අද දුම්රිය වාර 81 ක් ධාවනය කළ බවත් එක් පුද්ගලයකුට බය වී දුම්රිය පාලනය කළ නොහකි බවත් ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා කළුතර දී අද (14) ප්‍රකාශ කළේය. විශ්‍රාමික රියැදුරන්ද කැඳවා ඇතැයි කී ඇමැති වර්ජකයන්ගෙන් ද ඉල්ලා සිටියේ වැඩට පැමිණෙන ලෙසයි. වර්ජනය කරන වෘත්තිය සමිතිය වසර පහකින් වත් මහ සමුළුවක් කැඳවා නැති බවත් ඇමැති කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපහු මේ වගේ දේවල් නොකරන්න මාස දෙකක් පඩි කපන්න ඕනා. අර පෞද්ගලික ආයතන වල කරනවා වගේ.(නදී)
ඇමතිගේ ඔය තීරණය සෝඩා බෝතල් ඇරීමක්. ස්ට්‍රයික් කල අය පඩිත් එක්ක වැඩට එනවා.මෙච්චර කල් උනේ එහෙමයි.(දී)
කඩේ යන අයගේ අභියෝග බාර ගන්නවා කියන්නේ අපත් ඒ නරා වළට වැටෙනවා කියන එකයි. නමුත් මේ තීරයට ලියන බුද්දිමත් පාඨකයින් පවා පිලිගන්නවා වෘත්තීය සමිති වලට පෙම්කළ අය, ඒ වෘත්තීය සමිති නායකත්වය හරහා දේශපාලනය ට රිංගා ගත් අය බලය රැකගන්න තමන්ට වරක් අත දුන්න වෘත්තීය සමිති වල අත සපා කමින් ඉන්නවා. අප කතා කරන්නේ ස්ට්‍රයික් සදාචාරය ගැන නොවෙයි, දුන්න අත සපා කන (දේශපාලන) සංස්කෘතිය ගැනයි. රිදුන අයට බිරීමේ අයිතියක් ඇත.(දී)
කාට බුරුලක් නැති උනත් හැමදාම බුරුල් වෙන්නේ මහජනතාව (දී)
බන්දුල පෙරේරා මහතාගේ කොමෙන්ට් එක නියමයි.(නධී)
බන්දුල පෙරේරා නමින් ලියන ආන්ඩුවටම කඩේ යක මිනිහා නැවතත් ඇවිදින් වගේ.(නදී)
අනේ සත්‍යයා, ඔබගේ දර්ශනයනම් මල් හතයි. එත් ඉතින් හීන ලෝකවලට මිසක් සැබෑ ලෝකවලටනම් ඒවා ප්‍රයෝගික නැහැ. එක වෘතිය සමිතියක් ඉල්ලීමක් ඉල්ලලා ස්ට්‍රයික් කරනවා. අනිත් සමිති සේරම එක දුන්නොත් ස්ට්‍රයික් කරන්න බලාගෙන ඉන්නවා. මේ අයට මේ විදියට පිස්සු කෙලින්න දීලා උඩ බලාගෙන ඉන්න ද ඔබ තුමා කියන්නේ. ඇත්තටම කියමුකෝ බලන්න ඔබ තුමාගේ ඔය සර්ව සාදාරන ආණ්ඩුව බලයේ හිටියානං ඔබ තුමා ප්‍රවාහන ඇමති උනානම් මේ වගේ වෙලාවක මොකද කරන්නේ කියලා.(නදී)
සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදගන්න බලන්න. දෙපැත්තේම අයටයි මේ කියන්නේ.(නදී)
කලක සිට මා කියූ දෙයක් නැවතත් කියන්නට උත්සාහ කරමි. රට තුළ දිගු සංවර්ධන ක්‍රියාදාමයක් දැන් ගොඩනැගෙද්දී මෙවන් වර්ජන නිසා අහිංසක මහජනයාගේ ජිවිත වලට සිදුවන අනිසි බලපෑම වැලැක්වීම සඳහා වෙනත් වැඩපිළිවෙලක් සැකසිය යුතුය. සෑම සේවාවක් සඳහාම අදිසි /හදිසි පුහුණු සේවක මණ්ඩලයක් සුදානම් කර තැබීම වැනි වැඩ පිළිවෙලකින් තාවකාලිකව හෝ මහජනයාට සහනයක් දීමට හැකිය. වර්ජකයින්ට ආයාචනාකරන පරණ ක්‍රමය වෙනුවට රාජ්‍ය දේපොළත් මහජනයාත් ආරක්ෂා කිරීමට කල්පනා කිරීමට දැන් කාලයයි. සේවක ප්‍රශ්නය ගැන වැඩ කෙරෙද්දී සාකච්චා කළ හැකිය. එසේ වූ විට යුනියන් ලිඩස්ලට පයින් ගහලා පඩිත් කපාගෙන හෝ සේවකයෝ වැඩට එනවා. එනවාමයි. (නදී)
