‘සංජානා’ චිත‍්‍රපටයේ චරිතය ගැන ඔබට හිතෙන්නෙ කොහොමද?
අවුරුදු පහකට විතර පෙරදි එහි රඟපෑමට එක්වුනේ. මම හේමසිරි සෙල්ලප්පෙරුමගේ රඟපෑ එකම චිත‍්‍රපටය එයයි. පෙම්වතිය චරිතය තමයි එහි රඟපාන්නෙ.
පසුගිය දිනවල ලාල් වීරසිංහ මහතාගේ ”සිංගා මචංචාලි” චිත‍්‍රපටයේ චරිතයක් රඟපෑවා. ඊට අමතරව රූපවාහිනියේ රඟපෑ කුලැත්තියෝ නාට්‍යයේ චරිතයට මම ගොඩක් ආසයි. එය විකාශය වෙනකල් ඇඟිලි ගැන ගැන බලා සිටින්නෙ.
රූපවාහිනියෙ ඔබ නිතරම දකින්න ලැබෙන්නෙ නැහැ. ඔබගෙ ප‍්‍රධාන වෘත්තිය මොකක්ද?
සිනමා නිළියක්. ඊට අමතරව නර්තන ශිල්පිණියක්. නර්තන ශිල්පිනියක ලෙස එතෙර සහ මෙතෙර නර්තන ප‍්‍රසංගවලට දායක වෙනවා. වැඩි හරියක්ම විදේශීය රටවල පැවැත්වෙන නර්තන සංදර්ශනවලට සහභාගි වෙනවා.
නිතරම විදේශ සංචාරවල යෙදෙන්නේ ඒ නිසාද?
ඇත්තටම ඔව්. මම විතරක් නොවෙයි. සුරේෂ් ගමගේ, චිලි, රජිත හිරාන් (පිංපොං) ඇතුළු අපි හය දෙනෙක් විතර සිටින කණ්ඩායමක්. රංගනය, නර්තනය සහ ඩ‍්‍රාමා යන අංශ සියල්ලෙහි සංකලනයක් ලෙස තමයි අපි එහි දී ප‍්‍රසංග පවත්වන්නේ. ඒ විතරක්ම නොවෙයි ඒවා නැරඹීමට පැමිණෙන පිරිස් පවා අපි ප‍්‍රසංගයට දායක කරවා ගන්නවා. ඒ ප‍්‍රසංග ඇත්තටම හරි ජනපි‍්‍රයයි.
ඔබගේ වෘත්තීය ජිවිතයට ඒ දේ ප‍්‍රමාණවත්ද?
වෘත්තියක් ලෙස රංගනය, නර්තනය ලෝකයේ උසස්ම සහ වැඩිම වරප‍්‍රසාද ලැබෙන වෘත්තියක්. නමුත් අපේ රට ඇතුලෙ එහෙම වෙලා නැහැ. ජනතාවගෙන් ලැබෙන පිළිගැනීම ඉහළයි. නමුත් භාෂාව තිබිය යුතු තැන භාෂාව නැහැ. ලෝකයේ අනෙකුත් කලාකරුවනට ලැබෙන තැන සහ අපේ රටේ අපට ලැබෙන තැන හරි වෙනස්.
එහෙම නම් ඇයි ඔබ ලෝකයට ගිහින් යමක් කරන්න උත්සාහ නොගන්නේ?
ඒ වෙනුවෙන් අපට විවර වෙලා තියෙන මාර්ග හරි අඩුයි. අපට ලෝකයේ තරගකාරි බවක් ලැබිලා නැහැ. එක්කෝ අපි ලෝකයට යන පාරවල් විවර කරගෙන නැහැ. ඒ වගේම අපේ දක්‍ෂතාවලින් ගත යුතු උපරිමය අපෙන් අරගෙනත් නැහැ. එක්කෝ කල්ලිවාදය, එක්කෝ කැපිල්ල, ඔයවගේ වගේ දේවලූත් ඇති.
එහෙම නැතුව ඔබ අදක්‍ෂ නිසා නොවේද?
මම අදක්‍ෂ වුණා නම් ලංකාව ඇතුලෙ මෙච්චර දුර ගමනක් එන්න බැහැනේ. මා එක්ක කතා කරන බොහෝ රසික පිරිස් අහන්නෙ අනූෂා ඔයගේ හැකියාවෙන් තවම හරියට අපේ රට ප‍්‍රයෝජන ගෙන නැහැ කියලයි. ඒකට සමහර විට වාසනාවත් බලපානවා ඇති. මගේ දක්‍ෂතාවය ගැන මට කිසිම ප‍්‍රශ්නයක් නැහැ. මම ප‍්‍රධාන රංගන අංශය කර ගත්ත සිනමාව ඇතුලෙ තවම මට හරියට යමක් ලැබුණේ නැහැ.
ඇයි ඔබට, ඔබගේ උපරිම හැකියාව එළියට දාන්න ඔබගෙම නිර්මාණයක් කරන්න බැරි?
