IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


දුම්රිය ඇංජිමක් ඉබේ යයි

මාලිගාවත්ත දුම්රිය අංගනයේ සිට දුම්රිය ඇංජිමක් රියදුරෙකු නොමැතිව අද අලුයම දෙකට පමණ රත්මලාන තෙක් ධාවනය වු බවත් කිසිවෙකුටවත් අනතුරක් නැතිව එය නවත්වා ගැනීමට හැකි වු බවත් දුම්රිය ආරංචි කියයි.

අලුයම දෙකට පමණ මෙම දුම්රිය පැයට කිලෝමීටර් පහක පමණ වේගයෙන් ධාවනය වී ඇතැයිද කොළඹින් ගිය පිරිසක් එය නවත්වාගෙන ඇතැයිද දැනගන්නට ඇත.

ඇංජිම පන ගැන්වුන බව සැලවු වහාම දුම්රිය නිලධරයන් ආරක්ෂක පියවර ගෙන ඇතැයිද දැනගන්නට ඇත.

 



අදහස් (0)

දුම්රිය ඇංජිමක් ඉබේ යයි

ඩිලාන් - මාලඹේ Thursday, 05 December 2013 12:08 PM

ඔය එන්ජින් එකේ කලින් වැඩ කරල මැරිච්ච රියදුරෙක්ගෙ හොල්මනක් වෙන්න ඇති. (ස)

:       0       0

චමින්ද ජයනාත් කුමාර Thursday, 05 December 2013 12:18 PM

පිස්සු හැදෙයි. (ස)

:       0       0

මේනක Thursday, 05 December 2013 12:32 PM

හොල්මනක්. (ස)

:       0       0

සනත් - ඇෆ්ඝනිස්ටනය. Thursday, 05 December 2013 12:33 PM

මෙච්චර කලක් අපරාදෙ පඩි ගෙව්වා දුම්රිය රියදුරන්ට. ඔන්න අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට සහ රජයට පුලුවන්නම් මේ ක්‍රමය අත්හදා බලන්න. ඉදිරියේදී හොඳ ප්‍රතිපල .මොකද රියදුරන් වැඩ වර්ජනය කරහම මේ ක්‍රමයට දුම්රිය එන්ජින් අපට දුවවන්න පුළුවන්.අර මනුස්සයාගේ වැඩ තහනම් නොකර විස්තරය දැනගන්න කොහොමද වැඩ කරේ කියලා. (ස)

:       0       0

ශාන්ති Thursday, 05 December 2013 12:36 PM

අද දවසේ හොඳම විහිළුව. (ස)

:       0       0

යසා Friday, 06 December 2013 02:28 PM

මෙම ඵන්ජිම දුරස්ථ පාලකයක් මඟින් පණ ගැන් වුනා වත්ද..? එතකොට ගියර් පැඩල, තිරිංග..? ඡෙවිපි ඵක සම්බන්ධ නෑ නේද..? (ස)

:       0       0

ෂෙහාන් Thursday, 05 December 2013 12:46 PM

නොන්ස්ටොපබල් 2... ස්ටොපබල් (ස)

:       0       0

බෙනට් Thursday, 05 December 2013 07:50 PM

සුද්දෝ දැනගත්තොත් මේක යොදවලා හොඳ ඉංග්‍රීසි ෆිල්ම් එකක් හදයි. හරියට නිකන් හොල්මනක් වගේ පෙනෙන්නේ.(නදී)

:       0       0

ඉන්දික Thursday, 05 December 2013 08:01 PM

ආශ්චර්ය ආශ්චර්ය .....(නදී)

:       0       0

අල්විස් Friday, 06 December 2013 07:22 AM

තනියම රවූමක් ගහන්න හිතුනද දන් නෑ...රත්මලානේ යාර්ඩ් එකෙ පරණ පෙම්වතියක් එහෙම බලන්න.... (ස)

:       0       0

ඉන්දික අරුණ Thursday, 05 December 2013 01:45 PM

මැරුණ රියදුරෙක් හොල්මනක් වෙලා ඇවිත් දුම්රිය අරන් ගිහින් තියෙන්නෙ. (ස)

