භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සැකකරුවන් කොළඹ මහාධිකරණයේ නඩුව අවසානයේ වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගිය බසයට දෙමටගොඩ සමන්තා සිනමා හල සමීපයේ දී වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
නඩුවේ තුන්වන සැකකාර චමින්දගේ බඩට වෙඩි වැදී කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව පොලිසිය පවසයි. තුවක්කුකරුවන් කළු හයිබ්‍රිඩ් කාරයකින් පැමිණ ඇතැයි ද පොලිසිය පවසයි.
දෙමටගොඩ දී බන්ධනාගාර රියට වෙඩි තැබූ තුවක්කුකරුවනට බන්ධනාගාර රියේ සිටි නිලධාරීන්ට වෙඩි තබා ඇති බවත්, තුවක්කුකරුවන් සමග සිටි කිහිප දෙනකුට වෙඩි වදින්නට ඇති බවත් පොලිසිය සැක කරයි.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූප හා වීඩියෝ - ඉෂාන් සංජීව










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත් ගුණවත් දුමින්ද මහතාට වෙඩි තැබීම අපි හෙළා දකිනවා (ම)
එ්කනේ කියල වැඩක් නෑ මාර මෝඩ අය ටිකක් ඉන්නවා මෙතන .මේ හදන්නේ සාක්කි නැති කරන්න අල්ලපු අයව මරන්න.එ්කත් යහ පාලනයට දාන්න හදනවා මේ අය (බ)
දෙමටගොඩ චමින්ද යනු රාජපක්ෂ යුගයේ අපරාධ රැසක ප්‍රබල සාක්කි කරුවෙකි. ඔහු ඝාතනය කර සාක්කි වසා දැමීමට රාජපක්ෂ ගෝඩ් ෆාදර්ලා උත්සාහ කෙළේ අදක ඊයේක නොවේ. (බ)
මේකේ කොමෙන්ට්ස් දාන අය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අවසාන කතාව යු ටියුබ් එකෙන් බලන්න. සාක්ෂි විනාස කාරන්නේ කාගේ උවමනාවටද කියලා මානාව පැහිදිලි වෙයි . (ර)
දැන් අපේ රටත් ඇමරිකාව වගේ. හැම තැනම වෙඩි තැබීම්. (ර)
මෙතන මට තියෙන ගැටලුව බන්දනගර රියට වෙඩි තිබ්බ එකයි.(අ)
වෙන හැම දෙයම යහපාලනයට බැර කරලා මෝඩ චූන් ගන්න කට්ටියක් ඉන්නව. මේ නඩුවේ චුදිතය කවුරුද කියල හැමෝම දන්නවා . සාක්ෂි නැති කලොත් කාටද වාසි වෙන්නේ? එයාල යහපාලෙනේ කට්ටියද(අ)
රටේ ආරක්ෂාව මේ තරම් දුර්වලද?(අ)
මගේ රට දිනෙන් දින ඉදිරියටම යන හැටි. සුදු වැන් වෙනුවට කළු හයිබ්‍රිඩ්.(අ)
