IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දැන් කාලෙ හැදෙන්නෙ බූට් සින්දුනෙ

2016-06-22-ent-40

දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ අවසන් අදියර දක්වා පැමිණි ගැඹුරු කටහඬක් හිමි ගායිකාවක ලෙසින් චිත්රූ පාඨලී හැඳින්විය හැකිය. මේ දිනවල ඇගේ නවතම ගීතය වූ "සුන්දරයි ආදරේ" නමින් ජිප්සීස් වෙතින් නිර්මාණය කළ ගීතයක් එළිදක්වා තිබේ. ඒ පිළිබඳව හා ඇගේ නවතම කලා කටයුතු පිළිබඳව විමසීමට අපි චිත්රූ සමගින් කතාබස් කළෙමු.

 

2016-06-22-ent-38මුලින්ම ගීතය ගැන කතා කළොත්?

මේ ගීතය ජිප්සීස් කණ්ඩායමේ ගීතයක්. මම ඩ්‍රීම් ස්ටාර්වල අවසන් හයදෙනාගේ වටයේ ගායනා කළා "ඕයේ ඔජායේ" ගීතය. ඒ ගීතය අහලා සුනිල් පෙරේරා මහත්මයා කිව්වා මෙහෙම ගීතයක් තිබෙනවා ඒක ඔයාගේ හඬට ගැළපෙන නිසා ඔයා දින්නත් පැරදුණත් ඒක මං ඔයාට දෙන්නම් කියල. අවසාන මහා තරගෙන් පස්සෙ කතාබස් කරලා එහි වැඩ පටන් ගත්තා. සංගීතය සුනිල් පෙරේරා සහ පියල් පෙර්රා. පද රචනය චන්ද්‍රදාස ප්‍රනාන්දුගේ. ගීතය ගැන කියනවා නම් මෙය වර්තමානයේ රැල්ලට හැදෙන ගීතත් එක්ක වෙනස්.

දැන් කාලෙ හැදෙන්නෙ බූට් සින්දුනෙ. හැම තිස්සෙම ආදරය වේදනාවක් කියන ගීත තමයි නිර්මාණය කෙරෙන්නෙ. මෙය එහෙම ගීතයක් නෙවෙයි. වෙනස් වෙන්නෙ එය ආදරයේ විවිධ පැතිකඩවල් ගැනයි කතා කරන්නෙ. සුන්දරයි ආදරේ.... එක වෙලාවකට චණ්ඩ මාරුතයක් වගේ. තවත් වෙලාවකට නිසලව ගලන ගඟක් වගේ. විවිධාකාර වූ හැඟීම් සමුදායක් කැටි කරගත්ත දෙයක් තමයි ආදරේ. එය තමයි මේ ගීතය පුරාවටම තියෙන්නෙ. ඩ්‍රීම් ස්ටාර්වලින් පස්සෙ දැන් මම සම්බන්ධ වෙලා තිබෙනවා දෙරණ ස්ටාර් සිටි වැඩසටහනට. හඳුනාගත් තරු කණ්ඩායම් තුනකට බෙදිලා තරග වදිනවා.

දැන් අපි අර්ධ අවසන් පූර්ව වටයට තේරිලා ඉන්නෙ. මේ දවස්වල එහි වැඩ වැඩ කටයුතුවල නිරත වෙනවා. ඊටපස්සෙ සුන්දරයි ආදරේ ගීතයේ වීඩියෝවේ රූගත කිරීම් මේ මස අගදී සිදු කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. අලුත් ගීතයක් මේ වසරේ අගදී නිකුත් කිරීමට සූදානම්. ගීත සේරම ලෑස්තියි. නමුත් එය නිකුත් කරන්නේ මේ වසරේ අවසනදීයි.

 

ඔබ ඔය ස්ටයිල් එකේ ගීත විතරද ගායනා කරන්නෙ.

