IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දණ ගැස්වූ ගුරුවරියට ජනපති කතා කරයි

මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා අද උදේ දුරකතනයෙන් කතා කර සාධාරණය ඉෂ්ට කරන බව පැවසී යැයි නවගත්තේගම නවෝද්‍යා පැසැලේ ගුරිවරියක වන සුසිලා හේරත් මහත්මිය පැවසුවාය.

සන්දාන පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් ඇය පාසැලේදී දණ ගැස් විණි.

එම මන්ත්‍රීවරයා අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

දණ ගැස්වූ ගුරුවරියට ජනපති කතා කරයි

රූපා Monday, 17 June 2013 09:34 AM

එතකොට කොටකෙතන ඝාතකයා රට පැන්නේ. දුමින්ද කිසිදෙයක් නොවුනා සේ ජීවත්වෙන්නේ. කැලණියේ ඇමති තුමා යසට ඉන්නේ. සංචාරක ඝාතකයා අහිංසකයෙක් උනා වගේ මේකත් විසි වෙන්න දෙන්න එපා.(නදී)

:       0       0

සරත් ගුණරත්න Monday, 17 June 2013 09:37 AM

සරත්ට සාධාරණය කළා, ශිරානිට කළා, පුත්තලමේ ඇන්ටෝනිට කළා, ඔබටත් කරයි. ඡන්දෙදි අපිත් කරමු.(නදී)

:       0       0

සූරි Monday, 17 June 2013 09:35 AM

පැමිණිල්ල ඉල්ලා අස්කර ගනීවි.(ස)

:       0       0

බමුණුසිංහ Monday, 17 June 2013 05:38 PM

රවිනාත්, ඔබ ඉස්කෝලේ ගිහිල්ලා තිබෙනවද? අපි ගිය කාලේ 1950 ගණන්වල ඔයිට වැඩිය සැර ගුරුවරු අපට හිටියා. අපට ලැබුනේ ප්‍රසිද්ධියේ දෙන වේවැල් පහරවල්. (නි)

:       0       0

නිමල් Monday, 17 June 2013 12:30 PM

ජනපතිතුමනි , මේ ඉන්න කීප දෙනෙකුට හොද පාඩමක් උගන්වන්න. එතකොට අනික් අයත් ඉබේම මට්ටු වෙනවා. එහෙම කලොත් රටේ ජනතාව ඔබතුමාව සදාකල් පිළිගනීවි. ගරු කරාවි (නි)

:       0       0

බමුණුසිංහ Monday, 17 June 2013 05:41 PM

අම්මපා! මගේ මතකයට එන්නේ සර් ජෝන් කොතලාවල මහතාව.එතුමා මේ වගේ කාලයක හිටියා නම්... (නි)

:       0       0

බුද්ධි Monday, 17 June 2013 09:40 AM

අර රගර් විනිසුරුටත් කතා කලාද?(නදී)

:       0       0

අජන්ත Monday, 17 June 2013 12:32 PM

ඔබතුමාගේ පිහිට විතරයි තියෙන්නේ

:       0       0

කැලුම් ඕමානය Monday, 17 June 2013 05:45 PM

අදුරේ අතපත ගාන කෙනෙක් නෙමයි ජනාධිපතිතුමා. එතුමා මේකට කවුරුවත් නොහිතපු දඩුවමකක් දේවි. (නි)

:       0       0

සම්පත් Monday, 17 June 2013 09:42 AM

නීතිය හිටියේ නැතත් ජනමාධ්‍යයවත් දිගටම එම ගුරුවරිය සමග සිටිය යුතුය. (ස)

:       0       0

රන්ජිත් Monday, 17 June 2013 09:45 AM

ජනපතිදුනි, මුළු ලෝකයේම වාසය කරන ශ්‍රී ලාංකිකයන් ඔබ දෙස බලා සිටින්නේ අපේ රටේ දුෂිත මෙවැනි දේශපාලුවන් ඉවත්කර අනෙක් අයටත් පාඩමක් මේ සමග දේවි කියන අදහසින් (නි)

:       0       0

මාලක Monday, 17 June 2013 12:47 PM

හේලි, ඔබේ තර්කය ඉතා නිවැරදිය.මා කුඩා කල එක ගුරුවරයකු මුස්ලිම් සිසුවෙකුට දඩුවම් දුන්නේ "උබ හරක් මස් ගිලලා ගිලලා ආවද ගණන් හදන්නෙත් නැතිව" කියා. මෙම ක්‍රමය වෙනස් විය යුතුය.නමුත් මොන තත්වයක් යටතේවත් මන්ත්‍රී කළ දේ ඉතා වැරදිය.... (නි)

:       0       0

රංජන් Monday, 17 June 2013 09:53 AM

මේ මන්ත්‍රි තුමාල දැන් රට හොඳට දියුණු කරළ දැන් කරන්න දෙයක් නැති තැන තමයි මේ ගුරුවරු දණ ගහන්න ඇවිත් තියෙන්නේ. අනේ මේ අයට ඡන්දෙ දුන්න අයයි දණගස්සවන්න ඕනේ. පළාත් සභා ප්‍රාදේශිය සභා අහෝසි කරන්න ඕනේ. (නදී)

:       0       0

සමන් Monday, 17 June 2013 12:51 PM

මන්ත්‍රීතුමා කර ගත්ත දෙයින් වුනේ තමන්ගේම දරුවට තමන්ම වල කපපු එක. දැන් කිසිම පාසලකින් ඉගෙන ගන්න පුලුවන්ද ? (නි)

:       0       0

ලුවිස් Monday, 17 June 2013 06:26 PM

පද්මිනිට හිතන්න කාලය ඇවිත්.බෙන්තර ගඟෙන් එහා කෙනෙක් හින්දා නේද අද අපි නිදහසේ ඉන්නේ. මුල අමතක කිරීම සිංහලකමට අගෞරවයක් බව හිතන්න. අමනාප නොවන්න (නි)

:       0       0

සංජීව Monday, 17 June 2013 12:55 PM

සාධාරණය තමයි වැදගත්

:       0       0

කුමාර Monday, 17 June 2013 09:56 AM

ජනාධිපති තුමා මේ සිද්ධියේදී ප්‍රඥාවන්තව කටයුතු කර ඇති බව පෙනේ.(ස)

:       0       0

මැණික් Monday, 17 June 2013 12:56 PM

ඉදිරියට මැති ඇමතිවරු තෝරා පත් කර ගැනිමේදි ඉගෙනීමෙන් උපාධියක්වත් ලබපු කෙනෙක් තෝරා පත් කර ගත යුතුයි. එවිට මෙවැනි පහත් වැඩ මහජනයාට ඇසිමට හෝ බැලිමට නොලැබෙනු ඇත (නි)

