කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සිට කොළඹ මධ්‍යම බස්නැවතුම දක්වා නව අදි වේගී මාර්ගය ඔස්සේ සුඛෝපභොගී බස් රථ සේවාවක් අද ඇරැඹීය.
වෙනදා කටුනායක ගුවන් තොටුපොළේ සිට කොලඹට කුලී වාහනයක යාමට රුපියල් දෙදාස් හත්සීයක් ගෙවීමට සිදුවිය. නමුත් අදින් පසු රුපියල් ඒකසිය තිහකින් අධිවේගයේ සැප බසයකින් කොළඹට යා හැකිය.
පෙරවරු 6.30 සිට රාත්‍රී හත දක්වා සෑම විනාඩි 30 කට වරක්ම කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වාද, කොළඹ සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වාද මෙම සුඛෝපභෝගී බස් ධාවනය කෙරේ. ඉදිරියේදී මගී අවශ්‍යතාවය අනුව බස් රථ ප්‍රමාණය වැඩි කිරීමට නියමිතය.
මීට අමතරව රාත්‍රී කාලයේ ඕනෑම වේලාවක මගී අවශ්‍යතාවයන් මතු වුවහොත් ධාවනය කිරීම සඳහා බස්රථ තුනක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගාල් කර ඇත.
අද පෙරවරු හතට යෙදි තිබු සුභ මොහොතික් මංගල බස් රථය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹට පිටත් විය. පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසින් එහි පළමු ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමෙන් අනතුරුව පීත්ත පටිය කපා බස් රථයට ඇතුළු වුවාය.බස් රථය මගීන්ගෙන් පිරි තිබු අතර වැඩි පිරිසක් විදේශිකයින් විය.
පොලිස් යතුරු පැදියක් පෙරටු කරගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹ මධ්‍යම බස්නැවතුමිපොළ වෙත පිටත්වු බස් රථයේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද ගමන් ගත්තාය.
මෙම අවස්ථාවට ගුවන්තොටුපොළ බලධාරීන්, ශ්‍රී ලංගම සේවයේ කාලසටහන් කළමනාකරු එස්.ඩී.ඕ නිමල් ඇනස්ලි, කලවාන ඩිපෝ කළමනාකරු ජී.සේමරත්න, මහරගම ඩිපෝ කළමනාකරු එම්.කේ ජයවර්ධන යන නිලධාරීහු සහභාගී වූහ.
මේ අතර කොළඹ සිට කටුනායකට බස් සේවාව ඇරැඹීම ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා අතින් සිදු විය.
බස් සේවාව අරඹමින් ප්‍රවාහ ඇමැති වෙල්ගම මහතා විසින් ප්‍රථම බස් රථය පිටකොටුවේ සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වාම මගීන් සමග ධාවනය කැරිණි. බස් රථ ධාවය කිරීමේ අමාත්‍යවරයාගේ දක්ෂතාව මනාව පෙන්නුම් කරමින් ඔහු පැයට කිලෝමීටර 80ත් 100ත් අතර වේගයකින් බස් රථය ධාවන කළේය.
(ඡායාරූප දීපා අධිකාරී)
