IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දක්ෂිණ අධිවේගයේ ගමන් නවතී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම අසල පැවති උද්ඝෝෂණයක් නිසා එම මාර්ගයේ බස්  සේවා අවහිර විය.

මීට ආසන්නම සිද්ධිය වුයේ එම පිවිසුම අසලදී ගම්වැසියෙකු රිය අනතුරකින් මිය යාමයි.

ගම්වැසියන් කියනුයේ පසුගිය කාලයේ මෙහි සිව් දෙනෙකු මිය ගිය බවයි. සුදුසු ආරක්ෂක තත්වයක් ඇති කරන්නැයි ඔවුහු ඉල්ලති.

 දෙසීයක් පමණ උද්ඝෝෂකයෝ මළ ගෙදර අවසන් කටයුතු සිදුවෙමින් පවතිද්දි පාරට පැමිණ උද්ඝෝෂණය ඇරඹුහ.



අදහස් (0)

දක්ෂිණ අධිවේගයේ ගමන් නවතී

වොචර් Sunday, 03 November 2013 03:32 PM

ආදී වේග මාර්ග ඇති අනෙක් බොහෝ රටවල් ඒවාට ඇතුල් වෙන්න සීමා නැහැ. හැබැයි හොද කලමනාකරණයක් තියනවා. රියදුරන් මෙන්ම පාර භාවිතා කරන අනෙක් අයත් හරිම විනය ගරුකයි. ඒක එන්නේ රටේ තියන නීතියේ බල මහිමයයි නිසා. නිතියක් නැති රටක විනයක් ඇතිකරන්න බැහැ.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Sunday, 03 November 2013 12:57 AM

සුරන්, මෝඩ කතා කියන්න එපා. සංසන්දනාත්මකව ශ්‍රී ලාංකිකයෝ 90% අධ්‍යාපනයක් ලැබූ අය. කතාව පටන් ගන්නේ අපි නූගතුන් කියලා. දඬුවම් කරන්න කියන්නේ පදිකයන්ටද? අපි ඉන්න රටවල් වල පදික වේදිකා තිබෙනවා.පාරවල් අයිනටම කරලා ගෙවල් හදපුවම පාරේ යන අය කොහෙන් යන්නද? (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 03 November 2013 01:56 AM

අධිවේගී පිටවීම් දොරටුවක් ළඟ කහ ඉරක්? මට නිකං මොකද්දෝ මොකද්දෝ වගේ. ඇයි මේ පාරවල් මේකට පළි? මිනිසුන් 4 ක් මිය ගිය එක ඇත්ත සිද්ධියක් නම්, ඒවාට පිළියම් නොයෙදුවේ ඇයි? අධිවේගී මාර්ගයකට මිනිසුන්ට ඇතුළු වෙන්න ඉඩ තියෙන්නේ මොන රටේද? (නි)

:       0       0

නිමල් Sunday, 03 November 2013 02:16 AM

ඔය සුරන් කියන කෙනාගේ කිට්ටුවන්තයෙක් මෙහෙම මියගියා නම් ඔන්න එතකොට මතක්වෙයි කවුද උගත් කවුද නූගත් කියලා (නි)

:       0       0

පිනි බබා Sunday, 03 November 2013 05:32 AM

මේ පාර හැදීමෙන් හොද දේවල් සහ නරක දේවල් වුණා. හොද දේවල් කවුරුත් දන්නවා. ඒවා කියන්න ඕනෑ නැහැ. මං දකින නරක දේවල් තමයි එක වත්තේ එකට ජිවත් වූ දෙමාපිය දරුවන් වෙන් වුණා. දැන් එයාලට තමන්ගේ අම්මලා බලන්න යන්න වෙන්නේ ලොකු රව්මක් ගහලා. හිතවතුන් වෙන් වුණා. මොකද මේ පාර ගිහින් තියෙන්නේ ඒ අයගේ වත්ත මැද්දෙන්. (නි)

:       0       0

සමන් Sunday, 03 November 2013 07:34 AM

මේ රටේ නිලධාරින්ට මිනිස් ජීවිත වල වටිනාකමක් නැතිවෙලා තියෙන්නේ වැරදී කරන නිලධාරින්ට පහසුවෙන් ගැලවිලා ඉන්න පුළුවන් නිසා.හොඳම උදාහරණය අචලාගේ අත කැපු වෛද්‍යවරු කිසිම කෙනෙකුට දඬුවමක් ලැබුනද.හෙදියන්ගේත් ඔය ටිකමයි. ඔය වෘත්තිය සමිති වලට බයේ දඬුවම් දෙන්නේ නැහැ.මේවා දකින මිනිස්සු වැරදි කරන්න වගකීම් පැහැර හරින්න බය නැහැ. (නි)

