මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා අද උදේ දුරකතනයෙන් කතා කර සාධාරණය ඉෂ්ට කරන බව පැවසී යැයි නවගත්තේගම නවෝද්‍යා පැසැලේ ගුරිවරියක වන සුසිලා හේරත් මහත්මිය පැවසුවාය.
සන්දාන පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් ඇය පාසැලේදී දණ ගැස් විණි.
එම මන්ත්‍රීවරයා අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි, මින් ඉදිරියට වැරදි වැඩ කරන කාටත් එක්ක තවත් මේ වගේ වැරදි වැඩ නොකරන්න හොද දඩුවමක් දෙන්න.(නදී)
ඇත්තටම ජනාදිපතිතුමනි,මේ වගේ අයට දඩුවම් දෙන්න (නි)
හරියට හරි ජනපතිතුමනි, නැත්නම් මේ යන විදියට රට අඝාදයටයි යන්නේ. අපිත් සාධාරණය ඉටුවනතුරු බලාගෙන ඉන්නේ. (නි)
ම වැනි බිලින්ඳා වර වර ලඟට කැන්දා දුක සැප කුමන්දා අසන නිරිදෝ වෙන කොයින්දා.(නදී)
තව දිනකින් දෙකකින් ගුරුතුමියටම හිතිලා කැමැත්තෙන් දනගැසු බව ප්‍රකාශ කරල මාධ්‍යට ප්‍රකාශයක් දීමට පුළුවන්.(නදී)
හොඳ වැඩක්. ඒ දේශපලුවාව ගුරුවරිය ඉදිරියේ දන ගස්සන එක අනෙත් අයටත් හොඳ පාඩමක් වෙන්න පුළුවන්.(නදී)
අපෝ ඔව්, දුමින්දටත් ඔය ඉෂ්ඨ කරලා තියෙන්නේ සාධාරණය. හෙට පාර්ලිමේන්තුවටත් එනවලු. ඒ වගේම ඔබතුමියටත් මෙයා සාධාරණය ඉෂ්ඨ කරාවි බය නැතුව ඉන්න .(නදී)
මන්ත්‍රීවරයා මීට වඩා හිතන්ඩ තිබුනා.(නදී)
ගුරු සංගමය මේ දේට හඩක් නගන්නේ නැතිද? මොකද දේශපාලනීකරණය වෙලාද ? නැතිනම් මේ වගේ දේවල් අනුමත කරනවාද ? පිළිතුරක් අවශ්‍යයි.(නදී)
එයාවත් පාසැල පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකම් දන ගහගෙන ඉන්න දෙන්න ඕනේ.(නදී)
දෙන්න පුළුවන් හොඳම දඬුවම තමයි මීළඟ පළාත් සභා මැතිවරණයේදී නාමයෝජනා නොදී සිටීම.(නදී)
ඉතා හොඳ ප්‍රවෘත්තියක්. ජනාධිපතිතුමනි, ඔබතුමාට දිර්ඝායුස පතමි. නිදහස් කොමිසමක් ඉක්මනින්ම පත් කරන්න. මෙය ජාතික අවශ්‍යතාවයක් (නි)
ජනාධිපතිතුමනි,සාධාරණය ඉටුකරන්න. අපි සැමදා ඔබ සමගයි. (නි)
බොහොමත්ම අගය කළ යුතු ක්‍රියාවක් ගරු ජනපතිතුමනි. ඔබතුමා ජනතා ගැටළු වලට මේ විදියට මැදිහත් වීම සහ ඒවා විසදා දීමට කටයුතු කිරීම ඉතා වැදගත්. රටේ පවතින නීති මදි බවක් අපට දැනෙනවා.මේ ගැනත් ඔබතුමාගේ අවදානය යොමුකරන මෙන් ඉතා බැගපත්ව ඉල්ලා සිටිනවා. අහිංසක මිනිස්සුන්ට පාඩුවේ මහන්සියෙන් උපයාගෙන කාලා,හිතේ බයක් නැතුව ජීවත්වීමේ වටපිටාව ඔබතුමා නිර්මාණය කරලා දුන්නා. නමුත් සමහර සිදුවන මංකොල්ල කම් , මිනීමැරුම් නිසා එම නිදහස මිනිස්සුන්ට හරිහැටි බුක්ති විදින්න හැකියාවක් නැහැ. වැරදිකරුවන්ට සුදුසු දඬුවම් සකස් කරලා අපේ මේ සුන්දර රට තවත් සුන්දර කරලා දෙන්න ගරු ජනාදිපතිතුමනි (නි)
නීතිය තමයි අකුරටම ඉෂ්ට කරන්න ඕනෑ (නි)
