මාලිගාවත්ත දුම්රිය අංගනයේ සිට දුම්රිය ඇංජිමක් රියදුරෙකු නොමැතිව අද අලුයම දෙකට පමණ රත්මලාන තෙක් ධාවනය වු බවත් කිසිවෙකුටවත් අනතුරක් නැතිව එය නවත්වා ගැනීමට හැකි වු බවත් දුම්රිය ආරංචි කියයි.
අලුයම දෙකට පමණ මෙම දුම්රිය පැයට කිලෝමීටර් පහක පමණ වේගයෙන් ධාවනය වී ඇතැයිද කොළඹින් ගිය පිරිසක් එය නවත්වාගෙන ඇතැයිද දැනගන්නට ඇත.
ඇංජිම පන ගැන්වුන බව සැලවු වහාම දුම්රිය නිලධරයන් ආරක්ෂක පියවර ගෙන ඇතැයිද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවෙ ආශ්චර්ය .... (ස)
දුම්රිය පාලකයින්ට බුදුසරණයි.(නදී)
පුදුම වෙන්න කාරණාවක් නෙමෙයි. කාර්මික දෝෂයක් වෙන්න ඇති. අනේ අනිච්චන්.(නදී)
බලන්න මහත්තයෝ, ඇංජිම රියදුරු නැතුව යවන්න තරම් අපේ තාක්ෂණය දියුණු වෙලා. ඕකට තමයි කියන්නේ ආසියාවේ ආශ්චර්ය කියලා. මේවා දකිනකොට මගේ ඇස්වලට කදුළු එනවා මහත්තයෝ. (නි)
එළවලා තියෙන්නේ හොල්මනක්ද? (නි)
ඒක වෙන්න බැරි දෙයකුත් නෙමෙයි (නි)
හොල්මන් කේස් එකක්... (ස)
විනාශකාරි කුමන්ත්‍රණයක්, වහා සෙවිය යුතුය. එසේ නොවේ නම් මෙම එන්ජිම වටිනවා රියදුරු වර්ජන වෙලාවට.... (ස)
භූත බලපෑමක් වගේ. මෙහෙම දේවල් යක්කු ගස් නගින වෙලාව සිද්ධ වෙනවා ? (ස)
මෙය බරපතල වරදක් සහ නොසැලකිලිමත් ලෙස තම වගකීම පැහැර හැරීමක්. වහාම සොයා බලා අදාළ පුද්ගලයාට නිසි දඬුවමක් දිය යුතුයි. හොඳ වෙලාවට මහා රාත්‍රියේ සිදු උනෙ. දහවල් කාලයේ උනානම් ජීවිත හානි සහ පාඩු කොපමණ සිදුවන්ට ඇතිද ? (ස)
හැමදාම පරක්කු වෙන අපේ දුම්රිය, වෙලාවට ගිය දුම්රියත් මේක කියල ඉතිහාසගත වෙයි. (ස)
දුම්රිය ස්ථාන හයක් පසුකර මෙම දුම්රිය ගිහින් තිබෙනවා.එක දුම්රිය ස්ථානයකවත් මේක දැක්කේ නැද්ද ? (ස)
ප්‍රවාහන ඇමති තුමනි, මෙය අත්හදා බැලීමක් ලෙස සලකා තවත් ලාබය වැඩි කල හැකි ක්‍රමයක් සකසන්න. (ස)
ඔහොම යමුකෝ (නි)
දැනගන්නේ කොහොමද ඔක්කොම නිදිනේ. (ස)
මේකට අදාල නැති උනත් චන්ද්‍ර අනගිරත්න මහතාගේ මේ කවිය රසවිඳින්න. පුංචි කෝච්චිය යයි හරි වේගෙන්. පැය හතරට එක සැතප්මේ වේගෙන්. කෙල්ල යි කොල්ල යි නැග්ගම කොටුවෙන්. දරුවෙක් බිහිවේ ඕපනායකින්.
