සිය ලයාන්විත ගී ස්වරයෙන් ජිවිතය කවියක් කොට දීපයේ ප‍්‍රියදසුන් මවන්නි ජාත්‍යන්තර සම්මානයෙන් ද පුදලද විශාර ද දීපිකා ප‍්‍රියදර්ශනිය වේ නම්, ජීවිතය ආදරයම යැයි මුමුණමින් ගීතය ආදරණීය කළ ඇය නිරෝෂා විරාජිනියයි. මේ දෙදෙනා එකතුව මේ සූදානම් වන්නේ ඒ ආදරණීය බව, ලයාන්විත බව, ඒ පේ‍්‍රමාන්විත බව එකට එක්ව මුදාහරින්නටය. සරලව කිවහොත් ”දීපිකා - නිරෝෂා” එක්ව ප‍්‍රසංගයක් පැවැත්වීමට සූදානම් වන මොහොතකි මේ. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, ටයිම් ඇන්ඞ් ස්පේස් සංවිධාන ශක්තියෙන් එළිදැක්වෙන මෙම ප‍්‍රසංගයේ නම ”ලියෝ” වේ. මාර්තු 7 වැනිදා සවස 7ට කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ‍්‍රවණාගාර රංග ශාලාවේදී පැවැත්වීමට නියමිත ”ලියෝ” හැඩ කරන ”දීපිකා - නිරෝෂා” සුසංයෝගය සමග අපි කතා බහකට යොමුවෙමු.
දීපිකා |
විශාරද ප‍්‍රියදර්ශනිය අපි ඔබගෙන් දැන ගන්න කැමතියි, මෙම ප‍්‍රසංගයට ”ලියෝ” යන නම තැබුවේ ඇයි?
”ටයිම් ඇන්ඞ් ස්පේස්” කියන විවිධ ඉසව් සංවිධානය කරන ආයතනයේ අදහසකට අනුව තමයි මෙම ප‍්‍රසංගය එළිදැක්වෙන්නේ. ඒ අනුව ”ලියෝ” යන්නෙහි තේරුම කාන්තාවෝ යන්නෙන් අදහස් කරගෙන ඔවුන් මෙය ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධානය කොට තිබෙනවා.
|
|
මේ ප‍්‍රසංගය ඔබට දැනෙන්නෙ මොන විදියටද?
ඇත්තටම මට ලොකු සතුටක් එක්ක අතීත සිදුවීමක් සිහිපත් කරද්දි සංවේදීබවකුත් දැනෙවා. සතුටට හේතුව ශ්‍රී ලාංකීය ගායන ශිල්පී කාන්තාවන් දෙදෙනෙක් මෙවැනි ප‍්‍රසංගයක් පවත්වන්නේ ප‍්‍රථම වතාවට වීමයි. අතීත සිදුවීම් වන්නේ අතීතයේ දිනෙක විශාරද මාලනී බුලත්සිංහල ශිල්පිනිය සමග එක්ව මෙවැනි ප‍්‍රසංග මාලාවක් ඉතාලියේදී පැවැත්වූවා. එදා මල්වරුසා නමින් පැවැත් වූ එම ප‍්‍රසංගය සංගීතවත් කළ විජේරත්න රණතුංග සර් වගේම මාලනි බුලත්සිංහල ශිල්පිනියත් අද අප අතර නැහැ. එදා එතුමිය සමග අපි කතාකලේ මේ ප‍්‍රසංගය අපි ලංකාවට ගිහින් කරමු කියලයි. ඒත් ඒකට අවකාශය නැතිව ගියා. අද නිරෝෂා එක්ක මේ ප‍්‍රසංගය කරන්න ලැබීම ඇත්තටම ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට සිදුවන දෙයක්.
නිරෝෂාව ඔබ දකින්නෙ මොන විදියටද?
මම හිතන්නෙ මගේ පරපුරෙන් පසුව බිහිවූ දක්ෂතම ශිල්පිනියක්. ඇයට මාව ලොකු අක්කා වගේ දැනෙනවා ඇති. මම ඇය දකින්නෙ බොහොම උනන්දුවෙන් කැපවීමෙන් කරන දක්ෂ තරුණියක, කාන්තාවක ලෙසයි.
