බිංගිරියේ පිහිටි අඳ ගොළු බිහිරි ළමා නිවාසයකට ආදාර පිණිස ඉතාලියේ වෙරෝනා නුවර ලබන 30 වෙනිදාට පැවැත්විමට නියමිතව තිබු සෙන්ටිග්‍රේට් සංගිත සැදෑව පැවැත්විමට නොහැකි තත්වයක් මතුව ඇතැයි සංවිධායක එෆ් ස්ටුඩියෝ හි ධනුෂ්ක ප්‍රනාන්දු මහතා ඇතුළු සංවිධායකයෝ කියති.
ප්‍රසංගය පැවැත්විමට නියමිතව තිබු ශාලාව අඩක් මුදල් ගෙවා වෙන්කර තිබුනත් හදිසියෙම ශාලා හිමිකරු එය ලබා දිමට නොහෑකි බව පෑවසීම නිසා සංවිධායකයෝ අපහසුවට පත්ව සිටිති.
නිර්නාමික දුරකථන ඇමතුමක් මගින් ඉතාලි ජාතික ශාලා හිමිකරු බියගැන්වීම මීට හේතුව බව කියති.
මෙම සංගිත ප්‍රසංගය පවත්වන තරුණ පිරිස මංකොල්ල කරුවන් පිරිසක් යෑයි ශාලා හිමිකරුට දුරකතන ඇමතුම දුන් පුද්ගලයා පවසා තිබේ. ඇත්තෙන්ම අපි මේක කරන්න හැදුවෙ ඒ අසරන ළමයි ඉන්න අනාථ නිවාසයේ පැරණි ජල නළ පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය කැර දීමට දෙන්න මුදල් හොයන්නයි.
වෙරෝනා නුවර දෑන් කලා කටයුත්තක් කරන්න ශාලාවක් ලබා ගන්න බැහැ
අපෙම අයෙක් හෝ කිහිප දෙනෙකු එක්වෙලා නිර්නාමික දුරකතන ඈමතුන් දීලා එවා නවත්වනවා.
නැත්නම් මොකක් හෝ බොරුවක් කියා පොලිසියට ඇමතුම් දෙනවා.
පසුගිය දවසක ක්‍රිඩා තරගයක් අවසානයෙදි පෑවති සංගිතයකටත් මේ වගේ දෙයක් කර තිබුණා. පොලිසිය ඇවිත් යුරෝ දහස් ගානණක දඩයක් සංවිධායකයින්ට. ගහලා තිබුණා. සෙන්ටිග්‍රෙට් සංගිත ප්‍රසංගයේ සංවිධායකයෝ එසේ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක්වෙන්න එපා. දෙයක් ජයගන්න බාධක එමටයි. විනිවිද භාවයකින් පොලීසියෙන් නගර සභාවෙන් නිසියාකාර අවසර අරගෙන හෑකිනම් තානාපති අංශවලින් හා ලංකාවේ සම්බන්ධීකරනයකුත් සමග කටයුත්ත පටන් ගන්න. ඔවැනි දේ වලදි මිනිසුන් සෑකෙන් බලන්නේ.වංචාසහගත දේවල් අනන්තවත් සිදුවෙලා තිබෙන නිසා, ගොඩක් නගරවල ශාලාවල් දෙන්නෙ නැහැ. (නි)
රත්නායක අාරච්චිට බොහෝම ස්තුතියි. (නි)
ඉතාලියට වගේම අනිත් රටවල් වලටත් ගිහින් තිබෙන බොහෝම දෙනා ගිහින් තියෙන්නේ නීතියට පටහැනිව තමයි. මිනිස්සුන්ගේ තිබෙන අසරණකම් වලට මිනිස්සු එහෙම කරන්න පෙළඹෙනවා කියන දේ අහන්න දෙයක් නොවේ. ලංකාවේ මිනිස්සු පිටරට යන්නම ඕනෑ නැහැ තමන්ගේ රට කන්න (නි)
කුසුම්,මට කුසුම්ගේ කථාවට කියන්න තියෙන්නෙ, කණ්ඩායම් වශයෙන් මෙවැනි දෙයක් කරන්න තිබුණා නම් අපි දෙන්නෙක් එකතු වෙලා කරන්න හදන්නේ නැහැ. මේ විදිහට තමන්ටත් වැඩක් නෑති, රටටත් වැඩක් නැති, තවත් අහිංසක මනුස්සයෙකුට උදව්වක් නැතිකරන්න හදන, ඔයාගේ වචනයකින් දුන් ලොකු උදව්වට බොහෝම ස්තුතියි (නි)
ඔය ප්‍රසංගය සංවිධානය කල සංවිධායකයින්ට මට නම් ඉතාම කරුණාවෙන් කියන්න තිබෙන්නේ, ප්‍රසංග පවත්වල මුදල් හොයල ලංකාවේ ඉන්න අයට උදව් කරන්න උත්සහ කරන්න එපා. ඔබලාට අවශ්‍ය නම් පෞද්ගලිකව හෝ ඔබලාට හිතවත් කණ්ඩායමක් වශයෙන් ඔය සත් ක්‍රියාව කරන්න අපහසු නැහැනේ. අනික අර "රත්නායක ආරච්චිගේ" වගේ අය ගෙන් කුණු කතා අහගන්නේ නැතිව තමන් ඉතාලියට පැමිණි කාර්යය කරගෙන සතුටින් ඉන්න. දැන් පිටරට වල ජිවත් වෙන බාල පරම්පරාව නම් ලාංකිකයින් හමුවෙද්දී මගහරින තත්වයකට පත් වී ඇති බවයි අපට නම් දැනගන්න ලැබෙන්නේ. මන්ද, මෙතරම්ම කුහක, ඊර්ෂා සහගත ජාතියක් ලොව අන් ජාතින් අතර හමු නොවන නිසා. (ස)
