කොට්ටාව බොරැල්ල පාරේ දෙපානම අරලිය උයන ආසන්නයේ හයිලෙවල් මාර්ගයේ කහ ඉර මතදී පාසල් සිසුවියක් අනතුරකට ලක්කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි විශ්‍රාමික යුද හමුදා බ්‍රිග්‍රේඩියර් නිමල් ප්‍රියන්ත සමරතුංග යළි ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ළමයි හදලා ලොකුමහත් කරනතුරුම දෙමවුපියන්ට මොනතරම් ගින්දරක්ද තියෙන්නේ. (නි)
පව් අසරණ ළමයාගේ ජීවිතය... (ස)
කීර්ති, කහ ඉර පදිකයන්ගේ තමයි. මම ඉන්න ඕස්ට්‍රේලියාවේ කහ ඉරට කෙනෙකු අවතීර්ණ වන බව ඒත්තු ගිය විගස වාහනය නැවැත්විය යුතුයි. කහ ඉර තියෙන බව ඉතා දුර සිට රියදුරන්ට අනතුරු අඟවා තියෙනවා. ලංකාවෙත් එහෙමයි, නමුත් ලංකාවේ රියදුරන් එය අධෝ වාතයක් තරම්වත් ගණන් ගන්නේ නැහැ. ලංකාවට මම ගියහම මම ලොකු පාරවල් මාරුවෙන්නේ ත්‍රී වීලර් එකෙන්.හැටක් යනවා ඒ වුණාට ඇඟට ගුණයි. ත්‍රී වීලරයත් අවදානම්, නමුත් පොඩි චාන්ස් එකක් තියෙනවා. රුපියල් හැටක් වියදම් කරන්න මට පුළුවන් වුණාට අනිත් මිනිස්සුන්ගේ බත් පාර්සලේ ගාන බව මම දන්නවා. ලංකාවේ මගේ සියලු ගමන් ලංගම තඩි ටාටා , අශෝක් ලේලන්ඩ් බසයෙන්, ඉතා ආරක්ෂාකාරියි. (නි)
කෙනෙක් ලියනවා "පදිකයෝ හිතනවා කහ ඉර ඒ අයගේ කියලා. ඒක වැරදි වැටහීමක්.." කටේ මසුරන් දාන්න වටිනවා. නුසුදුස්සන්ව අති විශාල වැඩි ඡන්දයකින් පාර්ලිමේන්තුවට හා ප්‍රාදේශීය සභා වලට පත්කරන මෝඩ ජනතාවත් හිතාගෙන ඉන්නේ රට අයිති ඒ ගොල්ලන්ට කියලා. (නි)
ලොක්කෝ හයියෙන් වාහන පදවන සංස්කෘතියක් අද රටේ තිබෙනවා.(ස)
රණවිරුවා කරත් වැරැද්ද වැරද්දමයි. විශ්‍රාම ගියත් සිවිල් නීතියටයි යුද නීතියටයි දෙකටම ඔහු බැදී ඇත. එක්කෙනෙක් දෙන්නෙකුට දැඩි දඩුවම් දෙනවා නම් මේ වගේ වැරදි කරන අය යම් තරමින් වත් අඩුවේ යයි මට සිතේ.(නදී)
ශ්‍රී ලංකාවේ මෙහෙම අපරාධ වෙන්නේ නීතිමය පැත්තෙන් වැරදි කරුවන් ට, ලොකු දඬුවමක් නැති නිසයි. මන් ඉන්නේ වෙනත් රටක. නමුත් මන් මට හැකි ආකාරයෙන් යම් යෝජනා වගයක් ලියල ජනාධි පති තුමාටත් යවන්න ලැහැස්ති කලා. මගේ රස්සාවේ නිවාඩු දවස 15 ඉරිදාට ඊමේල් කරන්න ඉන්නේ. පවු ඒ ළමයා. එයා වගේ ම අහිංසක ජීවිත කීයක් නැති වෙනවා ද මෙහෙම. ඒ දරුවා ගේ සිද්ධිය නිසයි මම ඒ අදහස් ලියා යවන්න තීරණය කලේ. නමුත් ඇති වැඩක් වෙයිද දන්නේ නැහැ. අපේ ලංකාව එහෙමයි.(නදී)