(ඡායාරූප රොමේෂ් ධනුශ්ක සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජායාරූප දෙස බලනවිට හිතනවා මේ අපේ පුංචි රටේද කියල. අපිත් ලෝකයේ අනිත් සංවර්ධිත රටවල් මෙන් සෙමෙන් සෙමෙන් යම්කිසි ඉලක්කයක් කරා හඹා යමින් සිටිනවා ආර්ථික ප්‍රශ්න නැතිවාම නොවේ නමුත් හෙම්බිරිස්සාවට බයවෙලා මුහුණ සෝදන්නේ නැතිව ඉන්න බැහැ. ලංගම සතුව මෙතරම් සුඛෝපභෝගී බස්රථ තිබීම මොනතරම් වාසනාවක්ද / ආඩම්බරද. අපේ වටිනා මේ සියලුම සම්පත් විනාශ නොකර රැකගැනීම අපේ වගකීම නොවේද? සමහරු බස් රථ වල නැග්ගහම ආසන වල කුරුටු ගානවා ආසන කවර ඉරා දමනවා කරුණාකර අපේ සම්පත් වල වටිනාකම හඳුනාගෙන ඒවා ආරක්ෂා කරගැනීමට සියලු ශ්‍රීලාංකිකයන් තමාගේ වගකීම කියන දේ මතකයේ තබාගැනීම ඉතා වැදගත්ය. (දිල්)
කුලී රථ වලට සහ ඒ වගේ වැඩ කරන අයට ලොකු ප්‍රශ්නයක්.ලොකු පාඩුවක් (නි)
හොඳ දෙයක්. මේ අපේ රට දෙයක් කළොත් ඒකට වැරදියි කියන මිනිස්සු ගොඩක් ඉන්නවා (නි)
වෙලාව වෙනස් කරන්න. ගුවන් ගමන් රාත්‍රී කාලයේදීත් තිබෙන නිසා දුප්පත් අපිට වටිනවා (නි)
අගය කළයුතු දෙයක්. ජනාධිපතිතුමනි, අප සැමදාමත් ඔබ සමගයි. ජයෙන් ජයම වේවා...!! (නි)
අසංක වගේ කුහකකම පිරුණු අය හැමදේම දකින්නේ අසුබවාදී විදියට.මුලින් ඉහළ පන්තියට සීමා වෙන දේවල් කාලයත් එක්ක දුප්පතුන් අතරටත් එනවා. (නි)
වැඩේ නම් ගොඩාක්ම හොදයි. ඒත් මේ වගේ වැඩ කරන ගමන් සාමාන්‍ය මහා මාර්ගත් හොදට දියුණු කරලා ක්‍රමවත්ව නඩත්තු කරන්න ඕනෑ. මොකද රටේ හැමෝම බදු ගෙවන අය. (නි)
අසන්ක, එන්නකෝ ඉබි කටුවෙන් එළියට? (නි)
අපිට හැමදාම වැරදෙන්නේ බඩ ගැනම හිතන නිසයි (නි)
රටේ තිබුන සැම ප්‍රශ්නයක්ම නොවිසදුනාට ප්‍රධානම ප්‍රශ්නය වෙලා තිබුනේ ගමනාගමනය සඳහා ගතවන කාලය. මේ ප්‍රශ්නය විසදුනාම ඉතිරි ප්‍රශ්න වලටත් විසදුම් සොයන්න පහසුවේවි (නි)
අපිට හරි ආඩම්බරයි (නි)
හොද හොදම වේය ලොව කිසිම තැනක නැහැ , නොහොද නරක දිනුවේ.., සිත ඊර්ෂමාන ගති නැති නිසාම අපි ප්‍රේම තරගෙ දිනුවේ...!! ඉතාම වටිනා සේවයක් , කදිමයි.නියමයි.වෙලාව ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි (නි)
පොඩි මිනිහව තමයි කොහොමත් තැළෙන්නේ (නි)
වෙල්ගම මහතා නියම මහත්තයෙක්, මෙවැනි මන්ත්‍රීලා තමයි ලංකාවට අවශ්‍ය. නියම විෂයට නියම කෙනා (නි)
සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කළ හොද වැඩක්. (දිල්)
අමල් මහත්තයා ළඟදි පිටකොටුව ස්ටෑන්ඩ් එක පැත්තේ ගිහිල්ලා නැහැ වගේ... (නි)
අපි දැන් මත්තලින් බැහැලා විනාඩි 20න් ගෙදර යනවා. අපිට දැන් මේ පාරේ ලස්සන බලන්න වෙන්නෙ නැහැ (නි)
