තවත් දුම්රිය හතරකට සහ රේල් බසයකට ගල් ගැසීමෙන් මගියකු තුවාල ලබා ඇතැයි දුම්රිය දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා පවසයි.
පුද්ගලයන් විසින් සිදුකර තිබෙන මෙම ගල් ගැසීම්වලදී දුම්රිය මැරිදි කවුළු කිහිපයක වීදුරුවලට ද හානි සිදුව ඇතැයි කියති.
කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට ත්‍රිකුණාමලය හා චීන වරාය අතර දී ගල් වැදී මගියකු තුවාල ලබා ඇති බවත් ඔහු රෝහල්ගත වීම ප්‍රතික්ෂේප කළ බවත් සමරසිංහ මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරන මිනිසුන්ව අල්ලාගන්න බැරිද පොලිසියට?? (නි)
අධිවේගී මාර්ගයේත් මෙහෙම සිදුවීම් වුනා. මේ වගේ මානසික ලෙඩ්ඩුන්ව අල්ලලා ඔලුවට වෙඩි තිබ්බා නම් හරි. සමාජයට බරක් (හේ)
මේ වගේ සිද්ධි දැන් එක දිගටම අහන්න ලැබුණා. මේක විහිළුවක් වෙලා.මේ සිද්ධීය ගොඩක් බරපතලයි.මේ ගැන වගකිවයුත්තන් හොයන්න.(හේ)
මේ වගේ වැඩ කරන මිනිස්සු අල්ලා ගත්තා නම් කරන්න ඕනේ දේ දන්නවා.(හේ)
මටත් එක දවසක් දෙමටගොඩ කැළණිය අතරදී මේ වගේ සිදුවීමක් වුණා, දැනට අවුරුදු 3 කට පමණ පෙර. වීදුරුව වහලා තිබුණු නිසා යාන්තමට බේරුණා. මම ඒක ගාඩ්ට කිව්වා. එයා බයවෙලා වගේ හිටියා. වීදුරුවට ගොඩක් හානිවෙලා තිබුණා. කොටුවේ ඉඳලා රාගම අවට දුම්රිය ඉඩම් වල ඉන්න අනවසර පදිංචිකරුවන් තමයි මේ වැඩේ කළේ. දැන්වත් කෙළින් තීරණයත් අරගෙන ඔවුන් ඉවත් කරන්න. ඉදිරියේදී මීටවඩා දරුණු වෙයි. කැලිකසළ ප්රශ්නය, ගංවතුර මොවුන් නිසා වැඩිවෙයි. (නි)
මොවුන්ටත් මේ වගේ දඬුවම් දෙන්න ඕනෑ. එතකොට තේරෙයි කොයිතරම් වේදනාවක් දැනෙනවද කියලා (නි)
ඔව් තිරිසන් සතුන්ට වඩා පහත් වැඩක්. (නි)
මෙහෙම දෙයක් දක්ෂිණ අධිවේගයේත් වුණා. හැබැයි ඒකේ පරීක්ෂණ යටගැහිලා. (නි)
මේ සෙල්ලම තවමත් අවසන්වෙලා නැද්ද? (නි)
මේවාට හේතුව මොවුන් ලැබූ අධ්‍යාපනය. හරිහැටි නියම විනයක් ඇතුව හැදුනා නම් මෙවැනි ආකල්ප තියෙන්න විදියක් නැහැ. මේවට දෙමාපියනුත් වග කිවයුතුයි. රටේ ළමා පරපුර අයාලේ යන්නේ දෙමාපියන්ගේත් වැරැද්ද නිසා. එයාලා තමන්ගේ ළමයා ගැන විනයක් ඇතුව සොයන්න ඕනෑ. (නි)
දුම්රියේ යන අහිංසක මගීන්ට ගල් ගසන්නේ කාව අපහසුතාවයට පත්කරන්නද? දුම්රියට ආරක්ෂාව දෙන්න (නි)
රජයට එරෙහිව කුමන ආකාරයේ හෝ කඩාකප්පල් වැඩ කිරීමට කැමති සුළු පිරිසක් මේ රටේ සිටින බවත් අමතක කළයුතු නැහැ. හොරුන්ට එරෙහිව තිබෙන නඩුවලින් ගැළවීම සඳහා ඔවුන්ගේ චග්ගොලයන් දන්නා හැම ජිල්මාර්ට් එකක්ම දාන්න ඉඩ තිබෙනවා, රට නොසන්සුන් කරන්න! ඒ ගැනත් හිතුවොත් හොඳයි. (නි)
අරවින්ද හරි. තිරිසනුන් මෙවැනි දේවල් කරන්නේ නැහැ (නි)
මෙම භයංකාර සිදුවීමෙන් මිටපෙරත් වටිනා ජීවිතයක් අහිමි වුණ නිසා මෙම අපරාධයට එරෙහිව උපරිමයෙන් කටයුතු කරනමෙන් ඉල්ලමි. (නි)
ආරක්ෂක අංශ ඉක්මනින් ක්‍රියාත්මක වුනොත් හොඳයි.මේක දිගටම වුනොත් මගීන්ගේ ආරක්ෂාවට ලොකු බලපෑමක්. (බ)
මේක හරි අපරාධයක්.(හේ)
කරුණාකර තිරිසනුන්ට අපහාස කරන්න එපා. තිරිසන්නුන් මේ වගේ පහත් වැඩ කරන්නේ නැහ. මේවා කරනවුන් තිරිසනුන්ටත් වඩා පහත් ජාතියක්.(හේ)
අපේ රටේ ජීවත්වන මේ තිරිසනුන්ගේ දැඩි දඩුවම් දෙන්න අල්ලාගෙන.(හේ)
කවුද මේ වගේ වැඩ කරලා සතුටු වෙන මෝඩ මිනිස්සු.(හේ)
ගිය සතියේ මාතර යන 6.05 දුම්රියේ යද්දීත් ගල් ගැසුවා (හේ)