:       0       0

කමල් Monday, 17 June 2013 12:58 PM

අපරාධයකදී වැරදිකරුවට දඩුවම දීමත් විත්තියට සාධාරණය ඉස්ට කිරීමත් උසාවිය සතු වගකීමක් (නි)

:       0       0

සහන Monday, 17 June 2013 09:59 AM

අපි නොදන්නවයැ කිව්වොත් කරන බව. මෙච්චර කල් ඔය විදියට කී දෙනෙකුට සාධාරණය ඉටු වුණාද?(නදී)

:       0       0

නීලා Monday, 17 June 2013 10:03 AM

ඕනා නම් දවසක් දෙකක් රිමාන්ඩ් කරාවි. නඩුව විසි වෙන විදියට සාක්කි මෙහෙයවාවී. ඊට පස්සේ රජයත් ක්‍රියාමාර්ගයක් ගත්තා වෙනවා. ඒ නිසා මේවා ජිනිවා ගිනියන්න. මානව හිමිකන් එකට පැමිණිලි කරන්න.(නදී)

:       0       0

වීරකෝන් Monday, 17 June 2013 06:41 PM

මේ පාසලේ කොඳු නාරටිය ශක්තිමත් එක පිරිමි ගුරුවරයෙක්වත් හිටියේ නැද්ද? (නි)

:       0       0

බුද්ධිත Monday, 17 June 2013 10:02 AM

කෝ අර අධ්‍යාපන ඇමති තුමා මේ ගැන වචනයක්වත් කතා කළේ නැහැනේ.(නදී)

:       0       0

පරාක්‍රම Monday, 17 June 2013 01:01 PM

දේශපාලකයාට හොද දඩුවමක් දෙන්න.ගුරුතුමියනි, කොන්ද පණ ඇති ගුරුවරියක් වෙන්න.ඕක වෙනකම් ඔය පාසලේ හිටපු අනෙක් ගුරුවරු මොකද කළේ? මම හිටියා නම් ඔය මෝඩ ඔය දේශපාලකය ගුටි කන්නේ කාන්තාවන්ගෙන්. ගුරුතුමියනි, සමස්ත ගුරුවරුනි, මෙය හෙළාදකින්න (නි)

:       0       0

ඇසල Monday, 17 June 2013 10:09 AM

ජනාධිපති හරිනම් කතා කරන්න ඕනේ රටේ ජනතාවටය ගුරු වරියට නෙමෙයි. ප්‍රථමයෙන්ම ජනාධිපති සමාව ගන්න ඕනේ සියලු රට වැසියන්ගෙන්ම තමාගේ නායකත්වයෙන් තියන පක්ෂයේ මෙවැනි අයට ඡන්දෙ ඉල්ලන්න දුන්නට.(නදී)

:       0       0

නදුන් Monday, 17 June 2013 10:11 AM

ගුරුවරයෙකුට දණ ගහලා නැති අය තමා මෙහෙම වැඩ කරන්නේ. උපරිම දඩුවම් දිය යුතුයි. (නි)

:       0       0

අනුර Monday, 17 June 2013 10:14 AM

මෙහෙම මිනිස්සු ඉන්නකොට රටක් දියුණු වෙයිද ? දැන් තියෙන්නේ මන්ත්‍රීට ගුරුවරියගෙන් සමාව ඉල්ලන්න (නි)

:       0       0

රෝක් Monday, 17 June 2013 10:13 AM

චන්දය ලග හින්ද තමා කතා කරන්න ඇත්තේ..මමනම් කියන්නේ මිනිස්සු බුද්ධිමත් ව හිතන්න ඕන ..(ස)

:       0       0

නෙතුමි Monday, 17 June 2013 10:14 AM

ජනමාධ්‍ය තුලින් මෙතරම් මෙම සිදුවීම විවේචනය කරපු නිසා ජනපතිතුමාගේ පවා අවධානය යොමුවුණා (නි)

:       0       0

ලුම්බිණි Monday, 17 June 2013 10:14 AM

මේකෙන් පැහැදිලි වෙන දේ තමයි රටේ තිබෙන සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. නැත්නම් මේ වගේ දෙයකදී ජනාධිපතිතුමාට ඉදිරිපත්වෙලා සාධාරනයක් ඉටු කරන්න දෙයක් නැහැ. එය එතුමාට කරදර වියයුතු කාරණයක් නොවේ. (නි)

:       0       0

කමල් Monday, 17 June 2013 10:16 AM

උසාවියෙන් රෝහලට. රෝහලෙන් එලියට...මෙචර කාලෙකට නම් උනේ ඔය ටික. බලමු මේකේ වෙනස දෙයක් වෙයි ද කියලා.(ස)

:       0       0

පවන්,ජිනීවා Monday, 17 June 2013 07:48 PM

කොපමණ ප්‍රතිචාර දැම්මත්, කව්රු ගුරුතුමියට ටෙලිෆෝන් කරලා ශේප් වෙන්න, වගේම බය වෙන්නත් එක්ක සාදාරණයක් කරන්න බොරු පොරොන්දු දුන්නත් අන්තිමයට වෙන්නේ ගුරුතුමියට බයෙන් ජීවත් වෙන්නත් මන්ත්‍රී තුමාට හිටියවගේම යහතින් ජනප්‍රිය චරිතයක් හැටියට තවත් මනාප ගොඩාක් අරගෙන ඊළඟ චන්දයෙන් මහා ඇමති වෙන්න තරම් සුදුසුකම් ලැබෙන එකයි. (අ)

:       0       0

කොඩිකාර Monday, 17 June 2013 10:18 AM

ජනපතිතුමනි, මහජනයාට ඔබේ ආණ්ඩුව එපා වේගෙන එනවා හොඳේ. (නදී)

:       0       0

ජෙරී Monday, 17 June 2013 10:20 AM

මන්ත්‍රීවරයගේ වැරැද්දක් නැහැ. මේ වගේ අයට අපේක්ෂකම දෙන අයටයි, එයාලට ඡන්දය දෙන අයටයි ගැඹුරින් හිතලා මින් ඉදිරියටවත් තීරණ ගන්න අවස්ථාවක් දීලා තියෙනවා මෙයා. (නි)