මේ ප්‍රවෘත්තියට පමණක් නොව, බොහෝ අය පලකරන අදහස් දෙස බලන විටදී, ඔවුන් කෙතරම් රාජපක්ෂ ගැතිද කියන දේ හොදින් පැහැදිලි වේ. පුද්ගල කේන්ද්‍ර මතයට වඩා ප්‍රතිපත්ති කේන්ද්‍ර මතයක් ගොඩනැගීමට කාලය එළඹ තිබේ. දියුණු රටවල ඡන්ද දායකයින් කිසිදිනෙක ඡන්ද අපේක්ෂකයෙක් වෙනුවන් පිල් බෙදී මිනි මරා ගන්නේ නැත. ඔවුන් සංවාද කරන්නේ ප්‍රතිපත්ති ගැනයි. රටට වඩාත් යහපතක් කරන්නේ කවුරුන්ද කියන දේ ගැනයි. ලංකාවේ ජනතාව දේශපාලකයින් පසුපස යන්තක් කාල් රට දියුණු නොවී දේශපාලකයන් පමණක් දියුණු වේවි. ඔබ සැම හොදින් සිතා බලන්න කවුරුන්ද ඡන්දය දී මොවුන්ව තමන්ගේ පාලකයන් බවට පත්කරන්නේ. හොදින් හිත බලන්න කෝටි දෙකක ජනගහනයද බලවත් නැතිනම් දෙතුන්සීයක් වූ මන්ත්‍රී වරුන්ද බලවත් කියා. අවසානයේ දෙපිල බෙදී මරාගන්නේ කිසිදු වාසියක් අත්නොවන අහිංසක ජනතාවයි. ඔබ මද ගසන්නේ තමන්ටමයි. (අ)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. කළ අපරාධයකින් නීතියෙන් ගැළවුණත් තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැළවීමට නොහැක. තමන් කළ අපරාධ වලට මරණ මංචකයේදී හෝ පසුතැවිලිවීමට සිදුවේවි. (නි)
අමතකවන අයෙකුගේ මතක හිටින වැඩක්ද දන්නේ නැහැ (නි)
යහපාලනේ කට්ටිය බොහොම කලබල වෙලානේ. කොහොමත් දැන් පාතාලයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දීලා තියෙනවනේ මිනීමරන්න. අනිත් එක අපි නොදන්නා භාරත සහ එයාගේ කට්ටිය! (නි)
අනේ මන්දා මොනවා සිද්ධවෙනවද කියලා (නි)
නයන, ඔබ හරියට හරි. මම දකින්නේ පහුගිය රෙජිමයේ ලොකු නිලධාරීන් කළ අපරාධ වසන් කරන්න දරන උත්සාහයක් කියලා. සාක්කි නැති කරන්න දරන උත්සාහයක් මෙය . ඉන්දික, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සැමට සමානවීමය. නීතිය කලින් ක්‍රියාත්මක කළේ නැත. දැන් ප්‍රගතියක් තියෙනවා. ඔබත් එයට සහයෝගයක් දෙන්න කාගේත් ප්‍රයෝජනය සඳහා. (නි)
රණරාළ මා සිටින්නේද ඔබේ මතයේමය . විවේචන අදහස් ප්‍රකාශ කරන ඇතැමුන්ගේ අං තිබේදැයි ඔවුන්ම තම ඔලු අතගා බලාගත්තොත් හොඳයැයි හැගෙමි . (ර)
ඔබ හරියටම හරි. මම දකින්නේ පහුගිය රෙජිමයේ ලොකු නිලධාරීන් කළ අපරාධ වසන් කරන්න හදන වැයම යහපාලන ඇසින් අපි කරකවා දකිනවා එහෙම දකිමින් අපි කල් ගෙවමු (ම)
මෙතන විතරක් නොවෙයි රට පුරාම පාතාලේ ආයි නැගිටලා. හැම තැනම මිනිමැරුමි දවසට තුන හතරක් වාර්තා වෙනවා. (ම)
මට තියෙන ප්‍රශ්නය ඇයි කලින් වෙඩි තිබ්බේ නැත්තේ? භාරත ලක්ෂමන් මහතාගේ ඝාතනය සිදු වෙලා දැනට වසර 4 කටත් වැඩියිනේ.(ම)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියලා තියෙනවනේ. ඒ වගේ අසාධාරණේ වපුරවපු, අහිංසක මිනිස්සු තලල පෙලලා, අයථා විදියට හම්බ කරපු ලොකු ලොකු අයට වෙන්නේ ඕක තමයි (ම)
