අලියා පොදු දේපළක් නොවේ යැයි නුගේගොඩ මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා පසුගිය ජුනි 02 වැනි දා දුන් තීන්දුව වෙනස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ප්‍රකාශ කළේ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අනවසරෙන් අලි පැටියකු ළඟ තබා ගැනීම ඇප දිය නොහැකි වරදක් බවයි.
එහෙත් ඔහු හිටපු අධිකරණ නිලධරයකු නිසාත් රහස් පොලිසියට හා උසාවියට සහය වී ඇති නිසාත් අලුත් ඇප කොන්දේසි මත මුදා හරින බව ඔහු ප්‍රකාශ කළේය.
රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 25 බැගින් වු ශරිර ඇප තුනක් මත ඔහු මුදා හැරිණි.
ඇපකරුවන් රජයේ විධායක නිලධාරීන් විය යුතු බවටද කොන්දේසි පැනවිණි. තිළිණ ගමගේගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කැරුණු අතර සෑම සතියකම ඉරිදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙසටද නියෝග කැරිණි. ඇප තැන්පත් කිරීම නුගේගොඩ ගංගොඩවිල උසාවියේදී සිදුකිරීමටද නියමිතය.
නුගේගොඩ මහේස්ත්‍රාත්ගේ තීන්දුවට එරෙහිව නිතිපති විසින් මෙම සංශෝධිත ඉල්ලුම් පත්‍රය මහාධිකරණයට ගොනු කළේය.
තිළිණ ගමගේ උසාවියට පෙ.ව.10.06
කොළඹ අලුත්කඩේ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (21) කොළඹ අලුත්කඩේ මහාධිකරණයට පැමිණියේය.
නීත්‍යනුකූල නොවන අන්දමින් අලි පැටවකු ළඟ තබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අද අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා තිබිණි.
ගංගොඩවිල උසාවියේ දී තිළිණ ගමගේට ඇප ලබාදීම සම්බන්ධ නඩු වාර්තාව අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.
ඡායාරූප හා විඩියෝ- ලහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසන්ත, රටකට නීතියක් කියලා දෙයක් නැති උනොත් පැවැත්මක් නැහැ. නීති කඩන අයට දඩුවම් කරන්න පත්කරලා ඉන්න අයත් නීති කඩනවානම් ඒ ගැන විශේෂයෙන් හොයලා බලන්න ඕනේ. (ර)
අලි හදන්නේ සත්ත්ව කරුණාවට නෙමෙයි වසන්ත. තමන්ගේ මහන්තත්වය රටට පෙන්වන්නයි. රටේ නිතියට පිටින් එහෙම කරන්නන් නිතිය දන්න අයම වුනාම සාමාන්‍ය මිනිහට දෙන ආදර්ශය කුමක්ද?(හේ)
නුවරඑළියේ වසන්ත, ඔබේ අදහසට එකඟයි. දැනට අවුරුදු ගාණකට පෙර හැම ගමකම වගේ බර වැඩ සියල්ලම කළේ අලි, ඇතුන් යොදාගෙන. නමුත් නීතිය සතුන්ගේ නිදහස, ආරක්ෂාව ගැනත් වගකීම දරන්න පටන් ගත්තා. අද කාලේ කැලේ අලි විනාශවෙන විදියට මෙහෙමහරි ආරක්ෂාවෙන එක හොඳයි කියලා මටත් හිතෙනවා. හැබැයි ඔය අලි පැටියා අතරමං වූ එකෙක්ද අතරමං කරවා ගෙනා එකෙක්ද කියලා නීතියෙන් හොයනවා ඇති. (නි)
යමෙක් අලි පැටවෙකු අරන් හදාගන්නේ සැබෑවටම සතුනට තිබෙන ආදරය නිසයි කියා නුවරඑළියේ වසන්ත කියන කතාව පුදුමයි. වෙනත් ඕනෑම සතෙක් ආදරයට හදාගන්නවා යැයි කීම ඇත්තක් වූවත් අලියෙක් හදාගැනීම එසේ නොවේ. අලියෙක් හදාගන්න වසන්තට අපිට බැහැ. අලියෙක් හදාගන්නේ සතුන්ට ඇති ආදරයට නොවේ, තමන්ගේ මහන්තත්තකම පෙන්වන්නයි. මහේස්ත්‍රාත් කෙනෙකුගේ පඩියෙන් අලියෙක් හදන්න පුළුවන්ද? මේ අයට සල්ලි කොහෙන්ද? අනික මේ අලි පැටියා හදාගත්තේ නීතිවිරෝධීව. විනිසුරුවරු නීති කඩපු එකයි මෙතන තිබෙන ප්‍රශ්නය (නි)
