IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දුම්රිය ගමන් නවතී

දුම්රිය සේවකයින් ඇරඹූ පැය 48 ක වැඩ වර්ජනය හේතුවෙන් අද අලුයම සිට දුම්රිය ධාවනය ඇණහිට තිබේ. කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන වලින් කිසිදු දුම්රියක් ධාවනය නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කියා සිටියේය.

ගාල්ල දුම්රිය ස්ථානයේ ද සියලුම ප්‍රවේශපත්‍ර කවුළු වසා දමා තිබූ අතර උදෑසන 7.30 වනවිට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර නමයකින් කිසිදු දුම්රියක් ධාවනය වූයේ නැත. සඳුදා උදෑසන කොළඹට රැකියා සඳහා පැමිණෙන මගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටි අතර බස් රථ සඳහා විශාල පෝළිම් ද දක්නට ලැබිණි.

දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා කියා සිටියේ වැටුප් විෂමතාවට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා වැඩ වර්ජනය ආරම්භ කළ බවයි.

 



අදහස් (0)

දුම්රිය ගමන් නවතී

අරුණ Monday, 08 July 2013 09:23 AM

සුගත්,සරත්,අස්මිත්,ඔයගොල්ල වැරදියි. මේවා සිද්ධ වෙන්නේ ආණ්ඩුවේ,පාලකයන්ගේ වැරදී කලමනාකරනය නිසා. රජය ටැක්ස් වැඩිකරනකොට සේවකයන්ගේ පඩිත් වැඩි කරන්න ඕනෑ. ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ගේ පඩියෙන් මොකක්ද කරන්න පුළුවන් කියලා. (නි)

:       0       0

සිරිපාල Monday, 08 July 2013 09:28 AM

සරත් හමුදාවට කෝච්චි එලවන්න උගන්වන්නේ ඔයගේ කවුරුහරි කෙනෙක් ඉන්නව ද...? (නි)

:       0       0

ප්‍රියංකර Monday, 08 July 2013 01:27 PM

මේ ඔක්කොම පන්නලා අපේ විරුවන්ට දුන්නා නමි හරි මේ වැඩේ. අද දවසට වාහන වලට මට 360 ක් ගියා මුන්ට හොදක් වෙන්න එපා.(නදී)

:       0       0

අනුර Monday, 08 July 2013 09:34 AM

රාජ්‍ය අංශයත් වෙන වෙනම වර්ජන කිරීමේ තේරුමක් නැහැ. මුළු රාජ්‍ය අංශයමත් සමගම පුද්ගලික අංශයත් එකතු කරගෙන සමස්ත වැඩවරුමක් කලොත් ඔයකියන වැටුප් විශමතා සහ වැඩි වැටුප් සමගම අපේ රටේ සියලුම ජනතාවටම සෙතක් වේවි. එහම නොවුනොත් අපි කාටත් මේ විදවිල්ල හැමදාටමත් කරන්න වේවි . (නි)

:       0       0

ටෝඋරිස්ට් ද්රිවෙර් Monday, 08 July 2013 09:35 AM

දුම්රිය සටනට ජයවේවා! අපිටත් වැඩි පඩි ඕනෑ. (නි)

:       0       0

සරත් Monday, 08 July 2013 09:39 AM

ලසා, මට ඔබ ගැන දුකයි. ඔබ සැබෑම ශ්‍රී ලාංකිකයෙක්. වෙනත් රටවල් නියමුවන් නැතුව දුම්රිය ධාවනය කරන්නේ තනිකරම ස්ටේෂන් වලින්. කවදාවත් වර්ජන, දුම්රිය ප්‍රමාද වීම් නැහැ. මේ දේවල් තවත් ලොකුවට ගන්න එපා. දුම්රියක් කියන්නේ නිකන්ම පීලි දෙක උඩ යන පෙට්ටි ටිකක් ඇදගෙන යන එකයි. අද කාලේ කරන්න පුළුවන් දේවල් එක්ක ඕකට මහලොකු පුහුණුවක් අවශ නැහැ. වසර 2013 බාගයක්ම ගිහින් නිසා දැන් කාලෙට ගැලපෙන විදිහට හිතන්න (නි)

