IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


දකුණට විදුලිය දෙන්න පෞද්ගලික තේ වත්තක් හරහට හිටී

(අංජුල මහික වීරරත්න)

පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් අදින්නට සිදුවීමේ අර්බුදයක් නිසා සමස්ත දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන්  විදුලිය දීමට නොහැකි වීමේ ගැටලුව විසඳීම සඳහා කමිටුවක් පත් කිරීමට  රජය තීරණය කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුවට එළැඹ ඇත .

දකුණු පළාත ද ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ යාන්ත්‍රණයට සම්බන්ධ  කිරීම සඳහා පොල්පිටිය සිට හම්බන්තොට දක්වා කිලෝවොට් 220 ක ධාරිතාවයක් ගෙන යා හැකි විදුලි රැහැන් ඇදීමට යෝජිත වී තිබේ.

ආසියා සංවර්ධන බැංකුවේ ණය ආධාර මත මෙම  ව්‍යාපෘතිය ආරම්භ වුව ද එය ඉටු කිරීමට නොහැකිව ඇත්තේ පෞද්ගලික තේ වත්තක් මැදින්  මීටර් 600 ක දුරක් සම්ප්‍රේෂණ රැහැන් ඇදීමට සිදු වීමත් ඊට  වතු හිමිකරුගේ අනුමැතිය  අවශ්‍ය වීමත් නිසා බව හෙලි වී තිබේ.

එම වත්තේ හිමිකරු විසින් අදාල ඉඩම උඩින්  විදුලි රැහැන් ඇදීමට  විශාල වන්දි  මුදලක් ඉල්ලා සිටීමත් එම වන්දියේ වටිනාකම වරින් වර වෙනස් කිරීමත් නිසා මෙම ගැටලුව පැන නැගී ඇත.

එම පෞද්ගලික ඉඩම මතින් විදුලි රැහැන් ඇදීම වෙනුවෙන් රජයේ තක්සේරුව අනුව රුපියල් මිලියන 1.6ක් ගෙවීමට නිර්දේශ වී ඇතත් තේ වතු හිමිකරුවා මේ මුදල වෙනස් කරමින් මේ වන විට රුපියල් මිලියන 9.6 ක් ඉල්ලා සිටීම මත මෙම කටයුත්ත  ප්‍රමාද වී තිබේ. 

එම නිසා ස්වාධීන  තක්සේරුකරුවකු වෙත මෙම තක්සේරුව ලබාදීමටත් එම කටයුතු සම්බන්ධීකරණය කොට ගැටළුව විසදීමටත් කමිටුවක් පත් කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව අදාල  කමිටුව පත් කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමට නියම කර ඇත.

 

 



අදහස් (7)

දකුණට විදුලිය දෙන්න පෞද්ගලික තේ වත්තක් හරහට හිටී

SAM Saturday, 05 August 2023 07:51 AM

මීටර් 600 ක දුරක් සම්ප්‍රේෂණ රැහැන් ඇදීමට සිදුවීමත් ඊට වතු හිමිකරුගේ අනුමැතිය අවශ්‍යවීමත් නිසා ඔහු රජයේ තක්සේරු මුදලට වඩා අධික මුදලක් ඉල්ලන්නේ නම් මේ පිළිබඳව දන්වා "ජාතික අවශ්‍යතාවයන් ඉටුකිරීම" වෙනුවෙන් අධිකරණයට ගොස් නොමිලයේම එම ඉඩම හරහා විදුලි රැහැන් යෙදවීමට මසක් ඇතුළත අවසන් කිරීමටත් මෙම කාරණය අත්‍යාවශ්‍ය ජාතික අවශ්‍ය තත්වයන් සේ සලකා අධිකරණය මගින් ලබාදෙනු ඇත. මුදලක් ලබාදීමට අවශ්‍ය නම් රුපියල් ලක්ෂයක් වැනි මුදලක් ඉඩම් හිමිකරුවාට ලබාදීමට රජයට අධිකරණය අවසන්ව ලබාදෙනු ඇත. මුලිකව එකඟ වූ මිලියන 1.6ක් මුදල මිලියන 9.6 කින් වැඩිකිරීමට හේතුව කිසියම් දුෂිත ගනුදෙනුවක් සිදුවනවාද යන්න සැකයක් මතුව තිබේ.