:       0       0

තුෂාර Monday, 17 June 2013 01:15 PM

ජනතාවගේ චන්දයෙන් පත්වෙලා, ජනතාවගේ සල්ලි වලින්ම ජීවත් වෙන අයට ඒ ගැන කිසිම මතකයක් නැහැ. අම්මප මේ වගේ අය දගලන වෙලාවට කෙලින්ම මතක හිටින්න සළකන්න ඕනෑ. නැතිනම් කිසිම සාදාරණයක් වෙන්නේ නැහැ (නි)

:       0       0

ජෝයි Monday, 17 June 2013 10:20 AM

මෙයින් පෙනෙන්නේ අපේ රටේ නීතියට සිදුව ඇති ඉරණමයි. උපන් රටට එරෙහි වනවා කියලා චෝදනා කරන අයට කියන්නේ විදේශ රටවලදී අපිට ලංකාවට වැඩිය නෛතික රැකවරණයක් ලැබෙන බවයි. ඒක ඔය රට ඉන්න උදවිය දන්නවා. (නි)

:       0       0

වීරසිංහ Monday, 17 June 2013 10:22 AM

සේනාව ගුරුවරු දණ ගස්වන දේශපාලකයන්ට එරෙහිව උද්ඝෝෂණය කරන්නෙ නැද්ද? (නි)

:       0       0

චින්තක Monday, 17 June 2013 08:05 PM

අපේ රජ තුමාට ජයවේවා (අ)

:       0       0

රවිනාත් Monday, 17 June 2013 01:16 PM

කරුණාකර මෙම ගුරුවරිය එම දරුවට කළ අසාධාරණය ගැනත් සොයා බලන්න. (නි)

:       0       0

වැසියා Monday, 17 June 2013 08:15 PM

ක්‍රියාවෙන් පෙන්නන්න ඕන (ත)

:       0       0

සංජීව Monday, 17 June 2013 10:31 AM

මම කෙවින්, චානක එක්ක එකගයි. මම හිතන්නේ ලංකාවේ නීතියේ හැටියට , උපරිම මාසයක් හිරේ දායි. රුපියල් 1000 ක විතර දඩයක් ගහයි. නමුත් මේකට ඊට එහා ගිය විසදුමක් ඕනෑ. අනික මම හිතන්නේ ගුරු සංගමය සහ ජේ.වී.පී. එක මේකට මැදිහත් වෙන්න ඕනෑ නැහැ. මොකද එහෙම වුනහම නිල් කොළ රතු වලට බෙදලා මේක දියාරු කරලා දාන්න පුළුවන්. ඔන්න පුලුවන් නම් ලංකාවේ නීතිඥයින්ට කරන්න දෙයක් තියෙනවා පුලුවන් නම් මේ නඩුවට පෙනී නොසිටින්න (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 17 June 2013 10:32 AM

ප්‍රේමදාස ජනාධිපති තුමා පාන්දරම පිටකොටුව බෝධිය ලඟින් ගෙන්වාගෙන පළමුවෙන්ම කියවන්නේ ඇත්ත පත්තරේ. දේශපාලන හෙංචයියන්ගේ, සංස්ථා සභාපතිවරු, උප සභාපති, ක්‍රියාකාරී අධයක්ෂකවරුන්ගේ නොමනා ක්‍රියාකලාප පළකරන්නේ "යතුරු සිදුරෙන්". සුළු වරදක් නම් ගෙන්වලා බනිනිනේ එක පාරයි හදා ගන්න. වරදක් කර ඇත් නම් බනින්නේ නැහැ. වහාම ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙන්න කියනවා. තිබ්බ බිය නිසා කව්රුත් රාජකාරිය කලා හරියට. අන්තිමේ බරපතලම වැරැද්ද කරලා තියෙන්නේ ලඟින්ම හිටපු ආවතේව කාරයා.(නදී)

:       0       0

අසංග Monday, 17 June 2013 10:32 AM

ගරු ජනාදිපති තුමනි ඔබ තුමා හොඳ වැඩක් කර තිබෙන්නේ. මේ වැඩේ වැඩ වලට මින් ඉදිරියට දැඩි දඩුවම් දිය යුතුයි...ඔබ තුමාට දීර්ග කාලයක් රට පාලනය කරන්න වාසනාව ලැබේවා....ජයෙන් ජය.(ස)

:       0       0

ශාමික Monday, 17 June 2013 10:36 AM

අගෙයි ජනාධිපතිතුමණි , මෙතෙක් කාලයක් ඉතිහසයේ අසා නැති දෙයක්. අසාධාරණයක් වු ඔබ වැනි අයට රටෙ නායකයා පුද්ගලීකව අමතනවා. ඔබට කෙසේ වෙතත් මෙවැනි තිරිසන් දේවල් නොවෙන්න හොද දඩුවමක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරන්නෙමු. දැන් අතීතය ගෙවි ගොස් අවසන්. අතීත වැරදි නිවැරදි කරමින් වරදකරුට දඩුවමි ලබාදීමේ පිලිවෙත සිදුවෙයි. පලාත් පාලන ආයතන මංත්‍රීවරයා එල්ලුමි ගසටද, පොලිසියේ ලොක්කා අත්අඩංගුවටද ගැනිමෙන්ද අනෙකුත් විෂමාචාර සදහා නඩු වාර පැවැත්විමෙන් පසුද නිසි දඩුවමි ලබා දෙනු ඇතැයි විශ්වාස කරමි. ලොව සිටින නිර්භිත නායකයාණෙනි ඔබට සුභ පැතුමි.(නදී)

:       0       0

චාමරිකා Monday, 17 June 2013 01:27 PM

දඬුවම් දෙන කම් කට ඇරගෙන බලාගෙන ඉන්න. ඕව ඔක්කොම ටික දවසයි. ඔක්කොටම කලියෙන් මෙයාව මන්ත්‍රීකමෙන් පන්නන්න ඕනා. ඒක කරන්නේ නැතුව කතා කරලා වැඩක් නැහැ.(නදී)

:       0       0

දිල්ක Monday, 17 June 2013 08:28 PM

ජනාධිපතිතුමණි ....කරන තරමක් දරණු වැඩ කරන්නේ මේ පළාත් සභා මන්ත්‍රිවරුන්මයි....ඇත්තටම ඒ වැඩ කොටසත් කිරිමට පළාත් බලය අහෝසි කරලා සාමාන්‍යය මනුසයකුට මේ දේ ලබා දෙන්න....නැතිනම් ලංකාවේ ඉදිරි අනාගතය ගැණ කථා කිරිමත් අප්‍රසන්න වේවි..(අ)