:       0       0

සරත් Monday, 08 July 2013 09:43 AM

චාමික ඔබට මට දෙන්න තියන උත්තරේ , අපේ හමුදාව කෝකටත් තෛලය නොවෙන්න පුළුවන්. හැබැයි ඔබලා ඔය කියන ඊනියා ඉස්පිරිතාල මෙඩිකල් සෙන්ටර්ස් වලට යනකන් වේදනාව අඩුකරගන්න ගාගන්න තියන එකම තේ එක විතරයි කියලා මතක තියාගන්න. එහෙම නැතිවුනොත් ඉස්පිරිතාලේ යන්නෙත් නැතුව වේදනාවම විද විද ඉන්න වෙයි. එතකන් ඔය තෙල ගාගන්න. ඔය බලාපොරොත්තු වෙන ඉස්පිරිතාලෙත් ඉන්නේ මෙවැනිම අය නිසා බොහෝ විට ඒකත් ස්ට්‍රයික් කරලා තියෙයි (නි)

:       0       0

පද්මසිරි Monday, 08 July 2013 09:54 AM

දුම්රියේ යන මගීන්ට කාගේ පිහිටද? අපරාදේ සීසන් ටිකට් ගත් අයට? අපරදේ සල්ලි. (නි)

:       0       0

රජිත් ඉතාලි Monday, 08 July 2013 10:01 AM

ලංකාවේ දුම්රිය කියල ජාතියක් තියනවද ?අපි දැකලා තියෙන්නේ යකඩ ගොඩවල් ටිකක් විතරයි (නි)

:       0       0

ශාන්ත Monday, 08 July 2013 10:02 AM

ඔය දුම්රිය වල ගමන් කරන්නෙත් සාමාන්‍ය වැටුපක් ගන්න දුප්පත් ජනතාව බව මතක තියා ගත්තොත් හොදයි (නි)

:       0       0

වෙල්ගම Monday, 08 July 2013 10:04 AM

සිරිපාල, හමුදාවට යුදධ ටැංකි එලවන්න පුරුදු කළේ ඔයාලගේ කවුරුහරිද ? (නි)

:       0       0

මොහමඩ් Monday, 08 July 2013 10:06 AM

දුම්රිය දෙපාර්තමේන්තුවට හැමදාම පාඩුයි. දුවන්නේ මහජන මුදලින්. ඒ අතර වැටුප් විෂමතාවය...? (නි)

:       0       0

සමීර Monday, 08 July 2013 10:07 AM

අපි දන් හැමදේටම හමුදාව යොදා ගත්තහම හරියනවද ? එතකොට ලංකාවේ ඇතිවෙන්න හමුදා පාලනයක්. එතකොට කට්ටිය කිවුවේ පොන්සේකා මහත්තය අවහම ලංකාව හමුදා පාලනයක් ඇතිවේවි කියලා. දන් එතකොට මොකද වෙලා තියෙන්නේ? අපි හැමදේටම හමුදාව යොදාගන්නවා නම් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ හමුදාවේ නිලදරින්නේ. (නි)

:       0       0

වරුණ Monday, 08 July 2013 10:08 AM

අවුරුදු ගානක ඉදලා මේ මිනිස්සුන්ව සාකච්ඡා තියලා පාලකයෝ කල් ඉල්ලගෙන රවට්ටනවා. අරගල කරන්නේ නැතුව ඉල්ලීම් දිනා ගන්න බැරි තත්වෙකට රට ඇවිල්ලා තියෙන්නේ. බොරු නාස්තිකාර වියදම් නවත්තලා මිනිස්සුන්ගේ සාදාරන ඉල්ලීම් ඉටු කළා නම් හරි. නැත්තම් සියලු වෘත්තීය සමිති එකතුවෙලා එකවර වර්ජනයකට යා යුතුයි (නි)

