දක්ෂිණ අධිවේදී මාර්ගයේ දොඩංන්ගොඩ පිවිසුම අසල බලු රංචුවක් අද දැක ගත හැකි විය.
කලක් මේ පාරේ බල්ලන් ඇතුළු සතුන් දක්නට නොලැබිණි.
දර පටවාගත් ලොරියක් ද ඒ අසලින් ගමන් කරයි.බොහෝ ස්ථාන වල ආරක්ෂිත වැටේ දැල් සොරුන් විසින් ගලවාගෙන ඇතැයි පාරේ යන එන්නෝ කියති.
දක්ෂිණ අධිවේදී මාර්ගයේ දොඩංන්ගොඩ පිවිසුම අසල බලු රංචුවක් අද දැක ගත හැකි විය.
කලක් මේ පාරේ බල්ලන් ඇතුළු සතුන් දක්නට නොලැබිණි.
දර පටවාගත් ලොරියක් ද ඒ අසලින් ගමන් කරයි.බොහෝ ස්ථාන වල ආරක්ෂිත වැටේ දැල් සොරුන් විසින් ගලවාගෙන ඇතැයි පාරේ යන එන්නෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි බල්ලොත් එක්ක බැහැ කියන්නේ. අධිවේගී මාර්ග උන්ට අකැප වෙන්නේ කොහොමද?(නදී)
බල්ලෝ ඇතුවත් බැහැ නැතුවත් බැහැ. (නදී)
ලංකාවේ ආර්ථිකයත් (චීන ණය වලින්) අධිවේගී ගමනක් යනවා. ඒ මාර්ගයට බල්ලොත් ඉඳ හිට පනිනවා. බල්ලෝ බුරද්දී තවලම් ඉදිරියටම ගියා වගේ ඒ ගොල්ලන්ට ම එපා වෙනකම් ඒ ගොල්ලොත් ඇදගෙන යනවා.(නදී)
අනේ මන්දා ලොරියත් යන්නෙම හරහටනේ. ටෙන්ට් රෙද්දත් බිම වැටෙන්න වගේ. පස්සෙන් එන වාහනයක් උඩට ඒක වැටුනොත් තවත් අනතුරක් නේද? (නදී)
මෙවැනි අනාරක්ෂිත වාහන අධිවේගී මාර්ගයේ පෙරලුනහම අමාරුවේ වැටෙන්නේ අනිත් වාහන.(නදී)
පාරේ දුවන්නේ සුනකයෝ .(දිල්)
එහෙම නම් මේ වාහනේ කොහෙද මේ යන්නේ. ඔය තමා අදි වේගේ වාහන එලවන විදිහ. යසයි නේද. අපේ ඇත්තෝ පාරේ ඉරි ගහල තියෙන්නේ ලස්සනට කියල හිතනවා ඇතිනේ.(නදී)
මෙම බල්ලන් ඇතුළු වන්නේ පිවිසුම් දොරටුවෙන්. එම අයගේ කාර්යාලය අසල සිටින බල්ලන් රංචුව ඉවත් කිරීමට පියවර ගන්න.(නදී)
මෙම දැල් මිලට ගන්න පරණ යකඩ කඩ වෙළදුන් මෙල්ල කිරීමට ක්‍රියා මාර්ගයක් ගත නොහැකිද? (නදී)
සතුන්ට නිදහස නැද්ද නිදැල්ලේ හැසිරෙන්න.(නදී)
අර ලොරියේ ටෙන්ට් එක ආරක්ෂාකාරී මදි නේද? (නදී)
බල්ලෝ නම් ඉතින් දැනුමක් නැති අයනේ. හැබැයි මේ වගේ ලොරි සුපිරි මගේ යන්නේ පොලිසිය ඇස් පියා ගෙන ඉන්න නිසාද? මේ ලොරිය හා තුන් රෝද රියේ වෙනසක් නැහැ. ලොරියේ රෙද්දට හුලග පිරිලා පාලනය කරගන්න බැහැ. වේගය නිසා ලොරියට අනතුරක් වුනොත් පිටුපසින් යන අයට මොකද වෙන්නේ. උණුසුම් පුවතක් වෙන්න පුළුවන්. පින්තුරය ගත්තු කෙනානම් නියමෙටම අරගෙන.(නදී)