:       0       0

අනුර Sunday, 03 November 2013 08:38 AM

පදික මාරුවක් පිහිටුවීම මීට විසදුමක් වේවි (නි)

:       0       0

චමත් [ලංකාව] Sunday, 03 November 2013 08:41 AM

පිනි බබා, ඕකට හේතුව ලෙස මෙම අධිවේග මාර්ගයේ[ සමහර] කටයුතු අඩු සැළසුමකින් කර ඇතැයි බව මට හැගේ. මම මේ අධිවේග වල කිසිදා ගමන් කර නැත. ඇහැටවත් දැක නැත. පුවත්පත් කියැවීමෙන් හා මෙහි අදහස් කියවීමෙනුයි මා යම් යම් නිගමන වලට එන්නේ. මා වැරදි නම් නිවැරදි කරන්න. මේ අධිවේගය සැදීමට පෙර යම් මාර්ගයක් මේ හරහා ගොස් තිබුනේ නම්, එයට විකල්පයක් ලෙස අධිවේගය හරහා [උඩින්] මගී පාලම් ඉදිකිරීම කළ යුතුව තිබුණි. එවිට පිනි බබා කියනා ලොකු රවුමක් යාමට අවශ්‍ය වන්නේ නැත. නමුත් එයට දැන් ප්‍රමාද වැඩිය. දැනුත් එවැනි පාලම් සැදිය හැකිය. එවිට සිදුවන්නේ අධිවේගය මාස ගණනකට වසා දැමීමට සිදුවීමයි. (නි)

:       0       0

මංජුල අබු ඩාබි සිට Sunday, 03 November 2013 05:59 PM

ඔබගේ පහත සඳහන් අදහසට මම ගරු කරමි. එය අපිට හොදින් දැනෙනවා නීති ගරුක රටක ජිවත්වෙනකොට. වොචර් 2013-11-03 15:32:17 ආදී වේග මාර්ග ඇති අනෙක් බොහෝ රටවල් ඒවාට ඇතුල් වෙන්න සීමා නැහැ. හැබැයි හොද කලමනාකරණයක් තියනවා. රියදුරන් මෙන්ම පාර භාවිතා කරන අනෙක් අයත් හරිම විනය ගරුකයි. ඒක එන්නේ රටේ තියන නීතියේ බල මහිමයයි නිසා. නිතියක් නැති රටක විනයක් ඇතිකරන්න බැහැ.(නදී)

:       0       0

නිමල් Sunday, 03 November 2013 09:36 AM

අධිවේගී මාර්ගවල පදිකයන්ට පාර හරහා මාරුවීම සදහා පදික මාරු සළකුණු කරනවද? ආරක්‍ෂිත වැටවල් නැද්ද? මේවට වගකිවයුත්තෝ මෙම මාර්ග සැලසුම් කළ නිලධාරීන්. (නි)

:       0       0

මංජුල අබු ඩාබි සිට Sunday, 03 November 2013 10:03 AM

මෙය ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රථම මාර්ග අනතුර නොවෙයි. මෙවැනි අනතුරු රියදුරන්ගේ නොසැළකිල්ල නිසා පමණක් නොව මගීන්ගේ විනයක් නොමැතිව නොසැළකිල්ලෙන් මාර්ගය පරිහණය කිරීමේදීද සිදුවෙනවා. නමුත් වරද සැමවිටම රියදුරන්ට සහ පාලකයන්ට යොමුකිරිම සාධාරණද යන්න සොයා බැලිය යුතු කාරණයකි. අධිවේගී මාර්ගයට ප්‍රවේශ වීම සඳහා පින්නදුව අන්තර් හුවමාරුවේ සිට ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දෙවට මංසන්දිය දක්වා අලුතින් නිමකරන ලද මේ මාර්ගය හරහා අතුරු මාර්ග කිහිපයක් (තුනක් හෝ හතරක්) සහ ගාල්ල දෙනියාය ප්‍රධාන මාර්ගයද වේ. ගාල්ල දෙනියාය මාර්ගය ප්‍රවේශ මාර්ගය හරහා යන නුගදුව මන්සන්ධියේ වර්ණ සංඥා සවි කර ඇති නමුත් අනෙකුත් මාර්ග වන උඩුගම ගාල්ල ප්‍රධාන මාර්ගයේ ඇති ගිනිගල්තුඩුව මංසන්දියෙන් පටන් ගන්න මාර්ගය සහ යක්ගහ මංසන්ධියෙන් පටන්ගන්න මාර්ග අතුරු මාර්ග බැවින් එසේ වර්ණ සංඥා අවශ්‍ය නොවේ. සමහරු කියන පරිදි ප්‍රවේශ මාර්ගයේ අධික වේගයකින් ගමන් කිරීමට හැකියාවක් නැත. මන්ද මා කලින් සඳහන් කරන ලද අතුරු මාර්ග වලින් නොහික්මුණු ආකාරයෙන් ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වන පාපැදි යතුරුපැදී සහ ත්‍රි රෝද රථ මා අනන්තවත් දැක ඇත. ඒවගේ මා දෙවරක් අනතුරට ලක්වීමට ගොස් මහත් ආයාසයෙන් යුතුව බේරුණු හැටි තවමත් මතකය. මාර්ගය තමන්ගේ බුදලයක් සේ සිතා හරහා පයින් යන පිරිස් නැත්තේද නොවේ. ඒ නිසා දියත් කළ යුත්තේ මාර්ග අවහිර කර උද්ගෝෂණය කරන්නන්ට උඩගෙඩි දීම නොව පුද්ගල විනය හැදීමට යමක්ය. (නි)

