IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


දඩ කොළ ගෙවන්න තැපැල්හල් පැය 24 ම වැඩ

(ගයාන් සූරියආරච්චි)

රථවාහන වැරැදි සඳහා නිකුත් කරන දඩ පත්‍රිකා ගෙවීම සඳහා බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘත තැබෙන බවට නියෝජ්‍ය තැපැල්පතිවරයා  දැනුම් දී ඇති බව බස්නාහිර පළාත් පොලිස් රථවාහන කොට්ඨාසය පවසයි.

ඒ අනුව බොරැල්ල, වැල්ලවත්ත, හැවොලොක් ටවුන්, දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, කොටහේන, කොම්පඤ්ඤවීදිය, බත්තරමුල්ල, ගල්කිස්ස, නුගේගොඩ සහ සීතාවකපුර යන තැපැල් කාර්යාලවලින් පැය 24 පුරා දඩ කොළ ගෙවිය හැකි බව රථවාහන කොට්ඨාසය කියයි.

 



අදහස් (13)

දඩ කොළ ගෙවන්න තැපැල්හල් පැය 24 ම වැඩ

ihal Friday, 01 December 2023 11:45 PM

ඩිජිටල්කරණය කිරීම වෙනුවට හණමිටි විදි...!

:       0       1

Kamal Saturday, 02 December 2023 12:21 AM

ඕක ඔන්ලයින් දැම්මා නම් ඕවා මොකුත්ම ඕනෑ නෑනේ. මේ වැඩේටම විතරක් පැය 24ම ඇරලා නම් දැන් ඉන්න ගානටත් වැඩිය කට්ටිය අරන් ඕටීත් ගෙවලා එකම සෙට් එක මාරුවෙන් මාරුවට වැඩකරන හින්දා සේවක අතෘප්තිය ඇති කරගෙන පාරිභෝගික අතෘප්තිය හදලා අන්තිමට පාඩුයි කියලා අඬන්න වෙන්නේ...!

:       0       1

abaran Saturday, 02 December 2023 01:46 AM

ඔය 18වන සියවසට ගැලපෙන ක්‍රම නෙවෙයි, 21 වන සියවසට ගැලපෙන ක්‍රම හඳුන්වාදෙන්න. ඕන දඩයක් හෝ ගාස්තුවක් මාර්ගගත ක්‍රමයට ගෙවන්න අවශ්‍ය පහසුකම හදන්න. ඔය බහුබූත වැඩෙනුත් වෙන්නේ සේවක පඩි නඩි, විදුලි බිල්, කඩදාසි හා මුද්‍රණ ගාස්තු වශයෙන් අමතර මුදලක් රජයට දරන්න වීමයි...

:       0       1

Samantha Saturday, 02 December 2023 05:29 AM

පාඩු ලබන තැපෑල, රෑ වැඩ කරන උන්නැහේට අතිකාල, ගමන් වියදම් ආදී එකී මෙකී නොකී දීමනා ගෙවලා තවත් මහජනතාවට බරක් දෙනවට ඔන්ලයින් දඩ ගෙවන යන්ත්‍ර හරි SMS/ WhatsApp ක්‍රම හඳුන්වා දුන්නා නම් හොඳ නැද්ද? තැපෑලේ යූනියන් මාෆියා මේවාට කැමැති නෑ...

:       0       3

Aruna Manipura Saturday, 02 December 2023 06:13 AM

මෙච්චර තොරතුරු තාක්ෂණය දියුණු ලෝකයක, තැපැල් කන්තෝරු ඇරගෙන ඉන්නේ මොකටද? අදාල රියදුරු බලපත්‍රයේ අංකයට හෝ ජාතික හැඳුනුම් පත් හෝ අලුත්ම බදු අංකයට දඩය නිකුත් කරලා, ඒක අන්තර්ජාලය හරහා ගෙවන්න ක්‍රමයක් හදන්න. පොලිසියට බලපත්‍ර තියාගෙන ඉන්න අවශ්‍ය නෑ. බොරුවට අතිකාල ගෙවාගෙන, විදුලි බිල් ගෙවාගෙන කාර්යාල ඇරගෙන ඇති වැඩේ මොකක්ද?