:       0       0

මනුක Thursday, 05 December 2013 07:44 AM

දවසේ විහිලුව (නදී)

:       0       0

දර්ෂා Thursday, 05 December 2013 07:49 AM

එහෙම විය හැකිද? අංගනයේ ආරක්ෂාව මෙපණද?ලොකුම කිල්ල නොසැලකිල්ල. (ස)

:       0       0

සශිමාල් Friday, 06 December 2013 03:54 PM

හුරේ වැඩ වර්ජන වලට දැන් අපි බය නෑ. (ස)

:       0       0

උදය Friday, 06 December 2013 08:10 AM

මෙහෙමත් මෝඩ කමෙන්ට් දාන මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ. අනතුරක් නොවී නවත්ව ගත්ත හැමට ස්තුතියි.(නදී)

:       0       0

නිපුන Thursday, 05 December 2013 02:06 PM

හොල්මන් වලටත් කරන්න වැඩක් තියෙන්න එපැයි... (ස)

:       0       0

මහින්ද වික්‍රමසිංහ Thursday, 05 December 2013 09:04 PM

මේ එන්ජිම වැඩ වර්ජන දවස්වලට යොදාගන්න .(නදී)

:       0       0

දම් Thursday, 05 December 2013 02:08 PM

ප්‍රතිචාර දැක්කම තේරෙනවා කට්ටියගේ ජාතිමාමකත්වය...මෙහෙම කට්ටිය හිටියොත් අපේ රටත් ඔටෝමෙටිකලි වෙන එවුන් අතට යයි... (ස)

:       0       0

කමල් Thursday, 05 December 2013 07:55 AM

අනේ කාලේ වනේ වාසේ. ආශ්චර්යමත් ශ්‍රී ලංකා. (ස)

:       0       0

දියාගෝ හසන්ත එවන් Thursday, 05 December 2013 07:58 AM

හොද වෙලාවට අර ඉංග්‍රීසි චිත්‍රපටිය වගේ වුනේ නැත්තේ.(නදී)

:       0       0

දයා අලහකෝන් Thursday, 05 December 2013 02:17 PM

රියදුරෙක් නොමැතිව දුම්රිය යනබව ඉස්සර වෙලාම දැක්කෙ කවුද?? කොහොමද දැනගත්තෙ පාලක මැදිරිය.මටත් ලොකු ප්‍රශ්නයක්. (ස)

:       0       0

චමත් Friday, 06 December 2013 08:26 AM

ඇත්තටම දුම්රිය එන්ජිමක් කියන්නේ පීල්ලක යන වාහනයක්. හරවන්න කරන්න ඕනේ නෑ. අපේ ලංකාවේ තියන තාක්ෂණය පාවිච්චි කරලා රියදුරාගේ කාර්ය පැවරිය හැකි පරිපථ පද්ධතියක් නිර්මාණය කලානම් හරි. අපි ප්‍රදර්ශන වගේ තැන වලදී ඒ වගේ දේවල් දකිනවනේ. ලංකාවේ දක්ෂ ඉංජිනේරුවන්ට ඕක මහා කජ්ජක් නෙමෙයි. (නදී)

:       0       0

බිමල් වරුන Thursday, 05 December 2013 08:04 AM

දුම්රිය වර්ජනයට කදිම පිළියමක් මේක. තවදුරටත් මේක වර්ධනය කළා නම් දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩු ලැබෙන්නේ නැහැ.(නදී)

:       0       0

තුෂාර Thursday, 05 December 2013 02:19 PM

මේ ක්‍රමය සාර්ථක වුනානම් හොඳයි වගේ රජයේ වියදම් ගොඩක් අඩු වෙයි. (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Thursday, 05 December 2013 08:05 AM

රියදුරෙක් නොහිටපු හින්ද මරදානෙන් පිටත් වුන දුම්රියක් නියමිත වෙලාවට රත්මලානට ඇවිල්ල තියෙන බවක් තමයි මට පෙන්නේ. නියමුවන් රහිත දුම්රිය ජපානේ තියෙනවා කියල අහල තිබුනත් බලාගෙන යනකොට ලංකාව ජපානෙට වඩා දියුණුයිනේ. (නදී)

