දකුණු සහ බස්නාහිර පළාත් සභා විසුරුවා හරින ලෙස ඉල්ලීමේ ලිපි ප්‍රධාන අමාත්‍යවරු විසින් ආණ්ඩුකාරවරුන්ට භාර දී ඇත. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසන්නේ පළාත් සභාව විසුරුවා හරින ලෙස ඉල්ලා කුමාරි බාලසූරිය ආණ්ඩුකාරවරියට ලිපියක් භාරදුන් බවයි. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද අද අදාළ ලිපිය අලෙවි මව්ලානා ආණ්ඩුකාරවරයාට භාරදුන්නේය. 12 දා මධ්‍යම රාත්‍රියේ පළාත් සභා දෙක විසුරුවා හැරීමට නියමිතය. පළාත් සභා විසුරුවා හැරීමෙන් පසු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කරනු ඇත. මාර්තු අග මැතිවරණය පැවැත්වෙනු ඇතැයි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට තියන ලොකුම ප්‍රශ්නය තමයි, අපේ තාප්ප විනාස වෙන එක. පොස්ටර් වල හිනා වෙච්ච මූනුයි අපිට වැද ගෙන ඉන්න මූනුයි තමයි අපිට දකින්න වෙන්නේ. (නදී)
චන්ද දායකයා රජ වන කාලයක් (දී)
ආණ්ඩුවට දකුණ නම් ප්‍රශ්නයක් නැතිවම දිනන්න පුළුවන් වෙයි. ඒත් බස්නාහිර නම් හරියටම කියන්න බෑ.මොනවා වුනත් අන්තිමට බර පැටවෙන්නේ ජනතාව පිට තමයි. (දී)
මේ මංජු කියන කෙනා මේ තරම් කඩේ යන්නේ ඇයි? (නදී)
ආණ්ඩුවට ගේමක් නැහැ.(නදී)
සල්ලි කන පළාත් සභා මට නම් පෙන්නන්ඩ බැහැ. අපේ පොඩි රටට මොන පළාත් සභාද? අපි ඡන්දය වර්ජනය කරමු.(නදී)
ජන්දෙන් පස්සේ මොනවා ගණන් යයිද?(නදී)
ඡන්දෙන් පස්සේ දිනපු අය අපේ තාප්ප්වල් ටිකත් සුද්ද කරලා දෙනවා නම් තමයි හොඳ.(නදී)
පුදුම වැඩක් සභා දෙකම එකම දවසේ විසුරුවන්ඩ ඉල්ලන එක මොකක් හෝ බාහිර බලවේගයක් ඇති.(නදී)
එහිට මෙහාට දොස්පවරන්න එපා.
මංජු,මී හරක් කැමති මඩටමයි, ඌරො කැමති ජරාවටමයි. එහෙනම් ඔබත් එහෙමමද? (නදී)
දැන් ඉතින් තියෙන්නේ වරිග සභා නේ මේකට දැන්ම නම් කරලා.(නදී)
පලාත් සභා ජනතාවට බොරු බරක්. මේවා අහෝසි කල යුතුයි.(නදී)
දේශපාලකයින්ට දොස් කියලා වැඩක් නැහැ ඡන්ද දායකයෝ ඉන්නකම්.(නදී)
බස්නාහිර ආණ්ඩුවට ලේසි නැහැ. දකුණ නම් ආණ්ඩුවට ගේමක් නැතිවෙයි. ජනපති තුමාගේ රටේ වැඩිපුර බලය දකුණේ තිබෙන නිසා රටේ ජනතාවට බුද්දිය ලැබේවා ඔය සබාවට දුක හදුනන නියෝජිත පිරිසක් පත් කිරීමට.(නදී)
බස්නාහිර නම් ආණ්ඩුවෙන් විසිවෙන ලකුණු තියෙන්නේ. දකුණ නම් කොහොමද දන්නේ නෑ.(නදී)
අපේ සල්ලි.(නදී)
මේ සභා වලට යන කාගෙන්වත් වැඩක් නැහැ.(නදී)
හිනාවෙන්න බැරුව හිටපු අයට හිනාවෙන්න හැකියාව ලැබෙයි.(නදී)
දකුණ යලි බාරයි ශාන් විජයලාල් මැතිදුනි ඔබට. ඔබගේ විජයග්‍රහණය ස්ථිරයි.(නදී)
තවත් මැතිවරණයක් අපේක්ෂක උදවියගේ මුණත් තහඩුව ඉදිරියට බැබලෙයි වගේ.(නදී)