කොරියානු අග‍්‍රාමාත්‍ය චන්ග් හොන්ග් වොන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ අංගනයේදී දිවියිනට පැමිණි කොරියානු අග‍්‍රාමාත්‍ය චන්ග් හොන්ග් වොන් මහතාව ගුවන්හමුදා උත්තමාචාර මැද උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි දිසානායක, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා ඇතූලූ මැති ඇමතිවරුන් විසින් ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.
ශ‍්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව මෙම නිල සංචාරය සිදුවන අතර 1977 වසරේදී ශ‍්‍රී ලංකාව සහ කොරියාව අතර රාජ්්‍ය තාන්ත‍්‍රික සබඳතා ආරම්භ කළ පසු කොරියානු අගමැතිවරයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය වේ.
මෙම සංචාරයේදී කොරියානු අගමැතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති ආචාර්ය දී.මූ ජයරත්න යන මහත්වරුන් හමුවී සාකච්ඡුා කිරීමට නියමිතය.
ශ‍්‍රී ලංකා - කොරියා පාරිසරික සහයෝඟීතා සංසඳයේ සැසියකට සහභාගි වන කොරියානු අගමැතිවරයා දකුණු කොළඹ වරාය නිරීක්ෂණය කිරීමට දි නියමිත අතර ශ‍්‍රී ලංකාවේ සරසවි සිසුන් සමඟ විශේෂ හමුවකට සහභාගි වීමටද නියමිතය.
මෙම අවස්ථාවට සමාජ සේවා අමාත්‍ය පීලික්ස් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග යන මහත්මීන්ද, විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීන්ද, ගුවන්තොටුපොළ උසස් නිලධාරීහුද එක් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංජුල, ඔයා කියන දේ හරි ඒ වුනත් අපි ඊට වඩා ගැඹුරින් සිතිය යුතු කාලයකයි ඉන්නේ. ශ්‍රී ලංකන් සමගම පාඩු ලබන ආයතනයක් බව ඔප්පුවෙලා තියෙන්නේ. (ස)
මෙතුමා ආවේ පිල්ලේ නෝනා හම්බවෙන්නවත්ද මට නම් ඇල්ලුවේ නෑ වැඩේ. (ස)
ජනක කාටවත් සුදුහුණු ගාන්න හදන්නේ තව කෙනෙකුට මඩ ගහන්න බලාගෙන වෙන්න ඇති. එ320 ගුවන් යානා ගුවන් සේවයේ අභිමතය පරිදි අසන සවි කරගන්නවා සාමාන්‍යයෙන් පළමු පන්තියේ සහ ව්‍යාපාරික පන්තියේ ආසන නැත්තේ අඩු වියදම් ගුවන් සේවාවල(බජට් එයාර් ලයින්ස් ). කටාර් ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් සේවයක් කටාර් සිට ලංකාවට ව්‍යාපාරික පංතියේ ආසනයක් මේදවස්වල කටාර් රියල් 3500 විතර වෙනවා. කළුවරේ අතපත ගන්නේ නැතුව අපි බලමු මෙරටවලින් අපට ඉගෙන ගන්න මොනවහරි තියෙනවද කියලා. (ස)