:       0       0

රක්නම් Thursday, 05 December 2013 08:05 AM

රියදුරෝ නිදි ඇති.(නදී)

:       0       0

ලෙස්ලි ජයවර්දන Thursday, 05 December 2013 08:06 AM

කෝච්චි රියදුරන්ගේ වර්ජන වලට මීට පස්සේ අපි බය නැහැ.(නදී)

:       0       0

හොරණ සිරි Thursday, 05 December 2013 02:30 PM

වෙන්නට තිබූ මහා විනාශය වළක්වාගත් කාර්මික්‍ ශිල්පීන්ට හොඳින් සැලකීම දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ යුතුකමක්. (ස)

:       0       0

සම් Thursday, 05 December 2013 02:30 PM

මේකට අදාල නැති උනත් චන්ද්‍ර අනගිරත්න මහතාගේ මේ කවිය රසවිඳින්න. පුංචි කෝච්චිය යයි හරි වේගෙන්. පැය හතරට එක සැතප්මේ වේගෙන්. කෙල්ල යි කොල්ල යි නැග්ගම කොටුවෙන්. දරුවෙක් බිහිවේ ඕපනායකින්.

:       0       0

රොෂාන් Thursday, 05 December 2013 08:09 AM

"පැයට කිලෝමීටර් පහක පමණ වේගයෙන්" පයින් ඇවිදගෙන ගියත් අල්ලන්න පුළුවන් වේගෙන්නෙ ගිහින් තියෙන්නෙ. තේරෙන විදියට නම් එන්ජිම ගල්කිස්සට යනකන් කවුරුවත් දැනන් ඉඳල නෑ වගේ(නදී)

:       0       0

ආනන්ද Thursday, 05 December 2013 09:36 PM

ඔන්න වැඩවර්ජන වලට විසදුමක්. අලුත් අදහසක් ගන්න හොද අවස්ථාවක්.ආශ්චර්යවත් ලංකාවට රියදුරන් නොමැතිව ගමන් කරන දුම්රියක් (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 05 December 2013 02:32 PM

දැනගන්නේ කොහොමද ඔක්කොම නිදිනේ. (ස)

:       0       0

පින්කි Friday, 06 December 2013 08:46 AM

එන්ජිම පන ගැන්වුනු බව දැනගත් වහාම ක්‍රියාත්මක වූ බලධාරීන්ට පැයට කි. මී. 5ක වේගෙන් ගිය දුම්රිය රත්මලානට යනකම් අල්ලා ගැනීමට නොහැකි විය. එක්කෝ මෙය දැනගෙන ඇත්තේ පැය 2කින් පමණ පසුවය. නැතහොත් මෙය අල්ලා ගැනීමට ගොස් ඇත්තේ පයින්ය. නැතහොත් මේ ලංකාවේ ආශ්චර්යයද? (නදී)

:       0       0

එරොශන් Thursday, 05 December 2013 02:43 PM

ආසියාවෙ ආශ්චර්ය .... (ස)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 05 December 2013 02:45 PM

ප්‍රවාහන ඇමති තුමනි, මෙය අත්හදා බැලීමක් ලෙස සලකා තවත් ලාබය වැඩි කල හැකි ක්‍රමයක් සකසන්න. (ස)

:       0       0

ජයතිලක Friday, 06 December 2013 08:50 AM

නින්දෙන් ඇවිදලා ටොයිලට් එක හෙව්වද දන්නේ නැහැ?(නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 05 December 2013 02:47 PM

දුම්රිය ස්ථාන හයක් පසුකර මෙම දුම්රිය ගිහින් තිබෙනවා.එක දුම්රිය ස්ථානයකවත් මේක දැක්කේ නැද්ද ? (ස)

:       0       0

චුටි බබා Thursday, 05 December 2013 08:27 AM

රියදුරන් ඕන නෑනේ(නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 05 December 2013 02:55 PM