බොහෝ කාලයක සිට මා කියූ දෙයක් මේ නැවත කියන්නේ. රට තුල සංවර්ධන ක්‍රියාවලියක් දියත්වන මේ වෙලාවේ මෙවන් වර්ජන ඇතිවීමට හේතු හා අනෙකුත් කාරනා සාකච්ඡා කරනන්.(නදී)
මිගිද 2014-2-15 00.58.34 ට කොමෙන්ට් එක්ක එවපු මහත්මයාට කිව යුතු දෙයක් ඇත. "කඩේ යනවා" කියල ඔබතුමා මටත් කියනවා නම් මම ඉතා සතුටින් එය පිළිගන්නවා. මගේ පියාණන්ගේ මග පෙන්වීම යටතේ මම හරි දේට සාධාරණ දේට පක්ෂපාති වීම කරන්නෙක්. ඒකට "කඩේ යාමක්" ලෙසින් ඔබලා හඳුන්වනවා නම් එය මට ගෞරවයක්. (නදී)
රටේ රාජ්‍ය රැකියාවල සිටින හැමෝම මැතිවරණයක් ඉදිරියේ තමුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරන්ඩ, වර්ජන කරන්ඩ පුරුදු වෙලා තියෙන්නේ නැතිනම් එම ඉල්ලීම් නොසලකා හරින නිසා. කෙසේ වෙතත් මහජනයා අපහසුතාවයට පත් කිරීම් නම් සාදාරණ නැහැ.(නදී)
දුම්රිය රියදුරු සහ ගාර්ඩ් අතර ප්‍රශ්නයක් ඇති උනත් , දොස්තර සහ උපස්ථායක අතර ප්‍රශ්නයක් ඇති උනත් වැඩ වර්ජන , මේ විකාර වලින් අමාරුවේ වැටෙන්නේ මහජනතාව. ජේ.ආර් හිටියනම් කිසිම කතාවක් නැහැ වර්ජන කාරයෝ ටික මෙලහකට ගෙදර ඇරලා.(නදී)
ඇමති තුමනි සෑම රාජ්‍ය රැකියා අංශයකින්ම වැඩිපුර සේවකයින් පුරුදු කර තියාගන්න දොස්තර සිට පාර අතුගාන දක්වා ( මේ වගෙ විහිළු පාර්ට් කට්ට්ය අස්කරලා නව පුහුණු කට්ට්ය දාගන්න) එවිට රටේ වැඩ වර්ජනයක් දකින්නට නැතිවී යයි .(නදී)
කිසිම බුරුලක් දෙන්න එපා. වැඩි හරියක් පින් පඩි කාරයෝ ඔහොමම ගෙදර ඉන්න කියන්න.(නදී)
ඇමතිතුමා කියන කතාව හරි. මහා සම්මේලන නො කැඳවා තනතුරු ලෝභයෙන් නිදහස සහ සැප සම්පත් වෙනුවෙන් සිටින සමිති කාරයෝ කවදත් කළේ කඩාකප්පල්කාරී වැඩය. වැඩට නො එනවානම් ටික දවසක් ඉන්න දෙන්න. නමුත් මගී ජනතාවට සුපුරුදු පරිදි ප්‍රවාහනය සලසන්න. මහජනයා යනු රටට සම්පත් උපදවන සම්පතකි.(නදී)
ඇමතිතුමා හරි, හරියටම හරි.(නදී)
අනුරුද්ධ හ බන්දුල හොඳ අදහස්.(නදී)
මහජනයා බිල්ලට දී වැඩ වර්ජනය කරන සියල්ලෝම සුන් කල යුතු කාලයයි මේ . මහජනයා එවිට සාධාරණයට කර තබාවි .(අ)
ඕක අසාදාරන වර්ජනයක්. තද තීරණයක් අර ගන්න.(නදී)
1982 ජුලි වැඩවර්ජනයෙන් දහස් ගණනකට රැකියා අහිමිවී සමහරු දිවි නසා ගන්න කොට වාමාංශික යයි කියා ගන්න දෙසපාලුවන්ගේ නාස් වලිනුත් කඳුළු බේරුනා. ජේ. ආර්. පාලනයේ කෘර හස්තයට අසුවූ වෘත්තීය සමිති නායකයන් වීරත්වයෙන් පුදා පක්ෂ දේශපාලනයට එය ආයුධයක් කර ගත්තා. දැන් ඒ මිනිස්සුම වෘත්තීය සංගම් නායකයින් ට වැටෙන්නම ගහනවා. කන්න හිතුනහම කබර ගොයත් තල ගොයා වෙනවා. එපා උනහම තලගොයාත් කබර ගොයා වෙනවා. ලෝ දහමක හැටි!(නදී)