ඉන්දියාවේ තවම මන්ත්‍රීවරු වැඩි හරියක් පාවිච්චි කරන්නේ ඒ රටේ ගොඩක් පරණ කාර්. ඒකට අපේ ලංකාවේ යන්නේ කෝටි දෙක තුන වටිනා කාර් වල. (නි)
කුමාර විතරයි මෙතන බුද්ධිමත් විදියට අදහසක් දාලා තියෙන්නේ.ලංකාවේ මිනිසුන්ගේ ගතිය තමා කට තිබුන පලියට ඔහේ කියවීම.ඒ පුද්ගලයාගෙන් යමක් ගන්න එකද වැදගත් නැත්නම් ආපු ගුවන් යානය මොකක්ද කියන එකද? (නි)
ජනක, ඔය මේ ෆ්ලයිට් වල ගිහිල්ලා තියෙනවද ? දන්නේ නැති දේවල් නොකියා ඉන්නවාද. (නි)
ගුවන් යානය ගැන තර්ක කරන හැමෝටම කියන්නේ, රාජ්‍ය නායකයා යන ගුවන් සේවාව ගැන සාමාන්‍ය මිනිස්සු ගොඩක් ඉහලින් විශ්වාසය තියනවා, ප්‍රචාරණයට සහ ආරක්ෂාව අතින් හොදයි කියන පණිවිඩය ලෝකයට යනවා. (නි)
එයා රාජ්‍ය නායකයෙක්. නැත්නම් මොකද රතු පලස් දාලා පිළිගන්නේ. (ස)
කවිරුත් බයවෙන්ට කාරි නැතුවා මෙයා ආපහු යන්නේ කොරියන් එයාර් එහෙක.(නදී)
මෙතුමාගෙන් හැකිතරම් තාක්ෂණික අංශයෙන් සහයෝගය ඉල්ලන්න.සුර්ය බලශක්තිය,පරිගණක තාක්ෂණය,කෘෂි තාක්ෂණය,සහ අපේ සරසවි පද්ධතියට පර්යේෂණ අංශයට හැකි තරම් මේ රටෙන් සහයෝගය ගන්න ඕනේ. (ස)
මෙතුමා ආවේ බහරේන් රටේ ඉඳලා දින තුනක නිල සංචාරයක් අවසන් වීමෙන්. (ස)
ඒ විතරක් නොවෙයි , මේ යානය ඒ320 වර්ගයේ කුඩා යානයක් , බිස්නස් ක්ලාස්, ෆර්ස්ට් ක්ලාස් නැහැ. පුදුමයි ඒත් ඇත්තයි.. (ස)
මෙතුමා කොරියාවේ අගමැති තමයි. කොරියාවේ රාජ්‍ය නායකයා තමයි ඒ රටේ ජනාධිපති. අගමැති වෙන්න මන්ත්‍රී කෙනෙක් වෙන්න ඕනෑම නැහැ. (ස)
මම කියුවේ රාජ්‍ය නායකයෙක්ගේ සංචාරය ගැන මිසක් වෙනත් දේවල් ගැන නෙවෙයි. එහෙම නම් 1977න් පස්සේ විවෘත ආර්ථිකයත් සමග අපේ බොහො දෙවල් අහිමිවෙලා තියෙනවා. එදා ඉඳලා මේ දක්වා රට පාලනය කරපු හැමෝම මේ තත්වයට වග කියා යුතුයි. කාලයක් තිස්සේ කරපු වැරදි වර්තමානයට පටවල අත හෝදගන්න කාටවත් බැහැ.ඒ හැමෝම නුපන් දරුවන්ව ණයකාරයෝ කලාට වග උත්තරකරුවන් විය යුතුයි. (ස)
මෙයා ඇවිල්ලා තියෙන්නේ කටාර් ගුවන් ආයතනයකට තියෙන ගුවන් යානයකින්. කොරියාව කියන්නේ අපේ රටටත් වැඩිය දියුණු රටක්. කොරියන් එයාර් ගුවන් යානා තියෙද්දී ඒ යානාවකින් ආවේ නැහැ. ඒකට අපේ අය ශ්‍රීලන්කන් ගුවන් යානාවක්ම අරගෙන තව මන්ත්‍රී ඇමතිලත් දාගෙන යනවා ලෝකේ වටේම. අනේ අපොයි කිව්වාලු.(නදී)
මේ ගැන මටත් සැකයි. ඇයි ක්වේට් එයාර් වේස් එකෙන් ආවේ කියලා. (ස)