මෙපමණ දේවල් සාක්ෂි ලෙස තිබුනත් කලේ කවුද යන්න සොයා ගැනීමට එතමත් අපහසුයි මේක නිසා තමයි කියන්නේ අලුතින් නිකුත් කරන ඩිජිටල් හැදුනුම් පත ලබා දීමේදී සියලුම රටවැසියන්ගේ අත් දෙකේම ඇගිලි සලකුණු ලබා ගැන එය පරිගණක ගත කරන්න කියල එවිට මේ සියලු විස්තර ලබාගත හැකියි (ම)
හරියට චිත්‍රපටි වල වගේ (නි)
චන්දි, හිරු, බලය ඇති නිසා දැන් වැඩ පටන් අරගෙන (නි)
දැන් බලය තිබෙනවා ඕනෑම චණ්ඩි වැඩක් කරන්න (නි)
චණ්ඩි වැඩනේ. දැන් මේවට ඉඩ තිබෙනවා (නි)
යහපාලනය සහ මහින්ද යුගයේ ඔහුගේ ආධාරකරුවන් අතර ඇතිවූ මිනීමැරුමට ඇති සම්බන්ධය කුමක්ද? (නි)
ශ්‍රීලන්කන් පූලාන් දේවීද? (බ)
පාතාල කල්ලිත් ජයටම වැඩ පටන්ගෙන වගේ. මේ වගේ ජනාකීර්ණ ප්‍රදේශ වල නිදැල්ලේ ඇවිල්ලා වෙඩිතියාගන්න තරම් අපේ නිතිය වල් වැදිලද? මේවා මේ විදියට වෙනකොට දැන් කොටියත් දත් මදිනවා ඇති කොළඹට ඇවිල්ලා බෝම්බයක් පුපුරලා බිල්ලක් ගන්නේ කවදද කියලා. යහපාලනයනේ. බලමු මොකද වෙන්නේ කියලා. (නි)
යහපාලනයට දොස් කියන ඔක්කොටම කියන්නේ අපි චන්දෙ දුන්නේ අවනිතිය රජ කරපු එක පවුලකට අවශ්‍ය විදිහට නිතිය හැසිරුණු රටක් වෙනස් කරන්න.එක චන්දෙ දීල අනිත් දවසේ ඇති වෙන් නැහැ,එක ඇති කරද්දී එකට විරුද්දව වැඩ කරන අය තමන්ගේ බෙරුමට යම් යම් දේවල් කරනවා.ඒ කරන්නේ කුඩා කියල මුළු ලංකාවම දන්නවා.(කෞ)
අවිගත්තෝ අවියෙන්ම නැසේ (නි)
සාක්කි නෑති කරන්න ඕනාවෙලා වගේ මේක යහපාලන ගේමක් නෙවෙයි යම පාලන ගෙමක් (කෞ)
යහපාලන නිදහස උතුරා දොරේ ගිය අපුරු අවස්ථාවක්...(ම)
දැඩි දඬුවම් දෙන්න ඕනෑ .....(ම)
සාක්ෂි නැතිකරන්න කාටද ඕනේ .(ම)
ඉස්සරහට තව හොඳ ඒවා බලාගන්න පුළුවන්. ටිකක් ඉවසල ඉන්නකෝ. (ර)
කළු හයිබ්‍රිඩ් තුවක්කුකරුවන් ? (ර)
මොනාද මේ හයිබ්රිඩ් තුවක්කු. (ර)
සංහිදියාව දොරේ ගලනවා. (ර)
ප්‍රසන්න, සාක්ෂි තමන්ට අවාසි කියා සිතන අය සාක්ෂි නැතිකරන්න හදනවා. (ර)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. කවමදාකවත් පාතලයනට යහපත් නිස්කලංක මරණයක් හිමිවන්නේ නැත. ඔවුන් එලොව යන්නේ තවත් පාතාලයෙක් අතින්මයි. (කෞ)
ඔන්න මන් කියනවා, හිරුනිකා එහෙම ඔය වැඩේට සම්බන්ධ නැහැ.(කෞ)
අළු යට ගිනි නන්නාදුන කෙනෙකුගේ ප්‍රාශ්වාසයෙන් අැවිස්සෙනවා විය හැකිය.(කෞ)