සමින්ද ,ඔබ වැදගත් දෙයක් මතක් කර තිබෙනවා. අපේ මිනිසුන්ට මේ වගේ දෙයක් ලැබුනම හරි ජොලි. අපිටත් සතුටුයි. ඒත් අමතක කරන්න එපා.මේ බස් වල කොළඹට එන අය ඔබගේ ගමන් මලු පරිස්සම් කරගන්න.ඔබ අවුරුදු ගානක් රට ඉඳලා ගේන දෙය අපේ සමහරක් ඉන්නවා ඒවා කොල්ල කන්න බලාගෙන, දෙයක් උනාට පස්සේ පොලීසි ගිහින් වැඩක් නැහැ කියල ඉතින් අපි දන්නවනේ. (ස)
අසංක කොහෙද ඉන්නේ? තාම ඔයාට අවබෝධයක් නැහැ. (නි)
අමල්, අපි පිටකොටුවත් ලස්සන කරමු. කොහොමටත් දැන් කලින් තිබුනා වගේ නොවෙයිනේ. සුද්දන්ට පෙනෙන්න විතරක් නොවෙයි අපේ රට ටික ටික හරි දියුණු වුණොත් අපිටයි අපේ දරුවන්ටයි ලස්සන රටක් ඉතුරුවෙයි (නි)
අසංක, ත්‍රී වීල්, බයික් තියෙන අයටත් රු. 130/= ට දැන් සැපට, අරක්ෂකරිව , ඉක්මනින් කොළඹට එන්න පුළුවන්. අනික ගොඩක් වාහන හයිවේ එකේ යනකොට ත්‍රී වීල් වලටත් පරණ පාරේ නිදහසේ එන්න පුළුවන්. (ස)
ගිම්හානි, එතකොට ඔය කියන්නේ කොතනින් හරි පටන්ගෙන ටික ටික හරි හදාගෙන යන්නේ නැතුව මොනවා කරන්න කියලද? ඔය පව් අනේ. (නි)
මම කුවේට් වල වසර 20 ක් වෙනවා. දැන් මේ රටෙත් ගුවන් තොටුපළේ සිට නගරයට සාමාන්‍ය බස් ගාස්තුවට කුවේට් ඩිනාර් 1/4 ට යන්න පුළුවන්. මෙහේ වැඩට එන අපි වගේ අය නගරයට යන්නේ එම බස් එකේ. අපේ රටෙත් ඒ වගේ බස් පහසුකම් හැදුවා නම් ගුවන් තොටුපළින් ටැක්සි වලට ගන්න ගාස්තු දුප්පත් අපේ වගේ අයට ඉතුරුවක්. බලධාරීන්ට මෙය ඇස ගැටේවා! (නි)
කෙනෙකුට බඩේ පාර, නමුත් මිනිස්සුන්ට නම් හොදක් (දී)
වෙල්ගම මහත්තයාට ලේලන්ඩ් එලවන්න අමුතුවෙන් පුරුදු වෙන්න ඕනෑ නැහැ.කොහොම වුණත් ප්‍රායෝගික ඇමතිවරයෙක්.වැඩේට සුදුස්සා එය තමා.පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්. (නි)
පව් අප්පා ටැක්සි කාරයොත් ජීවත් වෙන්න එපෑ.(නදී)
සුද්දන්ට ගාන වැඩි කරන්න. නැත්තම් ටැක්සි වලට දෙයියන්ගෙම පිහිටයි. (ස)
ෆස්රුල් ගෆූර්, සොයුර ඔබ අප රටට කොතරම් ආදරේද කියා ඔබේ අදහස් වලින් පෙනෙනවා.ඔබට සදා ජය !!! (ස)
අනේ හොදා .අපිට ලොකු සහනයක් ...(නදී)
ඇයි ලේලන්ඩ් බස් ? ලංකාවෙ මයික්‍රො බස්වලට තැනක් නැඳ්ද වැඩේ හොඳයි අපේ බස් සමාගමටත් තැනක් දෙමු.(නදී)
ෆුස්රූල් ගෆූර් ...සොයුර... ඔබට පෙනෙනා .රටේ .සංවර්දනය ....කිසිදා නොදකින කුහක මිනිසුන් ... තවමත් ..මව්බිමේ ...ඇතිබව ..පමණක් මතක තබාගන්න....ඔවුන් ..කවදාවත් ...කිසිම දෙයක් ගැන සුබවාදීව නොසිතනු ඇත...(නදී)
කවදා අපේ මිනිසුන්ගේ සෘණ ආකල්ප නැතිවෙයිද ? (ස)
අසන්කලා වගේ අය ඉන්නකල් මේ රට සැමදාම වළේ. (නි)