:       0       0

රෝහණ Monday, 08 July 2013 10:13 AM

මම මේක කියන්න ඕනෑ ලංකාවේ හැමෝටම දැනගන්න. මමත් හමුදාවේ විශ්‍රාම ගිය කෙනෙක්. අපිට ඕනෑම වැඩක් කරන්න පුළුවන්. පුහුණුවක් දුන්නොත් දුම්රිය පදවන්නත් පුළුවන් . කොළඹ 89-90 කාලෙ ට්‍රාන්ස්ෆොමර් ගිනිතියලා බස් ගිනිතියන කාලේ ඒවා වෙනුවට වැඩ කලේ සහ අලුත්වැඩියා කටයුතු කලේ හමුදාවෙන් බව අමතකද? (නි)

:       0       0

ලකි Monday, 08 July 2013 10:19 AM

සුගත්ගේ අදහස වටිනවා. නමුත් මේකත් කියන්ඩ ඕනෑ. මේවට වග කියන්ඩ ඕනෑ වේදිකාවල විහිලු කතා කියන බලධාරියා. ඔහු ප්‍රශ්න විසදන්නේ නැතුව අපිව අන්දන්න හදනවා (නි).

:       0       0

වරුණ Monday, 08 July 2013 10:19 AM

දුම්රිය සේවය තමයි රටක ප්‍රධාන විය යුත්තේ. මම ඉන්නේ ජපානයේ. මෙහෙ තියෙන ප්‍රධානම ප්‍රවාහන ක්‍රමය දුම්රිය. අපේ ලොක්කෝ මෙහෙ ඇවිත් ගමන් යන්නේ කාර් වල නිසා ඒ මිනිස්සුන් දුම්රිය සේවය ගැන දැකලා නැහැ . ඒක නිසා කිව්වට තේරෙන්නේ නැහැ. දවසක දුම්රියක ගමන් කළහම මොලේ පෑදෙයි. මිනිස්සු වෙලාවට වැඩ කරන්නේ දුම්රිය නිසා. අපේ රටේ හරිම අපිරිසිදු දුම්රිය සේවයක් තාම තියෙන්නේ.‍දැන්වත් අපි දියුණු වෙන්ඩ ඕනෑ නැද්ද? (නි)

:       0       0

චමීර Monday, 08 July 2013 10:43 AM

වරුණ ඔයා හරියම හරි. මුලින්ම ඇමතිතුමාව දුම්රියෙ යවන්න ඕනෑ. නැත්නම් මේක කවදාවත් හදන්න බැරිවෙයි. (නි)

:       0       0

සංජීව Monday, 08 July 2013 10:55 AM

මෙයාල ජොබ් එකට එනකොට මේ වැටුපට හා කියනවා. පසුව තමයි අරවා මේවා ඕනෑ කියලා මහජනයා අමාරුවේ දාන්නේ. 88/89 කාලය නැවත ආවොත් හොදයි වගේ (නි)

:       0       0

දිල්හානි Monday, 08 July 2013 10:55 AM

ඇත්තටම දුම්රිය සේවය ලංකාවේ දුර්වලයි. එයට වගකිව යුත්තේ පාලකයෝ. අද කාලය තුල පඩි වැඩි වීමක් ඉල්ලීම සාදාරනයි. දුම්රිය ගාස්තු ටිකක් වැඩි කොට හොඳ සේවයක් ලබා දී පඩිත් මුළු සේවක ජනතාවටම වැඩි කරන්න. අපේ රටේ දුම්රිය ගමන් සේවයත් අන්තිමයි,කෝච්චිය හරිම අපිරිසිදුයි. කරුණාකර වඩේ වෙළෙන්දන්ව අයින් කරන්න ඕනෑ. (නි)

:       0       0

ගුණසේකර Monday, 08 July 2013 11:00 AM

කෝච්චි වෙලාවට දිවුවෙ නැති වුණාට ස්ට්‍රයික් නම් වෙලාවට කරනවා (නි)

:       0       0

තිස්ස Monday, 08 July 2013 11:01 AM

හැමදේටම හමුදාව දාන්න බැහැ. එහෙම අවශ්‍ය නම් අපි ජෙනරල්ගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටවමු. ඔහු අකුරට හොර ,මගඩි නැතුව ආණ්ඩුව කරාවී. (නි)