අපි අද රැකියා කරන වයසෙ ඉඳලත්, නිවාඩුවකට හරි ලංකාවව ගිය විට අපිට අපේ ගුරුවරු හමු වෙනවා. කිසිම පැකිලීමකින් තොරව අපි එතුමන්ලගේ දෙපා නමදිනවා තැනක් නොතැනක් නොබලා. මේ වාගේ අයට තේරෙන්නෙ නැහැ ගුරුවරයෙකුගේ තියන අගය. එතුමන්ලා කරන කියන හැම දෙයක්ම කියන්නේ කරන්නෙ අපේම හොඳට. ඒවා අපට ගොඩක් තේරෙන්නෙ දැන්. (නි)
හොද ප්‍රවෘත්තියක්. එක අතකට ලංකාවේ තියෙන ඈම ආයතනක්ම ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කළා නම් ඕවා ටක් ගාලා නවතීවි. (නි)
බොහොම හොද වැඩක් (නි)
අර කැලණියේ ගස් බැදපු මනුස්සයත් කතා කරන්න ඇති නේද?(නදී)
සාධාරණය ඉටුකරන්න.වැරදිකරුවන්ට සුදුසු දඬුවම් දෙන්න ගරු ජනාදිපතිතුමනි (නි)
දුකට පත් ගුරුන්දා දුරකතනයට කැන්දා උනෙ කිමද? මන්දා අසන නිරිදෝ වෙන කොයින්දා ජනපතිතුමාගේ යහපත් ක්‍රියාව අගය කරමි.(ස)
මෝඩයෝ වගේ තමන්ගේ අදහස් දමන්ඩ එපා. මේක බරපතල සිදුවීමක් කියල දන්නා නිසා ජනාදිපති තුමා හදන්නේ ගොඩින් ශේප් කරන්න. නැත්නම් ලොකු බලපෑමක් රජයට වන නිසා. හෙට අනිද්දා මෙයා අනිවාර්යයෙන්ම නිදහස්. මෙම ගුරුවරියගෙන්ම ප්‍රකාශයක් පත්තරේ පලවනවා සමාදාන උනා කියලා ඉක්මනටම.(නදී)
අනිත් දේවල් වලට උඩ පැනගෙන උද්ඝෝෂණය කරන්න දගලන ජ.වී.පෙ. කෝ මේවට මොනවත් කියන්නේ කරන්නේ නැද්ද?අහිංසක මනුස්සයන්ට කරදරයක් වුනහම ඒවාට කතා කරන්න කෙනෙක් නැහැ. (නි)
ජනාධිපතිතුමනි, අනුන්ගේ ඡන්දයෙන් ඉහල තැන් වලට ගිය අනුන්ගෙන් යැපෙන මේ වගේ අයව නෙරපා දමන්න. ඔබතුමාගේ නමක් මේ වගේ අය නිසා කැත වෙනවා. සුභ අනාගතයක් ඔබට රට වැසියන්ට !! (නි)
ජනපති මෙයට සම්බන්ද වෙනවා කියන්නේ සැකකාර දේශපාලකයා දඬුවමක් නොමෙතිවම නිදහස ලබනවා සිකුරුයි. කව්රුන් හෝ මා සමග උරණ විය යුතු නැහැ ඇත්ත ඇති සැටියෙන් කියනවානම් මේවා විසඳිය යුත්තේ රටේ ජනපති නොව පොලිසිය හා අදිකරණය මගිනුයි.(නදී)
ගොඩක් දේශපාලකයෝ ඉන්නේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්ත අය නෙවෙයි. පාතාලයේ මැරයෝ තමා මෙයාලගේ ගුරුවරු. මෙයාලා දේවදත්තගෙන් බණ අහලා බුදුන්ට ගල් ගහන ජාතියක් දේශපාලකයෝ කියන්නේ.(නදී)
හිනා යනවා මේ කථා අහනකොට.(නදී)
කටු කන සුනඛයෝ එලෙව්වහම ගොරවන්නේ හරක්ද?(නදී)
ඉස්කෝලේ යන කලේ වැරදී කරලා දන ගහලා තිබුනානම් ඔහොම කරන්නේ නැහැ.(නදී)
ඇයි රනා සේනාව? රාවය?බලය?(නදී)
මහින්ද මහත්තයව කන්නේ මෙන්න මේ අය වගේ හරක්.(නදී)
ජනපතිතුමනි, ඔබතුමා වෙත රටේ පොදු ජන හදවත් වල ඇති ආදරය සහ විශ්වාසය, මෙවැනි පහත් පෙලේ අයවලුන්ට විනාශ කිරීමට ඉඩදී තවදුරටත් බලා සිටීම අපට තේරුම් ගත නොහැකිය. මෙවැනි අයට විරුද්දව නීතිය ක්‍රියාත්මක කිරීම සහ එයට අමතරව, පක්ෂයෙන් නෙරපා දැමීමට කරන්නේ නම් ඔබතුමාට දිවි ඇතිතුරු ජනපති කම අහිමි නොවන බවනම් සිකුරුය.(නදී)