:       0       0

අසංග Monday, 17 June 2013 10:38 AM

නිමල් මෝඩ දේවල් දාන්න එපා. ඇයි මෙතැනට සේනාව රාවය. අද සේනාව රාවය නැත්නම් ගොඩක් ඉවරම තමා.(නදී)

:       0       0

අසංග Monday, 17 June 2013 01:30 PM

මෙහෙම අයට චන්දය දුන්න අපිටයි ගහන්න ඕනේ (දී)

:       0       0

ලංකා Monday, 17 June 2013 01:35 PM

අවසානයේ කාටත් පිහිට ඔබ තුමා තමයි

:       0       0

පද්මිණී Monday, 17 June 2013 10:47 AM

මේකත් අර කලින් සිද්දි වගේ ලිස්සලා යවන්න මාර්ගයක්ද? ඔබතුමාත් ඉතින් බෙන්තර ගගෙන් එහානේ.(නදී)

:       0       0

හුසේන් රියාද් Monday, 17 June 2013 10:50 AM

ඔය පළාත් සභා මන්ත්‍රී කෙනෙක්නෙ. එතකොට ඔය කැළණියේ හිටියේ ඇමති කෙනෙක්නේ. එයා කොයි තරම් දේවල් නම් කරාද? ඒ'වටත් දඬුවම් දෙන්න ඕනානේ. නීතිය හැමෝටම පොදු නම්, ක්‍රියාත්මක කරන්න.(නදී)

:       0       0

මොහොමඩ් Monday, 17 June 2013 01:44 PM

ජනාධිපිතිතුමාට ජයවේවා! සාධාරණය ඉටු කරන්න. අපි ඔබ සමගයි.(නදී)

:       0       0

පුෂ්ප Monday, 17 June 2013 01:43 PM

සාධාරණයක් කරලා දෙන්න . ළමයින්ගේ අනාගතය වෙනුවෙන් (දී)

:       0       0

තුෂාර Monday, 17 June 2013 10:51 AM

මේවා බලාගෙන සිටින ලංකාවේ සිටින අපි ඔක්කම නපුංසකයෝ. කවදාකවත් කිසිම දේකට කටක් අරින්න එපා. බුදියගෙන හිටියම හරි.(නදී) .

:       0       0

හිරූ Monday, 17 June 2013 10:51 AM

ජනාදිපතිතුමනි, මිනිසුන් ඇත්තටම ඔබේ හොද කියා රජයට බනින්නේ අයි? මේ ගැන ටිකක් හොයලා බලන්ඩ, මිනිසුන් රනිල්ට බැන පක්ෂයට හොඳ කියනවා.(නදී)

:       0       0

උදය Monday, 17 June 2013 01:48 PM

මේ ගුරුවරියට හොද ශක්තියක් තියෙනවා (නි)

:       0       0

සංජු Monday, 17 June 2013 10:54 AM

මටනම් බැහැ මේවට මුකුත් කියන්න....(ස)

:       0       0

රංජනී ලන්ඩන් Monday, 17 June 2013 01:48 PM

ගුරුවරියගේ මානසිකත්වය ගැන හිතලා කතා කරපු එක හොදයි.අපේ ජනාධිපතිතුමා ඔබට සාදාරනය ඉටු කරාවි. (නි)

:       0       0

කුමාරිසිරි Monday, 17 June 2013 11:00 AM

අසංග, ඔබ හරි අපි බලමු ජනාධිපති තුමා රට වැසියන්ට දෙන ආදර්ශය.(නදී)

:       0       0

ඉරන්ත ගමගේ Monday, 17 June 2013 11:00 AM

රටේ නීතිය ශක්තිමත් කරන්න ජනපතිතුමනි. මේ වගේ අයට ඔබගේ නම කැත කරන්ඩ දෙන්න එපා. ඔබ හරි නම් අපිත් ඉන්නවා.(නදී)

:       0       0

බාබනිස් Monday, 17 June 2013 11:02 AM

සාධාරණය, රටේ වෙන්නේ ඔක්කොම සාධාරණ දේවල්. අනේ මගේ කට.(නදී)

:       0       0

උපාලි Monday, 17 June 2013 11:04 AM

එදා ඉදලා එකපෙළට සිදුවූ සිදුවීම් වලට පොදුවේ මිනිස්සු පෙළගැසුනා නම් අද මෙහෙම දේශපාලකයෝ නටන්නෙ නැහැ.කෝ වරදට දඩුවම්? (නි)

:       0       0

පෙරේරා Monday, 17 June 2013 02:05 PM

ජිවිතේ හැටි ඔහොම තමයි (දී)

:       0       0

සුරේෂ් Monday, 17 June 2013 09:34 PM

ජනාධිපති කොමිසමක් දැම්මනම් ඉවරයිනේ. (ත)

:       0       0

නන්දිකා Monday, 17 June 2013 11:03 AM

රටේ නීතිය බිද දමා තමන්ගේ දඩ බල්ලන් ලිහා මිනිසුන් කා දමද්දී මෙවැනි ප්‍රකාශ ජනපති නිකුත් කරන්නේ රටේ නිතිය බිද වැටීම ඔහු හොදින් දන්නා නිසා සහ මෙවැනි ප්‍රකාශ වලින් රැවටිය හැකි විශාල පිරිසක් රටේ සිටින නිසා. ඔහු කල යුතු වන්නේ නිතිය නිවැරිදිව කියාත්මක වීමට ඉඩ හැරිම හා ඊට තමන්ගේ හා ගෝලබලයාගේ තියන බලපෑම් නැති කිරීමයි. නැති නම් ඉදිරියේදී උදේ හවස ජනපති ගේ කාර්යය විය හැක්කේ මෙවැනි මිනිසුන්ට බේගල් ඇද බැමයි.(නදී)

:       0       0

අනිල් Monday, 17 June 2013 11:04 AM

ඔබ තුමා මේවට නිසි ක්‍රියාමාර්ග ගතහොත් ජනතාව ඔබට ගරු කරාවි. අපි තවමත් ඔබතුමා ගැන දැඩි විශ්වාශයෙන් ඉන්නේ (නි)

:       0       0

කුමාර Monday, 17 June 2013 09:37 PM

රවිනාත් ටත් කවුරුහරි කොට වැඩියි කිව්වද?(නදී)

:       0       0

විරාජ් කාලිංග Monday, 17 June 2013 03:43 PM

සාධාරණය ඉටු කරන්න. ලොකු දෙයක් එතුමියට කතා කරලා හිත සැනසුවා එක. කොයිතරම් බයේද ඉන්න ඇත්තේ පහුගිය ටිකේ? (නි)