:       0       0

රුවන් Monday, 08 July 2013 11:18 AM

සරත්: දුම්රිය සේවය අඩාලයි කියන එක පිළිගන්න වෙනවා. ඒත් වැඩ කරන මිනිස්සුන්ට සාදාරනව සලකන්න බැරි එකට හමුදා පාලනයකට යන්න අවශ්‍යයි කියලා පිළිගන්න බෑ. සාදාරන ඉල්ලීම් දිනාගන්න බැරිම තැන කරන වැඩ වර්ජනයකට එහෙම දේවල් අනුමත කරන්න බෑ. කවද හරි ඔයාටත් අසාදාරනයක් වුන දවසක දැනෙයි.(නදී)

:       0       0

ශෂිමාල් Monday, 08 July 2013 11:53 AM

ඔයා හරි සුගත්. (නි)

:       0       0

නිමල් Monday, 08 July 2013 12:35 PM

ජතාවට සෙත සැලසීමට පාර්ලිමේන්තු ගිය රාජ්‍ය පාලන පක්ෂ, විපක්ෂ ඇත්තෝ බොරුවට රණ්ඩු කරති.කති.බොති නටති. රජය සේවක පොඩි ඇත්තෝ හිඟ නොකා හිඟාකමින් ,වැඩි පඩි සඳහා වර්ජනය කරත්. ඡන්දය දී රජුන් තනන ජනතාව හැම අතින්ම බැටකතිi (නි)

:       0       0

සුගත් Monday, 08 July 2013 08:18 AM

තමන්ගේ ඉල්ලීම් දිනාගැනීමට මේවා කරන්න වෙලා.කොළඹට මිනිස්සු ගෙනල්ලා දාලා ස්ට්‍රයික් කරනවාට වඩා කොළඹට මිනිස්සු ගෙනත් නොදාම ස්ට්‍රයික් කරපු එක ගොඩක් හොදයි. (නි)

:       0       0

නිමල් Monday, 08 July 2013 12:39 PM

තිස්ස මහත්මයෝ, රටට ආදරේ ඇති මේ ජෙනරාල් හෝ වෙනත් කව්රු හරි ජෙනරාල් කෙනෙක් මේ රටේ පාලනය ගතහොත් රට මෙයට වැඩිය හොඳ වේවි යැයි මම සිතමි. (නි)

:       0       0

සරත් Monday, 08 July 2013 08:28 AM

ඔන්න සනා, අපේ හමුදාවට වැඩ තියනවා. ඔය පුපිරි තරු වෙන්න ගීත ගයන එකයි එළවලු විකුණන එකයි නවත්වලා අපේ හමුදාවේ කොල්ලන්ට කියලා දුම්රිය ධාවනය කෙරුවොත් නරකද ? මගේ අදහස නම් මුළු දුම්රිය සේවාවම ඔව්න්ට ලබා දෙන්න. ඉතා ඉක්මනින් නැවතිලා තියන සියලුම දුම්රියන් සහ දුම්රිය පාරවල් හැදේවි. දුම්රියේ හොරෙන් යන අයත් නිකන්ම හැදෙයි (නි)

:       0       0

චමීර Monday, 08 July 2013 08:30 AM

සුගත් හරි (නි)

:       0       0

සංජය Monday, 08 July 2013 08:46 AM

සරත් හරි, දහස් ගානක් වැඩට යන මිනිස්සු අමාරුවේ. හමුදාවට දුම්රිය පුහුණුව දුන්නනම් වැඩේ හරි. මේගොල්ලෝ මේවගේ වැඩ කරන එක හරිම අසාධාරනයි. අපි තම මේ ඔක්කොටම බදු ගෙවන්නේ. මේවගේ වෙලාවට තමයි මේ රට දල යන්න හිතින්නේ. (ස)

:       0       0

ලසා Monday, 08 July 2013 08:54 AM

දුම්රිය ධාවනය කරන එක එසේ මෙසේ වැඩක් නෙවෙයි. ඒකට හොඳ දැනුමක් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