අවිගත් අය අවියෙන් නසි. බලයගත් අය බලයෙන් නසි (කෞ)
හිරු වැඩේ පටන් අරන් වගේ... (කෞ)
කොහොමද යහපාලනය නේද සංහිදියාව අපූරු (කෞ)
මේවා කාගේ වැඩද? (ර)
ගොඩක් ප්‍රවෘත්ති වල ඉහලම කොමෙන්ටු තියෙන්නේ වර්තමාන ආණ්ඩුවට චෝදනා කරන එක. හොඳටම තේරෙනවා කලින් හොරු මිනීමරුවෝ තාමත් සංවිධානාත්මකව හැමතැනම එළියේ විතරක් නෙමෙයි වෙබ් සයිට් බලන අය අතරත් ඉන්නවා කියල. (කෞ)
ඕනෙම පාතාලයකු මොන විදිහකින් හෝ පරලොව යාම රටට යහපතකි.එය වෙඩි වැදුන,වෙඩි තිබ්බ සියලුදෙනාටම පොදුවිය (කෞ)
රජයට පවතින්නට කිසිදු වැඩපිළිවෙලක් නැති කමින් භිෂණය තර්ජනය මුදාහරිමින් මර්ධනය මගින් බලය පවත්වාගන්නට තීරණය කර ඇති බව ඉතා පැහැදිලිය. මෙය සමහර පාක්ෂිකයන්ට මහත් උද්දාමයක් බව දනිමි. එහෙත් අවසානයේ විනාශය සැමට බව 1971 කැරැල්ලේ සිට 2009 යුධය අවසානය දක්වා සෑම මොහොතකම අත් දැක්කෙමු. එහෙත් රට ක්‍රමයෙන් තුවක්කු දේශපාලනයට තල්ලු කරමින් පාතාලය රජ කරවමින් මාධ්‍යට තර්ජනය කරමින්, තනතුරු ලබාදී තරු පහේ හමුදා නිලධාරීන් තම ගොඩේ තබා ගනිමින් සැරසෙන්නේ හොදින් හෝ නරකින් අපි බලය ගෙනයනවා කියන්නටයි. (කෞ)
දුන්න අයගේ කොන්ත්‍රාත් එළිවෙන නිසා සැකකරුවන් නැති කිරීමට උත්සහකලා වෙන්න බැරිද ? (ර)
ආයිමත් 'ගිනි අවි සහ ගිනිකෙළි' පොත් පෙළක් ලියන්න පුළුවන් දැන් පාතාලය ලංකාවේ අපහු නැගිටගෙන එන හැටියට. (ර)
ප්‍රතාචාර දාපු කට්ටිය දැනගෙන කියනවද නොදැන කියනවද දැන් නෑ. මේකටත් යහපාලනය ගාවගෙන. මේ සාක්ෂි කාරයෝ දෙන කට උත්තර නිසා ලගදීම පහුගිය ආණ්ඩුවේ ප්‍රබලයෙක් ඇතුලට යන්න ඉන්නවා ඉතුරු ටික හිතාගන්න පුළුවන් ඇතිනේ. (අ)
සාක්කි කරුවන් මරල නිදහස්වෙන්න යන්නේ (අ)
දැන් අනිත් පැත්තේ මිනීමරුවෝ රජවෙලා වගෙයි (බ)
සාක්කි විනාශ කරලා ගොඩයන්න හදන්නේ (බ)
කව්රුත් නොහිතන දෙයක් සිද්ධ වී ඇත..(අ)
වෙන හැම දෙයම යහපාලනයට බැර කරලා මෝඩ චූන් ගන්න කට්ටියක් ඉන්නව. මේ නඩුවේ චුදිතය කවුරුද කියල හැමෝම දන්නවා . සාක්ෂි නැති කලොත් කාටද වාසි වෙන්නේ? එයාල යහපාලෙනේ කට්ටියද ?(අ)
රණරාළ, කාටද කඩේ යන්නේ.? (ර)
රණරාළ ඔබ හරි. සාක්කි නැති කලොත් කාටද වාසිය කියන එකවත් නොතේරෙන අයගේ කොමෙන්ට්ස් ගැන මොනවා කියන්නද? පාතාලයින් මර්දනයට පොලිස්පති චන්ද්‍රා ද සිල්වා මහතා ඉන්න කාලේ නියම වැඩ පිළිවෙලක් තිබුනා. සමහරු දේශපාලුවන්ගේ අධාරයෙන් රටිනුත් පැන්නා. (ර)