තමන් ජීවත් වෙන පරිසරය වෙනස් උනත් සමහර ශ්‍රි ලාංකිකයි කියන අයගේ තියන ඊර්ෂාව, කුහකකම හා පුහු ආටෝපය වෙනස් කරන්න හරි අමාරු දෙයක්. අඩුම තරමේ මෙනෙහි කරන්න මෙයින් උපකාර කෙරෙන දුප්පත් පිරිස ගැන. (ස)
ඉතාලියේ සේවයේ ඉන්න අයගෙන් සියයට අනු නමයක්ම ඇවිත් ඉන්නේ අනවසර මාර්ග වලින්, ඒ නිසා මෙයාල වැඩි හරියක් නුගත් නුපුහුණු අය , අර රජ ගෙදරට හොරෙන් රිංගපු නරි වගේ,වැඩි හරියක් දැන් කරන්නේ තමන්ගේ ජාතියත් කාල රටේ නමත් කන එක තමයි.(නදී)
අනේ මන්දා ඉතාලියේ වරද ද නැත්නම් ඉතාලි යන එවුන්ගේ වරද ද කියලා ?හැමදාම අහන්න ලැබෙන්නේ කුණු කතාම තමයි. (ස)
ඔයාලගේ චේතනාව හොදයි. අපිට බැහැ ලෝකය හදන්න. අපි හැදෙමු. සත්‍ය කවදා හෝ දිනනවා. ඒත් පරක්කු වැඩියි.(නදී)
නිතීමය වශයෙන් ගතයුතු ලිපි ලේඛන අපි සකස් කරගෙනයි තියෙන්නේ. අහිංසක මිනිහෙක්ගෙ නමින් සල්ලි හොයලා ජීවත් වෙන්න තරම්, අපිට අහේනියක් තවම ඈවිල්ලා නැහැ. එහෙම ජිවත් වෙන මිනිස්සුත් ඉන්නවා. එන්න එහෙම දායාවන්ත, කරුණා ගුණයෙන් පිරුනු මිනිසෙකුගේ, යහාපත්කමින් පිරුණු දුරකථන ඈමතුමක් වෙන්න පුළුවන් එම ශාලාව හිමිකරුට ගිහින් තියෙන්නේ. (නි)
පොඩි මල්ලිලා කරන්න හැදුවේ හොද වැඩක්. ලංකාවේ අයට වළ කපන්නේ ලංකාවේ අයමයි. ඒකනේ අපේ හැටි... (නි)
සිංහලයින්ම තමයි සිංහලයින්ව කපන්නේ (නි)
අනාථ නිවාසයට කියලා සල්ලි හෙව්වට සියල්ල නොඑවන්නත් පුළුවන්. අනෙක් අතට අනෙක් අයට මේකට ඊර්ෂ්‍යා හිතෙන්නත් පුළුවන්. (නි)
මුදල් ගනුදෙනුවකදී නීත්‍යානුකුලව ලියවිල්ලක් මත කටයුතු කරන්න ඕනෑ. (නි)
ඔය කියන සමාජ සේවාවන් මේ දේ වලින් වෙන්නේ නැහැ. ලංකාවට අරක කරනවා මේක කරනවා කිව්වට කරන දේවල් අපි දන්නවා. සංගීත කණ්ඩායම් එක්ක මේ රටවල්වල මොන තරම් මිනිස්සු ගෙනත් දාල සල්ලි හොයනවද. අපිට මේ රටවල් වල හොදට ජීවත් වෙන්න ක්‍රම හදලා දීල තියෙද්දී මොකටද අසුචි කන්නේ. වංචා කාරයෝ ගැන අපිත් සෙවිල්ලෙන් ඉන්නේ. අනිවාර්යෙන්ම මේ රජයට මම නම් දැනුම් දෙනවා.(නදී) සමග
අපේ අරමුණ අපි කොතනකවත් කියල නැහැ. අපි ඒ ළමයින්ට උදව් කරන්න ඉදිරිපත් උනේ බොහෝ කැමැත්තෙන්. අසරණයින්ගේ නමින් අපි මුදල් ඉල්ලගෙන ගියේ නැහැ. ඒත් අපිට මේ දේ කියන්න සිද්ද උනේ අපේ මිනිස්සු අපට කරන කෙනෙහිලි කම් නිසයි..... සංගිත ප්‍රසංගයේ සංවිධායක. (නදී)
ඔන්න ඔහෝමයි අපේ අය. හොරකම් කරන්න , බොරු කියන්න ,හොදින් පවූල් කන අය කොට වන්න ,එකී නොකී ජරා වැඩ කරන්න හරිම දක්සයි ! මේ අතරේ හොද අයත් ඉන්න වා!(දිල්)
පිටිගල මිලානෝ,මොකද ඔයාලගේ මිනිසුන්ට වෙලා තියෙන්නේ,එයාලට මේගැන පහදා දෙන්න (දිල්)
මිනිස්සු පිටරටවලට ගියාම ලෝකය සංකීර්ණව දකින්න පුරුදු වෙනවා.තමන්ගේ ජාතියේ අයට උපකාර කරමින් සාමයෙන් ඉන්නවා. (නි)
කොහොමත් අසරණයින්ගේ නමින් හරි හම්බ කර ගැනීම තමයි වැඩිපුර කෙරෙන්නෙ.සමහර විට අවංක මිනිහෙක් මේ අයට විරුද්ධ වෙනවා වෙන්න පුළුවන්.බිංගිරියේ බොහෝ විට මේවගේ වැඩ කෙරෙනවා (නි)
තමන්ගේ තමන්ගේ අයමනේ මේ මරාගන්නේ (නි)