හැමදාම පරක්කු වෙන අපේ දුම්රිය, වෙලාවට ගිය දුම්රියත් මේක කියල ඉතිහාසගත වෙයි. (ස)

:       0       0

නිශාර්ඩ් Thursday, 05 December 2013 02:58 PM

මෙය බරපතල වරදක් සහ නොසැලකිලිමත් ලෙස තම වගකීම පැහැර හැරීමක්. වහාම සොයා බලා අදාළ පුද්ගලයාට නිසි දඬුවමක් දිය යුතුයි. හොඳ වෙලාවට මහා රාත්‍රියේ සිදු උනෙ. දහවල් කාලයේ උනානම් ජීවිත හානි සහ පාඩු කොපමණ සිදුවන්ට ඇතිද ? (ස)

:       0       0

මධු Thursday, 05 December 2013 03:02 PM

භූත බලපෑමක් වගේ. මෙහෙම දේවල් යක්කු ගස් නගින වෙලාව සිද්ධ වෙනවා ? (ස)

:       0       0

සිරිපාල Thursday, 05 December 2013 08:40 AM

ලෝකයේ පළමු වතාවට රියදුරෙකු නොමැතිව දුම්රියක් දාවනය කිරීමට කල අත්හදාබැලීමක් විය හැක. බලන්න අපේ රට කොයි තරම් දියුණුද කියලා. කොහොම වුනත් රේල් පාරක් හරහා යනකොට ටිකක් කල්පනාවෙන් යන්න.(නදී)

:       0       0

සේනානායක. Thursday, 05 December 2013 08:42 AM

රියදුරු මහතුන් මිට වැඩිය සැලකිලිමත් වීම වැදගත්.(නදී)

:       0       0

සංජු Thursday, 05 December 2013 08:52 AM

ඇංජිමක් හීනෙන් වෙන්න ඇති ? (ස)

:       0       0

කැනඩා දිසා Thursday, 05 December 2013 08:54 AM

මේක තමයි ආශ්චර්ය, රටේ දියුණුව, මේ කැනඩාව වගේ ස්කයි ට්‍රේන්, රියදුරෝ නැහැ. ඔටෝ මෙටික් බලන්නකෝ. (ස)

:       0       0

කපිල Thursday, 05 December 2013 08:58 AM

ලංකාව දැන් හරි දියුණුයි. (ස)

:       0       0

සමන් Thursday, 05 December 2013 08:58 AM

අනතුරක්, අලාභයක් නොමැතිවීම ගැන සන්තෝෂ වන අතර, මෙය සුළුකොට තැකිය නොහැකි දෙයක් නිසා මේ ගැන වගකිව යුත්තන් සොයා බලා නිසි පිළියමක් යොදන්න. (ස)

:       0       0

චන්ද්‍ර Thursday, 05 December 2013 03:25 PM

විනාශකාරි කුමන්ත්‍රණයක්, වහා සෙවිය යුතුය. එසේ නොවේ නම් මෙම එන්ජිම වටිනවා රියදුරු වර්ජන වෙලාවට.... (ස)

:       0       0

අමිල - ඩුබායි Thursday, 05 December 2013 09:10 AM

'අන්ස්ටෝප්පබල් ' ෆිල්ම් එක වගේනේ...... (ස)

:       0       0

අල්විස් Friday, 06 December 2013 09:48 AM

ලංකාව කියන්නේ ප්‍රජාත්‍රන්තවාදී රටක් ..අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හැමෝටම තියෙනවා..උදය මහත්මයා. (ස)

:       0       0

දයා අලහකෝන් Thursday, 05 December 2013 09:12 AM

රියදුරන් නොමැති ධාවනය වන වාහන ඉදිරියෙදී එන බවට කෙරෙන පෙර සලකුණු. (ස)

:       0       0

ෂෙලාන්සයුස් Thursday, 05 December 2013 09:16 AM

මෙච්චර දුරක් අනතුරක් නැතුව යන පුළුවන් වුන ක්‍රමය ගැන තව ටිකක් හොයල බැලුව නම් හැම තිස්සෙම රියදුරන් නැතුව යන විදිහක් පහසුවෙන් සොයා ගන්න පුළුවන් වේවි.(නදී)

