IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


දෙපානම අනතුරේ බ්‍රිග්‍රේඩියර් යළි රිමාන්ඩ්

කොට්ටාව බොරැල්ල පාරේ දෙපානම අරලිය උයන ආසන්නයේ  හයිලෙවල් මාර්ගයේ කහ ඉර මතදී පාසල් සිසුවියක්  අනතුරකට ලක්කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි  විශ්‍රාමික යුද හමුදා බ්‍රිග්‍රේඩියර්  නිමල් ප්‍රියන්ත සමරතුංග යළි ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි නුගේගොඩ  ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.

 

 



අදහස් (0)

දෙපානම අනතුරේ බ්‍රිග්‍රේඩියර් යළි රිමාන්ඩ්

කීර්ති Thursday, 05 December 2013 07:02 PM

පදිකයෝ හිතනවා කහ ඉර ඒ අයගේ කියලා. ඒක වැරදි වැටහීමක්. ඒ නිසා අනතුරැ වැඩි වෙලා. .(නදී)

:       0       0

ෂෙරීන් Thursday, 05 December 2013 07:03 PM

ශ්‍රී ලංකාවේ මෙහෙම අපරාධ වෙන්නේ නීතිමය පැත්තෙන් වැරදි කරුවන් ට, ලොකු දඬුවමක් නැති නිසයි. මන් ඉන්නේ වෙනත් රටක. නමුත් මන් මට හැකි ආකාරයෙන් යම් යෝජනා වගයක් ලියල ජනාධි පති තුමාටත් යවන්න ලැහැස්ති කලා. මගේ රස්සාවේ නිවාඩු දවස 15 ඉරිදාට ඊමේල් කරන්න ඉන්නේ. පවු ඒ ළමයා. එයා වගේ ම අහිංසක ජීවිත කීයක් නැති වෙනවා ද මෙහෙම. ඒ දරුවා ගේ සිද්ධිය නිසයි මම ඒ අදහස් ලියා යවන්න තීරණය කලේ. නමුත් ඇති වැඩක් වෙයිද දන්නේ නැහැ. අපේ ලංකාව එහෙමයි.(නදී)

:       0       0

සරත් ආතාවුද Thursday, 05 December 2013 01:55 PM

මෙයාට කියල විශේෂ නීතියක් නැහැනේ. උගතෙක් වෙන්න හිටිය ළමයාගේ ජිවියේ නැතිවුනා. (ස)

:       0       0

ආරියසේන Thursday, 05 December 2013 09:08 PM

රණවිරුවා කරත් වැරැද්ද වැරද්දමයි. විශ්‍රාම ගියත් සිවිල් නීතියටයි යුද නීතියටයි දෙකටම ඔහු බැදී ඇත. එක්කෙනෙක් දෙන්නෙකුට දැඩි දඩුවම් දෙනවා නම් මේ වගේ වැරදි කරන අය යම් තරමින් වත් අඩුවේ යයි මට සිතේ.(නදී)

:       0       0

ගජබා Thursday, 05 December 2013 02:25 PM

මේ වගේ තනතුරු වලින් ඔලුව උදුම්මවා ගෙන අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අවතක්සේරු කරන එවුන්ව දිගටම ඇතුලෙම තියා ගන්න තමා තියෙන්නේ. (ස)

:       0       0

සෑම් Thursday, 05 December 2013 02:39 PM

මට නම් තේරෙන්නේ නැහැ මොකක්ද මේ තනතුරක් මේකට ගාවාගත්ත හේතුව. ලංකාවේ නීතිය කියන එක සැමටම පොදු නැහැ කියන එක ඔප්පු වෙන්නේ මේ වගේ දේවල් නිසා තමා. මෙයා අනතුරක් කරපු රියදුරෙක් මිසක් බ්‍රිගේඩියර් කමක් මේකට අදාල නැහැ. (ස)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 05 December 2013 02:42 PM

මේ සිද්ධීය උන දවසෙම මම කීවා මාර්ග නීතිය අනුව මේක බරපතල වරදක් කියලා. කවුදෝ පණ්ඩිතයෙක් මටත් පොඩි හිනාවක් එහෙම දාල රටේ නීතියටත් හිනා වෙලා තිබුනා. පේනවා නේද දැන් ? (ස)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 05 December 2013 09:53 PM

ලොක්කෝ හයියෙන් වාහන පදවන සංස්කෘතියක් අද රටේ තිබෙනවා.(ස)

:       0       0

මධු Thursday, 05 December 2013 03:05 PM

තාන්න මාන්න වැඩක් නෑ. මේ අපරාධය සිද්ධ වෙලා තියෙන්නේ කහ ඉර මත නිසා නිසි දඩුවම් දෙනු ! (ස)

:       0       0

රම්සි Friday, 06 December 2013 09:26 AM

පව් අසරණ ළමයාගේ ජීවිතය... (ස)

