බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති 16 වැනි දකුණු ආසියානු කැරම් තරගමාලාවේ (සාග්) කණ්ඩායම් තරගාවලියේ අවසන් මහා තරගයේදී ලෝක කැරම් ශූර ඉන්දීය ක‍්‍රීඩක යෝගේෂ් පර්දේශී පරාජය කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක චමිල් කුරේ සමත්විය. කණ්ඩායම් ඉසව්වේ අවසන් මහා තරගයට ලෝක ශූර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගත් අතර එහිදී පර්දේශී සහ චමිල් අතර පළමු කේවළ ඉසව්ව පැවැත්විණ. එහිදී චමිල් 22/20 ක් සහ 19/10 ක් ලෙස පර්දේශීව පරාජය කළේය. 2008 වසරෙන් පසුව ඉන්දියාව පරාජය කිරීමට තිබු හොඳම අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි කරමින් නිශාන්ත ප‍්‍රනාන්දු තරග වට තුනක තියුණු තරගයකින් පසුව (11/25, 25/21, 25/0) ඉන්දියාවේ මදෝප් සිං හමුවේ පරාජය විය. නිශාන්ත ප‍්‍රනාන්දු, මෙම වසරේ පැවැති ජාතික කැරම් තරගාවලියේදී චමිල් කුරේ පරදවා පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගත් ක‍්‍රීඩකයාය. චමිල් කුරේ ජාතික ශුරතාව 2011 වසර දක්වා පිට පිටම අට වරක් දිනා ගනිමින් ජාතික තරගාවලියේදී වැඩිම කැරම් ශූරතා ගණනක් දිනාගත් ක‍්‍රීඩකයා ලෙස වාර්තාවක් ද පිහිටුවීය. චමිල් නැවත වරක් දස්කම් අතරට පැමිණීම මෙම වසරේ ඔක්තෝබර් මස 31 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භවන ලෝක කැරම් ශූරතාවලියට හොඳ රැකුලක්වේ. එම්. ෂෙරිෆ්ඞීන්ගේ පරාජයත් සමගින් ශ්‍රී ලංකාව තරග 2/0 ක පරාජයක් ලබා තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තේය. කෙසේ වෙතත් ලෝක කැරම් ශුර ඉන්දියාව මෙවරද ඉසව් හතේම ශුරතා දිනා ගත්තේය. කාන්තා කණ්ඩායම් ඉසව්වේ අනුශුරතාව සුපුරුදු ලෙස ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ දිනා ගත්හ. කේවළ තරගාවලියේදී චමිල් කුරේ සහ නිශාන්ත ප‍්‍රනාන්දු පිරිමි යුගල ඉසව්වේ අනුශූරතාව දිනා ගැනීමට සමත්වුහ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, සහ මාලදිවයින යන රටවල් පහකින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තරගාවලියට සහභාගිවුහ.
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දකුණු ආසියානු කැරම් තරගාවලියේදී චමිල් කුරේ ලෝක ශූරයා පරදවයි
සුකිරි පට්ට Wednesday, 18 July 2012 08:04 AM
ජයෙන් ජයම ඉදිරියටත් ඔබට ලැබේව ...!!! ජය ශ්‍රී ..!!!
කැන්ස් බෝයි Saturday, 21 July 2012 12:31 PM
එල..... (ස.වි)
සන්දීප Wednesday, 18 July 2012 10:17 AM
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ නියම කොල්ලෙක්...සුභපැතුම්.....
තිලක් Wednesday, 18 July 2012 10:07 AM
ඔබට සුභපැතුම්
මරණීය ඒජන්ට් Wednesday, 18 July 2012 11:58 AM
සුභපැතුම්!!!!
පිලිපීනෝ Wednesday, 18 July 2012 09:18 PM
එල කොල්ලෙක්නේ.....නියමයි....ඔයා තමයි ලෝක ශූරයා......
තුෂාන් Wednesday, 18 July 2012 06:09 AM
පුතාට මගෙන් සුබ පැතුම්