IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


දුප්පත් ළමයින්ට උදව් කරන්න මගේ ලොකු හීනයක්

2016-09-05-ent-60

මනා රූපකායක් හිමිකම් කියන ඇය, අලෙවි විධායකවරියක ලෙස සේවය කරන්නීය. නිරූපණයට ඇති ඇල්ම නිසාවෙන් ඇය විනෝදාංශයක් ලෙස නිරූපණය සිදුකරන අතර, ළමයින් වෙනුවෙන් නිතර උපකාර කිරීමට කැමැත්තක් දක්වන්නීය. සෙව්වන්දි දිසානායක නම් සොඳුරු යුවැත්තිය ඇගේ කලා කටයුතු පැවසීමට "සාරවිට" ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.

 

නිරූපණයට ඇලුම් කරන ඇය සෙව්වන්දි දිසානායකය.

 

ඔබ කොහොම කෙනෙක්ද?

2016-09-05-ent-70මම හරිම සාමාන්‍ය විදිහට ජීවත් වෙන කෙනෙක්. ගොඩාක්ම දුප්පත් මිනිස්සුන්ට උදව් කරලා සතුටු වෙන්න කැමති කෙනෙක්. මං හරි අවංකයි කියල මම හිතනවා.

 

රැකියාවක් කරනවාද? නැත්නම් නිරූපණයද රැකියාව?

මම රැකියාවක් කරනවා. මං නිරූපණය රැකියාව කරගන්න කැමති නැහැ. ඒක මගේ විනෝදාංශය. මම පෞද්ගලික ආයතනයක අලෙවි විධායක ලෙස කටයුතු කරනවා.

 

රැකියාවයි, නිරූපණයයි සමබරව කරගෙන යන්න පුළුවන්ද?

ඇත්තටම උනන්දුවක් තියෙනවානම් බැරිකමක් නැහැ. රැකියාව කරන තැනින් මට ලොකු සහයෝගයක් මට ලබාදෙනවා. අනික මං ලැබෙන හැම වැඩක්ම බාරගන්නේ නැහැ. මොකද මං කාර්යය බහුල ජීවිතයකට කැමති නැති නිසා. ඒ නිසා ලේසියෙන් මට රැකියාවයි, නිරූපණයයි, සමබරව කරන්න පුළුවන්.

 

නිරූපණයෙන් දායක වූ වැඩකටයුතු මොනවාද කිව්වොත්?

මම මියුසික් වීඩියෝ කිහිපයකටයත්, එක් වෙළෙඳ දැන්වීමකටත් දායක වුණා.

 

නිරූපණය කියන දේ ගැන අද සමාජය තුළ තැනක් තියෙනවාද?

ඔව්. ඇත්තටම කියනවානම් ඒක රැකියාව විතරක් කරන්න ඉන්න අය ගොඩාක් ඉන්නවා.

 

ඇයි ඇතැම් අය නිරූපණයේ යෙදෙන අයට විවිධ චෝදනා එල්ල කරන්නේ?

මෙහෙමයි ඒක එක්කෙනා ඔය ගැන විවිධ චෝදනා කරනවා. හොඳ කියන අයත් ඉන්නවා. නරක කියන අයත් ඉන්නවා. මං හිතන්නෙ මේ නිරූපණයට එන අය සහ ඇවිත් ඉන්න අයගේම සමහර වැඩ නිසා තමයි එහෙම වෙන්නේ කියලා. ඇත්තටම මමනම් මේ ක්ෂේත්‍රය ගැන හොඳ පැහැදීමකින් ඉන්නවා.

 

විලාසිතාවන් ගැන වැඩි උනන්දුවක් දක්වනවාද?

ඔව්. ඇත්තටම ගෑනු ළමයෙක් වුණාම තමන්ට ගැළපෙන විලාසිතාවන් කරන්න ඕනේ. ඒකට වයස ප්‍රශ්නයක් නැහැ. තමන්ට ගැළපෙන්න විලාසිතා කරනවානම් ඒක හොඳයි. මං අලුත් විලාසිතා ගැන උනන්දුවෙන් ඉන්න කෙනෙක්.

 

ඒ කියන්නේ රැකියාවෙන් ලැබෙන මුළු පඩියම විලාසිතා සඳහා විදයම් කරනවාද?

ඔව්, මං රැකියාවක් කරන්නෙ මට අවශ්‍ය දේවල් ගන්න තමයි. එහෙම නැතුව සල්ලිම හොයලා වැඩකුත් නැහැනේ. විලාසිතා වගේම රස කෑමවලට තමයි මට වැඩියෙන්ම වියදම් වෙන්නේ.

 

ලොකු හීන එහෙමත් ඇති නේද?

ලොකු හීනයක් තියෙනවා. ලස්සනට මිනිස්සුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න. දවසක හොඳ තැනකට ඇවිත් දුප්පත් ළමයින්ට උදව් කරන්න මගේ ලොකු හීනයක් තියෙනවා.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද ඔයාට සහයෝගය දෙන?

ඔව්, මට මෙහෙම හැමදේකටම උදව් කරන්න හැමෝටම ස්තූති කරනවා. විශේෂයෙන් මගේ ගෙදර අය සහ මගේ යාළුවෝ ඔක්කෝම මේ වෙලාවේ මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-09-05-ent-66
2016-09-05-ent-65
2016-09-05-ent-64
2016-09-05-ent-63
2016-09-05-ent-62
2016-09-05-ent-61
2016-09-05-ent-71
2016-09-05-ent-72
 

 

Photographer : Hasith Lokuge Photography

Hotline : 0777 777 507

Retoucher : Hasith Lokuge

Makeup : Suranga Akash 

Light : Udaya Hewagama  / Yasas Wikum 

Special Thanks : Sanjaya Amarasinha

 



අදහස් (0)

දුප්පත් ළමයින්ට උදව් කරන්න මගේ ලොකු හීනයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 216 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 665 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1155 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 161 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 687 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 796 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site