විධායක ජනාධිපති ධූරයේ බලතල සහ මැතිවරණ ක්‍රමය එකවර සංශෝධනය කිරීම ශ්‍රී ලංකා ජනතාවගේ ඉල්ලීම බවත්, තමාගේ මතයද එයම බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
එසේම මනාප ක්‍රමය ඉවත් කර ආසන මට්ටමින් මැතිවරණයක් පැවැත්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාව බවද කියන විපක්ෂ නායක විධායක ජනාධිපති ධූරයේ බලතල අඩු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අකමැත්තක් නොමැති බව කියයි.
එසේම අගමැති සිහිනය සියලු දෙනාගේ සිත්වලින් ඉවත්කොට පක්ෂය දෙකඩවීමට ඉඩ නොදිය යුතු යැයිද හෙතෙම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කලින් ජනාධිපතිටත් කියන්න තිබ්බනේ ඔය ටිකම. දැන් ඇයි කැ ගහන්නේ විධායකය ගැන. දැන් අමුතු කැක්කුමක් අනුකම්පාවක් පහල වෙලාද ජනතාව කෙරෙහි. (ර)
අපි අපිටම ටොකු ඇන ගමු. මෙවැනි පුවත් අහන්න අහන්න බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩිවෙන එක විතරයි වෙන්නේ. (බ)
නොකෙරන වෙදකමකට කෝඳුරු තෙල් හත්පට්ටයක් කියා නම් නොකියන්න (නි)