:       0       0

මනෝහරන් Monday, 17 June 2013 11:09 AM

චානක ඔබ හරියටම හරි. ගුරුවරියට දඩුවම් දීම මන්ත්‍රීට හෝ මන්ත්‍රීට දඩුවම් දීම ජනදිපතිට අයිති වැඩක් නෙමෙයි.(නදී)

:       0       0

ඩෙනම් - දෝහා Monday, 17 June 2013 11:11 AM

අනිත් පැත්තෙන් තව කෙනෙක් කෝල් කරලා කියයිද දන්නේ නැහැ , මන්ත්‍රී තුමාව නිදහස් කරන්න කියලා.(නදී)

:       0       0

වික්‍රමරත්න Monday, 17 June 2013 11:18 AM

ඕකට කොමිසමක් පත් කරන්න . ඒක තමයි සුදුසු ක්‍රමය (නි)

:       0       0

ආසිරි Monday, 17 June 2013 11:19 AM

හරියට හරි ජනාධිපතිතුමනි.අපි දන්නවා ඔබතුමා පක්ෂ භේද නොබලා වැරදි කරන මනුස්සයට දඩුවම් දෙන බව.ඔබතුමා වගේ කෙනෙක් තමා අපේ රට හැමදාම ජනාධිපති වෙලා ඉන්න ඕනෑ.ජය වේවා. (නි)

:       0       0

මහවැලි Monday, 17 June 2013 11:22 AM

මා වැනි ගුරුන් දෑ එනු එනු ලගට කැදවා උන හදිය කුමක් දෑ අසන උතුමන් වෙන කොහෙන් දෑ ?(නදී)

:       0       0

හේලි Monday, 17 June 2013 11:25 AM

මම දැන් එකක් කියන්නම්.ගවුම කොටය කියලා වාටිය ගලවලා දරුවෙකු මානසික හිංසනයකට ලක් කරන්නට තරම් අයිතියක් ගුරුවරියකටද තිබියයුතු නැහැ.විනය පිලිබදව ප්‍රශ්නයක් නම් දෙමාපියන් ගෙන්වා සුදුසු පියවරක් ගන්නවා හැර එසේ පීඩාවකට පත් කළහොත් පියකු ලෙස මමද ඉතා කුපිත වෙමි.එයට ගුරුවරිය දණ ගැස්වීමද වරදක්ය.මෙය දැන් මා සමග ගැටුමට බොහෝ දෙනෙකු අවි අමෝරා ගැනීමට ගන්නට ඉඩ ඇත.එහෙත් දරුවන්ගේ පෞරුෂය බිද දැමීමට ගුරුවරියගේ ක්‍රියාව හේතුවක් බව මා තරයේ විශ්වස කරමි.ගුරුවරියට විරුද්ධවද මානව හිමිකම් නඩුවක් පැවරුනහොත් ඇයද වැරදිකාරියක වෙනු නියතය.සමහර ගුරුවර ගුරුවරියන්ද තමන්ගේ නිවසේ මානසික පීඩනය දරුවන් වෙත පිටකරන බව මමද අත්දැක ඇත.අපි ප්‍රශ්නයක් දිහා හැම කෝණයකින්ම බලන්නට පුරුදුවෙමු.ලංකාදීපයේ මේ ලබා දී ඇති ඉඩකඩින් මේ ගැනත් ටිකක් ගැටෙමු.මත ගැටුම තුලින් නිවැරදි වෙන්නට අවස්ථාවක් සැමට ලැබෙයි. (නි)

:       0       0

බංඩාර Monday, 17 June 2013 10:00 PM

හෙළි ,ඔබ හරි දෙපැත්තේම වැරදී තියෙනවා. ගවුම පොඩ්ඩක් කොට උනාට මොකද. දරුවා හොදට ඉගෙන ගන්නවානම්. ගුරුවරු හැම කෙනාටම තමන්ගේ ළමා කාලය අමතක වෙනවා රැකියාවට ආවම.(නදී)

:       0       0

තිලක් Monday, 17 June 2013 11:27 AM

තංගල්ලේ විදේශිකයා ඉදිරියේ ඔහුගේ බිරිදව 8 දෙනෙක් දුෂණය කරලා විදේශික සැමියාව වෙඩි තියලා මැරුවා. ඒ කතටත් සාදාරනය ඉෂ්ට වියයුතුයි (නි)

:       0       0

විසාකා Monday, 17 June 2013 03:56 PM

දැන්වත් අපි අවදිවෙමු (නි)

:       0       0

දසා Monday, 17 June 2013 10:05 PM

තාමත් වෙනස් වෙන්න කාලය තියෙනවා. (නි)

:       0       0

කපිල Monday, 17 June 2013 03:55 PM

තවත් ටික දවසකින් විතර ලෙඩ වේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

තිලක් Monday, 17 June 2013 11:28 AM

මොනවා වෙයිද දන්නේ නැහැ අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි (දී)

:       0       0

දර්මා Monday, 17 June 2013 11:27 AM

ඉතා හොද වැඩක්

:       0       0

සුපුන් Monday, 17 June 2013 11:29 AM

ඔබතුමා මෙහෙම කතා කරපු එක නම් ගොඩක් වටිනවා.ඒ ගුරුතුමී කොයි තරම් බයෙන් ඉන්න ඇද්ද? බුරුලක් නම් දෙන්න එපා මන්ත්‍රීට (නි)

:       0       0

බණ්ඩාර Monday, 17 June 2013 11:27 AM

ජනපති තුමනි මොකද්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ (දී)

:       0       0

බණ්ඩා Monday, 17 June 2013 11:30 AM

මේ තරම් විනාශයක් මිනීමරු ප්‍රබාකරන්ටවත් කරන්න ලැබුනේ නැහැ. (නි)

:       0       0

රොක්ස් Monday, 17 June 2013 04:05 PM

එයාගේ කෙරුවාව ඉතින් අපි නොදන්නවයැ.(නදී)

:       0       0

සුජිත් Monday, 17 June 2013 08:40 AM

ජනාධිපතිතුමනි, මින් ඉදිරියට වැරදි වැඩ කරන කාටත් එක්ක තවත් මේ වගේ වැරදි වැඩ නොකරන්න හොද දඩුවමක් දෙන්න.(නදී)

:       0       0

ලාල් Monday, 17 June 2013 08:39 AM

ඇත්තටම ජනාදිපතිතුමනි,මේ වගේ අයට දඩුවම් දෙන්න (නි)