:       0       0

ග්‍රේඩ් Sunday, 03 November 2013 10:51 AM

කොහොමත් ලංකාවේ හැමදෙයකටම පාරවහගෙන කරන මෙම විගඩම් වහාම නැවතිය යුතුය (දී)

:       0       0

සුරන් Saturday, 02 November 2013 06:27 PM

ලංකාවෙ ජීවත් වෙන්නෙ නූගත් මිනිසුන්. හැමදේකටම පාරවල් වහලා චණ්ඩි වෙනවා. ඒ පාරවල් වල යන අයද ඔවුන්ගේ ප්‍ර්ශ්න වලට වග කියන්න ඕනෑ. පාරක අනතුරු වෙන්නෙ වාහන වගේම මිනිස්සුන්ගෙත් වැරදි නිසා. ලංකාවෙ මිනිස්සු පාරවල් වල යන්නෙ පාරවල් බදු අරන්. කිසිම නීතියක් පිළිපදින්නෙ නැහැ. අන්තිමට මොකක්හරි වුණහම වාහන තමා වැරදි. මේ විදියට අනිත් මිනිස්සුන්ගේ වෙලාව කන අයට තරාතිරම නොබලා දඩුවම් කළ යුතුයි (නි)

:       0       0

චන්දි Saturday, 02 November 2013 06:32 PM

ඇත්ත, පින්නදුව පිවිසුම ළග හරිම අනතුරුදායකයි. ඉක්මනින් විසදුමක් දෙන්න. පාර අවහිර කරන්න එපා. ඒකෙන් තැලෙන්නේ අපේම ජනතාවයි! (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 02 November 2013 06:45 PM

සුරන්, එතකොට ඔය ලංකාවේ නෙමෙයිද? නිකන් මෝඩ කතා කියන්න එපා.මිනිසුන් හතර දෙනෙක් මැරෙනකනුත් නිහඬව බලා හිටි නිලධාරීන් ගැන මොකද කියන්නේ? අනතුරු හතරක් වුණ තැන අඩුතරමේ අවදානම් හැටියටවත් සළකලා බෝර්ඩ් කෑල්ලක් ගහන්න තරම්වත් අපේ නිලධාරින්ට මොළයක් නැද්ද? (නි)

:       0       0

බාබා Sunday, 03 November 2013 11:23 AM

සුසන්ත, ඔය අධි වේගී මාර්ගය නෙවෙයි. අධිවේග පිවිසුම් මාර්ගය. ඒක සාමාන්‍ය පාරක්. ඔතන වැරැද්ද තියෙන්නේ වාහන වල. එයාලා හයිවේ එකෙන් එලියට ඇවිත් මේ පාරෙත් 100ට යනවා. (නදී)

:       0       0

එඩ්වර්ඩ් ඩොමිනිකන් Sunday, 03 November 2013 07:40 PM

සුරන් නිකම් මෝඩයෙක් වගේ කතා කරන්න එපා (නදී)

:       0       0

වජිර Sunday, 03 November 2013 07:41 PM

මේක අදිවේග පාර නොව අදි වේගයට පිවිසෙන පාරය,මෙයද මංතීරු 4 සහිතය. එම නිසා අදි වේගයට යන එන වාහන මෙම පාරේද වේගයෙන් දාවනය කරනවා. ඒ වගේම පාරේ තැන් කිපයකම කහ ඉරි ලකුණු කර තිබෙනවා පදිකයන්ට මාරුවෙන්න,එක වැරදිය එසේ කරනවානම් කහ ඊට කලින් හම්ප් සවි කළ යුතුය. නැත්නම් පදික මාරුවට ගුවන් පාලම් ඉදිකල යුතුය. (නදී)