බල්ලට ඇති වැඩකුත් නෑ, හිමින් ගමනකුත් නෑ කියලා කියමනක් තියනවනේ. වේගයෙන් යන්ඩ අසාවට අදිවේගී පාරක ගියාට මොකද වෙන්නේ.(නදී)
අපේ රටේ පාපැදි වලින් යන අය අනිත් වාහන වල යන අයට වඩා බොහොම වැඩි නිසා ඒ අයටත් යන්න දෙන්න. සමාජවාදී ජනරජයක් වෙලාත් බහුතරයට කුඩම්මාගේ සැලකිලි මොකද? (නදී)
බොහොම වටිනා පින්තුරයක්. මේ වගේ දර පටවලා අදිවේගේ යන්න දෙන්න හොඳ නෑ මොකද යන වේගෙට දර බිම වැටිලා අනතුරු වෙන්න පුළුවන්.(නදී)
අදිවේගී මාර්ග තිබෙන දියුණු රටවල අයාලේ යන බල්ලෝ නැහැ. අපි සුපිරි මාර්ග හැදුවට බල්ලෝ තවම නිදා ගන්නේ පාරෙනේ. ඉතින් ඔය "සංස්කෘතික ඝට්ටනය" තිබෙන තුරු 'බලු අනතුරු' නම් නවත්වන්න බැරිවෙයි.(නදී)
"දකුණු සුපිරි මගට ආයෙත් බල්ලෝ එති". අපිට බල්ලෝ පෙන්වනවා හැරෙන්න වෙන පෙන්වලා දෙන්න දෙයක් ඇත්තේම නැද්ද?(නදී)
වැටේ දැල් ගලවලා තියෙන්නේ බල්ලන්ටත් වඩා අන්ත රංචුවක් කියලයි මට හිතෙන්නේ. බල්ලන්ට නම් තේරෙන්නේ නැහැ(දිල්)
බල්ලොත් එක්ක බෑ.(නදී)
මේ පුවත ගොඩක් වැදගත්. බල්ලෝ විතරක් නොවේ ලොරියත් අනාරක්ෂිත විදිහට දර ප්‍රවාහනය කරන්නේ අදිවේගයේ. මේකෙනුත් පස්සෙන් යන වාහන වලට බරපතල අනතුරු වෙන්න පුළුවන්. (දිල්)
ස්තුතියි මෙවැනි දේ වාර්තා කලාට ලංකාදීපයට. කවදා හරි පිලියමක් එයිනේ මෙහෙම පල කරාම.(නදී)
බලදාරින්ගේ ඇස් මේ දෙස යොමු වේවා! සල්ලිත් අරන් මේකට පිළියමක් නැත්නම් වැඩක් තියේද අදිවේගේ මාර්ගය. එහෙන් බයිසිකල් කාරයෝ ඇතුල් වෙනවා, මෙහෙ බල්ලෝ පාරේ නටනවා.(නදී)
සොරුන් ගලවාගත්තට එය අපේ ප්‍රශ්නයක් නෙමේ. ආරක්ෂක වැට වහාම හදනු.(නදී)
බලදරයනි වහාම පියවරක් ගන්න.(නදී)
(බල්ලන් පර මාරුවන ස්ථානය ඉදිරියෙන් ) යනුවෙන් පාරේ පුවරුවක් සවිකරන්න වැඩේ අහවරයි (දිල්)
මෙහෙම ගියොත් අපරාදේ සල්ලි(දිල්)
කෝ මේ බලධාරීන්, අධිවේගී මාර්ග වලට වෙනම පොලිස් සේවයකුත් ඇතිනේ. එයාලට බැරිද මෙය ආරක්ෂා කරන්න? පිවිසුම් වල අය දර ලොරියට වග කිව යුතුය.(නදී)
මේවා කාට කියන්නද(දිල්)
පාරවල් හැදුවට මදි ඒවා බලාගන්නත් ඕනෑ මහත්තයෝ.(නදී)
මුල් දවස්වල හැමෝගෙම අවධානය තිබුන නිසා පොලිසියත් ක්‍රියාත්මක බවක් පෙනෙන්න තිබුණා. දැන් කොල්ලොයි බල්ලොයි ඕනේ විදිහට යන්න පටන් අරන් වගෙයි.(නදී)
බල්ලොත් එක්ක බැහැ.(නදී)
අධිවේදී මාර්ගයක් කියන්නේ රත්තරන් හා සමාන වටිනාකමකින් යුක්ත පොළොවක්. කෝටි කීයක් එක අඩියක් සදහා වියදම් කරලා තියෙනවද?(නදී)