:       0       0

මිනි Monday, 17 June 2013 08:44 AM

හරියට හරි ජනපතිතුමනි, නැත්නම් මේ යන විදියට රට අඝාදයටයි යන්නේ. අපිත් සාධාරණය ඉටුවනතුරු බලාගෙන ඉන්නේ. (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 17 June 2013 11:37 AM

අද මම නෑගිට්ටෙ ඈඳේ අනිත් පෑත්තෙන්ද කියල මම මේ කල්පනා කරන්නෙ.(ස)

:       0       0

ඉන්දික බහරේන් සිට Monday, 17 June 2013 04:19 PM

ජනපතිතුමාට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

අසේල Monday, 17 June 2013 08:43 AM

ම වැනි බිලින්ඳා වර වර ලඟට කැන්දා දුක සැප කුමන්දා අසන නිරිදෝ වෙන කොයින්දා.(නදී)

:       0       0

ඩී.උපුල් Monday, 17 June 2013 04:27 PM

"උන් ගෙනාව සීනි බෝල කුහුබුවන්ට දී........බා ලොළී ලොළී ....."(නදී)

:       0       0

මහේන්ද්‍ර Monday, 17 June 2013 04:26 PM

අපි අද රැකියා කරන වයසෙ ඉඳලත්, නිවාඩුවකට හරි ලංකාවව ගිය විට අපිට අපේ ගුරුවරු හමු වෙනවා. කිසිම පැකිලීමකින් තොරව අපි එතුමන්ලගේ දෙපා නමදිනවා තැනක් නොතැනක් නොබලා. මේ වාගේ අයට තේරෙන්නෙ නැහැ ගුරුවරයෙකුගේ තියන අගය. එතුමන්ලා කරන කියන හැම දෙයක්ම කියන්නේ කරන්නෙ අපේම හොඳට. ඒවා අපට ගොඩක් තේරෙන්නෙ දැන්.මේ කතාව බොරු නෙමෙයි . (නි)

:       0       0

කුමාර Monday, 17 June 2013 08:50 AM

තව දිනකින් දෙකකින් ගුරුතුමියටම හිතිලා කැමැත්තෙන් දනගැසු බව ප්‍රකාශ කරල මාධ්‍යට ප්‍රකාශයක් දීමට පුළුවන්.(නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 17 June 2013 08:49 AM

හොඳ වැඩක්. ඒ දේශපලුවාව ගුරුවරිය ඉදිරියේ දන ගස්සන එක අනෙත් අයටත් හොඳ පාඩමක් වෙන්න පුළුවන්.(නදී)

:       0       0

පරාක්‍රම Monday, 17 June 2013 08:52 AM

අපෝ ඔව්, දුමින්දටත් ඔය ඉෂ්ඨ කරලා තියෙන්නේ සාධාරණය. හෙට පාර්ලිමේන්තුවටත් එනවලු. ඒ වගේම ඔබතුමියටත් මෙයා සාධාරණය ඉෂ්ඨ කරාවි බය නැතුව ඉන්න .(නදී)

:       0       0

ප්‍රේමසිරි Monday, 17 June 2013 08:52 AM

මන්ත්‍රීවරයා මීට වඩා හිතන්ඩ තිබුනා.(නදී)

:       0       0

රනා Monday, 17 June 2013 11:49 AM

ජනාධිපති තුමනි ඕවට කතාවෙන් නොව ක්‍රියවෙනුයි පිළිතුරු දෙන්න ඕන. ඒ මගින් ඔබ තුමා රටේ දරුවන් ගැන හිතන තාත්තෙක් කියල රටට පෙන්නන්න.(ස)

:       0       0

නිශාර්ඩ් පරීනා Monday, 17 June 2013 08:57 AM

ගුරු සංගමය මේ දේට හඩක් නගන්නේ නැතිද? මොකද දේශපාලනීකරණය වෙලාද ? නැතිනම් මේ වගේ දේවල් අනුමත කරනවාද ? පිළිතුරක් අවශ්‍යයි.(නදී)

:       0       0

ඉන්දික Monday, 17 June 2013 08:56 AM

එයාවත් පාසැල පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකම් දන ගහගෙන ඉන්න දෙන්න ඕනේ.(නදී)

:       0       0

මංජුල- අබු ධබි Monday, 17 June 2013 08:57 AM

දෙන්න පුළුවන් හොඳම දඬුවම තමයි මීළඟ පළාත් සභා මැතිවරණයේදී නාමයෝජනා නොදී සිටීම.(නදී)

:       0       0

ඩයස් Monday, 17 June 2013 09:00 AM

ඉතා හොඳ ප්‍රවෘත්තියක්. ජනාධිපතිතුමනි, ඔබතුමාට දිර්ඝායුස පතමි. නිදහස් කොමිසමක් ඉක්මනින්ම පත් කරන්න. මෙය ජාතික අවශ්‍යතාවයක් (නි)

:       0       0

අනුර Monday, 17 June 2013 11:51 AM

කරන්න තියෙන්නේ රටේ නීතිය බලාත්මක කරන එකයි. (නි)

:       0       0

සමන් Monday, 17 June 2013 09:00 AM

ජනාධිපතිතුමනි,සාධාරණය ඉටුකරන්න. අපි සැමදා ඔබ සමගයි. (නි)

:       0       0

සංජීව Monday, 17 June 2013 09:02 AM

බොහොමත්ම අගය කළ යුතු ක්‍රියාවක් ගරු ජනපතිතුමනි. ඔබතුමා ජනතා ගැටළු වලට මේ විදියට මැදිහත් වීම සහ ඒවා විසදා දීමට කටයුතු කිරීම ඉතා වැදගත්. රටේ පවතින නීති මදි බවක් අපට දැනෙනවා.මේ ගැනත් ඔබතුමාගේ අවදානය යොමුකරන මෙන් ඉතා බැගපත්ව ඉල්ලා සිටිනවා. අහිංසක මිනිස්සුන්ට පාඩුවේ මහන්සියෙන් උපයාගෙන කාලා,හිතේ බයක් නැතුව ජීවත්වීමේ වටපිටාව ඔබතුමා නිර්මාණය කරලා දුන්නා. නමුත් සමහර සිදුවන මංකොල්ල කම් , මිනීමැරුම් නිසා එම නිදහස මිනිස්සුන්ට හරිහැටි බුක්ති විදින්න හැකියාවක් නැහැ. වැරදිකරුවන්ට සුදුසු දඬුවම් සකස් කරලා අපේ මේ සුන්දර රට තවත් සුන්දර කරලා දෙන්න ගරු ජනාදිපතිතුමනි (නි)