ලංකාවේ නීතිය සැමට සමාන නැති බව මෙයින් පේනවා. පොදු දේපොල අවභාවිතා කිරීමේ වරදට විනිසුරුවන්ට එක විදිහක්, හාමුදුරුවරුන්ට තවත් විදිහක්, රජයේ නිලධාරීන්ට තවත් විදිහක්, අහිංසකයන්ට තවත් විදිහක්. අනේ අපොයි ලංකාව..! පිටරටින් විනිසුරන් ගේන්න ඕනෑ යන මතය තවත් ශක්තිමත් වේවි. (නි)
මොහුට නම් දඬුවම් කරන්නම ඕනෑ. මන්දයත් මොහු නීතිය දන්නා කෙනෙක්. එය දැන දැනත් මෙහෙම කරපු එක වැරදියි (නි)
මෙතන ප්‍රශ්නය එවන් බිලිඳු අලි පැටියෙකු ලැබුනේ කෙසේද? එවන් පැටියකු ගතහැක්කේ අලි මව මරාදමා පමණි. මොහොතක් සිතන්න. මව හෝ පිය මරා දරුවකු ලබා ගැනීම කොතරම් අමානුෂිකද. දේශපාලන බලයෙන් කළ නොපනත්කම් තමා මේ. එයට සම්මාදම් වුණ හැමදෙනා වරදකරුවන්ය. (නි)
අලින් අයිති කැලයට නම්, නිවෙස් වල ඇති කරන සුරතල් සතුන් අයිති විය යුත්තේ ද කැලයටය. එමෙන්ම කැලයේ සිටිය යුතු අශ්වයින්, රේස් වලට සහ වෙනත් කටයුතු වලට යොදා නොගත යුතුය. එය ද සත්ව හිංසනයකි. (ර)
නුවරඑලිය වසන්නත, බලන්න ඔය අලි හබරණ පැත්තේ කොචර දුක් විදිනවද කියලා. පිටේ කුඩු බැදලා දවසම කන්න නෑ කෙට්ටු කෙසඟ අලි කොච්චර දුක් දෙනවද සල්ලි හම්ඹ කරන්න... (ර)
සත්ව කරුණාව අපේ ලගත් තියෙනවා මහත්තයෝ... නිතිය පසිදලන අයම නීතියට පිටින් සත්ව කරුනාව කොරලානේ... එකනේ මේ පුරැස්නේ... (ර)
වසන්ත, සමඟ මම එකඟයි. (ර)
ඔබ ගැන අප දැන්ම වරද පවරන්නේ නැත. ඔබ වැරදි කරුනම් එය නම්බුකාර ලෙස බාරගන්න.(ම)
නුවරඑළියේ වසන්ත මහත්තයෝ, අලියෙක් නෙමෙයි මොන සතෙක් හැදුවත් කමක් නෑ ආදරේට, නිත්‍යානුකුලව රටේ පවතින නීතිය අනුව. (ර)
අහිංසක මිනිහෙක් දුප්පත්කම නිසා අල්ලපු වත්තේ වැටිලා තියෙන පොල් ගෙඩියක් අහුලාගත්තම එවෙලේම වරදපටවන මිනිසුන්ගේ දැන් මෙතන අදහස් ගැන පුදුමත් හිතෙනවා. (ර)
අපිට නම් බළල් පැටියෙක්වත් හදාගන්නවත් වත්කමක් නෑ. (ර)
වසන්ත, අලියෙක් යනු සුරතලයට සැදියහැකි සත්වයෙක් නොව සමාජශීලි, තම පරපුර සමග ජීවත් විය යුතු සත්වයෙකි. ඔවුන් හුදකලාව සැදීමෙන් සිදුවනුයේ, පරම්පරාව බෝවීම ඉබේ අහෝසි වී යාමයි. හිලෑ ඇතින්නියන් ගැබ් නොගැනීම නිසා, නීතිවිරෝධී ලෙස වනගත අලි පැටවුන් මවගෙන් පැහැරගෙන එන්නේ මේ නිසාය. (නි)
නුවරඑළියේ වසන්ත, හැමදේටම නීතියක් තියෙනවා. නීති කඩන්න බැහැ. අලි පැටිය හදාගන්නේ ආදරයට නෙමෙයි. (නි)
මේ අලි ප්‍රශ්නයේදී මම නුවරඑළියේ වසන්තගේ පැත්තේ. (නි)
යමෙක් අලි පැටවෙකු අරන් හදා ගන්නේ සැබෑවටම සතුනට තිබෙන ආදරය නිසයි. නැතුව අලින්ගේ මස් කන්නද ? කිරි දොවන්නද ? කුඹුරු හාන්නද ? නැත... අපේ රටේ දවසකට අලින් කී දෙනෙක් නිකරුනේ මරු තුරුලට යනවද ? දුම්රියට හැප්පෙනවා, මදු වලට අහු වෙනවා, හක්ක පටස් කනවා, වෙඩි තියනවා වගේම පොලිතින් කාලා කී දෙනෙක් මැරෙනවද? එහෙවු රටේ අලියෙක් ආදරයෙන් රැක බලා ගැනීම විශේෂයෙන් අගය කල යුතු දෙයක්. (ර)
රුවන්, මමත් ඔබ සමග එකඟයි. දැන්ම තීන්දුවක් දෙන්න බැහැනේ. (ර)
රුවන්, සමඟ මමත් එකඟයි. (ර)