ. එවෙලේම දඩ කොළයක් නිකුත් කරනවා හැඳුනුම්පත්‍රයේ අංකයට. අන්තර්ජාලයෙන් හෝ තැපැල් කන්තෝරුවෙන් හෝ ඒක ගෙවන්න පුළුවන්. නොගෙව්වොත් හරි අල්ලන වෙලේ හැඳුනුම්පතක් නොතිබුනොත් හරි විතරයි උසාවි රැගෙන යන්නේ. මේ විදියට කරන්න ගියොත් ගහන දඩයට වැඩිය වැඩි මුදලක් රජයට වියදම් වෙනවා වැරදිකරුවන් රිමාන්ඩ් කරලා ආහාර සපයලා උසාවි වලට ප්‍රවාහනය කරන්න. (නි)
හොඳ වැඩේ, පුලුවන්නම් හය මාසෙකට යවන්න. ලංකාවේ තරම් 'ෂෝර්ට් කට්කාරයෝ' රටවල් 10 ක හිටි මම නම් කවදාවත් දැකලා නැහැ. හැම අඩියෙන් අඩියටම දෙවැටවල්, අඩි පාරවල්. ඇත්තටම ලංකාවේ පාරවල් වැඩියි. මහා පාර ළගම තියෙනවා. ඒ වුණාට පුලුවන් නම් අනුන්ගේ වත්තක් උඩින් ගිහිල්ලා පස්සේ අයිතිවාසිකම් කියනවා. පුදුම මිනි්සසු. (නි)
පෙරේරා, ඔයා කොහේ හරි දියුණු රටකට ගිහිල්ලා ඒවා මේවා දැකලා මෙතන ලොකු කතා කියන්න එපා. උදේට කෝච්චි ප්‍රමාදයි.මිනිස්සු ෂෝර්ට් කට් වල යන්නේ අමාරුවකට නෙමෙයි. දරු පවුල් නඩත්තු කරන්න.ඔයාලා වගේ මෝඩ විදියට හිතන මිනිස්සු හින්දා තමා අපේ රටවල් දියුණු කරගන්න බැරි. පිට රටවල වහල් සේවයට ගිහින් ඇවිල්ලා අපේ රටේ දුප්පත් මිනිස්සුන්ව පාගන්න හදන්නේ ඔයාල වගේ එවුන් තමා.සල්ලි ටිකක් හොයාගත්තට පස්සේ මුල මතක නැහැ. (නි)
නාමල් හරි. (නි)
පෙරේරා යන්නේ කොහෙද මල්ලේ පොල් කිවුවලු (නි)
ශෆික්, රේල් පාර තියෙන්නේ කෝච්චි යන්න, ලංකාවේ මිනිස්සු ෂෝර්ට් කට් වංගු ගහලා පුරුදු නිසා, ඒ පුරුද්ද අරින්න සෑහෙන කාලයක් යාවි. (නි)
නාමල් , දැන් මම හිතපු මෝඩ විදිය මොකක්ද? ෂෝර්ට් කට් ගහපු හය මාසෙකට යවන එක වැරදිද? ඒකෙන් ඔවුන් පාඩමක් ඉගෙන ගෙන දරු පවුල රකින්න ජීවිතය රැක ගැනීමට අවස්තාවක් ලබා දීම නරකද? මම හිතන විදියට හිතුවොත් ලංකාව දියුණු කල හැක. අනික පිටිරටවල වැඩ කිරීම වහල් සේවයක් වෙන්නේ කොහොමද? දියුණු රටවල් කියන්නේ විනයක් තියෙන රටවල්, එම රටවල ෂෝර්ට් කට් කාරයෝ නැහැ. (නදී)
මම ඉන්න රටේ රේල් පාරේ අයිනේවත් යන්න තහනම්, ඒ වුනාට ලස්සනට පයින් යන්න පාරවල් ඕනා තරම් තියෙනවා. (නදී)
"දුම්රිය පාරේ ගමන් කරන අයවලුන්ට නීතියේ ප්‍රකාර අච්චු කරනු ලැබේ". මේ බෝඩ් එක තවම තියෙනවද? මං හිතන්නේ ප්‍රශ්නය තියෙන්නේ සිල්පර කොටන් උඩින් ගමන් කළොත් විතරයි. (නි)
දෙමටගොඩ නව නිවාස සංකීරණයට කෙසේනම් යන්න ද මන්ද? දෙපසම දුම්රිය මාර්ග (අ)