අද අලුයම අනුරාධපුරයෙන් පිටත් වු රජරට රැජින මාතර දුම්රිය නවනගර දුම්රිය පොළේ සිරිත් පරිදි නතර කර නමුත් මගීනට ටිකට් දීමට කිසිවෙක් නොවීය. එතැන් සිට සාවස්තිපුර දක්වා නොමිලයේ ගමන් කිරීමේ අවස්ථාව ඔවුනට හිමි විය. ඔවුන් සාවස්තිපුරයෙන් ටිකට් ගන්නා තුරු දුම්රිය නතර කරගෙන සිටියේය. මේ නිසා දුම්රිය මිනිත්තු 10ක් පමණ ප්‍රමාද විය. අනුරාධපුර ප්‍රාදේශීය දුම්රිය ප්‍රවාහන අධිකාරි එස්.ඒ.ආර්. අබේරත්න මහතා පැවැසුයේ මේ සිද්ධිය තමාට වාර්තා නොවු බවයි. මේ ගැන පරීක්ෂණයක් පවත්වන බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි රාජ්‍ය සේවය හොදටම හොදයි. අනේ වැරදිලාවත් ප්‍රයිවට් බස් වල අය මෙහෙම කරන්නේ නැහැනේ. (දී)
ලංකාවේ ප්‍රශ්න ඔක්කොම රැල්ලට. මේ දවස්වල දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි. හෙට මොකද දන්නේ නැහැ.(නදී)
කෝච්චි ගැන නම් මම දන්නේ නැහැ රේල් ගේට්ටු ගැනනම් දන්නවා රේල් ගේට්ටු වර්ග දෙකයි.(නදී)
අපේ රාජ්‍ය සේවය තරම් හොද සේවාවක් ලෝකේ තව නැහැ නේද (දී)
නියමයි රාජ්‍ය සේවය ,යහ පාලනේ, යාල්දේවී කිලිනොච්චි යනකම් කාලයේ ටිකට් දුන්නනේ, ඉතින් පාඩු ලබනවා කියල ගාස්තු ඉහල දැම්මට, අයකරගන්න බාප්පල එනවද ? (දී)
මොනවා හරි පොඩ්ඩක් අඩු වුනොත් නම් මෙයාලා ස්ට්‍රයික්. අයිතීන් ඉල්ලනවා වගේම යුතුකමත් වගකීමත් හරියට කරනවා නම් තමයි හොඳ. මෙතන වගකීම පැහැර හැරපු කෙනා නම් එලියටම ඇදලා දාන්න ඕනි. (ස)
අනුරාධපුර ප්‍රාදේශීය දුම්රිය ප්‍රවාහන අධිකාරි මේ සිද්ධිය තමාට වාර්තා නොවු බව කියා සිටීම තවත් ගැටළුවක් ? ඔහු සේවයේ නිරතව සිටියද ? (ස)
ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයක් එනකල් මං මේ බලාගෙන ඉන්නේ. නොමිලේ අනුරාධපුර වන්දනාවේ ගිහින් එන්න. (ස)
තවමත් අපේ දුම්රිය සේවයේ තියෙන්නේ යල්පැනගිය ක්‍රමවේදයක්. ප්‍රමාදය, කල්දැමීම වගේ දේවල් රාජ්‍ය සේවකයන්ට සාමාන්‍ය දේවල් වෙලා..හොදම දේ මේවා පවුද්ගලික අංශයට ලබාදී දියුණු කිරීමයි. (දී)
උතුරු මැද ඔය තත්වය අමුතු දෙයක් නෙමේ ..හැම තැනම වැඩ ඔය වගේ තමයි. (ස)
බන්දුල මොනවද මේවට කියනේ ? (දී)
ඉස්සර කෝච්චිවලට නිතරම බාප්පලා පැන්නා - හැත්තෑ ගණන් වල. ප්ලට්ෆොර්ම් වල පවා සිටියා. දැන් ඒ අය කෝ? (ස)
පෞද්ගලික අංශයටත් ඒවා පුරුදු කරන්න බැරිද (දී)
කෝටි ගණන් වියදම් කරමින් මාර්ග හැදුවට , දුම්රිය ගෙන්නුවට හැමදාම දුම්රිය ප්‍රමාදයි., ඇමතිතුමනි, කරුණාකර විනය පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට දඩුවම් කරන්න. (ස)
රැකියා විරහිත තරුණ තරුණියන් කොපමණ සිටීද , ? කෙනෙක් නැතිනම් මේ අයගෙන් ගන්න (අ)
අපේ රටේ නීති බොහොම ලිහිල්.මේ මහත්තයට ඇත්ත නැත්ත හොයා බලා සරිලන දඩුවමක් දිය යුතයි.මහජන දේපොළ තමාට ඕනෑ ලෙස පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා. (අ)