ගුරු වරියක දණ ගැස්වීම බරපතල වරදක් බව ඇත්ත. නමුත්, ද්විත්ව මනුෂ්‍ය ඝාතන ඊට වඩා සෑහෙන බරපතල වරදකි. මෙවැනි, මනුෂ්‍ය ඝාතන කරපු අයට සමාව ලැබීම සාධාරණද? මෙවැනි ඝාතන නිසා ජිවිත අහිමි වුන අහිංසක පවුල්වලට තාම කතා කරලා නැද්ද? ඔවුන්ට, සාධාරණය ගැන යමක් කියලා නැද්ද?(නදී)
සාධාරනයක් උනත් නැතත් බලාපොරොත්තු දීපු එකට නැගෙන අප්‍රසාදේ නවතන්න හේතුවක් වේවි. මෙහෙම කිවේ අර සංචාරකයා ඝාතනයට සම්බන්ධ කෙනා ඔබතුමාත් එක්ක ගත්ත පින්තුර ලෝකේ හැම ප්‍රවෘත්තියකම දැම්මා. ඔහු යස අගේට ඉන්නවා. කොටකෙතන ඝාතකයත් සන්තෝසෙන් රට ගියා.(නදී)
ගුරුතුමියට සාධාරණය ඉෂ්ට කරනවා වගේම භාරත ලක්ෂ්මන් මහත්තයටත් සාධාරණය ඉෂ්ට කරන්න.(නදී)
ජනාධිපති තුමනි, ඔබ දෙස මුළු ලංකාවම බලා සිටිති. පාසැල් ගුරුවරුන්, පාසැල් දරුවන්, දෙමවිපියන් ඇතුලු මුළු රාජ්‍ය සේවයමත් අපි වැනි විදේශ රටවල ඉන්න සියලුම දෙනාත් ඔබ තුමාට ප්‍රශංසා කරනවා. මේ නරුමයා තව දුරටත් තියාගන්න එපා. කනින් අල්ලලා එළියට විසිකරන්න. මුළු ලංකාවම ඔබ තුමාට මනාපයි, ආදරෙයි.(නදී)
සාධාරණයක් කරන්න ජනපති තුමනි
අර සේනා මේ සේනා කෝ? මස් කැල්ලකට විතරද කෑ ගහන්නේ.(නදී)
''දුරකතනයෙන් කතා කර සාධාරණය ඉෂ්ට කරන බව පැවසී යැයි'' කීම පමණක් ඇතිද. අපිට අවශ්‍ය වහාම විසදුමක් පළාත් සභාවෙන් බබාව එළවීම සහ මන්ත්‍රී කම අහෝසි කිරීම. ගුරුවරුනි එක්වව් පක්ෂ බේදයෙන් තොරව වැඩවරමු. පිළිගත හැකි විසදුමක් ලැබෙන තුරු සැමගේ අනාගතය උදෙසා.(නදී)
කුමාරග කතාව හරියටම හරි ජිවිතේට බය නිසා එහෙම නොකර බැහැනේ.(ස)
එතකොට කොටකෙතන ඝාතකයා රට පැන්නේ. දුමින්ද කිසිදෙයක් නොවුනා සේ ජීවත්වෙන්නේ. කැලණියේ ඇමති තුමා යසට ඉන්නේ. සංචාරක ඝාතකයා අහිංසකයෙක් උනා වගේ මේකත් විසි වෙන්න දෙන්න එපා.(නදී)
සරත්ට සාධාරණය කළා, ශිරානිට කළා, පුත්තලමේ ඇන්ටෝනිට කළා, ඔබටත් කරයි. ඡන්දෙදි අපිත් කරමු.(නදී)
පැමිණිල්ල ඉල්ලා අස්කර ගනීවි.(ස)
අර රගර් විනිසුරුටත් කතා කලාද?(නදී)
නීතිය හිටියේ නැතත් ජනමාධ්‍යයවත් දිගටම එම ගුරුවරිය සමග සිටිය යුතුය. (ස)
ජනපතිදුනි, මුළු ලෝකයේම වාසය කරන ශ්‍රී ලාංකිකයන් ඔබ දෙස බලා සිටින්නේ අපේ රටේ දුෂිත මෙවැනි දේශපාලුවන් ඉවත්කර අනෙක් අයටත් පාඩමක් මේ සමග දේවි කියන අදහසින් (නි)
මේ මන්ත්‍රි තුමාල දැන් රට හොඳට දියුණු කරළ දැන් කරන්න දෙයක් නැති තැන තමයි මේ ගුරුවරු දණ ගහන්න ඇවිත් තියෙන්නේ. අනේ මේ අයට ඡන්දෙ දුන්න අයයි දණගස්සවන්න ඕනේ. පළාත් සභා ප්‍රාදේශිය සභා අහෝසි කරන්න ඕනේ. (නදී)
ජනාධිපති තුමා මේ සිද්ධියේදී ප්‍රඥාවන්තව කටයුතු කර ඇති බව පෙනේ.(ස)
අපි නොදන්නවයැ කිව්වොත් කරන බව. මෙච්චර කල් ඔය විදියට කී දෙනෙකුට සාධාරණය ඉටු වුණාද?(නදී)
ඕනා නම් දවසක් දෙකක් රිමාන්ඩ් කරාවි. නඩුව විසි වෙන විදියට සාක්කි මෙහෙයවාවී. ඊට පස්සේ රජයත් ක්‍රියාමාර්ගයක් ගත්තා වෙනවා. ඒ නිසා මේවා ජිනිවා ගිනියන්න. මානව හිමිකන් එකට පැමිණිලි කරන්න.(නදී)
