
(ටී.කේ.ජී.කපිල)
රුපියල් අට කෝටි හතලිස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් සිව් දෙනෙකු සමඟ , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් අද(07) අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම සිව් දෙනා අතර කොළඹ ප්‍රදේශයේ පදිංච් 26 හැවිරිදි සහ 35 හැවිරිදි ගුවන් මගීන් දෙදෙනෙකු සහ මාවතගම ප්‍රදේශයේ පදිංච් 28 හැවිරිදි අයෙකු සහ රක්වාන ප්‍රදේශයේ පදිංච් 26 හැවිරිදි පුද්ගලයෙකු , සිටින අතර , ඔවුන් අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 15 ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 560,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 2,800 ක් සගවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දුම්වැටි සමඟ ගුවන්තොටේදී හතරක් අල්ලයි
ගුණරත්න Tuesday, 08 April 2025 08:05 AM
රට ඇතුලේ අධික බදු පනවනකොට කළුකඩ වෙළඳාම ඉහල යනවා, හොරබඩු ජාවාරම ඉහල යනවා, මොකද ඒවායින් කිහිප ගුණයක ලාභ ලැබෙන නිසා ඕනෑම අයෙක් පොළොඹවන්න ඒ ලාභය ඇති.