:       0       0

චන්ද්‍ර Thursday, 05 December 2013 03:47 PM

කවුරු කලත් වරද වරදමය, ලංකාවේ රියදුරන් හික්මවීම සඳහා දැඩි දඩුවම් අවශ්‍යමය. විශේෂයෙන්ම මෙවන් අවස්ථා වලදී අගතියට පත් පාර්සවයට වැරදිකරු ගෙන් සෑහෙන වන්දියක් ද ලබා දිය යුතුමය.මෙය කල හැක්කේ විනිසුරු වරුන්ට පමණි.පොදුවේ විනිසුරු වරුන් මේ ගැන තීරණයක් ගනිත්වා !..... (ස)

:       0       0

සුනේත්‍රා Thursday, 05 December 2013 04:06 PM

අනතුරක් කා අතිනුත් සිදුවිය හැකි නමුත් යම් වරදක් සිදු කරන පුද්ගලයා අනුව බරපතලකම වැඩි විය හැකිය. පහල මට්ටමේ රැකියාවක් කරන කම්කරුවකු කරන අපචාරයකට වඩා පාසල් ගුරුවරයකු කරන අපචාරයේ බරපතලකම වැඩියි. (ස)

:       0       0

සත්‍යා Friday, 06 December 2013 12:18 AM

කෙනෙක් ලියනවා "පදිකයෝ හිතනවා කහ ඉර ඒ අයගේ කියලා. ඒක වැරදි වැටහීමක්.." කටේ මසුරන් දාන්න වටිනවා. නුසුදුස්සන්ව අති විශාල වැඩි ඡන්දයකින් පාර්ලිමේන්තුවට හා ප්‍රාදේශීය සභා වලට පත්කරන මෝඩ ජනතාවත් හිතාගෙන ඉන්නේ රට අයිති ඒ ගොල්ලන්ට කියලා. (නි)

:       0       0

තිවංක නාත Thursday, 05 December 2013 05:23 PM

විශාල වගකීම් දරු මැදිවියේ පුද්ගලයන් අතිනුත් මෙවැනි වැරදි සිදු වීම හරිම කණගාටුදායකයි. මේ අනුව කහ ඉර මාරුවීමේ දී ස්ථිර ලෙසම අපට බලාපොරොත්තු වෙන්න බැහැ එන වාහන අපව දැකලා නවත්වයි කියලා. හොදම දේ අප වැඩිහිටියන් වශයෙන් හැමවිටම අපගේ දු දරුවන්ව ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමයි. (නි)

:       0       0

චමත් ඉතාලිය Thursday, 05 December 2013 05:40 PM

මම නම් කියන්නේ කහ ඉර මත අනතුරක් වුණොත් උපරිම දඩුවම දියයුතුයි.ඒ වගේම නැවත නැවතත් රියදුරන්ව ඒ සම්බන්ධව දැනුවත් කළ යුතුයි.ඒ අතින් යුරෝපයේ රටවල්වල රියදුරන් කොච්චර නිහතමානිද? (නි)

:       0       0

අජිත් Thursday, 05 December 2013 05:48 PM

ඇත්තටම ළමයි හදලා ලොකුමහත් කරනතුරුම දෙමවුපියන්ට මොනතරම් ගින්දරක්ද තියෙන්නේ. (නි)

:       0       0

පෙරේරා Friday, 06 December 2013 02:48 AM

කීර්ති, කහ ඉර පදිකයන්ගේ තමයි. මම ඉන්න ඕස්ට්‍රේලියාවේ කහ ඉරට කෙනෙකු අවතීර්ණ වන බව ඒත්තු ගිය විගස වාහනය නැවැත්විය යුතුයි. කහ ඉර තියෙන බව ඉතා දුර සිට රියදුරන්ට අනතුරු අඟවා තියෙනවා. ලංකාවෙත් එහෙමයි, නමුත් ලංකාවේ රියදුරන් එය අධෝ වාතයක් තරම්වත් ගණන් ගන්නේ නැහැ. ලංකාවට මම ගියහම මම ලොකු පාරවල් මාරුවෙන්නේ ත්‍රී වීලර් එකෙන්.හැටක් යනවා ඒ වුණාට ඇඟට ගුණයි. ත්‍රී වීලරයත් අවදානම්, නමුත් පොඩි චාන්ස් එකක් තියෙනවා. රුපියල් හැටක් වියදම් කරන්න මට පුළුවන් වුණාට අනිත් මිනිස්සුන්ගේ බත් පාර්සලේ ගාන බව මම දන්නවා. ලංකාවේ මගේ සියලු ගමන් ලංගම තඩි ටාටා , අශෝක් ලේලන්ඩ් බසයෙන්, ඉතා ආරක්ෂාකාරියි. (නි)

:       0       0

මහේෂ් Thursday, 05 December 2013 06:21 PM

දැන් ඉතින් පාරවල් හොදට හදලා රට සංවර්ධනය කරලා තියෙන්නේ. දැන් බීලා රිය පදවන්නත් බැහැ. එසේ නම් ඇයි මෙසේ වෙන්නේ? රටක් සංවර්ධනය කළාට මදි මිනිසුන්ගේ ගුණධර්ම සංවර්ධනය නොකර. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 337 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 445 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 94 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 641 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 163 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 920 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14554 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 138 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site