පදිකයෝ හිතනවා කහ ඉර ඒ අයගේ කියලා. ඒක වැරදි වැටහීමක්. ඒ නිසා අනතුරැ වැඩි වෙලා. .(නදී)
දැන් ඉතින් පාරවල් හොදට හදලා රට සංවර්ධනය කරලා තියෙන්නේ. දැන් බීලා රිය පදවන්නත් බැහැ. එසේ නම් ඇයි මෙසේ වෙන්නේ? රටක් සංවර්ධනය කළාට මදි මිනිසුන්ගේ ගුණධර්ම සංවර්ධනය නොකර. (නි)
මෙයාට කියල විශේෂ නීතියක් නැහැනේ. උගතෙක් වෙන්න හිටිය ළමයාගේ ජිවියේ නැතිවුනා. (ස)
මම නම් කියන්නේ කහ ඉර මත අනතුරක් වුණොත් උපරිම දඩුවම දියයුතුයි.ඒ වගේම නැවත නැවතත් රියදුරන්ව ඒ සම්බන්ධව දැනුවත් කළ යුතුයි.ඒ අතින් යුරෝපයේ රටවල්වල රියදුරන් කොච්චර නිහතමානිද? (නි)
විශාල වගකීම් දරු මැදිවියේ පුද්ගලයන් අතිනුත් මෙවැනි වැරදි සිදු වීම හරිම කණගාටුදායකයි. මේ අනුව කහ ඉර මාරුවීමේ දී ස්ථිර ලෙසම අපට බලාපොරොත්තු වෙන්න බැහැ එන වාහන අපව දැකලා නවත්වයි කියලා. හොදම දේ අප වැඩිහිටියන් වශයෙන් හැමවිටම අපගේ දු දරුවන්ව ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමයි. (නි)
අනතුරක් කා අතිනුත් සිදුවිය හැකි නමුත් යම් වරදක් සිදු කරන පුද්ගලයා අනුව බරපතලකම වැඩි විය හැකිය. පහල මට්ටමේ රැකියාවක් කරන කම්කරුවකු කරන අපචාරයකට වඩා පාසල් ගුරුවරයකු කරන අපචාරයේ බරපතලකම වැඩියි. (ස)
කවුරු කලත් වරද වරදමය, ලංකාවේ රියදුරන් හික්මවීම සඳහා දැඩි දඩුවම් අවශ්‍යමය. විශේෂයෙන්ම මෙවන් අවස්ථා වලදී අගතියට පත් පාර්සවයට වැරදිකරු ගෙන් සෑහෙන වන්දියක් ද ලබා දිය යුතුමය.මෙය කල හැක්කේ විනිසුරු වරුන්ට පමණි.පොදුවේ විනිසුරු වරුන් මේ ගැන තීරණයක් ගනිත්වා !..... (ස)
තාන්න මාන්න වැඩක් නෑ. මේ අපරාධය සිද්ධ වෙලා තියෙන්නේ කහ ඉර මත නිසා නිසි දඩුවම් දෙනු ! (ස)
මේ සිද්ධීය උන දවසෙම මම කීවා මාර්ග නීතිය අනුව මේක බරපතල වරදක් කියලා. කවුදෝ පණ්ඩිතයෙක් මටත් පොඩි හිනාවක් එහෙම දාල රටේ නීතියටත් හිනා වෙලා තිබුනා. පේනවා නේද දැන් ? (ස)
මට නම් තේරෙන්නේ නැහැ මොකක්ද මේ තනතුරක් මේකට ගාවාගත්ත හේතුව. ලංකාවේ නීතිය කියන එක සැමටම පොදු නැහැ කියන එක ඔප්පු වෙන්නේ මේ වගේ දේවල් නිසා තමා. මෙයා අනතුරක් කරපු රියදුරෙක් මිසක් බ්‍රිගේඩියර් කමක් මේකට අදාල නැහැ. (ස)
මේ වගේ තනතුරු වලින් ඔලුව උදුම්මවා ගෙන අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අවතක්සේරු කරන එවුන්ව දිගටම ඇතුලෙම තියා ගන්න තමා තියෙන්නේ. (ස)