:       0       0

ජ.හේරත් Monday, 17 June 2013 09:02 AM

නීතිය තමයි අකුරටම ඉෂ්ට කරන්න ඕනෑ (නි)

:       0       0

මහේෂ් Monday, 17 June 2013 09:04 AM

අපි අද රැකියා කරන වයසෙ ඉඳලත්, නිවාඩුවකට හරි ලංකාවව ගිය විට අපිට අපේ ගුරුවරු හමු වෙනවා. කිසිම පැකිලීමකින් තොරව අපි එතුමන්ලගේ දෙපා නමදිනවා තැනක් නොතැනක් නොබලා. මේ වාගේ අයට තේරෙන්නෙ නැහැ ගුරුවරයෙකුගේ තියන අගය. එතුමන්ලා කරන කියන හැම දෙයක්ම කියන්නේ කරන්නෙ අපේම හොඳට. ඒවා අපට ගොඩක් තේරෙන්නෙ දැන්. (නි)

:       0       0

රුවන් Monday, 17 June 2013 11:56 AM

රටේ හරියට නීතිය තිබුණා නම් ජනාධිපතිතුමාට කතාකරලා සාධාරනය ඉටු කරන්න කටයුතු කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැනේ (නි)

:       0       0

පියල් Monday, 17 June 2013 09:03 AM

හොද ප්‍රවෘත්තියක්. එක අතකට ලංකාවේ තියෙන ඈම ආයතනක්ම ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කළා නම් ඕවා ටක් ගාලා නවතීවි. (නි)

:       0       0

ශාන් Monday, 17 June 2013 09:05 AM

බොහොම හොද වැඩක් (නි)

:       0       0

හුස්සින් Monday, 17 June 2013 12:00 PM

එතකොට මේද වස්වල බොදුබල සේනා රට කන්න හදන එකට කව්ද දඬුවම් දෙන්න යන්නේ?(නදී)

:       0       0

ධනා Monday, 17 June 2013 04:55 PM

හෙට අපිට මෙහෙම දෙයක් වුනොත් කව්ද කතා කරන්නේ? (නි)

:       0       0

නුවන් Monday, 17 June 2013 09:14 AM

අර කැලණියේ ගස් බැදපු මනුස්සයත් කතා කරන්න ඇති නේද?(නදී)

:       0       0

රණා Monday, 17 June 2013 09:16 AM

සාධාරණය ඉටුකරන්න.වැරදිකරුවන්ට සුදුසු දඬුවම් දෙන්න ගරු ජනාදිපතිතුමනි (නි)

:       0       0

අජිත් Monday, 17 June 2013 09:20 AM

දුකට පත් ගුරුන්දා දුරකතනයට කැන්දා උනෙ කිමද? මන්දා අසන නිරිදෝ වෙන කොයින්දා ජනපතිතුමාගේ යහපත් ක්‍රියාව අගය කරමි.(ස)

:       0       0

කෙවින් Monday, 17 June 2013 09:20 AM

මෝඩයෝ වගේ තමන්ගේ අදහස් දමන්ඩ එපා. මේක බරපතල සිදුවීමක් කියල දන්නා නිසා ජනාදිපති තුමා හදන්නේ ගොඩින් ශේප් කරන්න. නැත්නම් ලොකු බලපෑමක් රජයට වන නිසා. හෙට අනිද්දා මෙයා අනිවාර්යයෙන්ම නිදහස්. මෙම ගුරුවරියගෙන්ම ප්‍රකාශයක් පත්තරේ පලවනවා සමාදාන උනා කියලා ඉක්මනටම.(නදී)

:       0       0

ජීවක Monday, 17 June 2013 09:19 AM

අනිත් දේවල් වලට උඩ පැනගෙන උද්ඝෝෂණය කරන්න දගලන ජ.වී.පෙ. කෝ මේවට මොනවත් කියන්නේ කරන්නේ නැද්ද?අහිංසක මනුස්සයන්ට කරදරයක් වුනහම ඒවාට කතා කරන්න කෙනෙක් නැහැ. (නි)

:       0       0

දිසානායක Monday, 17 June 2013 12:05 PM

වර්තමානයේ සිදූ වුණු ක්‍රියා දෙස බලන විට අපිට රට යන අත විශ්වාස කරන්න බැහැ.ගුරු සටන දිගටම ගෙනියන්න කියලා සියලුම විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා .එහෙම නැති වුනොත් තවත් පාසලක ගුරුවරයෙකුට දණ ගසන්න සිදුවේවී (නි)

:       0       0

රත්නසිරි Monday, 17 June 2013 09:22 AM

ජනාධිපතිතුමනි, අනුන්ගේ ඡන්දයෙන් ඉහල තැන් වලට ගිය අනුන්ගෙන් යැපෙන මේ වගේ අයව නෙරපා දමන්න. ඔබතුමාගේ නමක් මේ වගේ අය නිසා කැත වෙනවා. සුභ අනාගතයක් ඔබට රට වැසියන්ට !! (නි)

:       0       0

චානක Monday, 17 June 2013 09:24 AM

ජනපති මෙයට සම්බන්ද වෙනවා කියන්නේ සැකකාර දේශපාලකයා දඬුවමක් නොමෙතිවම නිදහස ලබනවා සිකුරුයි. කව්රුන් හෝ මා සමග උරණ විය යුතු නැහැ ඇත්ත ඇති සැටියෙන් කියනවානම් මේවා විසඳිය යුත්තේ රටේ ජනපති නොව පොලිසිය හා අදිකරණය මගිනුයි.(නදී)

:       0       0

ජයම්පති Monday, 17 June 2013 12:06 PM

මෙහෙම අයට දෙන්න පුළුවන් උපරිම දඩුවම් දෙන්න ඕනේ

:       0       0

අනුර Monday, 17 June 2013 05:05 PM

මේ මන්ත්‍රීව එලව ගන්න බැරුව හිටපු කෙනෙක්ද කොහෙද නැත්නම් මේවගේ වැඩකලේ මෙයා විතරද? (අ)

:       0       0

දේශපිය Monday, 17 June 2013 09:25 AM

ගොඩක් දේශපාලකයෝ ඉන්නේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්ත අය නෙවෙයි. පාතාලයේ මැරයෝ තමා මෙයාලගේ ගුරුවරු. මෙයාලා දේවදත්තගෙන් බණ අහලා බුදුන්ට ගල් ගහන ජාතියක් දේශපාලකයෝ කියන්නේ.(නදී)