නැ... නෑ.. මම ගොඩක් ආසයි රොක් සංගීතය පැත්තට. නමුත් ශාස්ත්‍රීය පැත්තටත් ආසයි. මම බටහිර ගායිකාවක්. මගේ ඊළඟ තේමාව පරපුරු අතර වෙනස (Generation gap) එක ගැනයි. අපි තරුණ පරපුරට තේරෙන්නෙ නෑ වැඩිහිටියො කියන දේවල්. ඔවුන් කියන දේවල් වැඩිහිටියන්ට තේරෙන්නෙ නෑ. එවැනි අදහසක් තියෙන දෙයක්. මම හරි ආසයි අප්‍රිකානු සංගීතයට සහ පර්යේෂණාත්මක දේවල්වලට.

 

දැන් බිහිවෙන පද රචනා සම්බන්ධව චෝදනාවක් තියෙනවා ඒකාකාරීයි කියා?

මම යම් තරමකට එකඟ වෙනවා. ආවට ගියාට ලියවෙන ගීත කිහිපයක් තියෙනවා. 2010 න් පස්සෙ ආපු ගීත සහ බස්වල යන ගීත පසුගාමී අදහස් තිබෙන සෘණාත්මක ගීත. ආදරය විරහවක්මයි කියන වචනවලට සංසාරෙ කලකිරෙනවා. හරි අපරාදෙ. ඉස්සර කාලෙ නන්දා මාලනී මහත්මියගෙ, සුනිල් එදිරිසිංහයන්ගෙ ගීත ගත්තොත් ඒවායේ වචනවල ව්‍යංගාර්ථය තුළ හිතන්න යමක් ඉතිරි කරනවා. වචන සරල විය යුතුයි තමයි, නමුත් ලියන්න ඕන නිසා ලියන එක හරි අපරාධයක්. ගීතයක් තුළ හැමවිටම බරපතළ අරුතක් තිබිය යුතුම නෑ. නමුත් හරවත් දෙයක් තිබිය යුතුයි. ළහිරුගෙ ළබැඳියේ වැනි සුන්දර ගීත තිබෙනවා. නමුත් බහුතරයක් බස්වල ඇහෙන ගීතවල වචන ඇහුවම බඩ දඟලනවා... අපරාදෙ...

 

එහෙම කිව්වට ඔබත් තාම එවැනි කටයුත්තක් පටන් ගෙන නෑනෙ?

ඔව්.. මගේ ඊළඟට නිකුත් කරන්න ඉන්න ගීතයේ පද රචනයත් බලෙන් අටවපු පදරචනාවක් නෙවෙයි. යම් පණිවුඩයක් තිබෙනවා. මිනිස්සුන්ට ගන්න දෙයක් තිබෙනවා. හරිම සරලයි. ඕන කෙනෙකුට තේරෙන භාෂාවක් තිබෙනවා. ඕනෑවට එපාවට ලියපු එකක් නෙවෙයි. චන්ද්‍රදාස ප්‍රනාන්දු කියන්නෙ ලංකාවෙ ඉන්න හොඳ පද රචකයෙක්. ඉතින් ගීතයට හොඳ සාධාරණයක් එම චවන මාලාවෙන් ඉටු කරල තිබෙනවා. මගේ ආසාවක් නෑ ඕනවට එපාවට සින්දු කරන්න.

 

විවිධ නාලිකාවලින් අද වෙනකොට ස්ටාර්ස්ලා බිහිවෙනවා. ආවටත් වැඩිය වේගෙන් කාලයක් යද්දි ඔවුන් හොයාගන්නත් බැරුව යනවා?

මෙහෙමයි... ඒකට හේතු දෙකක් තිබෙනවා මගේ දැනුම අනුව. එකක් තමයි රැල්ලට අනුව නිර්මාණ කළොත් ඒක හිට් වෙනවා. නමුත් හරවත් දෙයක් කළොත් එය හිට්වෙන්නෙ නෑ.. නිදසුනක් විදියට නදීක ගුරුගේ මහත්මයා ගත්තොත් ඔහුට සංගීතය ගැන ලොකු දැනුමක් තිබෙනවා. එම විනිශ්චය මණ්ඩලයේ හිටපු තැනැත්තන් අතරින් ලොකු දැනුමක් තිබෙන පුද්ගලයෙක්. ඒ වගේම ඔහුගේ ගීත බොහොම හරවත් සහ වෙනස්. නමුත් ඒ ගීත වැඩිය ජනතාව දන්නෙ නෑ. එයට හේතුවක් තිබෙනවා.

