IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දුම්රියේ ගැටුණු අලි දෙන්නාට අසාධ්‍යයි

මඩකලපුව සිට කොළඹ දක්වා ගමන් ගත් දුම්රියක සෙවණපිටියේදී ගැටුණු වල් අලියකු තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටින බව වැලිකන්ද වනජිවි නිලධාරිහු පවසති.

බටහිර මහවැව ගම්මානය සිට දුම්රිය මාර්ගය හරහා වල් අලියා සෝමාවතිය වනෝද්‍යානයට යමින් සිටියදි අනතුර සිදු වී ඇතැයි සැක කරන බව වැලිකන්ද වනජිවි ආරක්‍ෂක නියාමක මංජුල රත්නපාල මහතා පැවසීය.

වල් අලියා  වයස අවුරුදු 30 – 35 ත් අතර  වේ. 

එම දුම්රියටම හබරණ කුරුලු උද්‍යානයේ සිට කවුඩුල්ල ජාතික උද්‍යානය දෙසට ගමන් කරමින් සිටි වල් අලි රංචුවක සිටි ඇත් පැටියකු දුම්රියේ ගැටීම හෙතුවෙන් ඇත් පැටියාගේ කොන්ද ප‍්‍රදේශයට ඇති හානි සිදුව ඇතැයි කවුඩුල්ල ජාතික උද්‍යානයේ නිලධාරිහු පවසති. 

DSC02674 DSC02677-(1) DSC02679 DSC02680

ඡායාරූප - නිමල් ජයරත්න

pix--01 pix--03 pix--04

ඡායාරූප - ඩබ්.ඒ.පියතිලක

 



අදහස් (0)

දුම්රියේ ගැටුණු අලි දෙන්නාට අසාධ්‍යයි

සහන් Thursday, 07 July 2016 04:59 AM

දුම්රිය රියදුරන් වේග සීමාව අනුගමනය නොකර මේ හරියේදී වේගයෙන් ධාවනය කරනවා. මම එ්ක අත්දැකීමෙන් දන්නවා. (බ)

:       0       0

මහින්ද නන්දසේකර Thursday, 07 July 2016 05:16 AM

කාලයක් තිස්සේ වන මේ වගේ අපරාධ වලටවත් විසඳුම් දෙන්න බැරි නම් මොනවටද පුළුවන්? (බ)

:       0       0

උපාලි Thursday, 07 July 2016 05:20 AM

නොවැළැක්විය හැකි ඛේදවාචකයක්. රේල් පාර අයිනේ දිගටම වැටවල් ගහන්නත් බැහැනේ. අපේ ජාතික ඇත් සම්පත දවස ගානේ වැනසෙන හැටි බලා ඉන්නත් දුකයි. (බ)

:       0       0

නුවන් Thursday, 07 July 2016 06:20 AM

එතනත් ඇවිල්ලා ඒ අසරණ සතාව සමහරු ෆෝන් වලින් ෆොටෝ ගන්නවා නේද? පුලුවන්කමක් තිබුණා නම් සෙල්ෆියකුත් ගහයි (නි)

:       0       0

ඉන්දික Thursday, 07 July 2016 06:47 AM

මේකට අපේ රටේ විසඳුම අැමතිලට කෝටි ගණන් වටිනා වාහන ගෙන එ්ම. අපිට වඩා නොදියුණු කෙන්යාවේ විසඳුම මෙතනින් බලාගන්න http://africageographic.com/blog/elephants-cross-highway-using-new-underpass/ (නි)

:       0       0

වීනු Thursday, 07 July 2016 06:47 AM

ළමයිනුත් වඩාගෙන රේල් පාරේ මැද්දටම වෙලා ඉන්න ලස්සන...? (නි)

:       0       0

සිතිජ Thursday, 07 July 2016 07:15 AM

ඇයි දෙවියනේ මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කිසිම රජයක් උනන්දු නොවෙන්නේ? (නි)

:       0       0

කමල් Friday, 08 July 2016 03:35 AM

දුම්රිය රියදුරෝ සමහරක් බීමතින්. අපි දන්න අය ඉන්නවා. (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 07 July 2016 07:54 AM

ස්තුතියි ඉන්දික (බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Thursday, 07 July 2016 08:33 AM

ඔය විදිහට අලි කී දෙනෙක් මැරුණත් අවුලක් නෑ. අවුල තියෙන්නේ කන්න බොන්න දීල ආදරෙන් බලාගත්තොත් තමයි. (බ)

:       0       0

සඳරුවන් Thursday, 07 July 2016 09:09 AM

මේ සම්බන්ධයෙන් රටේ නායකයින්ගේ අවදානය යොමු නොවන්නේ කුමක් නිසාද කියල හිතාගන්න අමාරුයි. අලි පැටවූ අල්ල ගන්න තියෙන උවමනාව අලි රැකගන්න තිබුනා නම් ...(බ)

:       0       0

රොහාන් Saturday, 09 July 2016 08:40 AM

ඉන්දික ඔයාගේ අදහස නම් වටිනවා වනසම්පත් ඇමතිතුමාගේ අවදානය යොමුවේවා.! ඒ වගේම දුම්රිය රියදුරන් අවදානයෙන් මෙම ප්‍රදේශයේ දුම්රිය ධාවනය කර ජාතික සම්පතක් වන අලි රැකගන්නිමු. (ර)

:       0       0

රණසිංහ Thursday, 07 July 2016 10:41 AM

වනජීවී එකෙන් තවමත් ඇවිල්ලා නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 156 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 304 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1128 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 218 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 341 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 989 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1028 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site