(යොහාන් භාසුර)
දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (25) පස්වරුවේ අවසන් කළ බවත් ඔවුන් අද පස්වරු 4.00 ට සේවයට වාර්තා කිරීමට පොරොන්දු වූ බවත් දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය.
ඒ අනුව අද පස්වරුවේ සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමේ අවස්ථාව හිමිවන බව ද දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරීවරයා කීය.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ අද පැවැති සාකච්ඡාවේදී දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් මෙම එකඟතාවට පැමිණි බව කී ඉදිපොළගේ මහතා මෙම සිද්ධිය අධිකරණය හමුවේ තිබෙන කරුණ වීම හේතුවෙන් මැදිහත්විය නොහැකි යැයි වර්ජනයේ නිරතව සිටින පිරිසට පැවසූ බව ද සඳහන් කළේය.
රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින විදුලි කාර්මික ශිල්පියා සම්බන්ධයෙන් නීතිමය කටයුතුවලට සහය දැක්වීමට සාමාන්‍යාධිකාරීවරයා එකඟ වූ බව කී ඉදිපොළගේ මහතා පැවසුවේ පහර කෑමට ලක්වූයේ යැයි කියන උප නියාමකවරයා ද මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බවත්ය.
විභාගයට පෙර ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් මතභේදයට ලක්ව තිබූ පහ වසර ශිෂ්‍යත්ව විභාගය නැවත යළි නොපැවැත්වීමට තීරණය කල බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජය
හිසට පහර දීමකින් ඇතිවූ බරපතල තුවාලයකින් ලේ ගලමින් පුද්ගලයෙකු නිවසේ ඇඳක් මත මියගොස් සිටියදී සොයාගත් බව මාදම්පේ පොලීසිය කියයි.
ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100
පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.
රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දුම්රිය විදුලි කාර්මිකයෝ වර්ජනය අවසන් කරති
Lalla Saturday, 26 August 2023 01:17 AM
දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශය යටතට පත් කරන්න. වෙන විකල්ප මාර්ග නෑ. වෙන දේවල් බලන්න ඕනත් නෑ..