ගිම්හානි,අපි කුඩා කාලයේ හෝ ඉපෙදෙන්නටත් පෙර අපේ රටේ මිනිස්සු ගොන් කරත්තවලින් තමයි ගමන් බිමන් ගියේ. නමුත් කාලයත් සමඟ තාක්ෂණය දියුණුවෙමින් ලෝකයේ සෙසු රටවල් ඉදිරියට යද්දී 3 වන ලෝකයේ රටක් වුවත් ආසියාවේ අනෙකුත් රටවල් හා සසඳද්දී අපි සැළකිය යුතු ලෙස ඉතාමත් සතුටුදායක තත්වයක ඉන්නවා. එතකොට ඔයා කියන්නේ අපේ මුත්තලා මීමුත්තලා ගොන්කරත්තවල ගිය නිසා මේ වගේ සංවර්ධන කටයුතු කරන්න එපා කියලද? එහෙමත් නැත්නම් අනෙක් ගම්බද පළාත් වල මේ වගේ මාර්ග නොමැති නිසා එපා කියලද? අනික හැම දෙයක්ම එක පාරම කරන්න බැහැ. කාලයක් කොළඹට පමණක් සීමා වුණ සංවර්ධනයක් නමත් දැන් තත්ත්වය වෙනස්. අපි හැමෝටම එහි ප්‍රතිලාභ භුක්ති විඳින්නට අවස්ථාව ලැබිල තිබෙනවා. ඒ නිසා ටිකක් සතුටුවෙන්න. (නි)
මෙය ඉතා හොද වැඩක්. මෙවැනි බස් සේවා ගුවන්තොටුපලේ සිට අනුරාධපුරය , නුවර , ගාල්ල , මාතර වැනි ප්‍රදේශ කරා සාධාරණ මිලකට , ආරක්ෂාකාරීව ලංගම මගින් සළසනවා නම් විදේශ රටවල සිටින අපිට ලංකාවට එන විට පෞද්ගලික වාහන අරගෙන කොළඹ එන්න ඕනෑ නැහැ. එමගින් අපිට විශාල මුදලක් ඉතුරු වෙන අතර වාහන තදබදය අඩුවී පරිසර දුෂණයද වැළකේ (නි)
එතකොට 2700ය 130 වෙනකොට අපේ ආර්ථිකය හොඳට වර්ධනය වෙයි නේද? (ස)
අපේකම පේන්නත් එක්ක මයික්‍රෝ බස් දැම්මා නම් මීට වඩා වටිනවා නේද? (ස)
ලංකාවේ අගනුවර එහෙම ලස්සනට පෙනුනට මේ රටේම තවමත් හරක් පිටේ බඩු පටවන් යන අහිංසක මිනිස්සු කොතෙකුත් ඉන්නවා.එම මිනිස්සු කර කියා ගන්න දෙයක් නැතුව හුදකලා වී ඉන්නවා.උඩින් සැපට පෙනුනට ඇතුලට ගිහින් බලන්න මිනිස්සු තවමත් කන දුක් ගින්දර කොයි තරම්ද කියලා. (ස)
1991 වන තෙක් මම ලංගම සේවය කළා. වෙල්ගම වගේ පොළවේ පයගහන ඇමතිලා ඒ කාලේ හිටියා නම්! මට දුක මම 2013 අප්‍රේල් නිවාඩුවට ලංකාවට ගිය නිසා තව වසර කීපයක් යනතෙක් බලාගෙන ඉන්න වෙන නිසයි.කවුරු කොහොම කිවුවත් රටක් දියුණු වීමට හොඳ ප්‍රවාහන සේවයක් අවශ්‍යමයි. (නි)
අසංක, යමක් අගය කරන්න පුරුදුවෙන්න. මේ දේවල් සියලුම ශ්‍රී ලාංකිකයන්ට සතුටු වියයුතු දේවල්. (නි)
කීයක් ලැබුනත් ඕවා සියල්ල අපේ රටට ලැබෙනවද? (නි)
එතුමා ආසන බඳ පටිය දාගෙන නැහැනේ? (නි)
අපේ විපක්ෂ නායකතුමා හිටියා නම් මේ වගේ බස් කීයක් නම් දාලා දෙයිද? අපරාදේ එතුමා පැරදුනේ... (නි)
අපේ දේ අගය කළ ඔබට සැමදා ස්තූතියි (නි)
මගීන්ට ලොකු සහනයක්.අඩු වියදමින් ලංකාව බලන්න ආ සංචාරකයන්ටත් හොඳයි. පැය විසි හතර පුරාවටම බස් දන්නා.ලංකාවේ ප්‍රධාන නගර වලට යන්නත් මේ වගේ බස් කටුනායක සිට යන්න ඕන.එය අපේ රණවිරුවන්ට අස්වැසිල්ලක්.කොළඹ නුවර අධිවේග පාරත් ඉක්මනට හැදුවොත් හොඳයි.සියලු දෙනාටම ජයවේවා. (ස)