:       0       0

සමන්ති Saturday, 07 December 2013 05:56 AM

කාලෙකින් නොගිය නිසා පාර බලන්ඩ ගියාද දන්නේ නැත. මේ එන්ජින් දුවවන්නේ බොහෝවිට යත්ත්‍රාංගනය තුල. (නදී)

:       0       0

සුජිත් ගමගෙදර Thursday, 05 December 2013 09:17 AM

මේ වගේ දුම්රිය වෙනත් රටවල් වලත් තියනවා. ලංකාවත් සංවර්ධිත රටක් කියලා පෙන්නන්න කරපු වැඩක් ද මන්දා. (ස)

:       0       0

චන්ද්‍රා Monday, 09 December 2013 06:37 AM

කාටවත් කරදරයක් නැතුව ඔය තනියම ගිහිල්ලා තියෙන්නේ. කව්රුහරි ඕකේ හිටියා නම් මොනවා වෙයිද? (නි)

:       0       0

රසික විතාන Thursday, 05 December 2013 09:21 AM

මේක නම් වෙන්න පුළුවන් දෙයක් නොවේ.මරදාන සිට රත්මලාන දක්වා යන්න විදියක් තියෙනවද, වහාම පරීක්ෂණයක් ගන්න.මේවා කඩාකප්පල් ක්‍රියාවන්. (ස)

:       0       0

සාන්ත Thursday, 05 December 2013 09:27 AM

ලංකාව පුදුම විදිහට දියුණු උනා මෑතදී... (ස)

:       0       0

අජිත් Thursday, 05 December 2013 09:28 AM

එන්ජින් ඩ්‍රයිවර්ස්ලට නිකන් ඉන්න කියලා යස අගේට කෝච්චි ටික දුවන්න පුළුවන් දැන්.... (ස)

:       0       0

සංජය චතුරංග Thursday, 05 December 2013 04:37 PM

හොල්මන් කේස් එකක්... (ස)

:       0       0

දිසානායක Saturday, 07 December 2013 07:19 AM

ඊයේත් පෙන්නුවා රූපවාහිනියේ මීට අවුරුදු 100 කට කලිනුත් කෝච්චියක් ඒ විදිහටම ඒ වෙලාවටම රියදුරා නැතිව ගියා කියලා. ඉතික් එතන අද්භූත බලවේගයක් නැද්ද? (නදී)

:       0       0

රොෂාන් Thursday, 05 December 2013 11:59 PM

වැටුප් ගෙවන්නේ මේකටද රියදුරන්ට? (නි)

:       0       0

සෙනෙවි Thursday, 05 December 2013 09:46 AM

ඇමතිලා නැතුව අමාත්‍යාංශ දුවන්ටත් පුළුවන්. මාර ෂෝක්. (ස)

:       0       0

දඩල්ලේ ජයසේකර Friday, 06 December 2013 12:03 AM

දුම්රිය දෙපාර්තමේන්තුව මීට වැඩිය සැලකිලිමත් වුනොත් හොඳයි (අ)

:       0       0

කැලුම් Thursday, 05 December 2013 09:48 AM

හවස 5.20 ට කොළඹ කොටුවෙන් පොල්ගහවෙල බලා ධාවනය වීමට නියමිත දුම්රිය දිනපතාම ප්‍රමාද වෙනවා. අනේ ඒ කෝච්චියත් රියදුරකු නැතිව වෙලාවට යනවා නම් !.(නදී)

:       0       0

හසාන් Thursday, 05 December 2013 04:57 PM

ඒක වෙන්න බැරි දෙයකුත් නෙමෙයි (නි)

:       0       0

සුනිල් අබුඩාබි Thursday, 05 December 2013 10:03 AM

එන්ජින් එකට මතක නෑ. (ස)

:       0       0

ලයන් Thursday, 05 December 2013 05:09 PM

එළවලා තියෙන්නේ හොල්මනක්ද? (නි)