කෝ අර අධ්‍යාපන ඇමති තුමා මේ ගැන වචනයක්වත් කතා කළේ නැහැනේ.(නදී)
ජනාධිපති හරිනම් කතා කරන්න ඕනේ රටේ ජනතාවටය ගුරු වරියට නෙමෙයි. ප්‍රථමයෙන්ම ජනාධිපති සමාව ගන්න ඕනේ සියලු රට වැසියන්ගෙන්ම තමාගේ නායකත්වයෙන් තියන පක්ෂයේ මෙවැනි අයට ඡන්දෙ ඉල්ලන්න දුන්නට.(නදී)
ගුරුවරයෙකුට දණ ගහලා නැති අය තමා මෙහෙම වැඩ කරන්නේ. උපරිම දඩුවම් දිය යුතුයි. (නි)
මෙහෙම මිනිස්සු ඉන්නකොට රටක් දියුණු වෙයිද ? දැන් තියෙන්නේ මන්ත්‍රීට ගුරුවරියගෙන් සමාව ඉල්ලන්න (නි)
චන්දය ලග හින්ද තමා කතා කරන්න ඇත්තේ..මමනම් කියන්නේ මිනිස්සු බුද්ධිමත් ව හිතන්න ඕන ..(ස)
ජනමාධ්‍ය තුලින් මෙතරම් මෙම සිදුවීම විවේචනය කරපු නිසා ජනපතිතුමාගේ පවා අවධානය යොමුවුණා (නි)
මේකෙන් පැහැදිලි වෙන දේ තමයි රටේ තිබෙන සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. නැත්නම් මේ වගේ දෙයකදී ජනාධිපතිතුමාට ඉදිරිපත්වෙලා සාධාරනයක් ඉටු කරන්න දෙයක් නැහැ. එය එතුමාට කරදර වියයුතු කාරණයක් නොවේ. (නි)
උසාවියෙන් රෝහලට. රෝහලෙන් එලියට...මෙචර කාලෙකට නම් උනේ ඔය ටික. බලමු මේකේ වෙනස දෙයක් වෙයි ද කියලා.(ස)
ජනපතිතුමනි, මහජනයාට ඔබේ ආණ්ඩුව එපා වේගෙන එනවා හොඳේ. (නදී)
මන්ත්‍රීවරයගේ වැරැද්දක් නැහැ. මේ වගේ අයට අපේක්ෂකම දෙන අයටයි, එයාලට ඡන්දය දෙන අයටයි ගැඹුරින් හිතලා මින් ඉදිරියටවත් තීරණ ගන්න අවස්ථාවක් දීලා තියෙනවා මෙයා. (නි)
මෙයින් පෙනෙන්නේ අපේ රටේ නීතියට සිදුව ඇති ඉරණමයි. උපන් රටට එරෙහි වනවා කියලා චෝදනා කරන අයට කියන්නේ විදේශ රටවලදී අපිට ලංකාවට වැඩිය නෛතික රැකවරණයක් ලැබෙන බවයි. ඒක ඔය රට ඉන්න උදවිය දන්නවා. (නි)
සේනාව ගුරුවරු දණ ගස්වන දේශපාලකයන්ට එරෙහිව උද්ඝෝෂණය කරන්නෙ නැද්ද? (නි)
මම කෙවින්, චානක එක්ක එකගයි. මම හිතන්නේ ලංකාවේ නීතියේ හැටියට , උපරිම මාසයක් හිරේ දායි. රුපියල් 1000 ක විතර දඩයක් ගහයි. නමුත් මේකට ඊට එහා ගිය විසදුමක් ඕනෑ. අනික මම හිතන්නේ ගුරු සංගමය සහ ජේ.වී.පී. එක මේකට මැදිහත් වෙන්න ඕනෑ නැහැ. මොකද එහෙම වුනහම නිල් කොළ රතු වලට බෙදලා මේක දියාරු කරලා දාන්න පුළුවන්. ඔන්න පුලුවන් නම් ලංකාවේ නීතිඥයින්ට කරන්න දෙයක් තියෙනවා පුලුවන් නම් මේ නඩුවට පෙනී නොසිටින්න (නි)
ප්‍රේමදාස ජනාධිපති තුමා පාන්දරම පිටකොටුව බෝධිය ලඟින් ගෙන්වාගෙන පළමුවෙන්ම කියවන්නේ ඇත්ත පත්තරේ. දේශපාලන හෙංචයියන්ගේ, සංස්ථා සභාපතිවරු, උප සභාපති, ක්‍රියාකාරී අධයක්ෂකවරුන්ගේ නොමනා ක්‍රියාකලාප පළකරන්නේ "යතුරු සිදුරෙන්". සුළු වරදක් නම් ගෙන්වලා බනිනිනේ එක පාරයි හදා ගන්න. වරදක් කර ඇත් නම් බනින්නේ නැහැ. වහාම ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙන්න කියනවා. තිබ්බ බිය නිසා කව්රුත් රාජකාරිය කලා හරියට. අන්තිමේ බරපතලම වැරැද්ද කරලා තියෙන්නේ ලඟින්ම හිටපු ආවතේව කාරයා.(නදී)
