දකුණු පළාත් සභා ඡන්දය සඳහා පළාත් සභාව විසුරුවා හැරීමත් සමඟ ඇල්පිටියේ ඈත ගම්වල පාළම් බෝක්කු දැමීමට රජය මුල්ගල් තබා ඇත.
වසර ගණනාවක් ඒ දඩු වලින් එගොඩ වු ගැමියනට මාර්තු අවසන් වන්නට පෙර පාළම් ලැබෙතියි ගැමියෝ කියති.
ඇල්පිටිය හා කරන්දෙණියේ හිඹුටුගොඩ ,පුල්ලිමලේ හා කළුගල්විල ගම්වලට මේ පාලම් ඉදිකිරීම සඳහා එස් එම් චන්ද්‍රෙස්න අමාත්‍යවරයා මුල්ගල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්ව හදන්න යන එව්වො කලිසම් ඈඳගෙනලුද යන්නෙ. එක අතකට මේව බලල ඡන්දෙ දෙන අපේ එව්වොත් රෙදි ඈඳගෙන නෙමේනෙ ඉන්නෙ.(නදී)
ඔය මුල්ගල් තිබ්බට වැඩක් නැහැ. දැන් ඡන්ද දායකයෝ ඡන්දෙ දෙන්නේ ඕවට නොවෙයි. අර වයඹ වගේ බෙදුවොත් තමයි. දැක්කනේ බෙදපුවයේ ප්‍රතිපලේ. නරක නැහැ නේද? (අ)
ලැජ්ජා නැති පරයෝ.(නදී)
පොලි ගෙවන සල්ලි වලින් ඒවා හැදුවනම් ඉවරනේ ණය ගන්න ඕනේ නැහැනේ (දිල්)
මගේ ගාණ ගෙවලා ණයෙන් නිදහස් වෙන්න බැරිද දන්නෙ නහැ නේද ? (නදී)
ඔය පාලම් බෝක්කු ඡන්දෙට කලින් හදල ඉවර කලොත් විතරක් මනාපය දෙන්න. (නදී)
මොනවා නැතත් කමක් නැහැ අලුත් වාරායයි, ගුවන් තොටයි, ක්‍රිකට් පිටි තියෙනවනේ; දැන්නම් නින්ද යනවා ඒවා ගැන හිත හිත (දී)
බඩු මිල නගිනවා නහුතෙට ඉහල ගිහින් බයිල ගහනවා ඇමතියෝ රුපවාහිනි යෙන් කිරිපිටි නැතිව දරුවන් අද සාගින්නෙන් බයිල අහනවා අපි අද බඩගින්නෙන් .(නදී)
ඡන්ද පොරොන්දු දීල ඒවා ඉෂ්ට නොකොළොත් පොරොන්දු දීපු අයට විරුද්දව නඩු දාල දඬුවම් කල හැකි නීතියක් තිබුනානම් මේ අයට හොඳ වැඩක් දෙන්න තිබුනා.(නදී)
වසර ගණනාවක් ඒ දඩු වලින් එගොඩ වු ගැමියනට මාර්තු අවසන් වන්නට පෙර පාළම් ලැබෙතියි ගැමියෝ කියති. ඡන්ද ගුණ්ඩු නේද? (නදී)
සෑමදාම රැවටෙන ජාතියක් තමා මිනිස්සු (දී)
පින්සිදුවේ දෙවියනේ , මෙවරවත් මේ අහිංසක ජනතාවට උදව් වන්න, පළාතට අවශ්‍ය නියම පුත්ගලයා තොර ගන්න ! ඔබට පින්.(නදී)
සිහලයා මෝඩයෝ කියල දන්නේ නැතිද? ඒක ඇත්ත කතාවක්නේ. (නදී)