:       0       0

තරංග, අබුඩාබි Thursday, 05 December 2013 10:27 AM

මරදානේ සිට රත්මලාන දක්වා කොළඹින් ගිය පිරිසක් එය නවත්වා ගෙන ඇතැයිද (ස)

:       0       0

මංජුල අබුඩාබි සිට Thursday, 05 December 2013 10:33 AM

විශාල අනතුරක් වීමට තිබු අවස්ථාවන් මඟ හරිමින් දුම්රිය නවත්වා ගැනීමට කටයුතු කරන ලද පාලක මැදිරියේ මහත්වරුන් සහ සහය දුන් අනෙකුත් මහත් වරුන්ට මගේ ස්තුතිය. (ස)

:       0       0

ප්‍රසන්න Thursday, 05 December 2013 05:22 PM

බලන්න මහත්තයෝ, ඇංජිම රියදුරු නැතුව යවන්න තරම් අපේ තාක්ෂණය දියුණු වෙලා. ඕකට තමයි කියන්නේ ආසියාවේ ආශ්චර්ය කියලා. මේවා දකිනකොට මගේ ඇස්වලට කදුළු එනවා මහත්තයෝ. (නි)

:       0       0

ශිරාස් Friday, 06 December 2013 12:57 AM

අනේ! රටේ තාක්ෂණික වර්ධනය මේකද? මේවා ප්‍රසිද්ධ කරන්න එපා, රටට ලැජ්ජාවක්. (නි)

:       0       0

විධුෂක Thursday, 05 December 2013 10:36 AM

ආදරණීය දුම්රිය එන්ජිම, කුරා කූඹියෙකුටවත් අබ මල් රේණුවක තරම් හානියක් විපතක් සිදු නොකොට මරදානේ සිට රත්මලාන දක්වාවූ කිලෝමීටර් 15 ක දුරක් ගමන් කළාවූ ඒ ඓතිහාසික ගමනට දුම්රිය මගීන් ඇතුළු සියලුම දෙනාගේ ම ආචාරය!!! (ස)

:       0       0

සුමංගල Thursday, 05 December 2013 10:43 AM

රියදුරෙක් හිටියත් ඊට වඩා ඉක්මනින් යන්නය. ඔහොම යන්! ඔහොම යන්!! (ස)

:       0       0

අනුර යු ඒ ඉ Thursday, 05 December 2013 10:48 AM

සිරිපාල, යුරෝපයේ මේ අපි ඉන්න රටේ රියදුරන් නැහැ. ඔටෝ ක්‍රමයට ධාවනය කරනවා. අනතුරු අඩුයි. බීමත් රියදුරන් නැහැ. (ස)

:       0       0

ඉසුරු Thursday, 12 December 2013 07:08 PM

ආශ්චර්යයට ජය වේවා! (නි)

:       0       0

සමදරා Thursday, 05 December 2013 10:51 AM

අපේ ලොක්කන්ගේ වැඩ තමයි පුතේ.මේගොල්ලො කැකුණ දුරේ ගෙන්නලා ගඟේ නාවන්න ඕනේ සෙවල යන්න. (ස)

:       0       0

අනු Thursday, 05 December 2013 10:54 AM

මට පිස්සු වගේ ඕයි. (ස)

:       0       0

දිනසිරි Thursday, 05 December 2013 11:03 AM

හොල්මන් වෙන්න බරිද? ( සමහරවිට මරුණ රියදුරෙක්) (ස)

:       0       0

තිලිණ Thursday, 05 December 2013 11:06 AM

නයිට් රයිඩර් කෝච්චියක් නේද? (ස)

:       0       0

සමිත් Thursday, 05 December 2013 11:07 AM

මේක පලවෙනි වතාව නෙමේ. මීට කලින් මේ වගේ දෙයක් වුනා මට මතක විදිහට 60 ගණන් වල. ඒකත් ඔය වෙලාවකම තමා වුනේ. එදා මඩකලපු ඉඳන් ආපු කෝච්චියේ රියදුරු මහතුන් දෙදෙනා ඔය වගේ ගිහින් රත්මලනත් මොරටුවත් අතර එන්ජින් එක බේරගත්තා. (ස)

