IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දකුණු පළාතේ මහ රෝහල ඉදිකරන ලෙසට නගර සභිකයන්ගෙන් ඉල්ලීමක්

වසර දහයක පමණ කාලයක් තිස්සේ අත්හිටුවා ඇති දකුණු පළාතේ මහ රෝහල ඉදිරිකිරීමේ කටයුතු ලබන ජනවාරියේදී යළි ආරම්භ කරන ලෙසට නගර සභිකයන් විසින් ඉල්ලීමක් කර තිබේ.


හුනායිනියා නිම්නයේ නව රෝහලක් ඉදිකිරීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යයනයක් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩ, නගර සභා සහ නාගරික සැළසුම් කටයුතු අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී ඇත.


කෙසේ වෙතත් ප්‍රදේශයේ ඇති පස මෙම කාර්යයට නොගැළපීම හේතුවෙන් එම ස්ථානය ප්‍රතික්ෂේප වී තිබේ.


පසුව රෝහල ඉදිකිරීම සඳහා තවත් ස්ථානයක් අස්කාර් ප්‍රදේශයෙන් තෝරාගෙන ඇතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නගර සභා සභිකයන් ඇතුළු පළාතේ පදිංචිකරුවන් අග්‍රාමාත්‍ය කාලීෆා බින් සල්මාන් අල් කාලීෆා කුමරු හමුවී නව රෝහල ඉදිරිකිරීමේ ව්‍යාපෘතිය නැවත වරක් පැරැණි ස්ථානයට රැගෙන යාමට අගමැතිවරයාව කැමැති කරවාගෙන තිබේ.  


සෞඛ්‍ය අමාත්‍යාංශය නව සැළසුම ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ, නගර සභා සහ නාගරික සැළසුම් කටයුතු අමාත්‍යාංශය සමග සහයෝගයෙන් කටයුතු කළත්, නගර සභිකයන් පවසන්නේ එහි යම් යම් ගැටළු ඇති බවයි.


“වකුගඩු කාන්දු පෙරීමේ මධ්‍යස්ථානය නිම්නයේ ඉදිකරනවා. අපට ඒ ගැන තහවුරු කිරීමක් ලැබුණා. ඒත් මහ රෝහල ඉදිකිරීම ගැන තවමත් කිසිම තොරතුරක් නැහැ” යනුවෙන් නගර සභා සභාපති අහ්මඞ් අල් අන්සාරි පවසයි.


“සෞඛ්‍ය මධ්‍යස්ථානයේ අපි අපේක්ෂා කරන තරම් පිරිසකට සේවා සපයන්න බැහැ. සේවා සඳහා වන පොරොත්තු ලේඛනය ගොඩක් දිගයි. කොතරම් හදිසි ලෙඩෙක් වුවත් අවසානයේදී සල්මානියා වෛද්‍ය සංකීර්ණයට එන්නට කලින් විවිධ සේවාවන් ලබාගැනීම සඳහා එක් මධ්‍යස්ථානයකින් තවත් මධ්‍යස්ථානයකට යන්න ඕනේ” යැයි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.



අදහස් (0)

දකුණු පළාතේ මහ රෝහල ඉදිකරන ලෙසට නගර සභිකයන්ගෙන් ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 26 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 430 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 940 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 851 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 144 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 874 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site