:       0       0

ගමා Monday, 17 June 2013 09:24 AM

හිනා යනවා මේ කථා අහනකොට.(නදී)

:       0       0

සංජීව Monday, 17 June 2013 09:27 AM

කටු කන සුනඛයෝ එලෙව්වහම ගොරවන්නේ හරක්ද?(නදී)

:       0       0

විජේසුරිය Monday, 17 June 2013 12:07 PM

කෙවින් ඔබේ අදහස හරියට හරි! (නි)

:       0       0

උපාලි Monday, 17 June 2013 09:28 AM

ඉස්කෝලේ යන කලේ වැරදී කරලා දන ගහලා තිබුනානම් ඔහොම කරන්නේ නැහැ.(නදී)

:       0       0

නිමල් Monday, 17 June 2013 09:28 AM

ඇයි රනා සේනාව? රාවය?බලය?(නදී)

:       0       0

මංජු Monday, 17 June 2013 09:27 AM

මහින්ද මහත්තයව කන්නේ මෙන්න මේ අය වගේ හරක්.(නදී)

:       0       0

චින්තක Monday, 17 June 2013 09:29 AM

ජනපතිතුමනි, ඔබතුමා වෙත රටේ පොදු ජන හදවත් වල ඇති ආදරය සහ විශ්වාසය, මෙවැනි පහත් පෙලේ අයවලුන්ට විනාශ කිරීමට ඉඩදී තවදුරටත් බලා සිටීම අපට තේරුම් ගත නොහැකිය. මෙවැනි අයට විරුද්දව නීතිය ක්‍රියාත්මක කිරීම සහ එයට අමතරව, පක්ෂයෙන් නෙරපා දැමීමට කරන්නේ නම් ඔබතුමාට දිවි ඇතිතුරු ජනපති කම අහිමි නොවන බවනම් සිකුරුය.(නදී)

:       0       0

රකිත් Monday, 17 June 2013 09:31 AM

ගුරු වරියක දණ ගැස්වීම බරපතල වරදක් බව ඇත්ත. නමුත්, ද්විත්ව මනුෂ්‍ය ඝාතන ඊට වඩා සෑහෙන බරපතල වරදකි. මෙවැනි, මනුෂ්‍ය ඝාතන කරපු අයට සමාව ලැබීම සාධාරණද? මෙවැනි ඝාතන නිසා ජිවිත අහිමි වුන අහිංසක පවුල්වලට තාම කතා කරලා නැද්ද? ඔවුන්ට, සාධාරණය ගැන යමක් කියලා නැද්ද?(නදී)

:       0       0

පාල Monday, 17 June 2013 09:31 AM

සාධාරනයක් උනත් නැතත් බලාපොරොත්තු දීපු එකට නැගෙන අප්‍රසාදේ නවතන්න හේතුවක් වේවි. මෙහෙම කිවේ අර සංචාරකයා ඝාතනයට සම්බන්ධ කෙනා ඔබතුමාත් එක්ක ගත්ත පින්තුර ලෝකේ හැම ප්‍රවෘත්තියකම දැම්මා. ඔහු යස අගේට ඉන්නවා. කොටකෙතන ඝාතකයත් සන්තෝසෙන් රට ගියා.(නදී)

:       0       0

ආරි Monday, 17 June 2013 09:32 AM

ගුරුතුමියට සාධාරණය ඉෂ්ට කරනවා වගේම භාරත ලක්ෂ්මන් මහත්තයටත් සාධාරණය ඉෂ්ට කරන්න.(නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 17 June 2013 09:33 AM

ජනාධිපති තුමනි, ඔබ දෙස මුළු ලංකාවම බලා සිටිති. පාසැල් ගුරුවරුන්, පාසැල් දරුවන්, දෙමවිපියන් ඇතුලු මුළු රාජ්‍ය සේවයමත් අපි වැනි විදේශ රටවල ඉන්න සියලුම දෙනාත් ඔබ තුමාට ප්‍රශංසා කරනවා. මේ නරුමයා තව දුරටත් තියාගන්න එපා. කනින් අල්ලලා එළියට විසිකරන්න. මුළු ලංකාවම ඔබ තුමාට මනාපයි, ආදරෙයි.(නදී)

:       0       0

සමන් Monday, 17 June 2013 09:32 AM

සාධාරණයක් කරන්න ජනපති තුමනි

:       0       0

ධම්මික Monday, 17 June 2013 05:28 PM

මට දැන් පේනවා ඉතා විශාල ලොකු කැරට් අලයක්...(අ)

:       0       0

ලසන්ත Monday, 17 June 2013 09:32 AM

අර සේනා මේ සේනා කෝ? මස් කැල්ලකට විතරද කෑ ගහන්නේ.(නදී)

:       0       0

ඇසල Monday, 17 June 2013 09:35 AM

''දුරකතනයෙන් කතා කර සාධාරණය ඉෂ්ට කරන බව පැවසී යැයි'' කීම පමණක් ඇතිද. අපිට අවශ්‍ය වහාම විසදුමක් පළාත් සභාවෙන් බබාව එළවීම සහ මන්ත්‍රී කම අහෝසි කිරීම. ගුරුවරුනි එක්වව් පක්ෂ බේදයෙන් තොරව වැඩවරමු. පිළිගත හැකි විසදුමක් ලැබෙන තුරු සැමගේ අනාගතය උදෙසා.(නදී)

:       0       0

ඉන්දික Monday, 17 June 2013 05:32 PM

මේ රවිනාත් මන්ත්‍රීට කඩේ යනවා කියලා හොඳට තේරෙනවා. රවිනාත්, ඔයාගේ නෝනා ඔය කියන ගුරුවරිය නම් ඔයා කැමතිද ඔය දුන්නු දඩුවමට. (නි)

:       0       0

ශාන්.ි Monday, 17 June 2013 09:35 AM

කුමාරග කතාව හරියටම හරි ජිවිතේට බය නිසා එහෙම නොකර බැහැනේ.(ස)

:       0       0

ප්‍රියන්ත Monday, 17 June 2013 12:27 PM

ජනාධිපතිතුමනි, පළාත් සබා විසිරවන්න පෙර මෙවන් අයට රටේ නීතිය බලාත්මක කරන්න (නි)

:       0       0

බමුණුසිංහ Monday, 17 June 2013 05:33 PM

අසංග සහ නිමලුත් මන්ත්‍රීගේ ජාතියේ වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2521 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 434 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1734 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5090 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3414 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3764 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site