වෙන්නට තිබූ මහා විනාශය වළක්වාගත් කාර්මික් ශිල්පීන්ට හොඳින් සැලකීම දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ යුතුකමක්. (ස)
මේ ක්‍රමය සාර්ථක වුනානම් හොඳයි වගේ රජයේ වියදම් ගොඩක් අඩු වෙයි. (ස)
රියදුරෙක් නොමැතිව දුම්රිය යනබව ඉස්සර වෙලාම දැක්කෙ කවුද?? කොහොමද දැනගත්තෙ පාලක මැදිරිය.මටත් ලොකු ප්‍රශ්නයක්. (ස)
ප්‍රතිචාර දැක්කම තේරෙනවා කට්ටියගේ ජාතිමාමකත්වය...මෙහෙම කට්ටිය හිටියොත් අපේ රටත් ඔටෝමෙටිකලි වෙන එවුන් අතට යයි... (ස)
හොල්මන් වලටත් කරන්න වැඩක් තියෙන්න එපැයි... (ස)
මැරුණ රියදුරෙක් හොල්මනක් වෙලා ඇවිත් දුම්රිය අරන් ගිහින් තියෙන්නෙ. (ස)
නොන්ස්ටොපබල් 2... ස්ටොපබල් (ස)
අද දවසේ හොඳම විහිළුව. (ස)
මෙච්චර කලක් අපරාදෙ පඩි ගෙව්වා දුම්රිය රියදුරන්ට. ඔන්න අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට සහ රජයට පුලුවන්නම් මේ ක්‍රමය අත්හදා බලන්න. ඉදිරියේදී හොඳ ප්‍රතිපල .මොකද රියදුරන් වැඩ වර්ජනය කරහම මේ ක්‍රමයට දුම්රිය එන්ජින් අපට දුවවන්න පුළුවන්.අර මනුස්සයාගේ වැඩ තහනම් නොකර විස්තරය දැනගන්න කොහොමද වැඩ කරේ කියලා. (ස)
ඇත්තටම දුම්රිය එන්ජිමක් කියන්නේ පීල්ලක යන වාහනයක්. හරවන්න කරන්න ඕනේ නෑ. අපේ ලංකාවේ තියන තාක්ෂණය පාවිච්චි කරලා රියදුරාගේ කාර්ය පැවරිය හැකි පරිපථ පද්ධතියක් නිර්මාණය කලානම් හරි. අපි ප්‍රදර්ශන වගේ තැන වලදී ඒ වගේ දේවල් දකිනවනේ. ලංකාවේ දක්ෂ ඉංජිනේරුවන්ට ඕක මහා කජ්ජක් නෙමෙයි. (නදී)
ආශ්චර්යයට ජය වේවා! (නි)
කාටවත් කරදරයක් නැතුව ඔය තනියම ගිහිල්ලා තියෙන්නේ. කව්රුහරි ඕකේ හිටියා නම් මොනවා වෙයිද? (නි)
හොද පිම්මක් නේද පිස්සු හැදෙනවා.(නදී)
ඊයේත් පෙන්නුවා රූපවාහිනියේ මීට අවුරුදු 100 කට කලිනුත් කෝච්චියක් ඒ විදිහටම ඒ වෙලාවටම රියදුරා නැතිව ගියා කියලා. ඉතික් එතන අද්භූත බලවේගයක් නැද්ද? (නදී)
කාලෙකින් නොගිය නිසා පාර බලන්ඩ ගියාද දන්නේ නැත. මේ එන්ජින් දුවවන්නේ බොහෝවිට යත්ත්‍රාංගනය තුල. (නදී)
ආසියාවේ ආශ්චර්ය අලුත් වැඩක්. (නදී)
හුරේ වැඩ වර්ජන වලට දැන් අපි බය නෑ. (ස)
මෙම ඵන්ජිම දුරස්ථ පාලකයක් මඟින් පණ ගැන් වුනා වත්ද..? එතකොට ගියර් පැඩල, තිරිංග..? ඡෙවිපි ඵක සම්බන්ධ නෑ නේද..? (ස)
