භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙන් මරණ දඬුවම හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා අතරින් තුන්වැනි විත්තිකාර දෙමටගොඩ චමින්ද පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයට මාරු කර යැවූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පවසයි.
දුමින්ද සිල්වා ඇතුළු ඉතිරි විත්තිකරුවන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ සී3 සිර මැදිරියේ රඳවා තැබීමට නියෝග කළ බවද ඒ මහතා කියයි.
මේ වනවිට වැලිකඩ, දුම්බර හා මහර බන්ධනාගාරවල මරණ දඬුවමට නියමවූ හා ඊට එරෙහිව අභියාචනා මත සිටින සිරකරුවන් 1200කට ආසන්න බවද කියති.
මේ අතර නඩු තීන්දුවෙන් පසු වැලිකඩ බන්ධනාගාරයට රැගෙන එනු ලැබූ දුමින්ද සිල්වා හැර සෙසු විතිත්තිකරුවන් තිදෙනාට ඒ මොහොතේම මරණ දඬුවම නියම වූවන් සඳහා වන ඇඳුම ලබාදී සිරමැදිරියට යවා ඇතත් දුමින්ද සිල්වා කෙළින්ම ගොස් ඇත්තේ බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලය වෙත බවද වාර්තාවේ.
මරණ දඬුවම නියම වූ හෝ වෙනත් කිසිදු සිරකරුවකුට බන්ධනාගාරය ඇතුළත වෙනත් ස්ථානයකට යෑම බරපතල වරදක් බව එහි නිලධාරීහු කියති.
බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලයේ පැයක පමණ කාලයක් රැඳී සිට එළියට පැමිණි පසු දුමින්ද සිල්වා ට මරණ දඬුවම නියමවූවන් සඳහා වන ඇඳුම ලබාදී සිර මැදිරියට රැගෙන ගොස් ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම නිදහස් කළ යුතු පුද්ගලයෙක්. මිනිස්සු ගොඩක් ආදරේ කරන්නේ ඒ දුමින්ද සිල්වා මිනිසුන්ට වැඩක් කළ නිසයි (බ)
බන්ධනාගාරය තුළ ජංගම දුරකථන සිග්නල් වලට බාධාකරන ජමෙර් උපකරණ වහාම සවි කළයුතුය (නි)
කියන්න ඇති අපි පස්සෙ බලාගමු කියලා. (නි)
එල්ලා මරනවාට වඩා හොඳයි දියුණු රටවල වාගේ එන්නත් කිරීම මඟින් මරණයට පත්කිරීම හඳුන්වා දුන්නා නම්. මේ අය ඉක්මනින් සමාජයෙන් ඉවත්කළ යුතුයි. (නි)
දුමින්දව එල්ලයි? මොන බොරුද... තව ටික දවසකින් වෙනදේ ගැන අවධානයෙන් ඉන්න (නි)
වැරදි කළොත් දඩුවම් ලැබෙන බව නීතියෙන් ඔප්පු කළ යුතුයි. වුවමනාවෙන් මිනිස් ජීවිතයක් නැති කොළොත් ඔහුව එල්ලාම මැරිය යුතුයි. (ම)
වැරදිි කරපු අයට දඩුවම් දෙන්න ඕන (බ)
ඇෆ්කර් , ඔයත් දුමින්දගෙන් යැපුන කෙනෙක්ද ? නරක දේවල් කරන මිනුස්සුන්ට අනිවාර්යෙන් දඩුවම් ලැබෙන්නම ඕනේ .(බ)
වරදට දඩුවම් ලැබෙනවාමයි... (ර)
ඊයේ දීපු නඩු තීන්දුව ගැන එතුමා ට මතකයක් නැතුව ඇති. (ර)
ආණ්ඩු වෙනස්වෙද්දී දඬුවම් ලිහිල්වෙයි (බ)
මැරෙන්න නියම වෙච්ච මිනිහගෙන් නීති ගරුකකම බලාපොරොත්තු වෙන්න බෑ (බ)
ජරාවක් දෙන්න කතා කරන්න අැති.... (ර)
මෙතන වරද දුමින්දට වඩා , බන්ධනාගාර අධිකාරිවරයාගේ. (ර)
බන්ධනාගාර අදිකාරිත් නීතිය කඩලා, ඔහුට විරුද්දවත් නීතිය ක්‍රියාත්මක කරන්න. (ර)
භාරත හා දුමින්ද මිත්‍රව සිටියානම් කියා සිතෙනවා... නමුත් මේවට වග කියන්න ඕනේ පවතින ඡන්ද ක්‍රමයයි. ඕක තියෙනකම් ඕවා ඔහොම තමයි. (ර)
අනේ මට මතක නැතුව තමා එතැනට එකට ගියේ... (ර)
මා දන්නා තරමින් පල්ලෙකැලේ තිබෙන්නේ එළිමහන් සිර කඳවුරක් වන අතර එළිමහන් සිර කඳවුරු වල මරණ දණ්ඩනයට නියම වූ සිරකරුවන් රඳවනු නොලැබේ. (ම)
මරණ දඬුවම නියමවූ මෙවැනි අපරාධකරුවෙකුට හිර ගෙදර ඇතුළේදී මෙවැනි සුපිරි සැලකිලි ලැබුණේ කොහොමද කියා විශේෂ පරීක්ෂණයක් මගින් සොයා බැලිය යුතුය (ම)
මොනවා උනත් දුක හිතෙන සිද්දියක්. කොහොම ඉන්න පුළුවන් මිනිස්සුද. අපි අහල තියෙන විදියට මේ සිද්දියට අදාල දෙපාර්ශවයම චන්ඩි. (ම)
බන්ධනාගාර නිලධාරින් වහාම අත්අඩංගුවට ගන්න (ම)
නිතිය බලවතාගේ වුවමනාව.. .මුදල් සියල්ල තීන්දු කරයි ....(ම)