ගරු ජනාදිපති තුමනි ඔබ තුමා හොඳ වැඩක් කර තිබෙන්නේ. මේ වැඩේ වැඩ වලට මින් ඉදිරියට දැඩි දඩුවම් දිය යුතුයි...ඔබ තුමාට දීර්ග කාලයක් රට පාලනය කරන්න වාසනාව ලැබේවා....ජයෙන් ජය.(ස)
අගෙයි ජනාධිපතිතුමණි , මෙතෙක් කාලයක් ඉතිහසයේ අසා නැති දෙයක්. අසාධාරණයක් වු ඔබ වැනි අයට රටෙ නායකයා පුද්ගලීකව අමතනවා. ඔබට කෙසේ වෙතත් මෙවැනි තිරිසන් දේවල් නොවෙන්න හොද දඩුවමක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරන්නෙමු. දැන් අතීතය ගෙවි ගොස් අවසන්. අතීත වැරදි නිවැරදි කරමින් වරදකරුට දඩුවමි ලබාදීමේ පිලිවෙත සිදුවෙයි. පලාත් පාලන ආයතන මංත්‍රීවරයා එල්ලුමි ගසටද, පොලිසියේ ලොක්කා අත්අඩංගුවටද ගැනිමෙන්ද අනෙකුත් විෂමාචාර සදහා නඩු වාර පැවැත්විමෙන් පසුද නිසි දඩුවමි ලබා දෙනු ඇතැයි විශ්වාස කරමි. ලොව සිටින නිර්භිත නායකයාණෙනි ඔබට සුභ පැතුමි.(නදී)
නිමල් මෝඩ දේවල් දාන්න එපා. ඇයි මෙතැනට සේනාව රාවය. අද සේනාව රාවය නැත්නම් ගොඩක් ඉවරම තමා.(නදී)
මේකත් අර කලින් සිද්දි වගේ ලිස්සලා යවන්න මාර්ගයක්ද? ඔබතුමාත් ඉතින් බෙන්තර ගගෙන් එහානේ.(නදී)
ඔය පළාත් සභා මන්ත්‍රී කෙනෙක්නෙ. එතකොට ඔය කැළණියේ හිටියේ ඇමති කෙනෙක්නේ. එයා කොයි තරම් දේවල් නම් කරාද? ඒ'වටත් දඬුවම් දෙන්න ඕනානේ. නීතිය හැමෝටම පොදු නම්, ක්‍රියාත්මක කරන්න.(නදී)
මේවා බලාගෙන සිටින ලංකාවේ සිටින අපි ඔක්කම නපුංසකයෝ. කවදාකවත් කිසිම දේකට කටක් අරින්න එපා. බුදියගෙන හිටියම හරි.(නදී) .
ජනාදිපතිතුමනි, මිනිසුන් ඇත්තටම ඔබේ හොද කියා රජයට බනින්නේ අයි? මේ ගැන ටිකක් හොයලා බලන්ඩ, මිනිසුන් රනිල්ට බැන පක්ෂයට හොඳ කියනවා.(නදී)
මටනම් බැහැ මේවට මුකුත් කියන්න....(ස)
අසංග, ඔබ හරි අපි බලමු ජනාධිපති තුමා රට වැසියන්ට දෙන ආදර්ශය.(නදී)
රටේ නීතිය ශක්තිමත් කරන්න ජනපතිතුමනි. මේ වගේ අයට ඔබගේ නම කැත කරන්ඩ දෙන්න එපා. ඔබ හරි නම් අපිත් ඉන්නවා.(නදී)
සාධාරණය, රටේ වෙන්නේ ඔක්කොම සාධාරණ දේවල්. අනේ මගේ කට.(නදී)
එදා ඉදලා එකපෙළට සිදුවූ සිදුවීම් වලට පොදුවේ මිනිස්සු පෙළගැසුනා නම් අද මෙහෙම දේශපාලකයෝ නටන්නෙ නැහැ.කෝ වරදට දඩුවම්? (නි)
රටේ නීතිය බිද දමා තමන්ගේ දඩ බල්ලන් ලිහා මිනිසුන් කා දමද්දී මෙවැනි ප්‍රකාශ ජනපති නිකුත් කරන්නේ රටේ නිතිය බිද වැටීම ඔහු හොදින් දන්නා නිසා සහ මෙවැනි ප්‍රකාශ වලින් රැවටිය හැකි විශාල පිරිසක් රටේ සිටින නිසා. ඔහු කල යුතු වන්නේ නිතිය නිවැරිදිව කියාත්මක වීමට ඉඩ හැරිම හා ඊට තමන්ගේ හා ගෝලබලයාගේ තියන බලපෑම් නැති කිරීමයි. නැති නම් ඉදිරියේදී උදේ හවස ජනපති ගේ කාර්යය විය හැක්කේ මෙවැනි මිනිසුන්ට බේගල් ඇද බැමයි.(නදී)
ඔබ තුමා මේවට නිසි ක්‍රියාමාර්ග ගතහොත් ජනතාව ඔබට ගරු කරාවි. අපි තවමත් ඔබතුමා ගැන දැඩි විශ්වාශයෙන් ඉන්නේ (නි)