ලංකාව කියන්නේ ප්‍රජාත්‍රන්තවාදී රටක් ..අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හැමෝටම තියෙනවා..උදය මහත්මයා. (ස)
නින්දෙන් ඇවිදලා ටොයිලට් එක හෙව්වද දන්නේ නැහැ?(නදී)
එන්ජිම පන ගැන්වුනු බව දැනගත් වහාම ක්‍රියාත්මක වූ බලධාරීන්ට පැයට කි. මී. 5ක වේගෙන් ගිය දුම්රිය රත්මලානට යනකම් අල්ලා ගැනීමට නොහැකි විය. එක්කෝ මෙය දැනගෙන ඇත්තේ පැය 2කින් පමණ පසුවය. නැතහොත් මෙය අල්ලා ගැනීමට ගොස් ඇත්තේ පයින්ය. නැතහොත් මේ ලංකාවේ ආශ්චර්යයද? (නදී)
හොල්මනක්. (ස)
මෙහෙමත් මෝඩ කමෙන්ට් දාන මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ. අනතුරක් නොවී නවත්ව ගත්ත හැමට ස්තුතියි.(නදී)
තනියම රවූමක් ගහන්න හිතුනද දන් නෑ...රත්මලානේ යාර්ඩ් එකෙ පරණ පෙම්වතියක් එහෙම බලන්න.... (ස)
දුම්රියත් කරන්නේ හරි වැඩ තමයි (නි)
අනේ! රටේ තාක්ෂණික වර්ධනය මේකද? මේවා ප්‍රසිද්ධ කරන්න එපා, රටට ලැජ්ජාවක්. (නි)
දුම්රිය දෙපාර්තමේන්තුව මීට වැඩිය සැලකිලිමත් වුනොත් හොඳයි (අ)
වැටුප් ගෙවන්නේ මේකටද රියදුරන්ට? (නි)
ඔන්න වැඩවර්ජන වලට විසදුමක්. අලුත් අදහසක් ගන්න හොද අවස්ථාවක්.ආශ්චර්යවත් ලංකාවට රියදුරන් නොමැතිව ගමන් කරන දුම්රියක් (නි)
මේ එන්ජිම වැඩ වර්ජන දවස්වලට යොදාගන්න .(නදී)
ආශ්චර්ය ආශ්චර්ය .....(නදී)
සුද්දෝ දැනගත්තොත් මේක යොදවලා හොඳ ඉංග්‍රීසි ෆිල්ම් එකක් හදයි. හරියට නිකන් හොල්මනක් වගේ පෙනෙන්නේ.(නදී)
ඒන්ජිම දැක්කාහම පේනවා මෙහි තිබෙන්නාවු පෞරාණිකත්වය. මෙවැනි පැරනි ඒන්ජින් තුල රීරී යකා සහ මහ සෝන් දිස්ඨිය බොහෝ වෙලිවට අරක් ගෙන ඉන්නවා.(නදී)
ඇංජිමක් හීනෙන් වෙන්න ඇති ? (ස)
ඇමතිලා නැතුව අමාත්‍යාංශ දුවන්ටත් පුළුවන්. මාර ෂෝක්. (ස)
එන්ජින් ඩ්‍රයිවර්ස්ලට නිකන් ඉන්න කියලා යස අගේට කෝච්චි ටික දුවන්න පුළුවන් දැන්.... (ස)
ලංකාව පුදුම විදිහට දියුණු උනා මෑතදී... (ස)
මේක නම් වෙන්න පුළුවන් දෙයක් නොවේ.මරදාන සිට රත්මලාන දක්වා යන්න විදියක් තියෙනවද, වහාම පරීක්ෂණයක් ගන්න.මේවා කඩාකප්පල් ක්‍රියාවන්. (ස)
මේ වගේ දුම්රිය වෙනත් රටවල් වලත් තියනවා. ලංකාවත් සංවර්ධිත රටක් කියලා පෙන්නන්න කරපු වැඩක් ද මන්දා. (ස)
