(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

දැදුරුඔය ඉහළ සහ මධ්‍යම ජලධාරා ප්‍රදේශ වෙත පැවැති අධික වර්ෂා තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක් අද (15) උදෑසණ සිට යළි විවෘත්ත කළ බව ජලාශය බාර වාරි ඉංජිනේරු කාර්‍යාලය සඳහන් කළේය.

දොරටු දෙකක් අඩි 02 බැගින් සහ තවත් දොරටු දෙකක් අඩි 01 බැගින් විවෘත්ත කර ඇති අතර ඒ හේතුවෙන් තත්පරයට ඝණ අඩි 4200 ක ජල පරිමාවක් ජලාශයේ සිට දැදුරුඔයට මුදා හැරේ.

මෙම තත්වය දැදුරුඔය පහළ ප්‍රදේශවලට ගංවතුර තත්වයක් නොවන බව වාරි ඉංජිනේරු කාර්‍යාලය කියයි.

එහෙත්, දැදුරුඔයේ ජල මට්ටම ඉහළ යාම සහ ජල පහරේ වේගය වැඩිවීම හේතුවෙන් පහළ ප්‍රදේශවල ජනතාවට විමසිළිමත්ව සිටින ලෙස කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය අනතුරු ඇඟවීම් නිවේදනයකින් දන්වා සිටී.