ණයට නොගෙන නම් සංවර්ධනය කරනවා බොරු. මහවැලිය හැදුවෙත් ණය වෙලා තමයි .අනික පවුලකට මෙච්චරයි එක්කෙනෙකුට මෙච්චරයි ගනන් හදන්නේ දේශපාලන වාසියට. මේ ලක්‍ෂ අපි ගෙවන්නෙ නැහැනෙ. සිද්දවෙන්න ඕන කොමිස් ගහන්නෙ නැතුව සංවර්ධනය කීරීම. බොරු කිඹුල් කදුලු ජනතාව අඳුරනවා. (නදී)
ඡන්දය තියෙන එක හොඳයි. හදන්නේ නැති ස්ථාන හදාගන්න පුලුවන්.(නදී)
ලංකාව නය වලට ගෙවන පොලියෙන් විතරක් කටුනායක අදිවේගය වගේ 20ක් හදන්න පුළුවන් කියල එක වැඩසටහනක ගියා මේක ඇත්තද ? (නදී)
මෝඩ කම ප්‍රසිද්ද කරන්න එපා.(නදී)
ඔව් ඉතිං එගොඩ යන පාළම් ටික පෙන්න පෙන්න මන්ත්‍රීන් ටික නම් එගොඩ යයි !(දිල්)
මේ ප්‍රතිචාර වලට අනුවනම් වැඩි දෙනෙක් හරි මග දන්නවා. ? (නදී)
ලංකාවේ මිනිස්සුන්ට මේ රැවටිල්ල තේරුම් ගන්න බැහැනේ තාමත්. මේ පාරත් චන්දෙ දෙයි උඩ පැනගෙන ගිහින්. මේ නරා වලේ හැමදාම මිනිස්සු වැටෙනවා. (දී)
අපිත් දකුණේ ඉන්නේ . අපිට පාලමක් තියා ඒදණ්ඩක්වත් නැ.(දී)
චාරුක, මෝඩ කතා කියන්න එපා. ලංකාවේ අය කැමතියි වැඩක් නොකර මුදල් හොයන්න.(නදී)
මුල් ගල් තියන්නේ මුල් ඇදෙන්න. මුල් නැතිවෙලා ගල් එන එක වැඩි ඈතක් නැත.(දිල්)
ඡන්දෙට කලින් මොනවා හරි දුන්නොත් නිකම්ම ඡන්දෙ දෙනවා. තව යන්න යන්න අපේ රට විදෙස් රටවලට විකුනන්න වෙන්නේ. පව් අපේ රටේ දුප්පත් මිනිස්සු.(නදී)
දැන් ඉතින් උඩ දාගෙන ඡන්දෙ දෙයි. අපේ මිනිස්සු මෙච්චර මෝඩ ඇයි කියල මට හිතා ගන්න බැහැ.(නදී)
ඇත්ත අපි හරි මෝඩ මිනිස්සු තමයි. හැමදාම ඔය සෙල්ලම වෙනවා අපිත් රැවටෙනවා.(නදී)
මෝඩ ජහමනයා ඉතින් කතිරෙ ගහනවා. ඊට පස්සෙ බනිනවා . ආයෙත් ඒකම කරනවා. අපි හරි මෝඩයෝ ජාතියක්. (නදී)
දෙන්නම් කාසි වලට ඡන්දෙ දීලා වෙලා තියන දේවල් මේ මිනිස්සු දන්නේ නැද්ද? සමහර පළාත් වලට ලයිට් කණු ගෙනත් දාල ඡන්දෙන් පස්සේ අපහු ගෙනියන්න හදනකොට ගම්මු එකතුවෙලා ඒක වැළැක්වූවාට විදුලිය තවම නැහැ, (දිල්)
මේ සෙල්ලම හැමදාම සිද්ද වෙනවා. ඡන්දෙ ඉවර උනාම ඔක්කොම ඉවරයි. අපි කොච්චර මෝඩ ජාතියක්ද? (නදී)
එක පුද්ගලයෙක් ලක්ෂ 3 ක් නය නම් ළමයි පස් දෙනෙක් ඉන්න පව්ලක් ලක්ෂ 21 ක් ණයයි. අනේ මේ සල්ලි දුප්පත් දරු පවුල් වලට බෙදුවා නම්.(නදී)