(නිමල කොඩිතුවක්කු)
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද(10) මධ්‍යම රාත්‍රියේ සිට අධීක්ෂණ සහ ආවරණ රාජකාරීවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
කණිෂ්ඨ කාර්යය මණ්ඩල හිඟයට පිළියම් ලබා දීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසෙකර මහතා පැවසීය.
තම ඉල්ලීම් වලට විසදුම් ලබාදෙන තෙක් අඛණ්ඩව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගම් ශාලාවේදී අද(10) කැඳවූ මාධ්‍ය හමුවකදී ජයසේකර මහතා පැවසීය.
දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සහ දුම්රිය ස්ථානවල ගැටලු නිරාකරණය කිරීමට බලධාරීන් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවන බවද ජයසේකර මහතා සඳහන් කළේය.
කණිෂ්ඨ කාර්යය මණ්ඩල හිඟයට පිළියම් ලබා දීම, කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කණිෂ්ඨ කාර්ය මණ්ඩල විශ්‍රාමික නිලධාරීන්ට වැටුප් ගෙවීම, නව සෞඛ්‍ය ආරක්ෂිත කඩිනම් ප්‍රවේශපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම, දුම්රිය ස්ථාන සඳහා ක්‍රමවත් සන්නිවේදන පද්ධතියක් හඳුන්වා දීම, උසස් කිරීමේ ක්‍රමවේද සහ බදවාගැනීමේ පටිපාටිය සකස් කිරීම කඩිනම් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මෙම ඉල්ලීම් අතර වන බවද හෙතෙම සඳහන් කළේය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම් හා අවලංගුවීම් සිදුවිය හැකි බවත් එහි වගකීම දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුලු බලධාරීන් විසින් බාරගත යුතු බවත් ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රිය ස්ථානාධිපතිවරු මැදියම් රෑ සිට රාජකාරි අතහරින්න යති
Raveendra Wednesday, 10 February 2021 09:56 AM
සදහටම සේවයෙන් ඉවත් වෙනවා නම් කොතරම් අගේද..? මොකද දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩිම වැඩි පිරිසක් තමන් ලබාගන්නා වැටුපට සරිලන සේවයක් කරන්නේද යන්න ඒ ඒ අයගේ සිත් හොඳාකාරවම දන්නා බැවිනි.