:       0       2

ප්‍රේමසිරි Saturday, 02 December 2023 06:43 AM

අයවැය හිඟය වාහන දඩ වලින් කවර් කරන්න සූදානම් වෙනවා කියලා පැහැදිලියි. විශේෂයෙන් බස්නාහිර පළාතට අනෙකුත් පළාත් වලින් පැමිණෙන රියදුරෝ විමසිලිමත් වෙන්නේ ගොදුරු වලට පනින සත්තු වගේ සැඟවී සිට ඔබේ ඉදිරියට පනින්න බැරි නැහැ. තවත් එකක් දඩකොල ගෙවල ආවත් අදාල ට්‍රැෆික් මහත්වරු පාරේ ඉන්නවා නම් රියැදුරු බලපත්‍රය ආපසු ගන්න ක්‍රමයක් නැහැනේ... ඒකට මොකද කරන්නේ...?

:       0       4

Pradeep Kumara Saturday, 02 December 2023 08:25 AM

මේ යල් පැනගිය ක්‍රමය වෙනුවට නව ඩිජිටල් ක්‍රමයක් හඳුන්වා දෙන්න. තවමත් අපි කරන්නේ ෆයිල්, පොත් සහ කොළවල කරනා වැඩම තමයි. තාක්ෂණය මෙතරම් දියුණු අවධියක ඇයි අපි තවමත් එකම තැනක ඉන්නේ?

:       0       5

Shantha - Qatar Saturday, 02 December 2023 01:47 PM

මේකට පුරා රාත්‍රියේ තැපැල් කාර්යාල අරිනවට වඩා සුදුසු ක්‍රම තියෙනවා. මාර්ගස්ථ විදිහට කරන්න පුළුවන්.. මෘදුකාංග හදන්න. ඒක වාසි සහගත ඉක්මන් ක්‍රමයක්...

:       0       7

Rohana Saturday, 02 December 2023 02:33 PM

ඔන්ලයින් ක්‍රම හඳුන්වා දෙන්න. රෑ තිස්සේ මිනිස්සුන්ට ගෙවාගෙන, ඔෆීස් ඇරගෙන හිටියාම යන වියදම, එකතු කරන මුදලටත් වඩා වැඩිවෙයි. අකාර්යක්ෂම බව තවත් වැඩිවෙනවා...

:       0       5

බටගොඩ දොන් සිමන් Saturday, 02 December 2023 02:56 PM

ශාන්ත, ඔබ හරි. එවැනි දෙයක් තමයි සිද්ධ වෙන්න ඕනෑ. දැන් ඕනෑම දෙයක් වෙබ් හෝ ඇප් එකක් මගින් කරගන්න පුළුවන් වෙන්න ඕනෑ. කලකට ඉහත මහ බැංකුවත් හොරා කාපු එක්තරා කම්බ හොරෙක් සතොස කියන ආයතනයත් මෙහෙම පැය 24ම ඇරලා තිබබා. විකිණුන බඩුවකුත් නෑ. සතොස වැහිලා ගියා. ඩීල් එකෙන් ඒ මහත්තයා ගියා. අපේ තැපෑලටත් දෙවි පිහිටයි...!

:       0       4

HElAYA Saturday, 02 December 2023 08:12 PM

ඔය අදහස් දක්වපු කවුරුත් දන්නේ නැද්ද කන්තෝරු ගානේ රස්තියාදු වෙන්නේ නැතිව ගෙවන ප්‍රමාණය? දඩ කොළය ලියන්න කළින් ගාණ අඩුකරලා ලියන්න.

:       0       0

Rohana Sunday, 03 December 2023 09:12 AM

වරදට දඬුවම දඩය ගෙවීම නම් ඒක ගෙවන්න තැපැල් කාර්යාල හොය හොයා මිනිසුන් රස්තියාදු කිරීම නොවේ. දැන් නවීන තාක්ෂණය භාවිතයෙන් ගෙවීම්කළහැකි විවිධක්‍රම තිබේ. පැය 24ම තැපැල් කාර්යාල ඇරගෙන නිදිමරාගෙන දඩ ගෙවන ගල් යුගයේ ක්‍රම නැතිව පහසුවෙන් ගෙවීම් ක්‍රමයක් ඇතිකිරීමට කාටවත් වුවමනාවක් නැතිකමයි පෙනෙන්නේ...!

:       0       0

Chamila Fernando Sunday, 03 December 2023 02:19 PM

ඔන්ලයින් ගෙවන්න හදන්නේ නැතිව මොනවද මේ කරන වැඩ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 98 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 547 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 496 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1371 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7343 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 125 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39434 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site