බොහොම හොඳ සේවාවක්. විශේෂයෙන් මැද පෙරදිග සිට එන අයට බොහොම අය හරි අමාරුවෙන් ටැක්සි ගාණ ගෙවන්නේ. රජයට අපේ ප්‍රණාමය, අතරමග දී බහින්න පුලුවන් පෑලියගොඩ වගේ තැනකින්? (ස)
අනේ අපේ රැකියාව අපිට නැතිවුණා. (නි)
හොද දෙයක්.මෙම ක්‍රියාව අගය කළ යුතුයි (නි)
එකසිය තිහට එක්කෙනයි .දෙදහස් හත්සියට මුළු පවූලම සමඟ ගමන් මලු සමඟ ජිවිත රැකවරණය සමඟ ආතල් එක . (ස)
හොඳ දෙයක් අගය කල යුතුමයි....ගමනාගමනය රටේ සියලු දෙයටම ඉවහල් වෙන සාධකයක් බැවින්. (ස)
හොඳ දෙයක් අපි අගේ කරමු .කොළඹ නුවර පාරත් හැදුවා නම් හොඳයි. (ස)
රාත්‍රී 7 තව ටිකක් පස්සට ගත්තොත් හොඳ නැද්ද?? (ස)
නියමයි. අගය කලයුතු වැඩක්. හැබැයි කුලී රථ රියදුරන්ට බඩේ පාර. (ස)
ඉතාමත් අගනා වැඩක් . මේවටත් අඩු පාඩු කියන්න මිනිස්සු කුල්ලපු කරන්න කොටසක් ඉන්නවා (දිල්)
දැන් අර 1500ක් දීලා විදේශිකයන්ට යන්න කියලා දාපු එයාර්පෝර්ට් එක්ස්ප්‍රස් කෝච්චිය යන්නේ නැද්ද ? (නි)
සුජිත්ට පාළුද? හොඳ වැඩක් අනිවාර්යයෙන්ම. (ස)
මෙතෙක් කාලයක් කටුනායක ගුවන් තොටුපල දක්වා පැමිණ එතැන් සිට කොළඹ දක්වා ගමනට පුද්ගලික වාහන හිමිකරුවන්ගේ ගෑස් සැර බලන්නට වූ අපට මෙය ලොකු අස්වැසිල්ලක් වන අතර ගත් පියවරට රජයට ස්තුති වන්ත වෙමු. (ස)
එයාර්පෝට් ටැක්සි වලට මෙය බලපානවා. (ස)
මේ වගේ බස් එකක් තමයි අර ගිනි ගත්තේ.නේද? හාපෝ! මේවා ෂුවර් නැහැ. (නි)
ඉතාමත් හොද අගය කළයුතු දෙයක්..... (නි)
ඕවා බැස්සට බඩු මිල නම් නගිනවා. බඩගිනි වෙන්නෙත් අධිවේගෙන්ම තමයි (නි)
මේ වගේ හැමදාමත් ආරක්ෂාව සපයනවද? (නි)
අපි මීට පෙර විශාල මුදලක් මෙන්ම කාලයක් නාස්ති කළා. මේ අනගි පහසුව අපට සැනසිල්ලක්.සතුටුයි. (නි)
හොඳ දෙයක් අගය කල යුතුමයි. මගීන්ට ලොකු සහනයක්.අඩු වියදමින් ලංකාව බලන්න ආ සංචාරකයන්ටත් හොඳයි. (ස)
කෝ බන්දුල ? අවුල්ද ? (ස)
අසංක, හැමදාම කෑම ගැන විතරක් හිතුවොත් රට එකතැන. ලංකාවේ අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල් නොමිලේ දෙන්නේ. වෙන කොයි රටේද එහෙම කරන්නේ? ඔයා කෑම ටිකත් අඩුවට දෙන්න කියලද? රටක් දියුණු කරන්න ටිකක් දුක් විඳින්න වෙනවා! (ස)
පානදුර සිට කොළඹටත් අධිවේගී මාර්ගයක් ලබා දුන්නොත් ගාලු පාරේ වාහන තදබදය බොහෝ දුරට අඩු වේවි. (ස)
ඇත්තටම හොද වැඩක් කරලා තියෙන්නේ. මම දැන් පිටරට ඉන්නේ. මම කටුනායක එන්න 3000 ගෙවලා ආවේ. දැන් පොඩි ගානට යන්න පුළුවන්. හරි සතුටුයි. ඇමතිතුමා ගැන මම ආඩම්බර වෙනවා. (නි)
