මිනිත්තු 45ක් තිස්සේ ගමනා ගමනය නතර වු දක්ෂිණ අධිවේගී මාර්ග ගාල්ල පිවිසුම් මග මින් මදවේලාවකට පෙර යළි විවෘත විය. පින්නදූව පිවිසුම අසලදී ගැමියකු මිය යාමේ සිද්ධියෙන් පසු ගැමියන් පාර අවිහිර කරමින් විරෝධය දැක් වූ අතර පොලිසිය පැමිණ මසක් ඇතුළත විසැඳුම් ලබා දීමට පොරොන්දු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දි, රතුපස්වල ප්‍රශ්නෙත් ඔය වගේම තමයි, එහෙ ඉන්න අය විතරයි එක දන්නේ, අපිටත් මාසෙකින් වතුර දෙනවයි කිව්වට මාස 03ක් වෙලත් තවම විසදුමක් නෑ. බව්සර් වතුරත් නැතිව අපි සහ අපේ ළමයි අර වස වතුරම බොනවා. ඒ නිසා බලාගෙන ඉන්න, ඔය ප්‍රශ්නෙත් ඒ වගේම ඉක්මනට විසදාවී.
ඔන්න ආවා "බන්දුල පෙරේරා" "මස් රාත්තල" සමග. තමන්ගේ අදහස් පිළිගන්නේ නැත්නම් මරනවා. ඊට වඩා කියන්න දෙයක් නෑ. අනෙක් අය දන්නවා. (නදී)
රොෂාන්: මේ රටේ දියුනුව දකින්න හැමෝම කැමතියි (අකමැති අයත් සුළු කොටසක් ඇති) ඒත් අපේ රටේ අහිංසක මිනිස්සු ලිඳේ ඉන්න ගෙමබන්ට සමාන කරන්න එපා. මේ මිනිස්සුන්ට ප්‍රස්නයක් ඇති. මිනිස්සු 4ක් මැරෙනකන් ඒ අය නීතියෙන් හරි බලදාරින්ගෙන් හරි උත්තරයක් ඉල්ලන්නන ඇති. එක නොලැබුණු නිසා මේ තත්වෙට එන්න ඇති. මේ පිළිවෙල වැරදි උනත්, ඒ අය වෙන මොනවා කරන්නද? (පුංචි දෙයටත් පාරවල් වසා අන් අය අපහසුතාවයට පත් කිරීම මෙයින් අනුමත නොකරන බව සලකන්න).(නදී)
බන්දුල පෙරේරා 2013-11-03 09:10:10 ප්‍රශ්නය වවාගෙන කන්න හදන මිනිස්සුන්ට, සත්‍යය පිළිගන්න කැමති නැති මිනිස්සුන්ට, (ඔය කියන්නේ ප්‍රස්නයක් තියෙන තැනක් දැකලවත් නැතුව තමන් හිතේ මවාගත් දේශපාලන කෝණයන්ගෙන් 'බුද්ධිමත්ව ' බලා අන්තර්ජාලය හරහා තමන් හැම දෙයක්ම දන්නා බව අගවමින් ප්‍රතිචාර දක්වන බන්දුල වගේ ය ගැනද?(නදී)
ප්‍රශ්නය වවාගෙන කන්න හදන මිනිස්සුන්ට, සත්‍යය පිළිගන්න කැමති නැති මිනිස්සුන්ට, තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් අනෙක් මිනිස්සුන්ගෙන් පළිගන්න හදන මිනිස්සුන්ට, මස් රාත්තලම ඉල්ලාගෙන අවස්ථාවාදීන්ගේ දේශපාලන අභිමතාර්ථ ඉටුකර දෙන්න දගලන මිනිස්සුන්ට, ඉතින් දෙනවා නම් දෙන්න තිබෙන හොදම හා තේරෙන හා ඉක්මන්ම විසදුම තමයි හමුදාව එදා වැලිවේරියේදී දුන්නේ.. (නි)
අපේ රටේ මිනිසුන් තාමත් ළිදේ ඉන්න ගෙම්බෝ වගෙයි හැසිරෙන්නේ.ඒ අයට දියුණු රටවල විස්තර ඇතුලත් චිත්‍රපටි පෙන්නන්න ඕනෑ හැදෙන්න (නි)
මෙවැනි පාරවල් වල ඇවිදගෙන යාමත් බරපතල වරදක්. වෙන රටවල දඩ ගහනවා. දෙපැත්තේ ලොකු වැටක් පවා තිබෙනවා. පොඩි සතෙකුටවත් යා නොහැකි විදියට. (නි)
කේ.එච්.ආර්.කේ.දිසානායක, මිනිස්සු 4ක් මැරුණා කියන්නේ ප්‍රශ්නයක් නොවෙයිද? උද්ගෝෂණය කළේ ඊට පස්සේ. අධිවේගී මාර්ග අපේ ජනතාවට හුරු නැහැ. ඕනෑම දියුණු රටක වුණත් නුහුරු දෙයක් වුණහම දැනුවත් කරනවා. ඔයා වෙන රටකට ගිහිල්ලවත් ඇති නේද? කොහොමද ඒ පරිසරයට හුරු වුණේ කියලා හිතන්න. "දුවන්න ගහන එක" නොවෙයි විසඳුම. (නි)