චාමික Monday, 08 July 2013 08:54 AM

සරත්, හැමදේකටම විසදුම හමුදාකරණය කිරීම නොවෙයි. හමුදා පාලනයක් නොමැති ලෝකේ කිසිම රටක් සියලුම අත්‍යවශ්‍ය සේවාවන් හමුදාකරණය කරන්නේ නැහැ. අපේ හමුදාව ඉතා දක්ෂ විනයගරුක මානූෂීය හමුදාවක් බව ඇත්තයි. එත් හමුදාව යනු කෝකටත් තෛලයක් නොවෙයි. (නි)

:       0       0

අස්මිත් Monday, 08 July 2013 08:57 AM

සුගත්,සරත්,ඔබ දෙපලම හරි. දැන් පාර්ලිමේන්තුවට ඇමතිලා යනකොට පාරේ ජනතාව වාහන නැතුව පයින් යන හැටි නොබලා යාවිද? උදේ හවස වැඩ ඇරිලා යන ජනතාව බස්වල එල්ලිලා යනකොට ඇමැතියන්ගේ හදවත් රිදේවිද? ඔවුන් ඒ ජනතාවට උපකාරයක් කරයිද?තව ලගදීම ප්‍රයිවට් බස් ස්ට්‍රයික් එකක් තියෙනවා ,මේවට විසදුම් හමුදාව ලවාවත් අඩුකර ගත්තා නම් හොදයි.හැම පැත්තෙන්ම ජනතාවටයි වදින්නේ! (නි)

:       0       0

රෝහණ Monday, 08 July 2013 12:58 PM

තිස්ස මහත්තයෝ, ආන්න බලලා මල්ලෙන් පැන්නා. ඔන්න ඕක කියවා ගන්න බැරුව තමා මමත් හිටියේ. හමුදා තුනේම තිබුන අඩුපාඩු සහ දුර්වල තැන් හොයාගෙන යුද්දේ දිනුවේ එතුමා තමයි. එහෙම නම් එහෙම ආණ්ඩුවක් පිහිටුවමු.ආන්න එහෙම එන්න. (නි)

:       0       0

චන්දන විරාජ් නානායක්කාර ගම්පහ Monday, 08 July 2013 09:04 AM

කවදත් තැලෙන්නේ අපි වගේ දුප්පත් මිනිස්සු තමා (නි)

:       0       0

ජගත් විමලජීව Monday, 08 July 2013 09:06 AM

සරත්, ඔබේ කියමන හරියට හරි.ලංකාව හැදෙන්න ඕනෑ නම් එවන් දේ ක්‍රියාත්මක කළ යුතුයි (නි)

:       0       0

චමීර Monday, 08 July 2013 09:10 AM

සරත්, නිකන් මෝඩ කතා කියන්න එපා. හැම මිනිහෙකුටම තමාගෙ වෘත්තියේ ‍ගෞරවයක් තියනවා. අවුරුදු ගනන් තමන්ගෙ ඉල්ලීම් ඉල්ල ඉල්ලා ඉන්නවා. හැමදාම වැඩ වර්ජන... කඩා කප්පල් කරනවා. මේවට හරි පරිපාලනයක් තියෙන්න ඕනෑ. එතකොට මේවා බලෙන් ගන්න ඕනෑ වෙන්නෙ නැහැ. තව දෙයක්. දුම්රිය කවදාවත් වෙලාවට දුවාගන්න මේ දෙපාර්තමේන්තුවට බැහැ. (නි)

:       0       0

රාහුල Monday, 08 July 2013 09:13 AM

මේ ඉල්ලීම් සාදාරනයි. කාටත් වඩා විශේෂයෙන් පුද්ගලික අංශයට වැඩි පඩි ඕනෑ. මේකට විසදුමක් අවශ්‍ය නම් දුම්රිය පුද්ගලික අංශයට දෙන්න. එතකොට පඩිත් වැඩි. වැඩත් වැඩියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 103 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1023 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 201 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 899 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3589 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2269 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site