:       0       0

කුසුම් Thursday, 05 December 2013 06:05 PM

පුදුම වෙන්න කාරණාවක් නෙමෙයි. කාර්මික දෝෂයක් වෙන්න ඇති. අනේ අනිච්චන්.(නදී)

:       0       0

කුසුම් Thursday, 05 December 2013 06:06 PM

දුම්රිය පාලකයින්ට බුදුසරණයි.(නදී)

:       0       0

ශසික Saturday, 07 December 2013 10:11 AM

හොද පිම්මක් නේද පිස්සු හැදෙනවා.(නදී)

:       0       0

සමරවීර Thursday, 05 December 2013 11:08 AM

මිනිස්සුත් රෑට හීනෙන් ඇවිදින්නේ, ඒ වගේ කෝච්චි එන්ජිමත් හීනෙන් යන්න ඇති. (ස)

:       0       0

ශිමාල් Thursday, 05 December 2013 11:13 AM

වැරැද්ද එන්ජින් එකේ.. (ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 05 December 2013 06:14 PM

ඔහොම යමුකෝ (නි)

:       0       0

සංජීව Friday, 06 December 2013 04:53 AM

දුම්රියත් කරන්නේ හරි වැඩ තමයි (නි)

:       0       0

ශානක Thursday, 05 December 2013 11:33 AM

මේකත් හීනෙන් ඇවිදිනවද දන්නෑ. (ස)

:       0       0

ආර්.එම්.සී. රණසිංහ Thursday, 05 December 2013 11:37 AM

මෙම දුම්රිය දහවල් කාලයේ ගියා නම් ලොකු අනතුරක් වෙනවා. (ස)

:       0       0

ප්‍රනීත් Friday, 06 December 2013 10:01 PM

ආසියාවේ ආශ්චර්ය අලුත් වැඩක්. (නදී)

:       0       0

අනුර Thursday, 05 December 2013 11:43 AM

ලංකාව දැන් හරි දියුණුයි. (ස)

:       0       0

අජිත් Thursday, 05 December 2013 11:45 AM

පයිලට් නිදිද? (ස)

:       0       0

සත්‍යයා Thursday, 05 December 2013 11:46 AM

අපේ රටත් හරියට කෝච්චි එන්ජිමක් වාගේ. කෝච්චි හිතුන හිතුන තැනට හිතුන හිතුන වෙලාව ට රට පුරාම දුවනවා. මෙතන තියෙන ආශ්චර්ය රත්මලාන දක්වා නියාමක නැතිව දිව්ව දුම්රිය වගේ නීතියක්, පාලනයක්, සාධාරණයක් නැතිව හැමදාමත් දුවනවා. (ස)

:       0       0

වෙල්ගම Thursday, 05 December 2013 11:47 AM

මේකේ රිමොට් කී එකක් තියෙනවා. ලංකාවේම හදපු එකක්. ඒක ගෑනු දැක්කම ඉබේම එන්ජිම පණ ගැන්වෙනවා. (ස)

:       0       0

ගජබා Thursday, 05 December 2013 11:55 AM

ලොකුම හිනා යන කෑල්ල තමා ඉබේ පණ ගැන්වීම... මට නිකන් පිස්සු වගේ... (ස)

:       0       0

මහී Thursday, 05 December 2013 11:56 AM

යකඩ හොරෙක් කරපු වැඩක් ද දන්නේ නෑ. (ස)

:       0       0

ලලිත් Thursday, 05 December 2013 06:57 PM

ඒන්ජිම දැක්කාහම පේනවා මෙහි තිබෙන්නාවු පෞරාණිකත්වය. මෙවැනි පැරනි ඒන්ජින් තුල රීරී යකා සහ මහ සෝන් දිස්ඨිය බොහෝ වෙලිවට අරක් ගෙන ඉන්නවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 357 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 930 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1403 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 190 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 782 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 900 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25653 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site