මමත් මෙතනින් පිටවෙලා තියෙනවා, ඇතුල්වෙලා නම් නැහැ. මටනම් විශේෂයක් පෙනුනේ නැහැ. මොකක් ද මේ පින්නදූවේ තියෙන ලොකු අනතුරු දායක බව ? (ස)
මේ මිනිස්සු හයි වේ වල යන්නවත් දන්නේ නැහැ, මන්තීරු දෙක මැද්දේ යන්නේ, ශිෂ්ට වෙන්න තව සැහෙන කලක් යාවි (ස)
පිවිසුමෙන් පිටත වුණ සිදුවීමකට අධිවේගි මගේ ගමන් කරන ජනතාව අපහසුතාවයට පත්කිරීම අනුමත කළ නොහැකියි. නොදන්නා මහජනයාට දෑනුවත්වීම සදහා නීතිරීති පිළිබදව දෑන්වීම් පුවරු කීපයක් පිවිසුම් දොරටු අභියස හා විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කරන්නේ නම් අනතුරු අවම කරගත හැක.මාර්ග නීති කඩන රියදුරන්ට දැඩි දඩුවම් දිය යුතුය.මිනිස් ජීවිත මුදලින් මිළ කළ නොහැක. (නි)
බහුතරයක් මෙහි අදහස් පලකරල තියෙන්නෙ, අපේ ජනතවගේ නොදැනුවත්කම මෙන්ම අපරික්ෂාව ගැන. මීට වඩා රථවාහන පොලිසිය ක්‍රියාකාරි වියයුතුයි. මහජනතාව විශේෂයෙන් ම අධිවේගී මාර්ග අසල ජනතාව, මගට ඇතුල්වන රියදුරන් විධිමත් ව දැනුවත් කලයුතුයි. දැන් දැන් අධිවේගි මාර්ග ලංකාව තුල වඩවඩාත් භාවිතාවනනිසා, පාසැල් මට්ටමේ සිට ඉදිරි පරම්පරාව දැනුවත් කලයුතුයි. කටුනායක මාර්ගයෙහි මෙවැනි අනතුරු ඇතිවීමෙ ප්‍රවනතාව ඉතා ඉහලයි. (ස)
කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි සංඥා පුවරුවේ තත්පර ගණන පෙන්වන පුවරුව නම් දැන්මම අක්‍රියයි වගේ (නි)
සරත්, ඔයා දකුණේ කිවුවනේ.එහෙනම් පින්නදුවේ පිවිසුම් දොර දකින්න ඇතිනේ. එතන හරිම අනතුරුදායකයි. අපි බලමු මාසෙකින් විසදුම් දෙනවද කියලා.....? (නි)
අශාන්, ඔබ හිතන්නේ සැළසුමක් නොමැතිව මේ පාර හැදුවා කියලද? අපේ අයට නීති අඹරලා පෙවුවත් කරන්නේ තමන්ට ඕනෑ දෙයමනේ. අන්තිමට අමාරුවේ වැටුනම , ඔන්න වැරැද්ද තේරෙනවා. මියගිය අය ගැන කණගාටුයි. (නි)
පුදුම මිනිස්සු කොටසක්. කොහෙවත් සිදුවූ දෙයකට මහා මාර්ගය අවුරා ගමනාගමනයට බාධා කරන. අවබෝධයක් නොමැතිකම නුගත්කම මේවට හේතුව හෝ බංකොලොත් වූ කවුරු හරි පිටුපස ඉන්නට ඇති (නි)
හැම දෙයකටම හේතුවක් නැත්තම් හදාගෙන හරි උද්ඝෝෂණය කරන අයට දුවනකම් ගහන්නයි තියෙන්නේ (නි)
පාරක් හදනකොට සැළසුමක් තියෙන්න ඕනෑ (නි)
අපේ රටේ තවම මෝඩ මිනිස්සු ඉන්නවා. අධිවේගි මාර්ග තිබෙන වෙනත් රටවල්වල මිනිස්සු මාර්ගය හරහා ගමන් කර අනතුරක් සිදූවුණොත් කිසිම ගෙවිමක් හෝ රියදුරුට කිසිම දෙයක් නොකරයි. අර ඩයස් මහත්මයා කියු විදියට මිනිසුන් දැනුවත් කිරීම වැදගත්. අපේ රටේ මොන දෙය වුණත් මිනිස්සු උද්ඝෝෂණ කරයි. නැත්තම් ගහමරා ගනියි. ඔයදේ නැතිකරන්න පුළුල් මාධ්‍ය ව්‍යාපාරයක් ඇරඹිය යුතුයි. (නි)