චානක ඔබ හරියටම හරි. ගුරුවරියට දඩුවම් දීම මන්ත්‍රීට හෝ මන්ත්‍රීට දඩුවම් දීම ජනදිපතිට අයිති වැඩක් නෙමෙයි.(නදී)
අනිත් පැත්තෙන් තව කෙනෙක් කෝල් කරලා කියයිද දන්නේ නැහැ , මන්ත්‍රී තුමාව නිදහස් කරන්න කියලා.(නදී)
ඕකට කොමිසමක් පත් කරන්න . ඒක තමයි සුදුසු ක්‍රමය (නි)
හරියට හරි ජනාධිපතිතුමනි.අපි දන්නවා ඔබතුමා පක්ෂ භේද නොබලා වැරදි කරන මනුස්සයට දඩුවම් දෙන බව.ඔබතුමා වගේ කෙනෙක් තමා අපේ රට හැමදාම ජනාධිපති වෙලා ඉන්න ඕනෑ.ජය වේවා. (නි)
මා වැනි ගුරුන් දෑ එනු එනු ලගට කැදවා උන හදිය කුමක් දෑ අසන උතුමන් වෙන කොහෙන් දෑ ?(නදී)
මම දැන් එකක් කියන්නම්.ගවුම කොටය කියලා වාටිය ගලවලා දරුවෙකු මානසික හිංසනයකට ලක් කරන්නට තරම් අයිතියක් ගුරුවරියකටද තිබියයුතු නැහැ.විනය පිලිබදව ප්‍රශ්නයක් නම් දෙමාපියන් ගෙන්වා සුදුසු පියවරක් ගන්නවා හැර එසේ පීඩාවකට පත් කළහොත් පියකු ලෙස මමද ඉතා කුපිත වෙමි.එයට ගුරුවරිය දණ ගැස්වීමද වරදක්ය.මෙය දැන් මා සමග ගැටුමට බොහෝ දෙනෙකු අවි අමෝරා ගැනීමට ගන්නට ඉඩ ඇත.එහෙත් දරුවන්ගේ පෞරුෂය බිද දැමීමට ගුරුවරියගේ ක්‍රියාව හේතුවක් බව මා තරයේ විශ්වස කරමි.ගුරුවරියට විරුද්ධවද මානව හිමිකම් නඩුවක් පැවරුනහොත් ඇයද වැරදිකාරියක වෙනු නියතය.සමහර ගුරුවර ගුරුවරියන්ද තමන්ගේ නිවසේ මානසික පීඩනය දරුවන් වෙත පිටකරන බව මමද අත්දැක ඇත.අපි ප්‍රශ්නයක් දිහා හැම කෝණයකින්ම බලන්නට පුරුදුවෙමු.ලංකාදීපයේ මේ ලබා දී ඇති ඉඩකඩින් මේ ගැනත් ටිකක් ගැටෙමු.මත ගැටුම තුලින් නිවැරදි වෙන්නට අවස්ථාවක් සැමට ලැබෙයි. (නි)
තංගල්ලේ විදේශිකයා ඉදිරියේ ඔහුගේ බිරිදව 8 දෙනෙක් දුෂණය කරලා විදේශික සැමියාව වෙඩි තියලා මැරුවා. ඒ කතටත් සාදාරනය ඉෂ්ට වියයුතුයි (නි)
මොනවා වෙයිද දන්නේ නැහැ අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි (දී)
ඉතා හොද වැඩක්
ඔබතුමා මෙහෙම කතා කරපු එක නම් ගොඩක් වටිනවා.ඒ ගුරුතුමී කොයි තරම් බයෙන් ඉන්න ඇද්ද? බුරුලක් නම් දෙන්න එපා මන්ත්‍රීට (නි)
ජනපති තුමනි මොකද්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ (දී)
මේ තරම් විනාශයක් මිනීමරු ප්‍රබාකරන්ටවත් කරන්න ලැබුනේ නැහැ. (නි)
අද මම නෑගිට්ටෙ ඈඳේ අනිත් පෑත්තෙන්ද කියල මම මේ කල්පනා කරන්නෙ.(ස)
ජනාධිපති තුමනි ඕවට කතාවෙන් නොව ක්‍රියවෙනුයි පිළිතුරු දෙන්න ඕන. ඒ මගින් ඔබ තුමා රටේ දරුවන් ගැන හිතන තාත්තෙක් කියල රටට පෙන්නන්න.(ස)
කරන්න තියෙන්නේ රටේ නීතිය බලාත්මක කරන එකයි. (නි)
රටේ හරියට නීතිය තිබුණා නම් ජනාධිපතිතුමාට කතාකරලා සාධාරනය ඉටු කරන්න කටයුතු කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැනේ (නි)
එතකොට මේද වස්වල බොදුබල සේනා රට කන්න හදන එකට කව්ද දඬුවම් දෙන්න යන්නේ?(නදී)
