IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


‘දීඝවාපියට ගඩොලක්’ වැඩසටහන ඇරඹෙයි

(යොහාන් භාසුර)

දීඝවාපි මහා සැරදුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් දැකගැනීමේ අරමුණින් ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් රැස්කිීමට ‘දීඝවාපියට ගඩොලක්’ යන තේමාව යටතේ විශේෂ වැඩසටහනක් දීඝවාපි පුදබිමෙදී පසුගියදා පැවැත්විණි.

දීඝවාපිය ප්‍රතිසංස්කරණය සඳහා ලක්වාසී සහ ලෝකවාසී ජනතාවගේ නොමසුරු ආධාර මුදල් ලබාගැනීමේ අරමුණින් එම වැඩසටහන සංවිධානය කළ අතර සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ සභාපති බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ මෙම මහා පුණ්‍ය කර්මයට ප්‍රධානත්වය ගත්හ.

දානපතියන්ගේ ආධාර මුදලින් ගොඩනැඟුණු ‘දීඝවාපිය අරුණ භාරය‘ අරමුදල හරහා මෙයට මුදල් රැස්කරන අතර දීඝවාපි සෑ අතීත ශ්‍රී විභූතිය පියවි ඇසින් ලෝකවාසීන්ට දැකබලා ගැනීමට අවස්ථාව දීම මෙහි අරමුණයි.

ආධාර මුදල් ලංකා බැංකුව තැප්‍රෝබේන් ශාඛාවේ ගිණුම් අංක - 86860000 දරණ ‘දීඝවාපිය අරුණ’ ගිණුමට බැරකළ හැකි අතර රුපියල් 200 ක් ගෙවා ස්තුප ගඩොලක් ද, රුපියල් 1200 ක මුදලක් ගෙවා ස්ථූපයේ ඝණ අඩියක් නිමකර දීමට ද, දායක වියහැකිය.  

මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු  www.deegawapiya.lk  දරණ වෙබ් අඩවියෙන් සහ [email protected]  දරණ ඊමේල් ලිපිනය හරහා හෝ දුරකථන අංක 0112430860-78 අංකයන්ගෙන් විස්තර ලබාගත හැක.

 



අදහස් (3)

‘දීඝවාපියට ගඩොලක්’ වැඩසටහන ඇරඹෙයි

ජයම්පති Thursday, 03 August 2023 05:22 PM

දීඝවාපියට ගඩොලක් වැඩ සටහන මීට අවුරුදු තුන හතරකට කලිනුත් මට මතකයි තිබුනා. මමත් සහභාගි උනා. මේ වතාවේදීවත් එම කටයුත්ත නිම කරගැනිමට හැකිවේවා!

:       0       0

G. K. Ekanayake Thursday, 03 August 2023 10:19 PM

අද රටේ ජාතික අවශ්‍යතාවය වියයුත්තේ දාගැබ් ඉදිකිරීමද, දුප්පතුන්ගේ බඩගින්න සහ ළදරුවන්ගේ මන්ද පෝෂණය අවම කිරීමද? මහානායක හාමුදුරුවනේ, මේ ගැන රට දැනුවත් කරන්න...

:       0       1

Lalla Friday, 04 August 2023 03:47 PM

අර මිහින්තලේ ලොකුතැන කියන කරන දේ දැක්කම බුද්ධාගම පන්සල අරහං කියල තේරෙනව. මොන විනාශයක්ද එයාල කරන්නේ මේ හිඟන රටට.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උදුල් ප්‍රේමරත්නට-බිරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග
2024 ඔක්තෝබර් මස 15 3 0

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන


නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා
2024 ඔක්තෝබර් මස 15 84 0

අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්


උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 15 41 0

නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය


කැකනදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 179 0

මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.


ජෛව සම්පත් රැස් කළ රුසියානු සිසුන් දෙන්නාට කෝටි 11 ක දඩයක්
2024 ඔක්තෝබර් මස 15 276 0

සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන්


දැදුරුඔය ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 15 123 0

දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 487 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1460 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site