ඔබ ඇයගෙ කැමතිම ගීතය?
”පුන්සඳ රෑට” වුවත් මම අදත් කැමති ඇයගෙ ”සිනා තොටක් වී” ගීතයටයි. ඒ හැර තවත් ගීත බොහෝමයකට ප‍්‍රියයි.
ප‍්‍රසංගයේ විශේෂත්වය වන්නේ කාන්තා ශිල්පිනියන් දෙදෙනකු එකතු වීම විතරද?
එය එක් දෙයක් විතරයි. බොහෝ විට ප‍්‍රසංගයකදී අපට අපේ විශිෂ්ට ගීත ගයන්න ලැබෙන්නෙ ඉතා සීමිතවයි. නමුත් මේ ප‍්‍රසංගයේදී වැඩි ගීත ප‍්‍රමාණයක් ගැයීමේ අවකාශය ලැබේවි. රසිකයින්ට නිතර අසන්නට නොලැබෙන ගීත අසන්නට ලැබේවි. නංගියේ මොකද ගොම්මනේ, රාත‍්‍රිය වි, සිත ඔබ පාමුල, බොරළු ඇනෙන එලෙසින් කාන්තාව මුල්කරගෙන මා ගැයූ ගීත ගොන්නක් තිබෙනවා. ඒ අතරින් බොහෝ ගීත ගැයේවි. නිරෝෂා නංගිත් ඇයට හුරු ආදාරණීය බව මුදා හරීවී.
නිරෝෂා |
නිරෝෂා, ඔබට දීපිකා අක්කාව දැනෙන්නෙ කොහොමද?
ජීවිතයේ විශාල ධාරිතාවක් ඇති බුද්ධිමත් කාන්තාවක්. ගායන ක්ෂේත‍්‍රයේ විතරක් නොවෙයි, සමාජයේ ඕනෑම විෂයකදී ඕනෑම දෙයක් මෙහෙයවිය හැකි අපූරු කාන්තාවක්. හැබැයි ඒ වගේම ඉතා සුළු දෙයකටත් අතිශය සංවේදී වන චරිතයක්.
දිපිකාගේ ඔබ කැමතිම ගීතය ගැන කිව්වොත්?
ඔක්කොටම වගේ ආසයි. ඒ අතරින්, ”කවිය ඔබ” ගීතයේ සිට සරෝජා නංගියේ වගේම රාත‍්‍රිය වී දක්වා බොහෝ ගීතවලට ප‍්‍රියයි.
මින්පසුව මේ ප‍්‍රසංගය දිගටම කිරීම සඳහා ආරාධනා ලැබුණොත්?
අනිවාර්යෙන්ම ඒ සඳහා අපි සූදානම්. රසික ජනතාවට අවැසි ගී මිහිර අපට ලබාදීමේ අවකාශය ඒ නිසා ලැබේවි.
මෙම ප‍්‍රසංගයේ සංගීතය ගැන සහ ගීත රිද්මය ගැන සඳහන් කළොත්? අලූත් ගීත එහෙමත් තියෙනවද?
