IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


දකුණු අප්‍රිකාව ලකුණු 102 කින් ශ්‍රී ලංකාව පරදවයි

 

(යොහාන් භාසුර)

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිල්ලිහිදී අද (7) පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 102 කින් ශ්‍රී ලංකාව පරාජය කරමින් වාර්තාගත ජයක් ලැබීමට සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 429 ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 44.5 කදී ලකුණු 326 කට සීමා විය.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල ඕවර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 428 ක් රැස් කිරීමට සමත් විය.

එම ලකුණු 428 එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමකදී රැස්කල ඉහළතම ලකුණු සංඛ්‍යාව වේ.

දකුණු අප්‍රිකානු පිල රැස් කළ මෙම ලකුණු 428 ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයකදී ඕනෑම රටක් මෙතෙක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඉන්දියාව මීට පෙර 2009 වසරේ රැස් කළ ලකුණු 414 ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි. කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු පිලට ආරාධනා කළේය.

දකුණු අප්‍රිකානු පිල ඕවර 50 50 යෙදී කඩුලු 5 ට 428 (කුවින්ටන් ඩී කොක් 100, රෙසල් වෑන්ඩර් ඩුසේන් 108, ඒඩන් මක්‍රම් 106, හෙන්රිච් ක්ලාසීන් 32, ඩේවිඩ් මිලර් නොදැවී 39, ඩිල්ශාන් මධුසංඛ 86/2)

ශ්‍රී ලංකා පිල ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 326 (කුසල් මෙන්ඩිස් 76, සදීර සමරවික්‍රම 23, චරිත් අසලංක 79, දසුන් ශානක 68, කසුන් රාජිත 33, මාකෝ ජැන්සන් 92/2, ජෙරල්ඩ් කොයිට්ෂි 68/3, කේෂාව් මහරාජ් 62/2)

 



අදහස් (2)

දකුණු අප්‍රිකාව ලකුණු 102 කින් ශ්‍රී ලංකාව පරදවයි

don Sunday, 08 October 2023 08:16 AM

මතීෂ පතිරණ ළමයාට හැම කණ්ඩායමකම අධිකව ලකුණු ලබාගන්නවා කියලා පේන්නේ මට විතරයිද?

:       1       0

de silva Sunday, 08 October 2023 02:54 PM

අනේ මම නම් මේවා බලන එක නවත්තලා දැම්මා. මේවා තේරුමක් නෑ.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1241 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 272 0

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 325 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 152 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 432 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 159 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39942 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25920 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 199 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site