:       0       0

Bamunuarachchi Saturday, 05 August 2023 10:57 AM

අතීතයේ ඔහොම විරුද්ධකම් පාපු බොහොම ඉඩකඩම් ආයතන ජනතාවගේ සුබසිද්ධිය සඳහා රජයට පවරාගෙන තිබෙනවා. විදුලි රැහැන් යන කොරිඩෝව රජයට පවරාගෙන විදුලි රැහැන් ඇද තේ වගාව කරගෙන යන්න ඉඩ දෙන්න. ඔවා ව්‍යාපෘති නවත්තන්න තරම් ප්‍රශ්න නොවෙයි...

:       2       19

චමින්ද Sunday, 06 August 2023 05:56 AM

ඔතරම් අධිබලැති විදුලි රැහැන් මාර්ගයක් යට තේ වගාව කරන්න අමාරුයි. මොකද ඒවායේ පවතින උෂ්ණත්වය වගාවට ඔරොත්තු දෙන්නේ නැහැ... විදුලිය වෙනුවෙන් වත්තක් නාස්ති කිරීම රටටම පාඩුවක් වෙනවා...

:       0       1

ලංකාරාණි Saturday, 05 August 2023 04:41 PM

බොහොම කලකට පෙර එක් නගරයක මගේ හිතවත් අයෙකුට දෙමහල් ගොඩනැගිල්ලක් තිබුණා එයට යාබදව මුස්ලිම් මුදලාලි කෙනෙකුට අයත් තනිමහලේ කුඩා ගොඩලැගිල්ලකුත් තිබුණා. ඉතින් මාර්ගය පුළුල් කිරීමට මේ දෙකම පවරා ගත්තාට දෙමහල් ගොඩනැගිල්ල සඳහා සුලු මුදලක් හා අනෙක් ගොඩනැගිල්ල සඳහා අතිවිශාල මුදලක් තක්සේරු දෙපාර්තමේන්තුව නියම කළා.. මෙතැනත් එහෙමයි කියලා පැහැදිලියි.. අන්තිමේ මගේ හිතවතා අධිකරණයට ගොස් සාධාරණයක් කරගත්තා. බොහෝවිට විදුලිබල මණ්ඩලය ඉතාමත් අසාධාරණ වැඩ කරනවා කියලා කියන්න සාක්ෂි තියෙනවා. තේ වත්තක් කියන්නේ විදේශ විනිමය උපයන රැකියා සපයන ආයතනයක් කියලා අනුන්ට ඊර්ෂ්‍යා කරන්නෝ නොදන්නවා වුණත් නුවනැත්තෝ හොඳින්ම දන්නවා අයිතිකරුගේ ඉල්ලීම සාධාරණයි..

:       5       13

mangala Saturday, 05 August 2023 05:25 PM

විදුලි මණ්ඩලේ වැඩ ගැන නම් කතා නෑ, හොඳම එක අලුතින් හදන සෝලා විදුලි ජනන පද්ධතිවල යුනිට් එකට ගෙවන ගාන රු.32යි... පරණ සෝලා විදුලි ජනන පද්ධතිවල යුනිට් එකට රු.22යි. එතකොට පරණ සෝලා විදුලි ජනන පද්ධති වලින් එන්නේ බාල විදුලි බලයක් අලුත් ඒවා ජනනය කරන්නේ ඉහළ බලයක් එහෙමද? එහෙම නම් පරණ බලාගාර වලින් දෙන යුනිට් වලට ගෙවල් වල මිනිස්සු ගෙවන්න ඕන පරණ ගාන නෙවෙයිද? මේ රටේ කිසිම දෙයක් ඉස්සරහට නෙවෙයි යන්නේ පස්සටම තමා. විදුලිබල මණ්ඩලේ මෙතැනත් කරනවා ඇත්තේ අසමජ්ජාති වැඩක්...

:       0       0

Nimal Saturday, 05 August 2023 11:27 PM

වතු හිමියා දේශපාලනයට සම්බන්ධ නැහැ... ඒකයි වැඩේ...!

:       0       0

දමයන්ති Tuesday, 08 August 2023 08:04 PM

මම මේ වත්ත දන්නවා දෙනියාය ආසනේ, ලස්සන වත්තක්. අයිතිකාරි සමගි ජන බලවේගයේ. ඉතිරි ටික ඕගොල්ල හිතා ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 12 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 29 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 578 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 656 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1377 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2621 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1419 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site