ඉතාම හොද වැඩක් . සමහර රටවල මෙවැනි බස් සේවාවන් ගුවන්තොටුපළේ සිට ප්‍රධාන නගරය දක්වා මිනිත්තු දහයෙන් දහයට ගමන් ආරම්භ කරනවා .මගීන් පිරෙනේකම් ඉන්නේ නැතුව එවැනි කාලසටහනකට අනුව ගමන් ආරම්භ කරනවානම් තවත් හොදයි. (දිල්)
බොහෝ ගුවන් ගමන් රාත්‍රියේද තිබෙන නිසා බස්රථ රෑ 10 වනතෙක් වත් තියනවනම් ලොකු දෙයක්. (දිල්)
අසංක කියන පුද්ගලයා මේ ප්‍රවෘත්තියේ මාතෘකාවවත් කියවල නැතුව කෑගහනවා. යන්න වාහන නැති මිනිස්සුට තමා මේ පොදු ප්‍රවාහන සේවා හඳුවන්වලා දීල තියෙන්නේ. අනුන්ට හරක් කියන්න කලින් පොඩ්ඩක් හොයල බැලුවා නම් මේ මාර්ගය අවුරුදු කීයක් හදාගන්න බැරුව හිටියද කියලා තේරෙයි අපි කොච්චර පිටිපස්සෙන් ද ඉන්නේ කියලා. වැඩක් කලොත් කරපු වැඩේ අගය කරනවා නෙවෙයි කොමිස් කතාවක් අල්ලගෙන කෑගහනවා. අපේ සමහරක් ට ඉතින් පිනට කන්න ලැබෙනවා නම් ඒ ඇති. කන්න නැත්තම් අත පය මොලේ වෙහෙසලා වැඩක් කරනවා. පිනට හැමදේම කටට වැටෙනකන් ඉන්නෙ නැතිව. (ස)
පෙරවරු 6.30 සිට රාත්‍රි හත දක්වා සෑම විනාඩි 30, මේක අපිට වැඩක් නැහැ, අපේ ගුවන් යානා ගොඩ බසින්නේ මහ රෑට, ඇයි මේ සේවාව පැය 24 ම දාන්න බැරි ? (ස)
සුද්දො අලුත්ම බස් එකෙන් අලුත් පාරෙ ඇවිත් පිටකොටුවෙ අර පරණ මඩ වලෙන් බහින කොට අර තිබුන ප්‍රතිරූපෙ එහෙම පිටින්ම වෙනස් වෙනවා නේද? (ස)
කෝ මේවට හෝ ගල අදහස් දාන්න කට්ටිය නැද්ද? (ස)
බොහොම හොඳ සේවාවක්.නමුත් ඔබේ ගමන් මලු කොළඹදී පරිස්සම් කරගන්න. දන්නවනේ අපේ මිනිස්සුන්ගේ හැටි.රට ඉඳන් එන නිසා දැනටමත් ඒවාට ගේම් දෙන්න අය රෙඩි වෙනවා ඇති. (ස)
බොහොම ඉහලයි වැඩේ ! අදාළ සියලු දෙනාටම ස්තුතියි. බුදු සරණයි! දෙවි පිහිටයි!! (ස)
අනේ මගේ කොල්ලන්ගේ කුලී ටැක්සි? (නි)
මෙන්න නියම වැඩ. කුමාර වෙල්ගම ඇමතිතුමා කවදත් දැනෙන යමක් කරන නියම වැඩකාරයෙක් නේ. ජය වේවා!!!(දිල්)
හොඳ වැඩක්, ඒ උනාට කොළඹට විතරනේ... මගින් බහින්නත් බැහැ නේද? (ස)
කෝටි 20 ක් ඉන්න රටේ, කී දෙනාටද පුළුවන් ඔය හයි වේ එකේ යන්ට. 3 වීල් 1ක් තියෙන බයික් 1ක් තියෙන රටේ සාමාන්‍ය ජනතාවට සේවයක් වෙන දෙයක් කරොත් නරකද , අපේ රටේ ඉන්න හරක්ට හයි වේ තිබ්බොත් ඇති කන්ට නැතත් කමක් නැහැ. මේවගෙන් කොමිස් කොච්චර ගහල තියෙනවද දන්නේ උඩ ඉන්න දෙයියෝ තමා. (ස)
මේ වගේ දේවල් දියුණු වෙන රටක ලක්ෂණ.හොද වැඩක් (දිල්)
ගරු ජනාදිපති තුමාට අපගේ ස්තුතිය ඔබට ජයම ජය..(දිල්)
මේක ඉතාම හොද වැඩක්. (දිල්)