වර්තමානයේ සිදූ වුණු ක්‍රියා දෙස බලන විට අපිට රට යන අත විශ්වාස කරන්න බැහැ.ගුරු සටන දිගටම ගෙනියන්න කියලා සියලුම විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා .එහෙම නැති වුනොත් තවත් පාසලක ගුරුවරයෙකුට දණ ගසන්න සිදුවේවී (නි)
මෙහෙම අයට දෙන්න පුළුවන් උපරිම දඩුවම් දෙන්න ඕනේ
කෙවින් ඔබේ අදහස හරියට හරි! (නි)
ජනාධිපතිතුමනි, පළාත් සබා විසිරවන්න පෙර මෙවන් අයට රටේ නීතිය බලාත්මක කරන්න (නි)
ජනපතිතුමනි , මේ ඉන්න කීප දෙනෙකුට හොද පාඩමක් උගන්වන්න. එතකොට අනික් අයත් ඉබේම මට්ටු වෙනවා. එහෙම කලොත් රටේ ජනතාව ඔබතුමාව සදාකල් පිළිගනීවි. ගරු කරාවි (නි)
ඔබතුමාගේ පිහිට විතරයි තියෙන්නේ
හේලි, ඔබේ තර්කය ඉතා නිවැරදිය.මා කුඩා කල එක ගුරුවරයකු මුස්ලිම් සිසුවෙකුට දඩුවම් දුන්නේ "උබ හරක් මස් ගිලලා ගිලලා ආවද ගණන් හදන්නෙත් නැතිව" කියා. මෙම ක්‍රමය වෙනස් විය යුතුය.නමුත් මොන තත්වයක් යටතේවත් මන්ත්‍රී කළ දේ ඉතා වැරදිය.... (නි)
මන්ත්‍රීතුමා කර ගත්ත දෙයින් වුනේ තමන්ගේම දරුවට තමන්ම වල කපපු එක. දැන් කිසිම පාසලකින් ඉගෙන ගන්න පුලුවන්ද ? (නි)
සාධාරණය තමයි වැදගත්
ඉදිරියට මැති ඇමතිවරු තෝරා පත් කර ගැනිමේදි ඉගෙනීමෙන් උපාධියක්වත් ලබපු කෙනෙක් තෝරා පත් කර ගත යුතුයි. එවිට මෙවැනි පහත් වැඩ මහජනයාට ඇසිමට හෝ බැලිමට නොලැබෙනු ඇත (නි)
අපරාධයකදී වැරදිකරුවට දඩුවම දීමත් විත්තියට සාධාරණය ඉස්ට කිරීමත් උසාවිය සතු වගකීමක් (නි)
දේශපාලකයාට හොද දඩුවමක් දෙන්න.ගුරුතුමියනි, කොන්ද පණ ඇති ගුරුවරියක් වෙන්න.ඕක වෙනකම් ඔය පාසලේ හිටපු අනෙක් ගුරුවරු මොකද කළේ? මම හිටියා නම් ඔය මෝඩ ඔය දේශපාලකය ගුටි කන්නේ කාන්තාවන්ගෙන්. ගුරුතුමියනි, සමස්ත ගුරුවරුනි, මෙය හෙළාදකින්න (නි)
ජනතාවගේ චන්දයෙන් පත්වෙලා, ජනතාවගේ සල්ලි වලින්ම ජීවත් වෙන අයට ඒ ගැන කිසිම මතකයක් නැහැ. අම්මප මේ වගේ අය දගලන වෙලාවට කෙලින්ම මතක හිටින්න සළකන්න ඕනෑ. නැතිනම් කිසිම සාදාරණයක් වෙන්නේ නැහැ (නි)
කරුණාකර මෙම ගුරුවරිය එම දරුවට කළ අසාධාරණය ගැනත් සොයා බලන්න. (නි)
දඬුවම් දෙන කම් කට ඇරගෙන බලාගෙන ඉන්න. ඕව ඔක්කොම ටික දවසයි. ඔක්කොටම කලියෙන් මෙයාව මන්ත්‍රීකමෙන් පන්නන්න ඕනා. ඒක කරන්නේ නැතුව කතා කරලා වැඩක් නැහැ.(නදී)
මෙහෙම අයට චන්දය දුන්න අපිටයි ගහන්න ඕනේ (දී)
අවසානයේ කාටත් පිහිට ඔබ තුමා තමයි
ජනාධිපිතිතුමාට ජයවේවා! සාධාරණය ඉටු කරන්න. අපි ඔබ සමගයි.(නදී)
සාධාරණයක් කරලා දෙන්න . ළමයින්ගේ අනාගතය වෙනුවෙන් (දී)
මේ ගුරුවරියට හොද ශක්තියක් තියෙනවා (නි)
ගුරුවරියගේ මානසිකත්වය ගැන හිතලා කතා කරපු එක හොදයි.අපේ ජනාධිපතිතුමා ඔබට සාදාරනය ඉටු කරාවි. (නි)
ජිවිතේ හැටි ඔහොම තමයි (දී)
සාධාරණය ඉටු කරන්න. ලොකු දෙයක් එතුමියට කතා කරලා හිත සැනසුවා එක. කොයිතරම් බයේද ඉන්න ඇත්තේ පහුගිය ටිකේ? (නි)
දැන්වත් අපි අවදිවෙමු (නි)