:       0       0

කමල් Saturday, 02 November 2013 07:01 PM

මිනිසුන් හතරක් මිය ගිය බව සත්‍යය නම්, නිදා සිටි බලධාරීන්ට නිසි දඩුවම් ලබාදිය යුතුයි (නි)

:       0       0

රාවුප් Sunday, 03 November 2013 12:07 PM

මංජුලගේ අදහසට මම එකඟ වෙනවා. ප්‍රථමයෙන් කියන්න ඕන මේ මාර්ගය දක්ෂිණ අධිවේග මාර්ගය නොවන බව. මෙය එම මගට ඇතුල් වීමට ගාල්ල මාතර මාර්ගයේ සිට ඇති මාර්ගයි. (නදී)

:       0       0

රුමේෂ් Sunday, 03 November 2013 12:07 PM

මංජුලගේ අදහසට මම එකඟ වෙනවා. ප්‍රථමයෙන් කියන්න ඕන මේ මාර්ගය දක්ෂිණ අධිවේග මාර්ගය නොවන බව. මෙය එම මගට ඇතුල් වීමට ගාල්ල මාතර මාර්ගයේ සිට ඇති මාර්ගයි.(නදී)

:       0       0

නුවන් ඊජිප්තුව Sunday, 03 November 2013 12:31 PM

මේ අනතුර උනේ වලහඳුවේ මේ මනුස්සය ගේ වාහනේ( වැන් එකක් ) එක පාරටම පර හරහා යන්න ගිගින් තමයී කෙලින් පාරේ ආපු වාහනයක හැපුනේ. මේ ගමේ මිනිසුන්ට මේ පාර පුරුදු නැහැ. වාහන නැති වෙලාවට මේ හරිය හරිම පාලුයී. මිනිස්සු 4 ක් මරුනේ එකම තැන නෙවෙයී පින්නදුවේ එතනින් ගාල්ලට තියන පාරේ. (නදී)

:       0       0

කපිල Saturday, 02 November 2013 07:50 PM

හාරසීයක් මැරුණත් නිලධාරීන්ට මොකද? ඩියුටි ෆ්‍රී කාර්, නිල නිවාස, පඩි, විශ්‍රාම වැටුප් තියෙනවනේ (නි)

:       0       0

බමුණු Sunday, 03 November 2013 08:42 PM

සුරන් ඔබ හරි අදිව්ගී පාරට එන්නේ මොන කෙන්ගේඩියකටද? අපේ අයට තිරික්කල පාරවල් ටිකකුත් හදල දුන්නම හරි. (නදී)

:       0       0

චන්දරා Sunday, 03 November 2013 01:09 PM

වරද 90% රියදුරන්න්ගේ. මොකද අදිවේගේ න් පස්සේත් යන්නේ සීය පන්නලා.(නදී)

:       0       0

කර්තේලිස් අප්පුහාමි Saturday, 02 November 2013 08:08 PM

අපේ රට කන්නේ ඔය නිලධාරී පන්තිය තමයි. (නි)

:       0       0

කුමාර Saturday, 02 November 2013 08:48 PM

සුරන් වැනි අය නිසා තමයි ලංකාවට මේ කලදසාව ගිහින් තියෙන්නේ (නි)

:       0       0

අංජලී Saturday, 02 November 2013 09:00 PM

සුරන්ගේ කතාව හරි.හැමදෙයකටම එක පැත්තක් විතරක් වැරදි නැහැ. (නි)

:       0       0

චමින්ද Sunday, 03 November 2013 02:23 PM

බැටන් පොලු හමුදාවත් ඇවිල්ලා වගෙ. රෝස පාට සර්ට් එක ඇදන් ඉන්න මනුස්සයා අතේ තියෙන බැටන් පොල්ල දිහා බලන්න.(නදී)

:       0       0

සුදත් රෝහණ Saturday, 02 November 2013 09:43 PM

අධිවේගී මාර්ග අපට අලුත්.විශේෂයෙන් දකුණේ ගම්බද ජනතාවට.ඒ නිසා ඒ පිළිබඳ මිනිසුන්ට අවබෝධයක් ලබා දිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2348 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 235 0


මුල්කිරිගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 406 0


ගලගෙදර අනුරට
2024 සැප්තැම්බර් මස 22 368 0


බෙලිඅත්ත අනුරට
2024 සැප්තැම්බර් මස 22 691 0


ඇඳිරි නීතිය දික් කරයි
2024 සැප්තැම්බර් මස 22 385 0

අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14649 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 48 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 221 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site