මම මගේ නර්තන සහ රංගන විෂයයට අවංකයි. අධ්‍යක්‍ෂණය සහ නිෂ්පාදනය මගේ විෂයන් නොවෙයි. ඒ හැරත් චිත‍්‍රපටයක් නිෂ්පාදනය කළ බොහෝ දෙනා එය තිරගතවීමෙන් පසු කතා කරන්නේ එය එළියට දාන්න තිබූ සහ තිරගත කළ කාලයේදී මුහුණ දුන් ගැටලූ ගැනයි. ප‍්‍රශ්න ගැනයි. දැන් මේ සංජානා වුණත් බලන්න. අවුරුදු පහකට පෙර කළ එය තිරගත වන්නේ දැන්. මේ විදියට මම රඟපෑ චිත‍්‍රපට හතක් විතර තිරගතවීමට නියමිතයි. එරංග සේනාරත්නගේ ”නෝනෙ මගෙ සුදු නෝනේ” සහ සුරංගද අල්විස්ගෙ ”මයි නේම් ඊස් බන්ධු” චිත‍්‍රපටයත් ඒ අතර වෙනව.
අපේ රටේ කලාකරුවො, කලාව නොකර දේශපාලනය කරන්නට යාම මේ සියලූ දේට මුල් නොවෙයිද?
කලාකරුවා දේශපාලනයට ගිහින් කලාවට යමක් ලබාදිය යුතුයි. ඔහු හෝ ඇය දේශපාලනයට යා යුත්තේ ඒ අරමුණු ඇතිවයි. නමුත් පසුගිය කාලයේදී ඒ විදියට දේශපාලනයට ගිය අයගෙන් කලාවට යමක් වුණෙත් නැති තරම්. දේශපාලන නායකයින් කලාකරුවන්ට ආදරෙයි. නමුත් කලාකරුවෝ තම තමන්ගේ දේ පරමාර්ථ කරගෙන මිසක, ප‍්‍රබලව සහ අවංකව තම ක්‍ෂේත‍්‍රයට යමක් කළා ද කියන එක හෘද සාක්‍ෂියේ ප‍්‍රශ්නයක්.
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දක්‍ෂතාව තිබුණට බැහැ වාසනාවත් ඕනෑ
දිල්හානි Thursday, 26 March 2015 03:43 AM
ඔබ සුන්දරයි (බ)
දිල්හාන් Friday, 27 March 2015 09:09 PM
බොරු මවාපාන බාහිර අටෝප්යන්ගෙන් ඔලුව උදුම්මගත්ත අදක්ෂ නිලියක්. එක එක එක්ක නටල තැන හදාගෙන දැන් ප්‍රවීන වෙන්න යනවා. (ම)
අවන්ති Friday, 27 March 2015 06:12 AM
ඇය ලස්සනයි.දක්ෂ නර්තන ශිල්පිනියක්.ඔබ අපේ රටේ කෙනෙක් නිසා මට ගොඩක් සතුටුයි (ත)
නිෂි Wednesday, 25 March 2015 04:54 PM
අක්කි ඔයාගේ නර්තන හැකියාව නම් අගේ කල යුතු දෙයක් ඔබට සුබ අනාගතයක් (ස)
රවී Wednesday, 25 March 2015 05:01 PM
මම ඉතාම කැමති නිළියක්. මට මතක් වෙන්නේ පැරණි නිළියක්. හරිම ලස්සනයි (නි)
සනත් Thursday, 02 April 2015 02:16 AM
උත්සාහ කරන්න. දිනෙක ඔබ ජයගනීවි (නි)
නදීක Thursday, 26 March 2015 07:44 AM
ඒ කතාවනම් ඇත්ත.(හේ)
හර්ෂ Friday, 27 March 2015 10:01 AM
දක්ෂ නිලියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්. (ර)
හර්ෂ Friday, 27 March 2015 10:03 AM
ගොඩක් නිහතමානි කෙනෙක්. (ර)
රමණි Friday, 27 March 2015 12:23 AM
මම හරිම කැමති කෙනෙක් (නි)
රාධා Tuesday, 31 March 2015 12:21 PM
ඉතාම ලස්සන කෙනෙක්. හින්දි සිනමාවේ ප්‍රියා රායි නම් නිළියගේ රූපයට සමානයි. ඇයව දුටු අය මා සමග එකග වේවි. (බ)
කරුණාරත්න Friday, 27 March 2015 12:51 AM
ලස්සන කාන්තාවක් (නි)
ජනිත් Wednesday, 25 March 2015 11:57 AM
සමහර නිළියෝ කතාකරන්නෙත් නිකන් සිංහල බැහැ වගේ. අනේ මන්දා මේවා නිළිකමේම කොටසක්ද කියලා. (නි)
රංජන් Thursday, 26 March 2015 01:09 PM
මෙයා දැන් වැඩිපුර රංගනදායත්වය නෑ නේද?(හේ)