එයට හේතුව තමයි රැල්ලට හිට් වෙන ගීත නොවීම. මම දන්න රියලිටි තරගවලින් ආපු කිහිප දෙනෙක් ඉන්නවා එවැනි හැකියාව තිබෙන. නමුත් හිට් වුණේ නෑ. එයට හේතුව තමයි මේ යන රැල්ලට අනුව අපි ගීත නිර්මාණය කරන්න ඕන. හිතට අවංකව මම නම් රැල්ලට ගීත නිර්මාණය කරන්නෙ නෑ. කරපු ගීතයත් රැල්ලට හාත්පසින්ම වෙනස් ගීතයක්. අපි කොච්චර හරවත් ගීත නිර්මාණය කළත් මේ අවස්ථාවේ තිබෙන ස්වරූපය අනුව එය පිළිගන්නෙ නැතිවෙන්න පුළුවන්. ඒ වගේම හිට් වෙන්න කියල හිතාගෙන සින්දු දෙක තුනක් කරන තරුත් ඉන්නවා.

අනිත් කාරණාව තමයි එක් මාධ්‍ය ආයතනයකින් රියලිටි තරගයට ආපු නිසා එම ආයතනයට අකමැති අනිත් අය අපේ සින්දු වාදනය කරන්න කැමති නෑ. තවත් සමහරු එනවා රියලිටිවලින් කෙටිකාලීන ජනප්‍රියතාව ළඟා කරගන්න. ටික දවසක් මිනිස්සු දැනගන්න චරිතයක් වෙලා ඉඳල ආපහු හොයාගන්නත් නැතිවෙනවා (missing in action) එයට හේතු ගණනාවක් තිබෙනවා. නමුත් වාසනාව තිබෙනවා නම් එහෙම නෑ. ශිහාන් මිහිරංග ගත්තොත් එයා පස්වෙනියට අවුට් වුණේ. ඒත් එයා මිනිස්සු දන්න චරිතයක්. ඒ නිසා වාසනාවත් යම්තාක් දුරට බලපානවා.

 

අධ්‍යාපන වැඩ කටයුතු කොහොමද?

මම මේ දිනවල මගේ විශ්වවිද්‍යාලයේ කටයුතුවල නිරත වෙනවා. මම හදරාන්නෙ ඉංග්‍රීසි සාහිත්‍යය සහ සමාජ විද්‍යාව. ඒ අතරතුර මම සංගීතය ඉගෙනගන්නවා. ඉස්සෙල්ල මම ඉගෙනගත්තෙ විශ්ව සංගීතය. දැන් මම තොවිල්, නාඩගම් සහ නූර්ති පැත්තට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

 

මතක් කළ යුතු අය

මම ස්තුතිවන්ත වෙන්න ඕනෙ මගේ අම්මටයි තාත්තටයි. එමෙන්ම මගේ පාසලට, විශ්වවිද්‍යාලයට සහ විශේෂ ස්තුතියක් සුනිල් පෙරේරා මහතාටත්, ඔහුගේ පුතා වන සජිත් පෙරේරාටත්. එමෙන්ම මගේ මහරගම, මොරටුව සහ සියලු ගුණදොස් දක්වා මාව දිරිමත් කරන ප්‍රේක්ෂකයන්ට ස්තුතියි.

 

සටහන - ඉඳුනිල් සින්දු

 

2016-06-22-ent-45
2016-06-22-ent-44
2016-06-22-ent-43
2016-06-22-ent-42
2016-06-22-ent-41
2016-06-22-ent-39

 



අදහස් (0)

දැන් කාලෙ හැදෙන්නෙ බූට් සින්දුනෙ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 882 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 436 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 384 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 314 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 1569 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1712 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38807 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site