මෙච්චර දුරක් අනතුරක් නැතුව යන පුළුවන් වුන ක්‍රමය ගැන තව ටිකක් හොයල බැලුව නම් හැම තිස්සෙම රියදුරන් නැතුව යන විදිහක් පහසුවෙන් සොයා ගන්න පුළුවන් වේවි.(නදී)
රියදුරන් නොමැති ධාවනය වන වාහන ඉදිරියෙදී එන බවට කෙරෙන පෙර සලකුණු. (ස)
'අන්ස්ටෝප්පබල් ' ෆිල්ම් එක වගේනේ...... (ස)
අනතුරක්, අලාභයක් නොමැතිවීම ගැන සන්තෝෂ වන අතර, මෙය සුළුකොට තැකිය නොහැකි දෙයක් නිසා මේ ගැන වගකිව යුත්තන් සොයා බලා නිසි පිළියමක් යොදන්න. (ස)
ලංකාව දැන් හරි දියුණුයි. (ස)
මේක තමයි ආශ්චර්ය, රටේ දියුණුව, මේ කැනඩාව වගේ ස්කයි ට්‍රේන්, රියදුරෝ නැහැ. ඔටෝ මෙටික් බලන්නකෝ. (ස)
හවස 5.20 ට කොළඹ කොටුවෙන් පොල්ගහවෙල බලා ධාවනය වීමට නියමිත දුම්රිය දිනපතාම ප්‍රමාද වෙනවා. අනේ ඒ කෝච්චියත් රියදුරකු නැතිව වෙලාවට යනවා නම් !.(නදී)
රියදුරු මහතුන් මිට වැඩිය සැලකිලිමත් වීම වැදගත්.(නදී)
ලෝකයේ පළමු වතාවට රියදුරෙකු නොමැතිව දුම්රියක් දාවනය කිරීමට කල අත්හදාබැලීමක් විය හැක. බලන්න අපේ රට කොයි තරම් දියුණුද කියලා. කොහොම වුනත් රේල් පාරක් හරහා යනකොට ටිකක් කල්පනාවෙන් යන්න.(නදී)
රියදුරන් ඕන නෑනේ(නදී)
"පැයට කිලෝමීටර් පහක පමණ වේගයෙන්" පයින් ඇවිදගෙන ගියත් අල්ලන්න පුළුවන් වේගෙන්නෙ ගිහින් තියෙන්නෙ. තේරෙන විදියට නම් එන්ජිම ගල්කිස්සට යනකන් කවුරුවත් දැනන් ඉඳල නෑ වගේ(නදී)
කෝච්චි රියදුරන්ගේ වර්ජන වලට මීට පස්සේ අපි බය නැහැ.(නදී)
රියදුරෝ නිදි ඇති.(නදී)
රියදුරෙක් නොහිටපු හින්ද මරදානෙන් පිටත් වුන දුම්රියක් නියමිත වෙලාවට රත්මලානට ඇවිල්ල තියෙන බවක් තමයි මට පෙන්නේ. නියමුවන් රහිත දුම්රිය ජපානේ තියෙනවා කියල අහල තිබුනත් බලාගෙන යනකොට ලංකාව ජපානෙට වඩා දියුණුයිනේ. (නදී)
දුම්රිය වර්ජනයට කදිම පිළියමක් මේක. තවදුරටත් මේක වර්ධනය කළා නම් දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩු ලැබෙන්නේ නැහැ.(නදී)
හොද වෙලාවට අර ඉංග්‍රීසි චිත්‍රපටිය වගේ වුනේ නැත්තේ.(නදී)
අනේ කාලේ වනේ වාසේ. ආශ්චර්යමත් ශ්‍රී ලංකා. (ස)
එහෙම විය හැකිද? අංගනයේ ආරක්ෂාව මෙපණද?ලොකුම කිල්ල නොසැලකිල්ල. (ස)
මිනිස්සුත් රෑට හීනෙන් ඇවිදින්නේ, ඒ වගේ කෝච්චි එන්ජිමත් හීනෙන් යන්න ඇති. (ස)