තවත් ටික දවසකින් විතර ලෙඩ වේවිද දන්නෙ නැහැ (නි)
එයාගේ කෙරුවාව ඉතින් අපි නොදන්නවයැ.(නදී)
ජනපතිතුමාට මගේ ප්‍රණාමය! (නි)
"උන් ගෙනාව සීනි බෝල කුහුබුවන්ට දී........බා ලොළී ලොළී ....."(නදී)
අපි අද රැකියා කරන වයසෙ ඉඳලත්, නිවාඩුවකට හරි ලංකාවව ගිය විට අපිට අපේ ගුරුවරු හමු වෙනවා. කිසිම පැකිලීමකින් තොරව අපි එතුමන්ලගේ දෙපා නමදිනවා තැනක් නොතැනක් නොබලා. මේ වාගේ අයට තේරෙන්නෙ නැහැ ගුරුවරයෙකුගේ තියන අගය. එතුමන්ලා කරන කියන හැම දෙයක්ම කියන්නේ කරන්නෙ අපේම හොඳට. ඒවා අපට ගොඩක් තේරෙන්නෙ දැන්.මේ කතාව බොරු නෙමෙයි . (නි)
හෙට අපිට මෙහෙම දෙයක් වුනොත් කව්ද කතා කරන්නේ? (නි)
මේ මන්ත්‍රීව එලව ගන්න බැරුව හිටපු කෙනෙක්ද කොහෙද නැත්නම් මේවගේ වැඩකලේ මෙයා විතරද? (අ)
මට දැන් පේනවා ඉතා විශාල ලොකු කැරට් අලයක්...(අ)
මේ රවිනාත් මන්ත්‍රීට කඩේ යනවා කියලා හොඳට තේරෙනවා. රවිනාත්, ඔයාගේ නෝනා ඔය කියන ගුරුවරිය නම් ඔයා කැමතිද ඔය දුන්නු දඩුවමට. (නි)
අසංග සහ නිමලුත් මන්ත්‍රීගේ ජාතියේ වගේ. (නි)
රවිනාත්, ඔබ ඉස්කෝලේ ගිහිල්ලා තිබෙනවද? අපි ගිය කාලේ 1950 ගණන්වල ඔයිට වැඩිය සැර ගුරුවරු අපට හිටියා. අපට ලැබුනේ ප්‍රසිද්ධියේ දෙන වේවැල් පහරවල්. (නි)
අම්මපා! මගේ මතකයට එන්නේ සර් ජෝන් කොතලාවල මහතාව.එතුමා මේ වගේ කාලයක හිටියා නම්... (නි)
අදුරේ අතපත ගාන කෙනෙක් නෙමයි ජනාධිපතිතුමා. එතුමා මේකට කවුරුවත් නොහිතපු දඩුවමකක් දේවි. (නි)
පද්මිනිට හිතන්න කාලය ඇවිත්.බෙන්තර ගඟෙන් එහා කෙනෙක් හින්දා නේද අද අපි නිදහසේ ඉන්නේ. මුල අමතක කිරීම සිංහලකමට අගෞරවයක් බව හිතන්න. අමනාප නොවන්න (නි)
මේ පාසලේ කොඳු නාරටිය ශක්තිමත් එක පිරිමි ගුරුවරයෙක්වත් හිටියේ නැද්ද? (නි)
කොපමණ ප්‍රතිචාර දැම්මත්, කව්රු ගුරුතුමියට ටෙලිෆෝන් කරලා ශේප් වෙන්න, වගේම බය වෙන්නත් එක්ක සාදාරණයක් කරන්න බොරු පොරොන්දු දුන්නත් අන්තිමයට වෙන්නේ ගුරුතුමියට බයෙන් ජීවත් වෙන්නත් මන්ත්‍රී තුමාට හිටියවගේම යහතින් ජනප්‍රිය චරිතයක් හැටියට තවත් මනාප ගොඩාක් අරගෙන ඊළඟ චන්දයෙන් මහා ඇමති වෙන්න තරම් සුදුසුකම් ලැබෙන එකයි. (අ)
අපේ රජ තුමාට ජයවේවා (අ)
ක්‍රියාවෙන් පෙන්නන්න ඕන (ත)
ජනාධිපතිතුමණි ....කරන තරමක් දරණු වැඩ කරන්නේ මේ පළාත් සභා මන්ත්‍රිවරුන්මයි....ඇත්තටම ඒ වැඩ කොටසත් කිරිමට පළාත් බලය අහෝසි කරලා සාමාන්‍යය මනුසයකුට මේ දේ ලබා දෙන්න....නැතිනම් ලංකාවේ ඉදිරි අනාගතය ගැණ කථා කිරිමත් අප්‍රසන්න වේවි..(අ)
ජනාධිපති කොමිසමක් දැම්මනම් ඉවරයිනේ. (ත)
රවිනාත් ටත් කවුරුහරි කොට වැඩියි කිව්වද?(නදී)
හෙළි ,ඔබ හරි දෙපැත්තේම වැරදී තියෙනවා. ගවුම පොඩ්ඩක් කොට උනාට මොකද. දරුවා හොදට ඉගෙන ගන්නවානම්. ගුරුවරු හැම කෙනාටම තමන්ගේ ළමා කාලය අමතක වෙනවා රැකියාවට ආවම.(නදී)
තාමත් වෙනස් වෙන්න කාලය තියෙනවා. (නි)