වෙල්ගම ඇමතිතුමනි, මේ අයට ගෙදර යන්න කියා හමුදා රියදුරන් ගන්න.(නදී)
ඇමති තුමනි ,අර ලංගමය තුලත් ඉන්න අර ඡන්ද පෝස්ටර කාරයා පන්නුවොත් ලංගමය ගොඩ ගන්න පුළුවනි .මෙයා කඩේ රුපියල් තුන්සිය පනහේ පටි පන්චිකාවත්තෙන් ගන්නේ. මිලගණන් කැඳවා රුපියල් හත්සිය පනහට. ඩිපෝවලට ගන්න දෙන්නේ නැත.(නදී)
සමිතියේ පැටිකිරිය හොයන්නේ නැතිව මේ ඉල්ලීම් සාධාරණද කියලා හොයා බැලුවොත් තමා හොඳ.(නදී)
ප්‍රවාහන අමෙති තුමනි ඔබ තුමාගේ තීරණය හරි. පුලුවන්නම් වෛද්‍ය මාෆියවටත් මේවගේ සලකන්න. සෞඛ්‍ය ඇමතිතුමනි, මොවුන් හදන්නේ ජනතාව ප්‍රාණ ඇපයට අරන් තම බඩ වඩා ගන්න , දුම්රිය , සෞක්‍ය විදුලිබල වැනි සේවා අත්‍යවශ්‍ය සේවා වශයෙන් නම් කර එම සේවා වල නියුතු පුද්ගලයන්ට අධිකරණයේ අවසරයක් නැතුව වැඩ වර්ජන කරන්න බැරි විධියට පාර්ලිමේන්තු පනතක් මගින් නීති සම්පාදනය කරන්න , අද ජෙර්මනිය එංගලන්තය වැනි ලෝකයේ දියුණු රටවල අත්‍යවශ්‍ය සේවා වල නියුතු සේවකයන්ට පිස්සු නටන්න බැරි විදියට නීති පනවා ඇත .(නදී)
බන්දුල,අනුරදලට වාහන තිබුනට මට 'කඩේ' යන්න විදිහක් නැහැ. (නදී)
බන්දුල පෙරේරා කියන විදිහට කොන්ද පන ඇතුව තීරණ ගන්න ඇමතිට පුළුවන් මොකද නිල බලෙයි ආණ්ඩු බලෙයි සල්ලි බලෙයි ඔක්කම ඇමතිට තියනවා. මිනිස්සු වර්ජනයක් කරන්නේ ඔවුන්ට වෙච්ච අසාදාරනයක් පිලිබදවයි. ඒකට විසදුමක් බලදාරීන්ට දෙන්න බැරුව ගියහම වර්ජකයින්ව අයින් කරලා අලුත් කට්ටියව ගන්නවා. ලංකාවේ රස්සා නැති අය ඕනෑතරම් ඉන්නවා. ඔයවිදිහට රටක් දියුණු වෙන්නේ නැහැ. තව තවත් රට ප්‍රපාතෙට තමයි යන්නේ. මිනිසුන්ගේ ප්‍රස්න වලට විසදුම නොදී මිනිසුන් අයින් කරලා අලුත් අය ගන්න එක බලදාරින්න්ගේ දුර්වල කමක්. (නදී)
සුළු පිරිසකගේ අයිතිවාසිකමක් වෙනුවෙන් තවත් විශාල පිරිසකට් දුක් කරදර විදීම. ප්‍රජාතන්ත්‍ර වාදී ක්‍රියාවක් කියලා කියනවා නම් ඒක ප්‍රජාත්න්ත්‍රවාදයක් නෙමෙයි. (නදී)
"වර්ජනයෙන් බැට කන මිනිස්සුන්ට නැති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් වර්ජකයින්ට තියෙන්න විදියක් නැහැ" මම දැකපු හොදම කියමන.(නදී)
කොන්ද පන ඇතුව තීරණයක් ගන්න මේ බජාර් එකේ චන්ඩි පාට් වලට බය නොවී. උගත් සුදුසුකම් තියෙන තරුණයෝ ඕනෑ තරම් රටේ ඉන්නවා ඔයවගේ වරප්‍රසාද සහ වැඩි පඩි සහිත රැකියාවකට සුදුසුකම් තියෙන..දිනයක් දීල එදාට වැඩට නොඑන සැම දෙනා සේවයෙන් ඉවත් වුවන් සේ සලකන්න..වර්ජනයෙන් බැට කන මිනිස්සුන්ට නැති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් වර්ජකයින්ට තියෙන්න විදියක් නැහැ. එහෙම තියෙනවා නම් ඒක බල්ලට ගිය ප්‍රජාතන්ත්‍රවාදයක්.(නදී)