පිස්සු හැදෙයි. (ස)
ඔය එන්ජින් එකේ කලින් වැඩ කරල මැරිච්ච රියදුරෙක්ගෙ හොල්මනක් වෙන්න ඇති. (ස)
යකඩ හොරෙක් කරපු වැඩක් ද දන්නේ නෑ. (ස)
ලොකුම හිනා යන කෑල්ල තමා ඉබේ පණ ගැන්වීම... මට නිකන් පිස්සු වගේ... (ස)
මේකේ රිමොට් කී එකක් තියෙනවා. ලංකාවේම හදපු එකක්. ඒක ගෑනු දැක්කම ඉබේම එන්ජිම පණ ගැන්වෙනවා. (ස)
අපේ රටත් හරියට කෝච්චි එන්ජිමක් වාගේ. කෝච්චි හිතුන හිතුන තැනට හිතුන හිතුන වෙලාව ට රට පුරාම දුවනවා. මෙතන තියෙන ආශ්චර්ය රත්මලාන දක්වා නියාමක නැතිව දිව්ව දුම්රිය වගේ නීතියක්, පාලනයක්, සාධාරණයක් නැතිව හැමදාමත් දුවනවා. (ස)
පයිලට් නිදිද? (ස)
ලංකාව දැන් හරි දියුණුයි. (ස)
මෙම දුම්රිය දහවල් කාලයේ ගියා නම් ලොකු අනතුරක් වෙනවා. (ස)
මේකත් හීනෙන් ඇවිදිනවද දන්නෑ. (ස)
වැරැද්ද එන්ජින් එකේ.. (ස)
දවසේ විහිලුව (නදී)
මේක පලවෙනි වතාව නෙමේ. මීට කලින් මේ වගේ දෙයක් වුනා මට මතක විදිහට 60 ගණන් වල. ඒකත් ඔය වෙලාවකම තමා වුනේ. එදා මඩකලපු ඉඳන් ආපු කෝච්චියේ රියදුරු මහතුන් දෙදෙනා ඔය වගේ ගිහින් රත්මලනත් මොරටුවත් අතර එන්ජින් එක බේරගත්තා. (ස)
නයිට් රයිඩර් කෝච්චියක් නේද? (ස)
හොල්මන් වෙන්න බරිද? ( සමහරවිට මරුණ රියදුරෙක්) (ස)
මට පිස්සු වගේ ඕයි. (ස)
අපේ ලොක්කන්ගේ වැඩ තමයි පුතේ.මේගොල්ලො කැකුණ දුරේ ගෙන්නලා ගඟේ නාවන්න ඕනේ සෙවල යන්න. (ස)
සිරිපාල, යුරෝපයේ මේ අපි ඉන්න රටේ රියදුරන් නැහැ. ඔටෝ ක්‍රමයට ධාවනය කරනවා. අනතුරු අඩුයි. බීමත් රියදුරන් නැහැ. (ස)
රියදුරෙක් හිටියත් ඊට වඩා ඉක්මනින් යන්නය. ඔහොම යන්! ඔහොම යන්!! (ස)
ආදරණීය දුම්රිය එන්ජිම, කුරා කූඹියෙකුටවත් අබ මල් රේණුවක තරම් හානියක් විපතක් සිදු නොකොට මරදානේ සිට රත්මලාන දක්වාවූ කිලෝමීටර් 15 ක දුරක් ගමන් කළාවූ ඒ ඓතිහාසික ගමනට දුම්රිය මගීන් ඇතුළු සියලුම දෙනාගේ ම ආචාරය!!! (ස)
විශාල අනතුරක් වීමට තිබු අවස්ථාවන් මඟ හරිමින් දුම්රිය නවත්වා ගැනීමට කටයුතු කරන ලද පාලක මැදිරියේ මහත්වරුන් සහ සහය දුන් අනෙකුත් මහත් වරුන්ට මගේ ස්තුතිය. (ස)
මරදානේ සිට රත්මලාන දක්වා කොළඹින් ගිය පිරිසක් එය නවත්වා ගෙන ඇතැයිද (ස)
එන්ජින් එකට මතක නෑ. (ස)