දීපිකා අක්කා ඇයගේ රිද්මයෙන් ගයාවි. මම මගේ රිද්මය මුසුව ගයාවි. මේ ප‍්‍රසංගය සඳහාම දෙදෙනා එක්ව කළ ගීතයකුත් ඇතුලත්. තාරුණ්‍යයේ සංගීත රිද්මයේ නව ප‍්‍රවණතාවය සුරේෂ් මාළියද්දේ ප‍්‍රමුඛ පිරිස වාද්‍ය වෘන්ධය ලෙස කටයුතු කරනවා. කථනයෙන් සමන් අතාවුදහෙට්ටි දායක වෙනවා.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දීපිකා, ඔයා තමයි මගේ ප්‍රියතම ගායිකාව. ඔයා ඉස්සර ගවුමක් ඇඳගෙන ටී.වී එකේ ආජුතපර ලාහිලා සින්දුව කියනවා මට මතක් වෙනවා. ඔයාගේ කටහඬ ඇහුනත් හිත නිවෙනවා. ඔයාගේ නව නිර්මාණ බැලීමට මම ලංකාවේ නැතත් අන්තර්ජාලයෙන් නිතරම ඔයාගේ සින්දු අහනවා. තෙරුවන් සරණයි!(නධී)
සුභ පැතුම් (දිල්)
දීපිකා සහ නිරෝෂා ඔබලාට ශ්‍රී ලාංකීය ගීත කලාව තව තවත් රසවත් කිරීමට ශක්තිය ලැබේවා! (නදී)
මගෙනුත් සුභ පැතුම්.(නදී)
පද්මසිරි ජයසේකර වලිගෙ පාගාගෙන, දීපිකාට අයියල නැහැ, ඉන්නේ නංගි කෙනෙක් (ශාලිකා), විතරයි.(නදී);
දීපිකා සහ නිරෝෂා ඔබලාට ශ්‍රී ලාංකීය ගීත කලාව තව තවත් රසවත් කිරීමට ශක්තිය ලැබේවා.(නදී)
ඔබ දෙදනාට අපේ සුබ පැතුම් ! (දිල්)
මගේ ප්‍රියතම ගායිකාවන් දෙදනා. සුබපැතුම්! ලංකාවේ නැති එක දුකකි.(නදී)
ඔබ දෙදෙනාට සුභ පැතුම් (දිල්)
අමරදේව ,නන්දා මාලනී වැනි ,මහා වෘක්ෂය ලතා යට හැදුනු ,අපුරුතම සුබාවිත ගීතයේ සුසංයෝගයක් ......සිංහල සංගීතයේ මහා දැවැන්ත හිඩැසක් නුබදෙදෙනා පිරවූව .තවත් කාලයක් රසික සහුර්දයන් වෙනුවෙන් .......සුබ අනාගතයකට සුබ පැතුම් (අ)
සුභ පැතුම් (දිල්)
ඔබ දෙපළ අතිශයින්ම ප්‍රිය කරමි.සුබ අනාගතයක් වේවා. (දී)
මගෙන් දහසක් සුභපැතුම් ඔබ දෙන්නට! (අ)
ඔබ දෙදෙනාට උණුසුම් සුබ පැතුම් දීපිකා නංගී මම ඔබේ අයියගේ යාලුවෙක්. එදා මම ඔබව දුටුවේ පාසල් යුවතියක්ලෙස ,දැන් ඔබ රටට හිමි උන විශාරද වරියක් ,තවතවත් සිංහල සුභාවිත ගී වලට ඔබෙන් අත්වැලක් වේවා! (නදී)
උණුසුම් සුභ පැතුම් හරිම (දිල්)
ඔබ දෙපළ අතිශයින්ම ප්‍රිය කරමි.සුබ අනාගතයක් වේවා.!(දිල්)
ඔබලාට හද පිරි සුබ පැතුම් (දිල්)
අනිවාර්යෙන්ම ලංකාවේ දැනට ඉන්න හොඳම දෙන්නා තමා මේ. අපේ රටේ නම ගෙනියන්න ඔබ දෙදෙනාට ආශීර්වාද මගෙන්. (නදී)
ඔබලාට සුභ පැතුම්! (නදී)
ඔබලාට සුභ පැතුම්! (නදී)
මමත් හරිම අස කරන ගායිකාවෝ දෙන්නෙක් තමයි මේ ඉන්නේ. ලකාවේ හිටියා නම් බලන්න යනවමයි. ඔබලාගේ ප්‍රසංගයටත් ආදරණීය ඔබ දෙපලටත් මගෙන් සුබ පැතුම්. සැම වසරකම දකින්න අහන්න ලැබේවා. ඔබලාටත් ගීත කලාවටත් ජය!(නදී)
නියම වැඩක්. සුභ පැතුම්.(නදී)
හොඳ ගීත ටිකක් රසවිඳින්න හැකිවේවි. ඔබ දෙපලට සුභාශිංසනය කරමි. (අ)