මෙය ක්වේට් වල ඉඳලා ආවත්,කොරියා වල ඉඳලා ආවත්, අපි හොඳ දේ අගය කරන්න ඕනේ, මෙයටත් ඕනෙ නම් තිබුණනේ එයාලගෙම එයාර්ලයින් එකකින් වෙනමම ගුවන් යානයකින් එන්න, අපේ අය හැමදාම හිතෙන්නේ, තමන් පිම්බෙන්නේ කොහොමද කියලා, අපි අභිමානය ගැන කතා කරනවා, රටේ ප්‍රතිරූපය කතා කරනවා, ඒත් නුපන් දරුවෝත් ලෝකෙට ණයයි, මැද පෙරදිග වලන් හෝදන්න යන්නේ අපේ අය. එතකොට අපේ අභිමානය කෝ,ප්‍රතිරූපය කෝ. හැමදේම ගැන මහා ලොකුවට කතා කරනවා, ඉතිහාසය ගැන කියනවා ඇරෙන්න වර්තමානය හෝ අනාගතය ගැන අපිට කතා කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. අපි කොහෙද ඉන්නේ කියල අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. (ස)
ජයන්ත මමත් ඔයා කියපු දේ කියන්නයි හැදුවේ.ඔයා කියන කතාව ඇත්ත, (ස)
මෙයා එන්න ඇත්තේ කටාර් රටේ ඉඳලා වෙන්න ඇති. ඊයේ උදේ ආවා නම් අනිවාර්යෙන්ම කටාර් ඉඳලා. අනික මෙයා කොරියාවේ රාජ්‍ය නායකයා නෙවෙයි. රාජ්‍ය නායකයෙක් යනවා නම් වෙනත් රටකට තමන්ගේ රටේ ගුවන් සේවයේ ගුවන් යානයක් පාවිච්චි කරන්නේ. ඒක රටට අභිමානයක් ගෙන්න ඕන නිසා. කිසිම රාජ්‍ය නායකයෙක් කැමති නැහැ රටේ ප්‍රතිරූපයට හානියක් වෙනවට. (ස)
මෙන්න ආදර්ශවත් රාජ්‍ය නායකයෝ ..මේක තමයි මේ රටවල දියුණු වීමේ රහස... (ස)
අනේ හොදයි! අපේ රටේ තව කොල්ලෝ කෙල්ලෝ ටිකක් වැඩිපුර කොරියා යවා ගත්තහැකි (නි)
ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත. ලංකාවේ නම් පාඩු පිට දිව්වත් වෙනම ගුවන් යානාවක් බූක් කරගෙනනේ එන්නේ (නි)
ජයන්ත, මට හිතුන දේ කියලා ඉවරයි. බොහොම ස්තුතියි. රටවල් දියුණු වෙන්නේ කොහොමද කියලා මේවා තමා නිදසුන්. (නි)
කටාර් ගුවන් යානයකින් ඇවිල්ලා තියෙන්නේ. එයාට හොදට සළකන්න..... (නි)
ජයන්ත, උඩ බලාගෙන කෙල ගහන්නෙඑපා. මුනට වැටෙන්නේ. අවස්ථාවේ හැටියට තමා ගුවන් යානා පාවිච්චි කරන්නේ. (නි)
මොනවාද මේ කතා? කොරියන් එයා වලට තියෙන්නේ ගුවන් යානා 149 නේ. එහෙත් එහෙ අගමැතිට එක යානාවක්වත් තියෙනවද? එහෙමද අපිට? ශ්‍රී ලංකන් එයා ගුවන් යානා 23 තියෙනවානේ. (නි)
ජයන්තගේ කතාව සහතික ඇත්ත මාත් කියන්න හැදුව විතරයි.අපේ ගුවන්සේවයේ ගියාම පරම්පරාවම ගෙනියන්න පුළුවන්. වෙනරටක ගුවන්සේවයක ගිහාම ටිකට් ගන්න ඕනෙනේ තමන්ගේ මැට්ටන් තම්මට්ටන් කිව්වලු.ඉතින් පාඩු ලබන එක අහන්න දෙයක්ද? (අ)